Connect with us

උණුසුම් පුවත්

17, 18 හා 19 ට අත උස්සලා ප්‍රතිපත්තතියක් නැතිව 20 ටත් අතඋස්සන මන්ත්‍රීවරුන් 23 ක් පාර්ලිමේන්තුවේ

17, 18 හා 19 ට අත උස්සලා ප්‍රතිපත්තතියක් නැතිව 20 ට අත
උස්සන මන්ත්‍රීවරුන්ත්‍ර 23 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා

ද්විත්තව පුරවැසි භාවය වගන්තිය ඇතුළුව 20 ට ඉදිරිපත්ත කළ
සියළුම සංශෝධන 2/3න් සම්මත වෙනවා. හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන්

විමල් වීරවංශ ප්‍රමුඛ ජාතිකවාදී කණ්ඩායම බැසිල් රාජපක්ෂට මිසක් 20 ට ිරැද්වධ
නෑ. ඔවුන්ගේ සැබෑ ප්‍රශ්නය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්ත්‍රුවට පැමිණ අගමැති වෙන එක, ජනාධිපතිඅපේක්ෂකයා වෙන එක එක වැලැක්වීම මිසක්, 20 සංම ෝධනමේ
අහිතකර වගන්ත්‍රති 30 කට වැඩි සංඛයාවක් ඉවත් කර ගැනීම නොවේ යැයි හිටපු
ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සෞභාගය ආණ්ඩුව අද ආණ්ඩුපක්ෂයේත්, විපක්ෂයේත් භුමිකා දෙකම
රඟපානවා. මේ ආණ්ඩුව හදපු බලවේග අදවිපක්ෂයේ භුමිකාව නිරූපනය ,කරන්න පෙත්සම් අත්සන් කරනවා. පුවත්තපත්ත සාකච්ඡා තියනවා. කුමන්ත්‍රරණ කරනවා.
වොයිස් කට් දෙනවා.විමල් වීරවංශ ඇතුළු කණ්ඩඩායමට තියෙන්නේ ජනාධිපතිවරයා
අතේ බලය ගොනුවීම පිළිබද ප්‍රශ්නයක් නොවෙයි. බැසිල් රාජපක්ෂ පිළිබඳ ප්‍රශ්නයක්
යැයි රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසූමේ සාහසික වියරුව පරදවමු ජනාතා ව්‍යාපාරයේ
නාරාහේන්පිට පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී ය.

අවසනාවකට ලංකාවේ දේශපාලන අනාගතය තීරණය වන්නේ ප්‍රතිපත්ති මත නොවෙයි,මෙවැනි පුද්ගලික කාරණා මතයි. 17, 18, 19, 20 ව්‍යවස්ථා සංශෝධන හතරම ඡන්දය දෙන මන්ත්‍රීවරු 23ක් ඉන්නවා.දේශපාලන අවස්ථාවාදය මිසක් ප්‍රතිපත්ති නැතිකම තමයි ප්‍රශ්ණය.

20 වන සංම ෝධනය පිළිබඳ විරෝධය ජනාධිපතිවරයා අත බලය ගොනුවීම පිළිබඳ
ප්‍රශ්නයක්. අපිට තියෙන්නේ ඊළඟට රටේ අගමැති, ජනාධිපති පිළිබද ප්‍රශ්ණයක්
නෙවෙයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 4 – 5 ක මහජන නියෝජිතයෝ
20 ට පක්ෂව පක්ෂව ඡන්දය දෙනවා. ආණ්ඩුව 20 ට අවශ්‍ය මන්ත්‍රී සංඛයාව 150 ට වැඩිය
මන්ත්‍රීවරු 155 කට වැඩිය සූදානම් කරගෙන ඉන්න බව පැහැදිවම පේනවා. මම
ප්‍රාර්ථනා කරනවා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඡන්දය අවසන්වනවිට
බදුල්ල, රත්තනපුර, මඩකලපුව දිස්ත්‍රික්ක වල විපක්ෂයට එකම මංත්‍රීවරයෙක්වත් ඉතිරිවේවා කියලා යැයිද හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

20 ට නීතිපති හරහා ගෙනාව සංශෝධනය ඇස්බැන්දුමක්.හරක් මරන් නෑ කියලා, හරක් රවට්ටපු ආණ්ඩුවක් මේක. ඒවගේම පහුගිය සති පසුගිය සති දෙකෙ 20ට විරුද්ධව
වුණු පිරිසක් අද, එයට පක්ෂයි කියනවා. මේක පැහැදිලි ඩීල් එකක්. ඉතාම පැහැදිලි
ඩීල් යුගයකට රට නැවත පැමිණිලා තියනවා. මේ ඩීල් එකේ ප්‍රතිඑලය තමයි ද්විත්ත
පුරවැසි භාවය ඇතුළු සියළුම සංශෝධන 2/3න් සම්මත කරගැනීම..

20 සම්මත වෙලා දින දෙකකට පස්සේඇමරිකාවේ පොම්පියෝ ලංකාවට එනවා.ඒ කියන්නේ mcc ගිවිසුම අත්සන් කරන එකයි.මේ ආණ්ඩුව mcc ගිවිසුමට විරුද්ධ වුනේ බොරු ඇමරිකන් විරෝධයක් දක්වලා,මිනිස්සුන්ගේ ඡන්ද ටික ගන්න විතරයි.

20 හරහා අණ්ඩුවට තමන්ට පාලනය කළ හැකි බොරු විපක්ෂයක් නිර්මාණය කර ගන්නට උත්සාහ කරනවා.ඒකේ විපක්ෂ නායකයා විමල් වීරවංශයි.මේ රටේ මිනිස්සු කවුරුවත් මේ බොරු අවස්තාවාදී විපක්ෂයට රැවටෙන්නේ නෑ යැයිද හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් මහතා පැවසීය.

2020.10.21

Click to comment

උණුසුම් පුවත්

දිල්ලි අගනුවර අඳුරු වේවිද? ඉන්දියාවේ තාප බලාගාර වල ගල් අඟුරු තොග ඇත්තේ තව දින 2කට!

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි තාප බලාගාරයේ ගල් අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනක් සඳහා පමණක් වන අතර එමගින් දිල්ලියට විදුලිය ලබා ගත හැක්කේ දිනක් හෝ දෙකක් පමණක් බව විදුලිබල ඇමති සත්යෙන්ද්රා ජයින් පසුගියදා පැවසුවා.. “රට පුරා ගල් අඟුරු බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයක් පවතී. දිල්ලියට විදුලිය ලබා දෙන බලාගාර වල ඉතිරිව ඇත්තේ එක් දිනකට සෑහෙන තොගයක් පමණි, ඉදිරිය සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු නැත” යනුවෙන් විදුලිබල ඇමතිවරයා පවසා ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා..

තවද ද ඉන්දියා එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පන්ජාබ් ප්‍රාන්ත බලශක්ති සංස්ථාව එහි තාප බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයකට මුහුණ පාමින් සිටින බවයි. එහි බලශක්ති උත්පාදනය අඩු කර ඇති බවයි ඔවුන් වාර්තා කර ඇත්තේ. පන්ජාබයේද බලාගාර වල ගල්අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනකට හෝ දෙකකට සෑහෙන තොග බවයි ඉන්දියා එක්ස්ප්‍රස් වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.

ඉන්දියාව වැඩිපුරම ගල් අඟුරු ආනයනය කරන්නේ කැනඩාව, මොසැම්බික්, ඉන්දුනීසියාව සහ රුසියාව යන රටවල් වලිනි. ඉන්දියාව අගෝස්තු මාසයේ දී ගල් අඟුරු ටොන් මිලියන 9.5ක් පමණ ආනයනය කර තිබේ. ගෝලීය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් දැඩි ආර්ථික මෙන්ම සම්පත් හිඟයකටද මුහුණපා තිබේ. ලෝකයේ බලවත් රාජ්‍යක් මෙන්ම වැඩිම ජනගහනයක් සිටින දෙවන රට වන ඉන්දියාවටද මෙම සම්පත් හිඟය දැඩි ලෙස බලපෑම් කර තිබෙන බව මෙම විදුලි අර්බුදය තුළින් මනාව පෙනෙන්නට තිබේ.

Continue Reading

උණුසුම් පුවත්

ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක‍්‍රීඩා කලේ වාර්තා වෙනුවෙන් – අර්ජුන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

මහේල සංගක්කාර ක‍්‍රීඩා කරන කාලයේදී දෙවැනි පෙළක් නොහැදීම හේතුවෙන් අද තත්ත්වයට ක්‍රිකට් කඩා වැටී ඇතැයි ද ඔහු කියා සිටී.

ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කළේ නැති බවත් තමන්ගේ වාර්තාවන්ට පමණක් ක‍්‍රීඩා කළ බවත් රණතුංග මහතා පෙන්වා දෙයි.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ෆේල් වී ඇතැයිද පවසන ඔහු බාප්පා ජනාධිපති තාත්තා අග්‍රාමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතාට ක්‍රිකට් හදන්න නොහැකි නම් වෙනත් කිසිවකුට නො හැකි බවත් කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ලදී.

2024 දී පොදු අපේක්ෂකයා තමන් විය හැකි බවද පවසන ඔහු තමන් ඊළඟ ඉම්රාන් ඛාන් වේවි යයි සියලු දෙනා තමන්ට බිය වී සිටින බවද එහිදී කියා සිටියේය.

Continue Reading

උණුසුම් පුවත්

මුරුත්තෙට්ටු හිමිගේ ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් එසැණ විසඳුම්..

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණ විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගනී. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමට ද ජනාධිපතිතුමා එකඟතාව පළ කළේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම තීරණවලට එළැඹිණ.

01. හෙද සරසවිය ආරම්භ කිරීම.
02. යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම.
03. අත්හිටුවා ඇති iii ශ්‍රේණියෙන් ii ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා ii ශ්‍රේණියෙන් i ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම.
04. රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම.
05. දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම.

යන කරුණු 5 වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය.

රුපියල් දස දහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අය වැයෙන් ලබාදීමටත් ජනාධිපතිතුමා විසින් එකඟතාව පළ කෙරිණ.

ඒ අනුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ යෝජනා සියල්ලට ජනාධිපතිතුමාගේ විසඳුම් ලැබිණ.

රජය සෞඛ්‍ය අංශය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන අතර හෙද සේවාවට ඉහළ පිළිගැනීමක් ලබාදෙන බවත් හෙද වෘත්තිකයන්ට නිසි තැන ලබා දෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්7 months ago

දිල්ලි අගනුවර අඳුරු වේවිද? ඉන්දියාවේ තාප බලාගාර වල ගල් අඟුරු තොග ඇත්තේ තව දින 2කට!

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි තාප බලාගාරයේ ගල් අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනක් සඳහා පමණක් වන අතර එමගින් දිල්ලියට විදුලිය...

Uncategorized7 months ago

ඉන්ධන අවසන්! ලෙබනනයේ විදුලි සැපයුම බිඳ වැටේ..

ඉන්ධන හිඟයක් හේතුවෙන් ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙකක් පසුගිය සෙනසුරාදා දිනයේ වසා දමන ලද අතර ඒ හේතුවෙන් මේ වන විට...

Uncategorized10 months ago

ජ‘පුර සරසවියෙන් Voice Sri Lanka වේදිකාවට ආ මිදොරි..

මේ දවස්වල The Voice Sri Lanka වැඩසටහනේ කාගෙත් කතාබහට ලක්වෙන ඇය මිදොරි තාරුකා කරුණාරත්න. තමන්ටම අනන්‍ය වූ කට හඬකින් ගීත...

Uncategorized10 months ago

බැසිල් රාජපක්‍ෂ සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් ඊට සූදානම්..- විමල්

ඕනෑම පුද්ගලයෙක් සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් එම ගමන යාමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන්...

Uncategorized10 months ago

සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නෑ..- ජනපති

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්...

Uncategorized10 months ago

ප්‍රබල තානාතිපතිවරු රැසක් අද බැසිල් හමුවෙයි!

පසුගිය මහින්ද ආණ්ඩුවේ ද ජාත්‍යන්තරය කළමනාකරණය කළ බැසිල් රාජපක්ෂ මුදල් ඇමති බවට පත්වීමෙන් පසු ලෝකයේ ප්‍රභල රටවල තානාපතිවරුන් ඔහු හමුවීම...

Uncategorized10 months ago

දකුණු ආසියාවේ කොරෝනා පාලනය සාර්ථකම රට ශ්‍රී ලංකාවයි..

ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී කාලසීමාවකට අප එළැඹ ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. සංචාරක ක්ශ්‍රේෂ්ත්‍රයේ...

Uncategorized11 months ago

අධි තාක්ෂණික කේබල් මත පිහිටි නව කැලණි පාලම යා කෙරේ..

ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැලණි පාලමේ, කැලණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට්...

Uncategorized11 months ago

කොරෝනා මඩින්න සයිනොෆාම් මහ තොගයක්.. ලක්‍ෂ 20ක් කටුනායකට..

කොරෝනා මර්දනය සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ගෙනැවිත් තිබේ....

Uncategorized11 months ago

සැප්තැම්බරයට පෙර ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට එන්නත් දෙන සැලැස්ම ජනපති හෙලි කරයි..

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි. කොවිඩ්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News

en_USEnglish