Uncategorized
අලුත් APP එකක් හදලා සංචාරකයන් ගෙන්වන්න සූදානම්….

කොවිඩ් 19 පාලනය කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව පරිගණක යෙදවුමක් (app) හදුන්වා දීමට යයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එම පරිගණක යෙදවුම නිර්මාණය කර තිබේ.
මෙම පරිගණක යෙදවුම නිර්මානය කිරීම සදහා සංචාරක සංවර්ධන අධිකාරියට ප්‍රතිපාදන ලබා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනයි. එය නිර්මානය කර ඇත්තේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) විසිනි.
කොවිඩ් වසංගතය තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා විවෘත කිරීමේදී ඔවුන් මෙරටට ගොඩ බැසීමට පෙර සිටම ඔවුන් පිළිබද සියළු තොරතුරු ලබා ගැනීම මෙම නව පරිගණක යෙදවුම හදුන්වා දීමේ අරමුණ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. දිවයිනට පැමිණෙන සංචාරකයන් සම්බන්ධ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා මෙන්ම ඔවුන් සංචාරය කරනු ලබන ප්‍රදේශ, ලැගුම්ගන්නා ස්ථාන හා අදාල කාල වකවානු පිළිබද දත්ත ලබා ගැනීම මෙමගින් කටයුතු කෙරේ.
මෙරටට පැමිණෙන සංචාරකයෙකුට වීසා අනුමැතිය ලබා දෙන අවස්ථාවේදී මෙම පරිගණක යෙදවුමට ඔහු හෝ ඇය සම්බන්ධ කර ගැනෙනු ඇත. එම සංචාරකයන්ට මෙරටට පැමිණීමට අනුමැතිය ලබා දෙන විටම ඔවුන් පිළිබදව සියළු තොරතුරු මෙරට සියලුම දිස්ත්‍රික්කවල මහජන සෞඛ්‍ය බළධාරීන් ඇතුළු අදාල අංශ වෙත ලබා දීමටද නියමිතයි.
මෙම පරිගණක යෙදවුමට මෙරට සංචාරක ස්ථාන පිළිබද තොරතුරු ද ඇතුලත් කිරීමට අපේක්ෂිතයි. දැනටමත් මෙරට සංචාරක ස්ථාන 4600ක් පුරාවිද්‍යා වටිනාකම් සහිත සිද්ධස්ථාන 175ක් පුරා තිබේ. එම තොරතුරු මෙම යෙදවුමට ඇතුලත් කිරීමට නියමිතය. මීට අමතරව මෙරටට පැමිණෙන සංචාරකයන්ට හදිසි අවස්ථාවකදී ඔවුන් නතර වී සිටින ප්‍රදේශයේ සංචාරක පොලීසිය සෘජුවම සම්බන්ධ කර ගැනීමටද මෙමගින් හැකියාව ලැබේ.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ මෙම නව පරිගණක යෙදවුම ආගමන විගමන දෙපාර්තමේන්තුවත් සමග හවුලේ ක්‍රියාත්මක කරන බවයි. ඒ නිසා එය භාවිතය සදහා අවශ්‍ය අනුමැතිය සදහා ඇමති මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සදහන් කලේය.
Uncategorized
තවත් කොරෝනා මරණ 03ක්!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.
Uncategorized
බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.
හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.
2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද්රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.
Uncategorized
සතොස ගැන බොරු කියූ අනුරට වහාම පිළිතුරු.. මාධ්‍ය නිවේදනයක්!

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින් සතොස සභාපතිවරයාට චෝදනා නගමින් පෙරේදා (04 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණා.
එහිදී මන්ත්‍රිවරයාගේ චෝදනාව වූයේ සතොස සභාපති සීනි මෙට්‍රික් ටොන් 5000ක් ඔහුගේ ඉහළ පෙළේ අයෙකුගේ මිත්‍රයෙක් ගෙන් තීරු බදු ඉවත් කළ විගසම මිලදී ගත් බවයි.
මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් එහි සත්‍ය කරුණු අණාවරණය කරමින් ලංකා සතොස ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්..


-
උණුසුම් පුවත්2 weeks ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
-
උණුසුම් පුවත්2 weeks ago
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
-
උණුසුම් පුවත්2 weeks ago
එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි