ප්‍රධාන පුවත්
ගිනිගත් නැව මුළුමනින්ම මුහුදුබත්. ඉන්දීය වෛරසයත් ආ හැකියි. මාළු කෑමත් විෂ වෙයි.

කොළඹ වරාය ඉදිරියේ ගිනිගනිමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවි නෞකාව ඊයේ රාත්‍රියේ මුළුමනින්ම පාහේ ගිනි ගිනි ගැනීමට ලක් වී තිබේ. නෞකාව මුළුමනින්ම විනාශ වීම මේ හේතුවෙන් ඒ අවට පරිසරයට විශාල පරිසර හානියක් සිදුවිය හැකි බව සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරිය සඳහන් කරයි. එහි ප්‍රවාහනය කරමින් තිබූ රසායන ද්රවෘ ඉන්ධන ගසාගෙන විත් මුහුදු තීරයට එකතු වීමෙන් ජලජ ජීවීන්, කොරල් පර හා අවට විශාල වායු දූෂණයක් ඇතුළු බරපතළ හානි සිදු විය හැකි බවද ඔවුන් සඳහන් කරති.
එමෙන්ම මේ හේතුවෙන් ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් සිදු විය හැකි අතර එම ප්‍රදේශ වල මුහුද ආශ්‍රිතව ධීවර කටයුතු දැනටත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. නැව මුහුදුබත් වීමෙන් පසු වෙලට පාවී එන කිසිදු දෙයක් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස ද ජනතාවෙන් රජය ඉල්ලා සිටියි. එම නෞකාවට ඉන්දියාවෙන්ද බහාලුම් එක්ක කර ඇති නිසා ඉන්දීය වයිරස් ප්‍රභේදය ද ඒ හරහා මෙරට එක් වීමේ අවදානමක් ඇතැයි ද අනතුරු අඟවා ඇත. නෞකාවේ ඇති විෂ රසායන විශල වශයෙන් සාගරයට එක්වීම හේතුවෙන් ඉදිරි මෝසම් සමයේදී මෙරටට අම්ල වැසි ඇති වීමේ ඉහල අවදානමක්ද ඇති තිබේ.
නෞකාවේ විෂ රසායන හේතුවෙන් මෙම මුහුදු තීරයන්හිදී අල්ලා ගන්නා ලද මසුන් ආහාරයට ගැනීමද අනතුරුදායක වණු ඇතැයිද ක්ෂේත්රයේ ප්‍රවීනයන් අදහස් පළ කරති. මේ අතර එම නෞකාවෙන් ගොඩ ගසාගෙන ආ භාණ්ඩ අත්පත් කර ගත් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා යටතේය.
උණුසුම් පුවත්
දිල්ලි අගනුවර අඳුරු වේවිද? ඉන්දියාවේ තාප බලාගාර වල ගල් අඟුරු තොග ඇත්තේ තව දින 2කට!

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි තාප බලාගාරයේ ගල් අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනක් සඳහා පමණක් වන අතර එමගින් දිල්ලියට විදුලිය ලබා ගත හැක්කේ දිනක් හෝ දෙකක් පමණක් බව විදුලිබල ඇමති සත්යෙන්ද්රා ජයින් පසුගියදා පැවසුවා.. “රට පුරා ගල් අඟුරු බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයක් පවතී. දිල්ලියට විදුලිය ලබා දෙන බලාගාර වල ඉතිරිව ඇත්තේ එක් දිනකට සෑහෙන තොගයක් පමණි, ඉදිරිය සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු නැත” යනුවෙන් විදුලිබල ඇමතිවරයා පවසා ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා..
තවද ද ඉන්දියා එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පන්ජාබ් ප්‍රාන්ත බලශක්ති සංස්ථාව එහි තාප බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයකට මුහුණ පාමින් සිටින බවයි. එහි බලශක්ති උත්පාදනය අඩු කර ඇති බවයි ඔවුන් වාර්තා කර ඇත්තේ. පන්ජාබයේද බලාගාර වල ගල්අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනකට හෝ දෙකකට සෑහෙන තොග බවයි ඉන්දියා එක්ස්ප්‍රස් වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.
ඉන්දියාව වැඩිපුරම ගල් අඟුරු ආනයනය කරන්නේ කැනඩාව, මොසැම්බික්, ඉන්දුනීසියාව සහ රුසියාව යන රටවල් වලිනි. ඉන්දියාව අගෝස්තු මාසයේ දී ගල් අඟුරු ටොන් මිලියන 9.5ක් පමණ ආනයනය කර තිබේ. ගෝලීය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් දැඩි ආර්ථික මෙන්ම සම්පත් හිඟයකටද මුහුණපා තිබේ. ලෝකයේ බලවත් රාජ්‍යක් මෙන්ම වැඩිම ජනගහනයක් සිටින දෙවන රට වන ඉන්දියාවටද මෙම සම්පත් හිඟය දැඩි ලෙස බලපෑම් කර තිබෙන බව මෙම විදුලි අර්බුදය තුළින් මනාව පෙනෙන්නට තිබේ.
උණුසුම් පුවත්
මම හිටියා නම් ඔය ක්‍රීඩකයින්ගෙ කනට ගහන්නෙ – අර්ජුන

මම හිටියා නම් ඔය ක්‍රීඩකයින්ගෙ කනට ගහන්නෙ – අර්ජුන
දැං ක්‍රීඩකයො සංචාර යන්නෙ ටී ෂර්ට් ඇඳන්.. ලැජ්ජයි..
ප්‍රධාන පුවත්
තෙල් මිල වැඩිකිරීම වැරදියි.. බැසිල් ඇවිත් තෙල් මිල අඩු කරන තෙක් රටම බලාගෙන ඉන්නවා….- මන්ත්‍රී රංජිත් බණ්ඩාර

බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ නිර්මාණය කළා පමණක් නොව රටේ දැවැන්ත සංවර්ධන කටයුතු වල පිටුපස සිටි දැවන්ත චරිතයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
එහෙයින් ඉන්ධන මිළ වැඩි වීම සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතා රට තුළ සිටියා නම් ඒ සම්බන්දව දෙවරක් සිතා බැලීමට අවස්ථාව දෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් ඇති බවද ඔහු පැවැසීය.
උඩුනුවර ආසනයේ කෝවිඩ් කමිටු රැස්වීම සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙන තුරු ජනතාව බොහෝ අපේක්ෂාවෙන් සිටින බවත් ඉන්ධන මිල අඩු කිරීමත් එම අපේක්ෂාවලින් එකක් බවද මහාචාර්යවරයා පැවැසිය.
“මේ අවස්ථාවේ තෙල් මිල වැඩි කිරිම සුදුසුයි කියා විස්වාස කරන්නේ නෑ. අපේ පක්ෂයේ මහත මහලේකම් විසින් ප්‍රකාශඹ කර තිබෙනවා. පක්ෂයක් ලෙස තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව අපේ කනස්සල්ල ඉදිරිපත් කරනවා.
විපක්ෂය මිට ඉහතදි දෝෂාභියෝග කිහිපයක්ම ගෙන ආවා. ඒ අය උත්සහ ගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන මිත්‍ර පක්ෂ හා නායකයින් අතර ගැටුමක් ඇති කිරිමටයි. නමුත් අප පක්ෂයක් ලෙස ගන්නා තීන්දු තිරණ සමග ඉන්නවා. දෝෂාභියෝගය සම්බන්ධව පක්ෂය අපිව දැනුවත් කළ පසු කුමන තීන්දුවක් ගන්නවාද නැද්ද යන්න ඉන් පසු තිරණය කරනවා” (ADA)