Uncategorized
20 ගෙන ආ යුත්තේ සංඝ රත්නයේ අනුමැතියෙනුයි.. හිතුවක්කාරකමට වැඩකලොත් පිලිතුරු දෙන්න අපි සූදානම්..

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ නම් එය මහා සංඝරත්නයේ අනුමැතිය ඇතිව සිදු කරන ලෙස පැවිදි හඬ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.
එසේ නොමැතිව හිතුවක්කාරකමට සංශෝධනය ගෙන එනවා නම් මහා සංඝරත්නය කිසිසේත්ම එයට එකඟ නොවන බවද සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.
මහා සංඝරත්නයට පිටුපා දී යමක් ගෙන ඒමට කවුරුන් හෝ සූදානම් වන්නේ නම් ඒ සියලු දෙනාටම පිළිතුරු දෙන්නට සංඝරත්නය සූදානම් බවද උන්වහන්සේ කියා සිටියහ.
වත්මන් ආණ්ඩුව පත් කර ගැනීමට තමන් වහන්සේලා මුල් වූ බව සැබෑ නමුත් අද ආණ්ඩුවට තමන් වහන්සේලා සිටින බවක් ගැන අවබෝධයක් නැති වීම ගැන කනගාටු වන බවත් ඒ හිමියෝ පැවසූහ.
ආණ්ඩුව බලයට පත් කිරීමට කැප වූ පිරිස අමතක කර දමා අලුත් අය දමාගෙන ඔවුන්ගේ උපදෙස් මත යන ගමනට දැඩිව විරෝධය පළ කරන බව ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.
උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
විසිවන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය කළ යුතු කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් කල් දැමීම වඩා සුදුසු බවත් මාධ්‍ය හමුව අමතමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කලහ.
තුනෙන් දෙකක බලයක් තිබියදී 20 සංශෝධනයට මෙතරම් කලබලයක් මන්දැයි උන් වහන්සේ ප්‍රශ්ණ කලහ.
Uncategorized
තවත් කොරෝනා මරණ 03ක්!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.
Uncategorized
බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.
හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.
2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද්රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.
Uncategorized
සතොස ගැන බොරු කියූ අනුරට වහාම පිළිතුරු.. මාධ්‍ය නිවේදනයක්!

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින් සතොස සභාපතිවරයාට චෝදනා නගමින් පෙරේදා (04 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණා.
එහිදී මන්ත්‍රිවරයාගේ චෝදනාව වූයේ සතොස සභාපති සීනි මෙට්‍රික් ටොන් 5000ක් ඔහුගේ ඉහළ පෙළේ අයෙකුගේ මිත්‍රයෙක් ගෙන් තීරු බදු ඉවත් කළ විගසම මිලදී ගත් බවයි.
මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් එහි සත්‍ය කරුණු අණාවරණය කරමින් ලංකා සතොස ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්..


-
උණුසුම් පුවත්2 weeks ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
-
උණුසුම් පුවත්2 weeks ago
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
-
උණුසුම් පුවත්2 weeks ago
එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි