Uncategorized
දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ ගැටලුවලට විසදුම්…

දේශීය ඖෂධ නිෂ්පාදකයන් මුහුණ දී ඇති ගැටලුවලට විසඳුම් ලබා දී ඔවුනට දෙස් – විදෙස් වෙළඳපොළ ජය ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය හා තාක්ෂණික සහයෝගය ලබා දිය හැකි කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ලංකා කාර්මික සංවර්ධන මණඩලයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා ඇත.
73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ඉල්ලීමක් අනුව පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගනු ලැබීය.
රටේ පවතින තත්වය සමග දේශීය වෛද්‍ය ක්‍රමය ගැන ජනතාවගේ උනන්දුවක් ඇති වී තිබෙන බවත්, දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීමට එමගින් ඉඩක් විවරව ඇතත් ඒ සඳහා පවතින ගැටලු විසඳා ගැනීමේ අරමුණෙන් මෙම සාකච්ජාව පවත්වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. දේශීය ඖෂධ නිෂ්පාදකයන් මේ වනවිට මුහුණපා ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ අමුද්‍රව්‍ය සපයා ගැනීම සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීම බව වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
දේශීයව සොයාගන්නා අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමිතියට සකසා ගැනීමට අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික සහාය ලබාදීමට මැදිහත්වන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා කර්මාන්ත ආමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගෙන් ඉල්ලා සිටි අතර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට සිය උපරිම සහාය ඒ වෙනුවෙන් ලබාදිය හැකි බව පැමිණ සිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවසීය.
සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් සංචාරක හෝටල් ආශ්‍රිතව දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමට ඇති හැකියාව ද මෙහි දී සාකච්ජාවට බදුන් විය. දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට අවශ්‍ය වන ඇසුරුම් උපකරණ දේශීයව නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයා බලා හැකි ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙසත් ඉදිරියේ දී පූර්ණ බලැති කමිටුවක් පත්කොට අවශ්‍ය කටයුතු සිදුකිරීමට පියවර ගන්නා ලෙසත් ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
මෙම සාකච්ජාවට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර, ඖෂධ නිෂ්පාදන උපදේශක සභාවේ සභාපති ශාලුක අතාවුද, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
Uncategorized
තවත් කොරෝනා මරණ 03ක්!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.
Uncategorized
බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.
හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.
2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද්රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.
Uncategorized
සතොස ගැන බොරු කියූ අනුරට වහාම පිළිතුරු.. මාධ්‍ය නිවේදනයක්!

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින් සතොස සභාපතිවරයාට චෝදනා නගමින් පෙරේදා (04 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණා.
එහිදී මන්ත්‍රිවරයාගේ චෝදනාව වූයේ සතොස සභාපති සීනි මෙට්‍රික් ටොන් 5000ක් ඔහුගේ ඉහළ පෙළේ අයෙකුගේ මිත්‍රයෙක් ගෙන් තීරු බදු ඉවත් කළ විගසම මිලදී ගත් බවයි.
මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් එහි සත්‍ය කරුණු අණාවරණය කරමින් ලංකා සතොස ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්..


-
උණුසුම් පුවත්2 weeks ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
-
උණුසුම් පුවත්2 weeks ago
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
-
උණුසුම් පුවත්2 weeks ago
එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි