Connect with us

Uncategorized

20 විවාදය නීති විරෝධියි.. කොරෝනා සෞඛ්‍ය නීති කඩනවා… නවත්වන්න..- කතානායකට ලිපියක්..

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

2020-10-19

ගරු කථානායකතුමනි,

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීම

කොවිඩ් ආසාධිතයින් රටේ සෑම දිස්ත්‍රික්කයකම හෙළිදරව් වී ඇත. එය වසංගතයක් බවට පත්ව ඇත්තේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා බව පෙනෙන්නට තිබේ. පසුගිය අප්‍රේල් මස 22 වන දා පටන් කිහිප අවස්ථාවක කොවිඩ් උවදුර අවසන් යැයි ආණ්ඩුව ප්‍රකාශ කළත් එසේ සිදුවී නොමැත. තවද, කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය නීති රීති හා රෙගුලාසි ගෙන ඒමට මාස 10 ක් පමණ ප්‍රමාද විය. ලෝකයේ අනෙකුත් රටවල් මැයි මාසය වන විට අවශ්‍ය රෙගුලාසි ඉදිරිපත් කරන ලදී. ප්‍රමාද වී හෝ රෙගුලාසි ගණනාවක් ගැසට් කරන ලදී. මෙම රෙගුලාසි අනුවම මෙම රෙගුලාසි ක්‍රියාත්මක කරන්නේ නම් රැස්වීම් නීමා කළ යුතුය. දුරස්ථභාවය ආරක්ෂා කර ගත යුතුය. එසේ හෙයින්,

පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය රජයේ රෙගුලාසිවලට පරස්පර වේ.
රැස්වීම් සීමා කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද එම නීතිරීතිවලට පටහැනි වේ.
නීති සම්පාදනය කරන ස්ථානයම නීති උල්ලංඝනය කරන්නේ නම් රටට දෙන ආදර්ශය කුමක්ද?

එම නිසා මෙම සතියේ පැවැත්වීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඒ අනුව විපක්ෂය ලෙස අප ඉල්ලා සිටින්නේ ඉහතින් දක්වා ඇති කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙමින් මෙම සතියේ පාර්ලිමේන්තු සැසිය පැවැත්වීම රජය විසින් පනවන ලද නව නීති රීතිවලට අනුකූලව කැදවන ලෙසය.

ලක්ෂ්මන් කිරිඇල්ල (පා.ම.)
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

Click to comment

Uncategorized

තවත් කොරෝනා මරණ 03ක්!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.

Continue Reading

Uncategorized

බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.

හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.

එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.

2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද‍්‍රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.

Continue Reading

Uncategorized

සතොස ගැන බොරු කියූ අනුරට වහාම පිළිතුරු.. මාධ්‍ය නිවේදනයක්!

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින් සතොස සභාපතිවරයාට චෝදනා නගමින් පෙරේදා (04 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණා.

එහිදී මන්ත්‍රිවරයාගේ චෝදනාව වූයේ සතොස සභාපති සීනි මෙට්‍රික් ටොන් 5000ක් ඔහුගේ ඉහළ පෙළේ අයෙකුගේ මිත්‍රයෙක් ගෙන් තීරු බදු ඉවත් කළ විගසම මිලදී ගත් බවයි.

මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් එහි සත්‍ය කරුණු අණාවරණය කරමින් ලංකා සතොස ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්..

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 weeks ago

අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..

මීට පෙර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකළ ඖෂධ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කර එලිදැක්වීමේ වැඩසටහන යටතේ නිමොඩපීන් (Nimodipine) ඖෂධය...

උණුසුම් පුවත්2 weeks ago

බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි

බ්‍රිතාන්‍ය තුළ පැතිර යමින් තිබෙන නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් පනවා තිබූ තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට...

උණුසුම් පුවත්2 weeks ago

ඉන්දියාවට ත‍්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..

කොළඹ වරායේ සිට කොලොන්නාව නිමාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වෙත දිවෙන ඉන්ධන නල පද්ධතිය පිහිටි භූමියේ අනවසරයෙන් වසර...

උණුසුම් පුවත්2 weeks ago

එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 13 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 422 දක්වා...

උණුසුම් පුවත්2 weeks ago

ඉන්දියාවට බදුදී තිබු ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි නුදුරේදීම ශ්‍රී ලංකාව සතුවනවා

ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්ධන ටැංකි නුදුරු දිනකදීම ශ්‍රී ලංකාව සතුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා. කොලොන්නාවේ අද පැවති...

උණුසුම් පුවත්2 weeks ago

මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් නෙමෙයි!

ඉන්දියාවට ශ්‍රී  ලංකාවේ දේශපාලන පක්ෂ පිහිටුවීමේ කිසිදු බලයක් නොමැති බවත් ශ්‍රී  ලංකාව යනු ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් නොවන බවත් මහාචාර්ය මැදගොඩ...

උණුසුම් පුවත්2 weeks ago

වසර 4කින් කිරිපිටි ආනයනය නවත්වනවා – නවසීලන්ත අගමැති ආවත් ආයේ හැරෙන්නේ නෑ!

දිනකට ඇමරිකානු ඩොලර් මිලියනයක කිරි පිටි ආනයනය කෙරෙන බවත් ඉදිරි වසර හතර ඇතුළත මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමෙන් අනතුරුව කිරි පිටි...

උණුසුම් පුවත්2 weeks ago

නව ප්‍රභේදය නිසා රට ලොක් ඩවුන් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ – කොවිඩ් රාජ්‍ය ඇමති

කොවිඩ් නව ප්‍රභේදය සහිත ආසාදිතයින් හඳුනාගෙන තිබුණද රට ලෝක් ඩවුන් කිරීමේ කිසිම අවශ්‍යතාවක් මතු වී නැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා,...

උණුසුම් පුවත්2 weeks ago

විමල් වීරවංශලා සමග ප‍්‍රබල දේශපේ‍්‍රමී විපක්‍ෂයක් හදන්න සූදානම්..

මෙරට විශාල ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වීමේ සූදානමක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පවසයි. විමල් වීරවංශ ඇමතිවරයා...

උණුසුම් පුවත්3 weeks ago

ප්‍රජා අයිතිය රැකගන්න හිටපු ජනපති මෛත්‍රී අනුරාධපුරේ ඥානක්කා හමුවීමට යයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජා අයිතිය වසර 07කට අහෝසි කිරීමට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News