Uncategorized
කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම් කරයි..

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සියළු සේවකයන් අද දිනයේ සිට ඔවුන්ගේ පුද්ගලික වාහනවලින් ගමන් කිරීම තහනම් කර තිබේ.
ඔවුන් සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ කර්මාන්තශාලා විසින් සපයන ප්‍රවාහන මාධ්‍යයෙන් පමණක් ඇයි කටුනායක පොලිස් ස්ථානාධිපතිවරයා නිවේදනය කර ඇත.
එම කලාපය සේවකයන් සිය සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් සේ භාවිතා කරමින් වෙනත් ප්‍රදේශවලට ගොස් තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
සේවකයන්ට ප්‍රවාහන පහසුකම් සලසා දෙන ලෙස කම්හල් හිමියන්ට දැනුම් දී තිබේ.
කටුනායක වෙලද කලාපය ආශ්‍රිතව මේ වන විට ආසාදිතයන් 213ක් හදුකාගෙන ඇත.
Uncategorized
තවත් කොරෝනා මරණ 03ක්!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.
Uncategorized
බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.
හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.
2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද්රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.
Uncategorized
සතොස ගැන බොරු කියූ අනුරට වහාම පිළිතුරු.. මාධ්‍ය නිවේදනයක්!

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින් සතොස සභාපතිවරයාට චෝදනා නගමින් පෙරේදා (04 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණා.
එහිදී මන්ත්‍රිවරයාගේ චෝදනාව වූයේ සතොස සභාපති සීනි මෙට්‍රික් ටොන් 5000ක් ඔහුගේ ඉහළ පෙළේ අයෙකුගේ මිත්‍රයෙක් ගෙන් තීරු බදු ඉවත් කළ විගසම මිලදී ගත් බවයි.
මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් එහි සත්‍ය කරුණු අණාවරණය කරමින් ලංකා සතොස ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්..


-
උණුසුම් පුවත්2 weeks ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
-
උණුසුම් පුවත්2 weeks ago
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
-
උණුසුම් පුවත්2 weeks ago
එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි