Connect with us

ප‍්‍රධාන පුවත්

මංගල නෙමේ ගන්න හිටියේ රන්ජා.. YOUTUBE හොල්ලපු වීඩියෝ එක ගැන අනුශ්ක දැන් කියන කතාව…

‘වස්ති ප්‍රඩක්ෂන්’ යනු යූටියුබ් සමාජ මාධ්‍ය ජාලය තුළ ලංකාවේ අතිශය ජනප්‍රිය නාළිකාවකි. ඔවුන් විසින්සිය නවතම නිර්මාණය ‘‘ලයිට් උපාලි’ නමින් සිය නාළිකාව හරහා ඊයේ (19දා) යූටියුබ් අවකාශයට එක්කර තිබිණි.කෙසේ වුවද යූටියුබ් අවකාශයට මුදාහැරි මොහොතේ සිටම ආන්දෝලනාත්මක වීඩියෝවක් ලෙස සමාජ මාධ්‍ය තුළශීඝ්‍රයෙන් පැතිරී ගිය එම වීඩියෝව පිළිබඳ වස්ති ප්‍රඩක්ෂන්ස්හි අනුෂ්ක උදාන සමග අපි මෙලෙස කතාබහ කළෙමු.

‘‘ලයිට් උපාලි’ ආන්දෝලයක් ඇති කළා නේද?
වස්ති ඉතිහාසයේ මේචචර කල් නොතිබුණු රීච් එකක් ආපු වැඩක්. ලංකා ඉතිහාසයේ යූටියුබ්වල කරපු ලොකුම වැඩක් මේක. අපි තමයි මුලින්ම පැය 24ක් ඇතුළත මිලියනයක් වීව්ස් ආපු වැඩේ කළෙත්. මේකත් පැය 24ක් යන්න කලින් මිලියනයක් බැලුවා. ඒ රෙකෝඩ් එක අලුත් කළා.

කොහොමද මෙහි වැඩ කටයුතු සිදු වුණේ?

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ කරපු වැඩේ ඇතුළෙ ඉන්න කම්පැනි එකට. ඒක අයිති කෙනාට. Bitzeanකොල්ලෝ ටිකට. මේ කට්ටිය හම්බවෙන්නෙ ගිය අවුරුද්දේ ජූලිවල. එතකොටත් මගේ වැඩ කිහිපයක් මගේ ක්ලයන්ට් එක්ක මාස දෙකකට යෙදිලා තිබ්බේ. ඒ වැඩ ටික ඉවර කරලා තමයි කරන්නේ කියලා අපි කිව්වා. ඊටපස්සේ ආයේ කොරෝනා ප්‍රශ්නය ආවා. ආයේ වැඩ ටික පස්සට ඇදුණා. මේ ක්ලයන්ට් මාස 09කට වඩා කාලයක් මාත් එක්ක හිටියා. ඇඩ්වාන්ස් කරලා මගේ ජීවිතයේ එච්චර මාස ගාණක් ක්ලයන්ට් කෙනෙක් එල්ලිලා ඉඳලා නැහැ. ඒ මනුස්සයාට පුදුම ඉවසීමක් තිබුණා. ඒ අයත් අවුරුදු 04ක් මේ ඇප් එක ඩිවලොප් කරලා. ඒ අයගෙත් ඉලක්කය වුණේ මුළු ලෝකෙම තියෙන සල්ලි අපේ රටට ගේන්න. ෆේස්බුක් වගේ එකක් හදලා ලෝකයටම විකුණන්න පුළුවන් ජාතියේ ලංකාවේ ප්‍රඩක්ට් එකක් හදලා තිබ්බා. ඒක දීර්ඝකාලීන සැලසුමක්. ඒ නිසා ඒ වැඩේට මට ආසා හිතුණා. මට මේක කන්සෙප්ට් එක ආවේ රජකතාවක්. වෙන මිනිස්සු වගේ වත්ත වටේ වීඩියෝ කර කර යන්නේ නැහැනේ මං. මට ඒ ලොකේෂන් ඕන, ඒ කොස්ටියුම් එක ඕන ඒ ඩ්‍රාමා එක පෙන්වන්න. ගොඩක් අයට මේක වදිනවා හරි, රිදෙනවා හරි වෙන්න ඇත්තේ මම හරිම තැන හරිම විදිහට ගත්තනිසා වෙන්න ඇති. රජ කතාවක් කියලා ගෙදර කළොත් ඕක දැනෙන්නෙ නැහැනේ. මුලින්ම මම අනුරාධපුරේ තමයි ශූට් කරන්න ප්ලෑන් කළේ. එහෙ වටපිටාව එක්ක මිනිස්සු 120ක් විතර දාලා වැඩේ කරන්න බැලුවාම ට්‍රැවලින් කොස්ට් එක විතරක් තව ලක්ෂ 07ක් විතර වැඩි වෙනවා. ඊටපස්සේ වැඩේ නැවත බලාගෙන යද්දි තමයි මට ඔය Light of Asia කියන එක සෙට් වුණේ. එතන Chairmanවත් මතක් කරන්න ඕනේ. ඉතිං මම මේ ගැන ගණන් බලලා හදනකොට ඒක ලොකු ගානක් වුණා. ඉතිං මම ක්ලයන්ට්ට ඒක කිව්වා. සාමාන්‍ය මගේ වියදමට වඩා තව ලක්ෂ 15 – 20ක් මේ වැඩේට වැඩි වෙයි කිව්වා දවස් දෙකක වැඩක් නිසා. හැමදේම මම විස්තර කිව්වා. ඒ විදිහට ගණන් කිව්වාම ක්ලයන්ට් කෙනෙක් “හරි මම බලලා කියන්නම්* කියලානේ ෆෝන් එක තියන්නේ. ඒ මනුස්සයා ඒ මොහොතෙම කිව්වෙ ඔයාට ඕනේ නම් ඒ ගාණ අරන් කරන්න, මට ඔයාව ෂුවර් කිව්වා. ඒ මනුස්සයා ඒකට කැමැත්ත දුන්නා. නමුත් ඒ වෙද්දිත් මගේ “ඒක නම් පිස්සුවක් බං* සිංදුව ශූට් කරන්න තිබ්බා. ඊට කලින් ‘හීන’ කියලා ව්‍යාපෘතියක් තිබ්බා. ඒ වැඩ දෙක වෙනකම් ඒ මනුස්සයා ඒක ඉවසගෙනත් හිටියා. ඊට පස්සේ තමයි අත ගැහැව්වේ. මේක දවස් දෙකකට වැඩේ කළා. එක දවසක් පාන්දර 06.00ට වැඩේ ආරම්භ කළා. එදා 180ක් විතර වැඩ කලා.Light of Asia එකේ පැය 26ක් එක දිගට වැඩ කළා. දෙවෙනි දවසේ නිකවැරටියේ ශූට් කළේ. එහෙම ලොකු කාලයක් එක්ක තමයි මේ වැඩේ කළේ. මේකට වියදම් වුණේ ෆිල්ම් එකකට යන වියදමෙන් 10න් එකක් වගේ. මට ෆිල්ම් එකකට වගේ බජට් එකක් දුන්නොත් මම ගහනවා ලංකාවේ සුපිරිම කොමඩි ෆිල්ම් එක.

ඇයි මේ වැඩේට දේශපාලන චරිතයක් එක් කර න්න හිතුවේ?

ඔය මංගල සර්ගේ චරිතයට එන්න හිටියේ රන්ජා. රන්ජන් රාමනායක මහතා. එයා නළුවෙක්නේ. එයා දේශපාලන චරිතයක් වුණත් මට එයා නළුවෙක්. මේ වැඩේ ප්ලෑන් කරගෙන ඉන්නකොට මේ මනුස්සයාව අල්ලලා හිරේ දැම්මනේ. එතකොට ස්ක්‍රිප්ට් එක ලියලා ඔක්කොම වැඩ ප්ලෑන් කරලත් ඉවරයි. මට රජෙක් කියලා මොකක් හෝ චරිතයක් ගෙන්න ඕනේ වුණේ නැහැ. ඇත්තටම පවතින ඉතිහාස කතාවල යුද්ධ පෙන්වන්නේ නැත්තේ යුද්ධෙ පෙන්වන්න සල්ලි නැති නිසානේ. යුද්ධයකට මාර වියදමක් යනවා. පිටරවලට යුද්ධෙ පෙන්වන්නේ සල්ලි තියෙන නිසා. ඉතිහාස කතා කිහිපයකම යුද්ධය ගාවටම එනවා. ගහගන්නේ නැහැ. හැබැයි යුද්ධයක් වුණා. ඉතිං මටත් ඒ සෙතේමනේ. මාත් කල්පනා කළා. යුද්ධයට යන්න ඕනේ නැහැ හැබැයි යුද්ධයටගේනවා හොඳ චරිතයක් කියලා.

කොහොමහරි රන්ජන් රාමනායක මහතාගෙ තැනට විවිධ චරිත මගේ ඔළුවට ආවා. ඒ අතරෙ මංගල සමරවීර මහත්තයා ටික්ටොක් කරනවා කියලා ඔළුවට ආවා. මං දැකලත් තියෙනවා. “මම දැන් ටික්ටොක් කරනවා, රිලැක්ස් එකේ ඉන්නවා* කියලා මම දැක්කා ඔහු ඉන්ටර්විව් එකකත් කියනවා. මගේ ඉතාම ළඟම යාළුවෙක් වන සමීර අයියා තමයි මංගල සමරවීර මහත්තයගෙ ලේකම්. මම සමීර අයියාගෙන් ඇහැව්වා මගේ වැඩකට සර්ට එන්න කිව්වොත් සර් එයිද කියලා. “අපෝ එයි, දැන් එයා එයාගේ පාඩුවේ දේශපාලනයෙත් නැති නිසා වැඩ කරගෙන සැහැල්ලුවෙන් ඉන්නවා* කිව්වා. මම මංගල මහත්තයාගෙන් අහපු ගමන් ඔහු කිව්වෙ නැහැ “හරි මම රඟපාන්නම්* කියලා. මම ගිහින් කතා කරලා, ස්ක්‍රිප්ට් එක මොකක්ද කියලා අහලා ඒ වගේ කතාබහක් වෙලා තමයි ඔහු මේ වැඩේට කැමති වුණේ. මම විශේෂයෙන් ඔහුගෙ දකින මහත්මා ගතිය තමයි ඔහු අපහාසය සහ උපහාසය තේරුම්ගන්න පුළුවන් මනුස්සයෙක් කියන එක. අපේ මිනිස්සුන්ට නැති එකම දේ තමයි අපහාසය සහ උපහාසය තේරෙන්නේ නැති එක. අපි මේ කරන කොමඩි වැඩේ මේ ගරු වෘත්තියක් කියලා කියවගන්න ඕනේ නැහැ මට‍. හැබැයි අපි කරන්නේ වෙන වැඩක්. මම පුළුවන් තරම් හොඳප්‍රඩක්ෂන් කොලිටියකින් තමයි මිනිස්සුන්ට කොමඩි බලන්න දෙන්නේ. ඉතිං ඒක කරන්නම් වාලේ කරනවාට, නිකම් විහිළුවක් කරනවාට වඩා ප්‍රඩක්ෂන් කොලිටිය තියෙන විහිළු කරන්න, දවසින් දවස පියවරින් පියවර තියාගෙන යනවා. මිනිස්සුන්ව පිනවන්න එකතු කර ගන්න අලුත් අලුත් දේවල් තමයි මේ. ඒ දේවල් කරන්නේ මිනිස්සුන්ව පිනවන්න. නැතුව මට ආතල් එක්ක ගන්න නෙමෙයි. ඕක දාලා මම බල බල ඉන්නවාට වඩා මම කැමතියි මිනිස්සුන්ගේ ප්‍රතිචාරය මොකක්ද කියලා බලන්න. ඉතිං මම හිතනවා මේක වෙනසක් වෙයි කියලා.

මේ වැඩේ කරළියට එන්න ඉස්සෙල්ලා විවිධ විවේචන, විරුද්ධ වීම් ආවා නේද?

මම මේ කන්ටෙන්ට් එක කෙරුවේ යූටියුබ් එකටනේ. මම දන්නෙ නැහැ මේක මෙච්චර යූටියුබ්වලට බර වැඩිද කියලා. මම කියන්නෙ නැහැ මේක තමයි ලංකාවේ සුපිරිම වැඩේ කියලා. හැබැයි මේ වගේ ප්‍රඩක්ෂන් කොලිටිය තියෙන වැඩක් මගේ දැනුවත්කමින් යූටියුබ් එක ඇතුළෙ නැහැ. ඒක වුණේ මේකේ දේවල් ෆිල්ම් එකක් වගේ ඒ අය දැක්කා. හරිම ඇඳුම් ඇඳගෙන, හරිමතැනකඉන්නකතාවක්. මේකමේඅයසීරියස්ගත්තා. දැනටත් මගේ මතය අපි තාම’ගොන් පාට් යූ ටියුබ් චැනල් එකක්’ කියන එක. මේක ආතල් එකට කොල්ලෝ ටිකක් කරන වැඩක්නේ. සමස්ත රටක් නියෝජනය කරන කෙනෙක් හෝ ඉතාමත් රාජ්‍යතාන්ත්‍රික දැන හැඳුනුම් තියෙන මනුස්සයෙක් මේ වැඩේට ඉන්වෝල් වෙනවා කියන්නේ ඒ තරමට වස්ති ලොකුයිද? ඒකට බය වෙන්න ඕනද? අපි නමේ හැටියට වස්ති නම්, කුණු ගොඩක් නම් අපිව නොසලකා හරින්න පුළුවන්නේ. මං වගේම සබ්ස්ක්‍රයිබ් තියෙන ඔය ගොල්ලෝ ආදරය කරන එක එක ජාතියේ නම් වලින් කරන යූටියුබර්ස්ලා ඉන්නවා. ඒ අයත් විහිළු කරනවා. ඉතිං වස්තිවල මොකක්ද අවුල? නැත්නම් මගේ නැකතේ අවුලක්ද මම කරන වැඩේ මිනිස්සුන්ට මෙච්චර දැනෙන්න. මම දන්නේ නැහැ මේක මිනිස්සු මොන විදිහට තේරුම්ගනිද කියලා. මට කාටවත් බොරු කියන්න ඕනේ නැහැ. මම මේ Trailer එකට දැම්මෙ කතාවෙ නැති දේවල්. මේකෙ වැඩකරපු ඕනෙම කෙනෙක්ගෙන් අහන්න. ඒ හැමෝම දන්නවා මගෙ උවමනාව සහ අදහස වුනේ මේ එන කතාව මේ Trailer එකෙන්වත් දැනගන්න ඕනේ නැහැ කියන එකයි. ඒකයි මම Trailer එකට මංගල මහත්තයාවත් දැම්මේ නැත්තේ. මුළු ලෝකෙම කරන එකක් තමයි Film එකේ තියෙන හොඳම ටික Trailer එකට දානවා. ඊටපස්සේ කතාව බලලා කියනවා Trailer එකේ තරම් මුකුත් නැහැ කියලා. කතාව ඇතුළෙ තියෙන හයිප් එක තියා ගන්න ඕන නිසා මගේ මොළේට ආපු එකක් මත ඒ ලොකේෂන් එකේ එවෙලෙ හිතට එන ඒවා  කිහිපයක් නැවත කළා. පරිප්පුවට නිවිති දානවට විරුද්ධ වුණේ අද ඊයේ නෙමෙයි. ඒක ටේක් එකයි ඒක කළා. ඊටපස්සේ හිරුෂගෙ එකත් තිස්ස කියද්දි මතක් වෙන්නෙ මෙයාව, පස්ස කියද්දි මතක් වෙන්නේ ඔයාව කියලා නිකමට ප්ලෑන් කරලා වෙනම ආතල් එකක් කළා. මුලක් අගක් මැදක් සම්බන්ධ නැති කතාවක්වත් හිතාගන්න පුළුවන්ද ඔහොම දෙබස් ටිකක් ආපුවාම. ඒක තමයි මට කරන්න ඕනේ වුණේ. අනේ මේ අය ඇඳගත්තා. මේක ඇතුළෙ ඇති ඉතිහාස කතාවක් නැහැ. ලංකා ඉතිහාසයේ  උපාලි කියලා රජ කෙනෙක් හිටියද? කොහෙද හිටියේ? මම කිසිම බෞද්ධ සංකේතයක් කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ. මොකද මම බෞද්ධ පොත්පත් හොඳට කියවන මනුස්සයෙක්. ආලෝකෝ උදපාදි නමටයි මේ අය එල්ලෙන්නේ. මේ කියන දේ ඕනේ නම් චත්‍ර අයියාගෙන් අහන්න. මම ඉතාමත් ආස කරන කතාවක් වලගම්බා රජුගේ කතාව. මගේ වියදමින් තමයි වස්ති එකේ සෙට් එක එක්කන් ගිහිල්ලා ආලෝකෝ උදපාදි ෆිල්ම් එක පෙන්නුවේ. 2017දී මට ලොකුවට සල්ලිත් නැහැ. මම මාර ආසයි ඒ චිත්‍රපටයට. මම එහෙම බලලා ඇවිල්ලා මම චත්‍ර අයියට මැසේජ් එකක් දැම්මා මට මේක දකිද්දී හිතෙනවා පැරඩි එකක් ගහන්න අලෝක උපාලි කියලා. මම මේක කවදාහරි ගහනවා කියලා. චත්‍ර අයියා මට රිප්ලයි එකක් දැම්මා උඹ අනිවාර්යයෙන්ම ඒක කරයි කියලා. වලගම්බා කතාවට විහිළුවක් ගහන්න නෙමෙයි උවමනා වුණේ. මට හිතුණා මාර රජ විහිළු කතාවක් ගහන්න. මම කවදාහරි රජ කතාවක් ගහනවා මගේ තියෙන වයිබ් එකෙන්. ඒකේ නම ආලෝක උපාලි වෙන්න පුළුවන්. කිසිම දෙයකට අපහාස කරන්න නෙමෙයි. ඒක මට ආපු අදහසක් විතරයි. උපාලි කියලා රජෙක් නමින් ගහන්න ඕන අමුතුම විහිළු කතාවකින් කියලා. ඒක මගේ ඔළුවෙ තිබ්බා. මේ ආපු කමර්ෂල් එකත් එක්ක මට හිතුණා නම දාන්න මේක‍. ඒක මගේ හිතේ තිබ්බ වෙන එකක්. වැඩේ කරගෙන යද්දී ඒක වෙනම එකක් වුණා. මම චිත්‍රපට මූඩ් එක ගන්න තමයි මේ නම දැම්මේ. අනුරාධපුර ලොකු හාමුදුරුවෝ මම හඳුනනවා මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. මං ඒ උන්වහන්සේට කතා කරලා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, අපි හිතුවෙ නැති වුණාට කට්ටියක් වෙනත් මතයකට ඇවිල්ලා ඉතිහාසය වෙනස් කරලා ජෝගි නටන්න හදනවා කියලා හිතාගෙන යනවා. මම දන්නවා නඩු මාර්ගයට ගියත් මේකට කියන්න දෙයක් නැහැ කියලා. නමුත් මගේ මානුෂීය කෑල්ල සහ ඇත්තටම මම බුද්ධ ධර්මය එක්ක ඉන්න මනුස්සයෙක් නිසා මේක කවදාහරි මගේ කර්මයට බලපායි, මගේ ආතල් එකට වුණත් මම අඩියක් පස්සට තියනවා කියලා නම මාරු කරලා ලයිට් උපාලි කියන නම දැම්මා.   

වැඩේ ඇතුළෙලාංඡන කිහිපයක් ගැන ලොකු කතාවක් ආවා නේද?


ඕක ප්‍රශ්නයක් වුණාද කියන එක තමයි මටත් අහන්න තියෙන්නේ. ඇත්තටම ඕක වුණේ මෙහෙමයි. අපි කතාව ඇතුළෙ ඇමතිලා කිහිප දෙනෙක් පත් කළා. යුද, ටික්ටොක්, විදෙස් වගේ ඇමති කිහිප දෙනෙක්. ඔවුන්ගේ ඇඳුම් වලට එක එක අන්‍යනතා දුන්නා. ඒකෙදි කොස්ටියුම් ඩිසයින් කරපු කෙනා මේ කියන බැජ්සෙට් එක ගහලා තිබ්බා. ඒක මම දැක්කෙත් මේකප් රූම් එකේදි. එතනදි මම උගෙන් ඇහැව්වා මේක ප්‍රශ්නයක් වෙයිද කියලා. ඊටපස්සේ ඔහු තමයි කිව්වෙ ‘අනේ ඕක පිටකොටුවෙ ගන්න තිබුණ එකක්” කියලා. ඊට පස්සේ ඔහු කිව්වා මම ඕක චිත්‍රපට කිහිපයකටත් කළා කියලා ඒවල නම් කිව්වා. කොහොම හරි මගේ හිතවතෙක් තමයි කිව්වේ ඕක ප්‍රශ්නයක් වෙයි කියලා. මම ඒ වෙන කොටත් ඒක මේ වීඩියෝව ඇතුළෙ හදලා ඉවරයි. ඒකට එන ප්‍රතිචාර බලන්න තමයි ට්‍රෙලර් එකට මම ඒක දැම්මේ. ඒ කෑල්ලට කොච්චර දෙනෙක් ප්‍රතිචාර දැක්වූවාද කියලා හැමෝම දකින්න ඇති. ඉතිං මම කියන්නේ මේ බැජ් ටික ප්‍රශ්නයක් වෙනවා නම් ඇයි ඒවා මේ පිටකොටුව වගේ තැන්වල ගන්න තියෙන්නේ. ඒකට මීට වඩා වගකීමක් ඇතුව දෙයක් වෙන්න ඕනෑ. අඩුම තරමේ මේ දෙය අහලා බලන්නවත් තැනක් තියෙන්න ඕනෑ. එවැනි දේවල් නැති එකම තමයි හැම කාරණාවකටම ගැටලුවක් වෙන්නේ. ඒ දේවල් හැදෙන්න ඕන කියන එකයි මගේ අදහස. (උපුටා ගැනීමක්)

Click to comment

උණුසුම් පුවත්

දිල්ලි අගනුවර අඳුරු වේවිද? ඉන්දියාවේ තාප බලාගාර වල ගල් අඟුරු තොග ඇත්තේ තව දින 2කට!

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි තාප බලාගාරයේ ගල් අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනක් සඳහා පමණක් වන අතර එමගින් දිල්ලියට විදුලිය ලබා ගත හැක්කේ දිනක් හෝ දෙකක් පමණක් බව විදුලිබල ඇමති සත්යෙන්ද්රා ජයින් පසුගියදා පැවසුවා.. “රට පුරා ගල් අඟුරු බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයක් පවතී. දිල්ලියට විදුලිය ලබා දෙන බලාගාර වල ඉතිරිව ඇත්තේ එක් දිනකට සෑහෙන තොගයක් පමණි, ඉදිරිය සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු නැත” යනුවෙන් විදුලිබල ඇමතිවරයා පවසා ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා..

තවද ද ඉන්දියා එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පන්ජාබ් ප්‍රාන්ත බලශක්ති සංස්ථාව එහි තාප බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයකට මුහුණ පාමින් සිටින බවයි. එහි බලශක්ති උත්පාදනය අඩු කර ඇති බවයි ඔවුන් වාර්තා කර ඇත්තේ. පන්ජාබයේද බලාගාර වල ගල්අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනකට හෝ දෙකකට සෑහෙන තොග බවයි ඉන්දියා එක්ස්ප්‍රස් වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.

ඉන්දියාව වැඩිපුරම ගල් අඟුරු ආනයනය කරන්නේ කැනඩාව, මොසැම්බික්, ඉන්දුනීසියාව සහ රුසියාව යන රටවල් වලිනි. ඉන්දියාව අගෝස්තු මාසයේ දී ගල් අඟුරු ටොන් මිලියන 9.5ක් පමණ ආනයනය කර තිබේ. ගෝලීය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් දැඩි ආර්ථික මෙන්ම සම්පත් හිඟයකටද මුහුණපා තිබේ. ලෝකයේ බලවත් රාජ්‍යක් මෙන්ම වැඩිම ජනගහනයක් සිටින දෙවන රට වන ඉන්දියාවටද මෙම සම්පත් හිඟය දැඩි ලෙස බලපෑම් කර තිබෙන බව මෙම විදුලි අර්බුදය තුළින් මනාව පෙනෙන්නට තිබේ.

Continue Reading

උණුසුම් පුවත්

මම හිටියා නම් ඔය ක්‍රීඩකයින්ගෙ කනට ගහන්නෙ – අර්ජුන

මම හිටියා නම් ඔය ක්‍රීඩකයින්ගෙ කනට ගහන්නෙ – අර්ජුන

දැං ක්‍රීඩකයො සංචාර යන්නෙ ටී ෂර්ට් ඇඳන්.. ලැජ්ජයි..

Continue Reading

ප‍්‍රධාන පුවත්

තෙල් මිල වැඩිකිරීම වැරදියි.. බැසිල් ඇවිත් තෙල් මිල අඩු කරන තෙක් රටම බලාගෙන ඉන්නවා….- මන්ත‍්‍රී රංජිත් බණ්ඩාර

බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ නිර්මාණය කළා පමණක් නොව රටේ දැවැන්ත සංවර්ධන කටයුතු වල පිටුපස සිටි දැවන්ත චරිතයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

එහෙයින් ඉන්ධන මිළ වැඩි වීම සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතා රට තුළ සිටියා නම් ඒ සම්බන්දව දෙවරක් සිතා බැලීමට අවස්ථාව දෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් ඇති බවද ඔහු පැවැසීය.

උඩුනුවර ආසනයේ කෝවිඩ් කමිටු රැස්වීම සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙන තුරු ජනතාව බොහෝ අපේක්ෂාවෙන් සිටින බවත් ඉන්ධන මිල අඩු කිරීමත් එම අපේක්ෂාවලින් එකක් බවද මහාචාර්‍යවරයා පැවැසිය.

“මේ අවස්ථාවේ තෙල් මිල වැඩි කිරිම සුදුසුයි කියා විස්වාස කරන්නේ නෑ. අපේ පක්ෂයේ මහත මහලේකම් විසින් ප්‍රකාශඹ කර තිබෙනවා. පක්ෂයක් ලෙස තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව අපේ කනස්සල්ල ඉදිරිපත් කරනවා.

විපක්ෂය මිට ඉහතදි දෝෂාභියෝග කිහිපයක්ම ගෙන ආවා. ඒ අය උත්සහ ගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන මිත්‍ර පක්ෂ හා නායකයින් අතර ගැටුමක් ඇති කිරිමටයි. නමුත් අප පක්ෂයක් ලෙස ගන්නා තීන්දු තිරණ සමග ඉන්නවා. දෝෂාභියෝගය සම්බන්ධව පක්ෂය අපිව දැනුවත් කළ පසු කුමන තීන්දුවක් ගන්නවාද නැද්ද යන්න ඉන් පසු තිරණය කරනවා” (ADA)

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්4 months ago

දිල්ලි අගනුවර අඳුරු වේවිද? ඉන්දියාවේ තාප බලාගාර වල ගල් අඟුරු තොග ඇත්තේ තව දින 2කට!

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි තාප බලාගාරයේ ගල් අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනක් සඳහා පමණක් වන අතර එමගින් දිල්ලියට විදුලිය...

Uncategorized4 months ago

ඉන්ධන අවසන්! ලෙබනනයේ විදුලි සැපයුම බිඳ වැටේ..

ඉන්ධන හිඟයක් හේතුවෙන් ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙකක් පසුගිය සෙනසුරාදා දිනයේ වසා දමන ලද අතර ඒ හේතුවෙන් මේ වන විට...

Uncategorized6 months ago

ජ‘පුර සරසවියෙන් Voice Sri Lanka වේදිකාවට ආ මිදොරි..

මේ දවස්වල The Voice Sri Lanka වැඩසටහනේ කාගෙත් කතාබහට ලක්වෙන ඇය මිදොරි තාරුකා කරුණාරත්න. තමන්ටම අනන්‍ය වූ කට හඬකින් ගීත...

Uncategorized6 months ago

බැසිල් රාජපක්‍ෂ සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් ඊට සූදානම්..- විමල්

ඕනෑම පුද්ගලයෙක් සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් එම ගමන යාමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන්...

Uncategorized6 months ago

සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නෑ..- ජනපති

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්...

Uncategorized6 months ago

ප්‍රබල තානාතිපතිවරු රැසක් අද බැසිල් හමුවෙයි!

පසුගිය මහින්ද ආණ්ඩුවේ ද ජාත්‍යන්තරය කළමනාකරණය කළ බැසිල් රාජපක්ෂ මුදල් ඇමති බවට පත්වීමෙන් පසු ලෝකයේ ප්‍රභල රටවල තානාපතිවරුන් ඔහු හමුවීම...

Uncategorized7 months ago

දකුණු ආසියාවේ කොරෝනා පාලනය සාර්ථකම රට ශ්‍රී ලංකාවයි..

ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී කාලසීමාවකට අප එළැඹ ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. සංචාරක ක්ශ්‍රේෂ්ත්‍රයේ...

Uncategorized7 months ago

අධි තාක්ෂණික කේබල් මත පිහිටි නව කැලණි පාලම යා කෙරේ..

ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැලණි පාලමේ, කැලණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට්...

Uncategorized7 months ago

කොරෝනා මඩින්න සයිනොෆාම් මහ තොගයක්.. ලක්‍ෂ 20ක් කටුනායකට..

කොරෝනා මර්දනය සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ගෙනැවිත් තිබේ....

Uncategorized7 months ago

සැප්තැම්බරයට පෙර ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට එන්නත් දෙන සැලැස්ම ජනපති හෙලි කරයි..

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි. කොවිඩ්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News

en_USEnglish