Connect with us

ප‍්‍රධාන පුවත්

කවදා ඉඳලද පොලීසියේ කේක් ඕඩර් භාර ගන්නේ මහත්තයෝ ? චමුදිත කෙලින්ම පොලිස්පතිතුමාගෙන් අහයි..

කවදා ඉඳලද පොලීසියේ කේක් ඕඩර් භාර ගන්නේ මහත්තයෝ ..

පසුගිය සදුදා දින හිරු නාළිකා වේ පැවති සලකුණ වැඩසටහනේ විවාදයකදී අජිත් රෝහන මහතාගෙන් “කවදා ඉඳලද පොලීසියේ කේක් ඕඩර් භාර ගන්නේ මහත්තයෝ ?”  ලෙස නියෝජ්‍ය  පොලිස්පතිතුමා ගෙන් විමසා තිබෙනවා ඒයට‌ හේතුව වී ඇත්‌තේ. කුරුණෑගල පොලීසිය විසින් කුරුණෑගල නගරාධිපතිවරයාගේ  උපන්දින සාදයකට පොලීසිය විසින් ගේක් ගෙඩියක් සකස් කොට නගරාධිපතිතුමන් සමග නිරෝධයන නීති කඩමින් සාදයක් පැවැත්වීමයි.

ප‍්‍රධාන පුවත්

සදුදා සංචරණ සීමා ඉවතට.. Breaking News !

ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කෙරේ. එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජුනි මස 23 රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 04 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීම නැවත ක්‍රියාත්මක කෙරේ. ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය. සියලුම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරිණ.

කොවිඩ් නොවන මරණ පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී තිබේ. එමගින් මියගිය අයගේ පවුල්වල අය මුහුණ දෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඩි නොවන හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගැනිණ. පසුව මෙම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ෂණයක් කර ලබාගත් දත්ත පිළිබඳව ජනාධිපතිතුමා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය විය. ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව සොයා ගැනිණ. ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපතිතුමා පැවසීය. දත්ත සැපයිමේදී නිවැරදි වීම සහ කාලීන වීම, නිවැරදි තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මේ වන විට එන්නත් මිලියන 04කට අධික ප්‍රමාණයක් ගෙන්වා තිබේ. ජුලි මස අවම වශයෙන් තවත් එන්නත් මිලියන 04ක් ලැබීමට නියමිත බවත්, ඒ අනුව ඉදිරි කාලය තුළ ඉහළ ප්‍රතිශතයකට එන්නත් දීමේ හැකියාව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Continue Reading

ප‍්‍රධාන පුවත්

දෙහිවල සත්තු වත්තේ හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකු මිය යයි.. සිංහයෙකුට කොරෝනා..

දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින සිංහයෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙලිවී තිබේ. දින කිහිපයක් තිස්සේ උගුරේ වේදනාවක් සහ කැස්සකින් මෙම සිංහයා පීඩා විඳ ඇති නිසා සිදු කරන ලද පරීක්ෂණයකින් මේ බව හෙළිව ඇත. එම සත්වයා භාරව කටයුතු කළ සේවකයන් මේ වන විට නිරෝධායනය කර තිබේ. මෙම සිංහයා අසනීප වූ ආසන්න දිනවලදී එහි හිපපොටේමස් සතෙකු සහ සීබ්රා පැටියකු හිටිහැටියේ මිය ගොස් ඇතත් ඔවුනට කොරෝනා පරීක්ෂණ සිදුකර නැත.

Continue Reading

ප‍්‍රධාන පුවත්

රනිල් එන්න කලින් වැඩ පෙන්නයි… සජිත්ගේ නගරාධිපතිවරු 04ක් එලවයි

එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අවසන් කර සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරීම හේතුවෙන් නගර සභා කිහිපයක නගරාධිපතිවරුන් ධූරවලින් ඉවත් කිරීමට තේරීම් භාර නිලධාරීවරුන් කටයුතු කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම අවසන් කිරීම නිසා ඔවුන්ගේ සභික ධූරයන් අහෝසි වී ඇති බව තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය විසින් ඔවුන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත. තංගල්ල නගර සභාවේ නගරාධිපති වරයා, වැලිගම නගර සභාවෙන් නගරාධිපතිවරයා, නාවලපිටිය නගර සභාවේ නගරාධිපතිවරයා එසේ ධූරවලින් ඉවත් කර තිබේ.

Continue Reading

Facebook

Advertisement

Updates

Off Road5 hours ago

දරුවන් දහදෙනෙකු බිහි කළායැයි කියමින් ලෝකෙම රැවටූ කාන්තාවගේ ඇත්ත කතාව

පහුගිය දිනවල අපේ රටේ මෙන්ම ලෝකයේම වැඩිපුර කතා බහට ලක්වුණු පුවතක් තමයි දකුණු අප්‍රිකාවේ මවක් දරුවන් දහදෙනෙකු එකවර බිහි කරපු...

ප‍්‍රධාන පුවත්7 hours ago

සදුදා සංචරණ සීමා ඉවතට.. Breaking News !

ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කෙරේ. එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල්...

ප‍්‍රධාන පුවත්11 hours ago

දෙහිවල සත්තු වත්තේ හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකු මිය යයි.. සිංහයෙකුට කොරෝනා..

දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින සිංහයෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙලිවී තිබේ. දින කිහිපයක් තිස්සේ උගුරේ වේදනාවක් සහ කැස්සකින් මෙම සිංහයා...

Uncategorized14 hours ago

උඩුවේ හිමියන්ගේ මෑණියන් සිහිසුන්වී නවලෝක රෝහලට.. හිමියන්ගෙන් පිණිවුඩයක්..

ප්‍රසිද්ධ ධර්ම කථික පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ මෑණියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ...

ප‍්‍රධාන පුවත්1 day ago

රනිල් එන්න කලින් වැඩ පෙන්නයි… සජිත්ගේ නගරාධිපතිවරු 04ක් එලවයි

එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අවසන් කර සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරීම හේතුවෙන් නගර සභා කිහිපයක නගරාධිපතිවරුන් ධූරවලින් ඉවත් කිරීමට...

උණුසුම් පුවත්1 day ago

ගෑස් සිලින්ඩර් සගවන පාරිභෝගිකයින් ගැන වහාම කියන්න.. හදිසි ඇමතුම් අංකයකුත්

ගෑස් සිලින්ඩර් සඟවා තබාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන ති‌බේ නම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියට දැනුම් ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ සදහා...

ප‍්‍රධාන පුවත්1 day ago

චන්නගේ කෝටි 20 නිවසේ කතාවට අසේල වැලිකඩ ? කෝටි 50 වන්දි ගෙවන්න වෙයි..

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඇතුල් කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200ක නිවසක් මිලදීගෙන ඇති බවත්, චන්න ජයසුමන, SPC සභාපති විශේෂඥ වෛද්‍ය...

උණුසුම් පුවත්2 days ago

සියලුම ආර්ථික මධ්‍යස්ථාන දින දෙකකට විවෘත කරයි…

තොග වෙළදාම් කටයුතු සඳහා දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (17) සහ හෙට (18) දෙදින තුළ විවෘත ව පවතී. ජංගම වෙළඳුන්ට...

ප‍්‍රධාන පුවත්2 days ago

මත්පැන් ඔන්ලයින් ක්‍රමය අවලංගුයි…

අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත. මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී...

ප‍්‍රධාන පුවත්3 days ago

මන්ත‍්‍රීවරුනට වාහන ගෙන්වීම අත්හිටුවයි.. මුදල් අමාත්‍යංශය තහවුරු කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මිල දී ගැනීමට නියමිතව තිබු වාහන ආනයනය සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News

en_USEnglish