Connect with us

ප‍්‍රධාන පුවත්

කොරෝනා අතරේ ලංකාවේ තවත් වසංගතයක් පැතිරේ.. රෝහල්වල ඉඩ නෑ..

කෝවිඩ් වසංගතය පවතින මේ කාලයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් ඇති බවට වාර්තා වෙනවා. මෙය අප මීට පෙර මුහුණ නොදුන් ආකාරයේ ඉතා බරපතළ තත්ත්වයක් වීමට හේතු කිහිපයක්ම තියෙනවා. මීට පෙර අවස්ථා කිහිපයකදී ලංකාව ඩෙංගු අධි වසංගත තත්ත්වයන්ට මුහුණ දී තිබෙනවා. ඒ අවස්ථා වලදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව ඩෙංගු මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි වුණේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සහ මේ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ සෞඛ්‍ය සේවකයන් යෙදවීමෙන්. ඒ වගේම අවශ්‍ය දැඩි සත්කාර පහසුකම් ඉතා බහුල වශයෙන් ඩෙංගු වෛරසය සඳහාම වෙන්කිරීම තුලින්.

රක්තපාත තත්ත්වයේ සිටින ඩෙංගු රෝගියෙකුගේ ජීවිතයත් මරණයත් අතර තීරණය ගැනෙන්නේ ඔහුගේ ශරීරයේ තරල කාන්දුවීමේ වේගයට ගැලපෙන වේගයකින් ශරීරයට අවශ්‍ය තරල ලබාදීම මතයි. දිනකට බොහෝ වතාවක් පරීක්ෂණවලට භාජනය කරමින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ දැඩි නිරීක්ෂණය යටතේ මෙය කළ යුතු වෙනවා.

මෙවර ඩෙංගු වසංගතයක් ඇති වුවහොත් ප්‍රධානම ගැටලුව මතුවන්නේ මෙතැනදියි. වෙනදාට ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහි නියැලෙන රෝහල් වල විශේෂ පුහුණුව ලත් කාර්ය මණ්ඩලයෙන් බොහෝ දෙනෙක් වගේම, වෙනදාට ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන වසංගත රෝග විද්‍යායතනය (IDH රෝහල), ශික්ෂණ රෝහල් ඇතුළු තෘතීක හා ද්විතීක මට්ටමේ රෝහල් බොහොමයක් මේ වන විට කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කර්තව්‍යයෙහි දැඩි පරිශ්‍රමයකින් නියැලී සිටිනවා. මේ අතරතුර ඩෙංගු අධි වසංගත තත්ත්වයකුත් ඇති වූවොත්, රෝගී සත්කාර සේවාවන් ඉතා ගැටළු සහගත තත්වයකට මැදිවීමක් සිදු වන්න පුළුවන්. මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුවහොත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ඉඩ තියෙනවා.

ඩෙංගු රෝගය නිසා කුඩා දරුවන්ගේ ජීවිත වඩාත් බරපතල ලෙස තර්ජනයට ලක්වෙනවා. පහසුවෙන් අප අපටම වළකාගත හැකි ඩෙංගු වසංගත තත්ත්වයක් නිසා, අපගේ ආදරණීය දරුවන් හට ජීවිතය වෙනුවෙන් සටන් කිරීමට සිදුවන තැනකට එළඹීමට ඉඩ තිබෙනවා. එවන් දිනක සිතේ ඇතිවන පසුතැවිල්ලට වඩා අද දිනයේ ක්‍රියාත්මක වීමේ ඇති වටිනාකම අප අමුතුවෙන් විස්තර කර දිය යුතු නැහැ. වෙනදා ගෙයින් ගෙට ඇවිත් ඩෙංගු බෝවෙන ස්ථාන හඳුනා ගන්නා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාල වල කණ්ඩායම්, අද එන්නත්කරණ කටයුතු වල වගේම කෝවිඩ් රෝගීන් හඳුනා ගැනීමේ කටයුතුවල දැඩි පරිශ්‍රමයකින් නියැලී සිටිනවා. මේ නිසා අපේ නිවෙස් ආශ්‍රිත පරිසරය, අපේ දරුවන්ගේ ජීවිතයට අනතුරක් නොවන ලෙස සැකසීමේ වගකීම වෙනදාටත් වඩා අප වෙත යොමු වෙනවා.

වසංගත දෙකක් එක මත අතිපිහිත වීමේ භයානක අවස්ථාවකට එලඹීමට ඉඩ ඇති මේ මොහොතේ, රටේත් අපේ දරුවන්ගේත් අවසන් ආරක්ෂක පවුර වීමට අපට අවස්ථාව එළඹී තිබෙනවා. ඒ වෙනුවෙන් ඉදිරියට ඒම හා ක්‍රියාත්මක වීම මත අපේ දරුවන්ගේ ජීවිත රඳා පවතිනවා. මේ ඩෙංගු හිස එසවීමේ අවදානම අධි වසංගත තත්ත්වයක් වීමට ඉඩ නොදී නැවතීමට කළ යුතු දේ ඉතා සරලයි. අනෙක දැන් පවතින කෝවිඩ් පාලනය සඳහා වන සංචරණ සීමා මෙයට වෙස්වලාගත් ආශිර්වාදයක්.

දරුවන් සමඟ නිවසෙහි ගතකරන මේ වේලාව, නිවස තුළ මෙන්ම මිදුලෙහි මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා විනාශ කිරීමට යොදවන්න අපිට පුළුවන්. ජලය එකතු විය හැකි කොන්ක්‍රීට් පෘෂ්ඨයන් වගේම වැහිපිහිලි හා මල් බදුන් පරික්ෂා කිරීම අනිවාර්යයෙන්ම කළ යුතයි. අපිට පහසුවෙන් මග හැරිය හැකි මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ විස්තරයක් ඉදිරියේදී ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. නිවසේ සිටින දරුවන් උදයේ හෝ හවස මිදුලේ දුව පනිමින් ක්‍රීඩා කරනවා නම් අනුමත මදුරු විකර්ශක භාවිතා කිරීම වගේම ශරීරය ආවරණය වෙන පරිදි ඇඳුම් ඇන්දවීමත් ඉතාමත් සුදුසුයි.

උණ රෝගයක් වැලඳී දින දෙකකට වඩා පවතිනවා නම් එය ඩෙංගු වීමේ අවදානමක් තිබෙනවා. කෝවිඩ් රෝගයෙන් ආරක්ෂා වෙනවා වගේම මෙවැනි අවස්ථාවල නොපැකිළිව අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ජීවිතය ආරක්ෂා කර ගැනීමට හේතුවක් වනවා. මේ ගෙවී යන්නේ ඉතාමත්ම තීරණාත්මක අවධියක්. අපගේ වගේම දරුවන්ගේත් ජීවිත වල වගකීමත අප කරමතින් දරාගත යුතු අවස්ථාවක්. සංචරණ සීමා යෙදී ඇති මේ දිනවල අපේ නිවෙස් තුළ හා අවට පරිසරය පිරිසිදු කර ගැනීමට දැන්ම යොමු වෙමු. අද කළ යුතු දේ ‘අදම කිරීම’ හෙට දිනෙක පසුතැවිලි නොවීමට හේතු වනවා ඇති. (සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය)

Click to comment

උණුසුම් පුවත්

මම හිටියා නම් ඔය ක්‍රීඩකයින්ගෙ කනට ගහන්නෙ – අර්ජුන

මම හිටියා නම් ඔය ක්‍රීඩකයින්ගෙ කනට ගහන්නෙ – අර්ජුන

දැං ක්‍රීඩකයො සංචාර යන්නෙ ටී ෂර්ට් ඇඳන්.. ලැජ්ජයි..

Continue Reading

ප‍්‍රධාන පුවත්

තෙල් මිල වැඩිකිරීම වැරදියි.. බැසිල් ඇවිත් තෙල් මිල අඩු කරන තෙක් රටම බලාගෙන ඉන්නවා….- මන්ත‍්‍රී රංජිත් බණ්ඩාර

බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ නිර්මාණය කළා පමණක් නොව රටේ දැවැන්ත සංවර්ධන කටයුතු වල පිටුපස සිටි දැවන්ත චරිතයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

එහෙයින් ඉන්ධන මිළ වැඩි වීම සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතා රට තුළ සිටියා නම් ඒ සම්බන්දව දෙවරක් සිතා බැලීමට අවස්ථාව දෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් ඇති බවද ඔහු පැවැසීය.

උඩුනුවර ආසනයේ කෝවිඩ් කමිටු රැස්වීම සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙන තුරු ජනතාව බොහෝ අපේක්ෂාවෙන් සිටින බවත් ඉන්ධන මිල අඩු කිරීමත් එම අපේක්ෂාවලින් එකක් බවද මහාචාර්‍යවරයා පැවැසිය.

“මේ අවස්ථාවේ තෙල් මිල වැඩි කිරිම සුදුසුයි කියා විස්වාස කරන්නේ නෑ. අපේ පක්ෂයේ මහත මහලේකම් විසින් ප්‍රකාශඹ කර තිබෙනවා. පක්ෂයක් ලෙස තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව අපේ කනස්සල්ල ඉදිරිපත් කරනවා.

විපක්ෂය මිට ඉහතදි දෝෂාභියෝග කිහිපයක්ම ගෙන ආවා. ඒ අය උත්සහ ගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන මිත්‍ර පක්ෂ හා නායකයින් අතර ගැටුමක් ඇති කිරිමටයි. නමුත් අප පක්ෂයක් ලෙස ගන්නා තීන්දු තිරණ සමග ඉන්නවා. දෝෂාභියෝගය සම්බන්ධව පක්ෂය අපිව දැනුවත් කළ පසු කුමන තීන්දුවක් ගන්නවාද නැද්ද යන්න ඉන් පසු තිරණය කරනවා” (ADA)

Continue Reading

ප‍්‍රධාන පුවත්

රටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනාවේ අලුත්ම සිතියම මෙන්න…

මෙරට කොරෝනා ආසාදිතයන් ව්‍යාප්තිය දැක්වෙන නවතම සිතියම වසංගත රෝග විද්‍යා අංශය විසින් ප්‍රසිද්ධ කර තිබේ. මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වල ජූනි වස 06 වනා වන විට වාර්තා වූ ආසාදිතයන් පදනම් කරගෙන මෙම වාර්තාව නිකුත් කර ඇත.

අදාළ කාලයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී නැත්තේ කොට්ඨාස දෙකකින් පමණක් වන අතර අඩු අවදානම් ලෙස හඳුනාගෙන ඇත්තේ කොට්ඨාස හයකි. සෙසු සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අධි අවදානම් කලාප ලෙස හඳුන්වා තිබේ.

Continue Reading

Facebook

Advertisement

Updates

Uncategorized1 week ago

ජ‘පුර සරසවියෙන් Voice Sri Lanka වේදිකාවට ආ මිදොරි..

මේ දවස්වල The Voice Sri Lanka වැඩසටහනේ කාගෙත් කතාබහට ලක්වෙන ඇය මිදොරි තාරුකා කරුණාරත්න. තමන්ටම අනන්‍ය වූ කට හඬකින් ගීත...

Uncategorized1 week ago

බැසිල් රාජපක්‍ෂ සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් ඊට සූදානම්..- විමල්

ඕනෑම පුද්ගලයෙක් සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් එම ගමන යාමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන්...

Uncategorized1 week ago

සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නෑ..- ජනපති

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්...

Uncategorized1 week ago

ප්‍රබල තානාතිපතිවරු රැසක් අද බැසිල් හමුවෙයි!

පසුගිය මහින්ද ආණ්ඩුවේ ද ජාත්‍යන්තරය කළමනාකරණය කළ බැසිල් රාජපක්ෂ මුදල් ඇමති බවට පත්වීමෙන් පසු ලෝකයේ ප්‍රභල රටවල තානාපතිවරුන් ඔහු හමුවීම...

Uncategorized2 weeks ago

දකුණු ආසියාවේ කොරෝනා පාලනය සාර්ථකම රට ශ්‍රී ලංකාවයි..

ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී කාලසීමාවකට අප එළැඹ ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. සංචාරක ක්ශ්‍රේෂ්ත්‍රයේ...

Uncategorized2 weeks ago

අධි තාක්ෂණික කේබල් මත පිහිටි නව කැලණි පාලම යා කෙරේ..

ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැලණි පාලමේ, කැලණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට්...

Uncategorized2 weeks ago

කොරෝනා මඩින්න සයිනොෆාම් මහ තොගයක්.. ලක්‍ෂ 20ක් කටුනායකට..

කොරෝනා මර්දනය සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ගෙනැවිත් තිබේ....

Uncategorized2 weeks ago

සැප්තැම්බරයට පෙර ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට එන්නත් දෙන සැලැස්ම ජනපති හෙලි කරයි..

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි. කොවිඩ්...

Uncategorized2 weeks ago

සජිත් නිවාස ඇමති කාලයේ ගෙවල් දුන්න හැටි කෝප්වලදී හෙළිවෙයි..

015 සිට 2019 දක්වා කාලයේ යහපාලන ආණ්ඩුවේ නිවාස ඇමතිවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා නියමිත පටිපාටියෙන් බැහැරව නිවාස ලබාදීම්...

Uncategorized2 weeks ago

මං අරලියගහ මන්දිරයට යාම නවතා දැම්මා..- ලොකුගේ…

තමන් අරලියගහ මන්දිරයට යාම නවතා දැමූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. අරලියගම මන්දිරයට ගිය අවස්ථාවේ තමන් කොරෝනා පරීක්ෂණයට...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News

en_USEnglish