ප්‍රධාන පුවත්
පියුමිට ගෙදර යන්න දුන්නේ පොලිස් ලොක්කෙක්…? පරීක්ෂන අරඹයි

පසුගිය 30 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උපන්දින සාදයක් පවත්වන අතර කොටුව පොලිසිය විසින් අත්අඩංගුව ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු සාදයට එක්වූ 20 දෙනකු පමණ පිරිසක් මුදාහැරීමට කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහාය ලැබුණේ ද යන්න පිළිබඳව ද විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුන් උපදෙස් මතයි. මේ අනුව මෙම විමර්ශනය සඳහා කොළඹ දකුණ භාර පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රි පත්කර ඇති අතර ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදය සම්බන්ධ විමර්ශන කොටුව පොලිසියෙන් ඉවත් කර කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජනක් නන්දන වෙත පැවැරීමට ද පියවර ගෙන ඇත.
මැයි 30 වැනිදා රාත්‍රියේ පැවැති මෙම උපන්දින සාදයට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් විසිදෙනකු පමණ පොලිස් නිලධාරීන් විසින් මුදාහැර ඇති බවත් පසුදින උදෑසන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අණින් විමර්ශන අරඹද්දි චන්දිමාල් ජයසිංහ හා නිරූපණ ශිල්පී පියුමි හංසමාලි දහවල් කාලයේ පොලිසියට කැඳවා අධිකරණය වෙත පමුණුවා ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අනාවරණය කළේය.
මෙම පිරිස බන්ධනාගාර ගත කර නිරෝධායනයට යොමුකිරීමට ඉල්ලූ අවසරය අධිකරණය මගින් ප්‍රතික්ෂේප වුවත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මෙම පිරිස නිරෝධායනයට යැවීම සඳහා වාර්තාවක් ලබාදී තිබිණි. මේ අනුව එම සිද්ධියට 2 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කළ කාන්තාවන් දෙදෙනකු ද ඇතුළු දහතුන්දෙනකු නිරෝධායනයට ගෙනයාමට අධිකරණය ඉදිරිපිටදීම බස් රථයකට නංවාගෙන ඇත. පිරිස නිරෝධායනය සඳහා පස්සර පිහිටි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත 2 වැනිදා පස්වරුවේ රැගෙන ගියේය. (aruna)
උණුසුම් පුවත්
දිල්ලි අගනුවර අඳුරු වේවිද? ඉන්දියාවේ තාප බලාගාර වල ගල් අඟුරු තොග ඇත්තේ තව දින 2කට!

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි තාප බලාගාරයේ ගල් අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනක් සඳහා පමණක් වන අතර එමගින් දිල්ලියට විදුලිය ලබා ගත හැක්කේ දිනක් හෝ දෙකක් පමණක් බව විදුලිබල ඇමති සත්යෙන්ද්රා ජයින් පසුගියදා පැවසුවා.. “රට පුරා ගල් අඟුරු බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයක් පවතී. දිල්ලියට විදුලිය ලබා දෙන බලාගාර වල ඉතිරිව ඇත්තේ එක් දිනකට සෑහෙන තොගයක් පමණි, ඉදිරිය සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු නැත” යනුවෙන් විදුලිබල ඇමතිවරයා පවසා ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා..
තවද ද ඉන්දියා එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පන්ජාබ් ප්‍රාන්ත බලශක්ති සංස්ථාව එහි තාප බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයකට මුහුණ පාමින් සිටින බවයි. එහි බලශක්ති උත්පාදනය අඩු කර ඇති බවයි ඔවුන් වාර්තා කර ඇත්තේ. පන්ජාබයේද බලාගාර වල ගල්අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනකට හෝ දෙකකට සෑහෙන තොග බවයි ඉන්දියා එක්ස්ප්‍රස් වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.
ඉන්දියාව වැඩිපුරම ගල් අඟුරු ආනයනය කරන්නේ කැනඩාව, මොසැම්බික්, ඉන්දුනීසියාව සහ රුසියාව යන රටවල් වලිනි. ඉන්දියාව අගෝස්තු මාසයේ දී ගල් අඟුරු ටොන් මිලියන 9.5ක් පමණ ආනයනය කර තිබේ. ගෝලීය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් දැඩි ආර්ථික මෙන්ම සම්පත් හිඟයකටද මුහුණපා තිබේ. ලෝකයේ බලවත් රාජ්‍යක් මෙන්ම වැඩිම ජනගහනයක් සිටින දෙවන රට වන ඉන්දියාවටද මෙම සම්පත් හිඟය දැඩි ලෙස බලපෑම් කර තිබෙන බව මෙම විදුලි අර්බුදය තුළින් මනාව පෙනෙන්නට තිබේ.
උණුසුම් පුවත්
මම හිටියා නම් ඔය ක්‍රීඩකයින්ගෙ කනට ගහන්නෙ – අර්ජුන

මම හිටියා නම් ඔය ක්‍රීඩකයින්ගෙ කනට ගහන්නෙ – අර්ජුන
දැං ක්‍රීඩකයො සංචාර යන්නෙ ටී ෂර්ට් ඇඳන්.. ලැජ්ජයි..
ප්‍රධාන පුවත්
තෙල් මිල වැඩිකිරීම වැරදියි.. බැසිල් ඇවිත් තෙල් මිල අඩු කරන තෙක් රටම බලාගෙන ඉන්නවා….- මන්ත්‍රී රංජිත් බණ්ඩාර

බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ නිර්මාණය කළා පමණක් නොව රටේ දැවැන්ත සංවර්ධන කටයුතු වල පිටුපස සිටි දැවන්ත චරිතයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
එහෙයින් ඉන්ධන මිළ වැඩි වීම සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතා රට තුළ සිටියා නම් ඒ සම්බන්දව දෙවරක් සිතා බැලීමට අවස්ථාව දෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් ඇති බවද ඔහු පැවැසීය.
උඩුනුවර ආසනයේ කෝවිඩ් කමිටු රැස්වීම සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙන තුරු ජනතාව බොහෝ අපේක්ෂාවෙන් සිටින බවත් ඉන්ධන මිල අඩු කිරීමත් එම අපේක්ෂාවලින් එකක් බවද මහාචාර්යවරයා පැවැසිය.
“මේ අවස්ථාවේ තෙල් මිල වැඩි කිරිම සුදුසුයි කියා විස්වාස කරන්නේ නෑ. අපේ පක්ෂයේ මහත මහලේකම් විසින් ප්‍රකාශඹ කර තිබෙනවා. පක්ෂයක් ලෙස තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව අපේ කනස්සල්ල ඉදිරිපත් කරනවා.
විපක්ෂය මිට ඉහතදි දෝෂාභියෝග කිහිපයක්ම ගෙන ආවා. ඒ අය උත්සහ ගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන මිත්‍ර පක්ෂ හා නායකයින් අතර ගැටුමක් ඇති කිරිමටයි. නමුත් අප පක්ෂයක් ලෙස ගන්නා තීන්දු තිරණ සමග ඉන්නවා. දෝෂාභියෝගය සම්බන්ධව පක්ෂය අපිව දැනුවත් කළ පසු කුමන තීන්දුවක් ගන්නවාද නැද්ද යන්න ඉන් පසු තිරණය කරනවා” (ADA)