Connect with us

ප‍්‍රධාන පුවත්

යාපනය පුස්තකාලයට ගිනි තබා වසර 40 යි.

යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිදුවීමට අදට හරියටම වසර 40 කි. 1981 මැයි මස 31 වෙනිදා රාත්‍රියේ යාපනය පුස්තකාලය, ඊළනාඩු පුවත් පත් කාර්යාලය ඇතුළුව ගොඩනැගිලි රාශියකට කඩා වැදුණු සාහසිකයන් පිරිසක් එම ගොඩනැගිලි කඩා බිඳ දමා, ගිනි තබා විනාශ කර දැමිණ. මේ විනාශය සිදු කෙරුණේ විශාල පොලිස් බල ඇණියක් ඒ අසල කඳවුරු ලා සිටියදී වීම විශේෂත්වයකි.

ඒත් මෙම අපරාධයට වගකිව යුත්තෙක් තවම වරදකරු නොවීම කුතුහලයට කරුණකි. ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී යාපනය මහජන පුස්තකාලයට ගිනි තැබීමේ සිද්ධිය වැදගත් ස්ථානයක් ගනී. සංවිධානාත්මක කලහකාරී පිරිසක් 1981 මැයි 31 සිට ජුනි 2 දක්වා කලබල ඇති කරමින් මහජන පුස්තකාලයද ගිනි තැබුහ. මෙය විසිවන ශත වර්ෂයේ මානව ඉතිහාසයේ පොත් පත් සම්බන්ධයෙන් ගත් කළ ඉතා සාහසික සිද්ධියකි. මෙය විසිවන ශත වර්ෂයේ මානව ඉතිහාසයේ පොත් පත් සම්බන්ධයෙන් ගත් කළ ඉතා සාහාසික සිද්ධියකි. ගිනි තැබීමේ අවස්ථාව වන විට 97000 කට වඩා වටිනා ‍පොත් සහ විරල අත් පිටපත් තිබුණු එම පුස්තකාලය ආසියාවේ තිබුණු විශාලතම පුස්තකාලයන්ගෙන් එකක් විය.

පුස්තකාලය පියවර කීපයකින් ගොඩ නංවා තිබිණි. පුස්තකාලය 1933 දී ආරම්භ වුයේ ප්‍රමාණවත් පොත් සංඛ්‍යාවක් තිබුණු පෞද්ගලික පොත් එකතුවක් වශයෙනි. ප්‍රදේශවාසීන්ගේ මුලික සහයෝගයෙන් ඉතා ඉක්මනට එය අංග සම්පුර්ණ පුස්තකාලයක් බවට පත්විය. මෙම පුස්තකාලය, පුස්කොළ පොත්වලින්ද ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාස‍යේ ප්‍රාදේශීය වශයෙන් වැදගත් ඓතිහාසික ලියවලි වල මුල් පිටපත් වලින්ද, යාපනය අර්ධද්වීපයේ අවුරුදු සියයකට කලින් මුද්‍රිත වු පුවත්පත් වලින්ද යුත් අගනා ලේඛන අඩංගු වු ලේඛනාගාරයක් බවට පත්විය. ශ්‍රී ලංකාවේ සුළු ජනගහණයක් වු දෙමළ ජනයා අතර මෙම පුස්තකාලයට ඓතිහාසික මෙන්ම ඉතා වටිනාකමක් හිමිවිය. 1959 දී යාපනය නගරාධිපති ඇල්ප්‍රඩ් දොරෙයප්පා විසින් මෙම පුස්තකාලයේ ප්‍රථම ප්‍රධාන අංශය විවෘත ‍කළේය. ඉන්දු අරාබි ගෘහ නිර්මාණ ශිල්පියා වුයේ ඉන්දියාවේ, මදුරාසියේ, නරසිංගම් නැමැත්තෙකි. ඉන්දියාවේ ප්‍රසිද්ධ පුස්තකාලාධිපතිවරයෙකු වු එස්.ආර්. රංගනාදන් එම පුස්තකාලය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තැනෙන්නේදැයි පරීක්ෂා කිරීමේ කටයුතු කළේය. යාපනයේ ජනයා අතර එම පුස්තකාලය ප්‍රෞඪත්වයේ සංකේතයක් විය. ඉන්දියාවෙන් සහ වෙන රටවල් වලින් පවා ඔවුන්ගේ ප‍ර්යේෂකගෙන් මෙම පුස්තකාලය පරිහරණය කිරීමට පටන් ගත්හ .

Click to comment

උණුසුම් පුවත්

මම හිටියා නම් ඔය ක්‍රීඩකයින්ගෙ කනට ගහන්නෙ – අර්ජුන

මම හිටියා නම් ඔය ක්‍රීඩකයින්ගෙ කනට ගහන්නෙ – අර්ජුන

දැං ක්‍රීඩකයො සංචාර යන්නෙ ටී ෂර්ට් ඇඳන්.. ලැජ්ජයි..

Continue Reading

ප‍්‍රධාන පුවත්

තෙල් මිල වැඩිකිරීම වැරදියි.. බැසිල් ඇවිත් තෙල් මිල අඩු කරන තෙක් රටම බලාගෙන ඉන්නවා….- මන්ත‍්‍රී රංජිත් බණ්ඩාර

බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ නිර්මාණය කළා පමණක් නොව රටේ දැවැන්ත සංවර්ධන කටයුතු වල පිටුපස සිටි දැවන්ත චරිතයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

එහෙයින් ඉන්ධන මිළ වැඩි වීම සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතා රට තුළ සිටියා නම් ඒ සම්බන්දව දෙවරක් සිතා බැලීමට අවස්ථාව දෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් ඇති බවද ඔහු පැවැසීය.

උඩුනුවර ආසනයේ කෝවිඩ් කමිටු රැස්වීම සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙන තුරු ජනතාව බොහෝ අපේක්ෂාවෙන් සිටින බවත් ඉන්ධන මිල අඩු කිරීමත් එම අපේක්ෂාවලින් එකක් බවද මහාචාර්‍යවරයා පැවැසිය.

“මේ අවස්ථාවේ තෙල් මිල වැඩි කිරිම සුදුසුයි කියා විස්වාස කරන්නේ නෑ. අපේ පක්ෂයේ මහත මහලේකම් විසින් ප්‍රකාශඹ කර තිබෙනවා. පක්ෂයක් ලෙස තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව අපේ කනස්සල්ල ඉදිරිපත් කරනවා.

විපක්ෂය මිට ඉහතදි දෝෂාභියෝග කිහිපයක්ම ගෙන ආවා. ඒ අය උත්සහ ගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන මිත්‍ර පක්ෂ හා නායකයින් අතර ගැටුමක් ඇති කිරිමටයි. නමුත් අප පක්ෂයක් ලෙස ගන්නා තීන්දු තිරණ සමග ඉන්නවා. දෝෂාභියෝගය සම්බන්ධව පක්ෂය අපිව දැනුවත් කළ පසු කුමන තීන්දුවක් ගන්නවාද නැද්ද යන්න ඉන් පසු තිරණය කරනවා” (ADA)

Continue Reading

ප‍්‍රධාන පුවත්

රටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනාවේ අලුත්ම සිතියම මෙන්න…

මෙරට කොරෝනා ආසාදිතයන් ව්‍යාප්තිය දැක්වෙන නවතම සිතියම වසංගත රෝග විද්‍යා අංශය විසින් ප්‍රසිද්ධ කර තිබේ. මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වල ජූනි වස 06 වනා වන විට වාර්තා වූ ආසාදිතයන් පදනම් කරගෙන මෙම වාර්තාව නිකුත් කර ඇත.

අදාළ කාලයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී නැත්තේ කොට්ඨාස දෙකකින් පමණක් වන අතර අඩු අවදානම් ලෙස හඳුනාගෙන ඇත්තේ කොට්ඨාස හයකි. සෙසු සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අධි අවදානම් කලාප ලෙස හඳුන්වා තිබේ.

Continue Reading

Facebook

Advertisement

Updates

Uncategorized2 months ago

ජ‘පුර සරසවියෙන් Voice Sri Lanka වේදිකාවට ආ මිදොරි..

මේ දවස්වල The Voice Sri Lanka වැඩසටහනේ කාගෙත් කතාබහට ලක්වෙන ඇය මිදොරි තාරුකා කරුණාරත්න. තමන්ටම අනන්‍ය වූ කට හඬකින් ගීත...

Uncategorized2 months ago

බැසිල් රාජපක්‍ෂ සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් ඊට සූදානම්..- විමල්

ඕනෑම පුද්ගලයෙක් සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් එම ගමන යාමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන්...

Uncategorized2 months ago

සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නෑ..- ජනපති

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්...

Uncategorized2 months ago

ප්‍රබල තානාතිපතිවරු රැසක් අද බැසිල් හමුවෙයි!

පසුගිය මහින්ද ආණ්ඩුවේ ද ජාත්‍යන්තරය කළමනාකරණය කළ බැසිල් රාජපක්ෂ මුදල් ඇමති බවට පත්වීමෙන් පසු ලෝකයේ ප්‍රභල රටවල තානාපතිවරුන් ඔහු හමුවීම...

Uncategorized2 months ago

දකුණු ආසියාවේ කොරෝනා පාලනය සාර්ථකම රට ශ්‍රී ලංකාවයි..

ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී කාලසීමාවකට අප එළැඹ ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. සංචාරක ක්ශ්‍රේෂ්ත්‍රයේ...

Uncategorized2 months ago

අධි තාක්ෂණික කේබල් මත පිහිටි නව කැලණි පාලම යා කෙරේ..

ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැලණි පාලමේ, කැලණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට්...

Uncategorized2 months ago

කොරෝනා මඩින්න සයිනොෆාම් මහ තොගයක්.. ලක්‍ෂ 20ක් කටුනායකට..

කොරෝනා මර්දනය සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ගෙනැවිත් තිබේ....

Uncategorized3 months ago

සැප්තැම්බරයට පෙර ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට එන්නත් දෙන සැලැස්ම ජනපති හෙලි කරයි..

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි. කොවිඩ්...

Uncategorized3 months ago

සජිත් නිවාස ඇමති කාලයේ ගෙවල් දුන්න හැටි කෝප්වලදී හෙළිවෙයි..

015 සිට 2019 දක්වා කාලයේ යහපාලන ආණ්ඩුවේ නිවාස ඇමතිවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා නියමිත පටිපාටියෙන් බැහැරව නිවාස ලබාදීම්...

Uncategorized3 months ago

මං අරලියගහ මන්දිරයට යාම නවතා දැම්මා..- ලොකුගේ…

තමන් අරලියගහ මන්දිරයට යාම නවතා දැමූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. අරලියගම මන්දිරයට ගිය අවස්ථාවේ තමන් කොරෝනා පරීක්ෂණයට...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News

en_USEnglish