Connect with us

Uncategorized

20 ඡන්දය අනිද්දා.. ගම්මන්පිලගෙන් ජනපතිට තීරණාත්මක ලිපියක්..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය ස්ථාවරය දක්වමින් පිවිතුරු හෙළ උරුමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ.

සියලුම ජනමාධ්‍ය වෙත පිටපත් සහිතව එම පක්ෂ මහලේකම්වරයා විසින් යොමු කර ඇති එම ලිපිය මෙහි දැක්වෙයි.

2020 ඔක්තෝබර් 19 දින

අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 1

අතිගරු ජනාධිපතිතුමනි

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පක්ෂ ස්ථාවරය

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ 2020 ඔක්තෝබර් 21 සහ 22 දිනයන්හි පාර්ලිමේන්තුවේ දී විවාද කර ඡන්දය විමසීමට නියමිතය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිට ජනතාව විසින් ලබා දෙන විධායක බලයෙන් සැලකිය යුතු කොටසක් අගමැතිට සහ කතානායකගේ සභාපතිත්වයෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවට ලබා දීමෙන් හිස් තුනක පක්ෂියෙකු බඳු රාජ්‍යයක් නිර්මාණය වී ඇත. පසුගිය ආණ්ඩුව අසාර්ථක වීමට බල පෑ ප්‍රධානතම කරුණ වූයේ එයයි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කළ හැකි ජනවරමක් අප ඉල්ලා සිටියේ එබැවිනි. ඒ අනුව ප්‍රතිපත්තියක් ලෙස අප විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නමුත් එහි බරපතල සංශෝධන කිහිපයකට ලක් කළ යුතු බව පක්ෂ ස්ථාවරයයි.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය මේ වන විට ප්‍රසිද්ධ කිරීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන පනත් කෙටුම්පතක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විමසා බලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තියේ සඳහන් ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති උල්ලංඝණය වෙනවා ද යන සීමිත කරුණ පමණි. එබැවින් 20 වන සංශෝධනයේ අඩංගු කරුණු වල දේශපාලන සහ සමාජ බලපෑම පිළිබඳ සංවාදය තව දුරටත් ඉදිරියට ගෙන යා යුතු බව අපගේ අදහසයි.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු පිළිබඳ පක්ෂයේ ස්ථාවරය පක්ෂයේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මැතිතුමා විසින් ඇමති මණ්ඩලයේ දී ද ඔබතුමා සමග පෞද්ගලිකව ද විසිවන සංශෝධනය පිළිබඳ අගමැතිතුමා පත් කළ කමිටුවේ සාමාජිකයෙකු ලෙස එහි දී ද දැන් වූ බව පක්ෂයට වාර්තා කර ඇත. නීතිපතිතුමා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් කමිටු අවස්ථාවේ කරන බවට දක්වා ඇති සංශෝධන වලින් නොවිසඳුණු ජාතික ආරක්ෂාවට මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් වලට ද බලපාන ප්‍රධාන කරුණු පිළිබඳ පක්ෂයේ මතය අපි මතු දක්වා සිටිමු.

  1. හදිසි පනත් සම්මත කිරීම

ගැසට් මගින් පනත් කෙටුම්පත් ප්‍රසිද්ධ නොකර හදිසි පනත් සම්මත කිරීමට විධිවිධාන යෝජනා කිරීම මහජනතාවට එකී පනත් කෙටුම්පත් පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාව අහිමි කිරීමක් පමණක් නොව එහි අඩංගු ව්‍යවස්ථා විරෝධි විධිවිධාන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ද අවස්ථාව අහිමි කිරීමකි. ජේ ආර් ජයර්වධන ජනපතිතුමා 1987 දී දැවැන්ත ජනතා විරෝධයක් මැද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ද චන්ද්‍රිකා ජනාධිපතිතුමිය විසින් 2000 දී පෙඩරල් ව්‍යවස්ථාව ගෙන ආවේ ද මෙම වගන්තියට මුවා වෙමිනි. ජාතියට තීරණාත්මක පනත් කෙටුම්පත් හදිසි පනත් ලෙස ගෙනැවිත් ජනතාවට ඒ පිළිබඳ අදහස් දැක්වීමට ඇති අවස්ථාව අහිමි කිරීමේ අප්‍රසන්න ඉතිහාසයක් ඇති බව මෙහි දී සිහිපත් කළ යුතුය.

  1. රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගණකාධිපති සතු බලතල අහෝසි කිරීම

ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගම විසින් අවස්ථා ගණනාවක දී එයාර් බස් මිළ දී ගැනීමේ දී ප්‍රකෝටි ගණනක වංචාවක් සිදු වී ඇති බව පාර්්ලිමේන්තු කෝප් කමිටුව ඉදිරියේ හෙලිදරව් වූයේ විගණකාධිපතිගේ විගණනය මගිනි. එබැවින් මහජන මුදල් 50%ට වඩා යොදවා ඇති ඕනෑම ආයතනයක් විගණනය කිරීමේ බලය විගණකාධිපති සතු විය යුතුය. එය කොමිෂන් සභා සම්බන්ධයෙන් ද අදාළය.

  1. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ජනාධිපති වීමට අවස්ථාව සැලසීම

ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 97%ක් සැකසී ඇත්තේ පසුගිය වසර 200 තුල එරටට සංක්‍රමණය වුණු ජනතාවගෙනි. නමුත් එරට පවා ද්විත්ව පුරවැසියන්ට දේශපාලන තනතුරු දැරීමට අවස්ථාවක් ලබා නොදෙයි. ලොව බොහෝ රටවල ද එම නීතිමය සීමාව දැකිය හැක. එකී නීතිය පසුගිය ආණ්ඩුව ගෙන ආවේ රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන ද්වේශ සහගත චේතනාවෙන් වුවද එය සාධනීය පියවරක් ලෙස අපි දකිමු. යම් ජනාධිපතිවරයෙකුගේ හෝ ඇමතිවරයෙකුගේ පක්ෂපාතිත්වය රටවල් දෙකක් අතර බෙදී ඇත්නම් එකී රට සමග ගනුදෙනු කිරීමේ දී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් අවංකව පෙනී සිටීදැයි යන සාධාරණ සැකයක් ජනතාවට ඇති වනු ඇත.

  1. ඇමතිවරුන් ගණනට ඇති සීමාව ඉවත් කිරීම

නිදහසින් පසු ක්‍රමයෙන් ඇමතිවරුන් ගණන වැඩි වී අවසානයේ දී ඇමතිවරු ගණන 94 දක්වා ඉහළ නැගුණු බව ඔබතුමා ද දනියි. මේ පිළිබඳ සමාජයේ මතු වුණු දැවැන්ත විරෝධය හේතුවෙන් 19 වන සංශෝධනය මගින් ඇමති මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 30කට ද සහ ඇමති මණ්ඩල සාමාජිකයින් නොවන ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ගණන 40කට ද සීමා කරන ලදී. එකී සීමාව ඉවත් කිරීම මගින් මහජන මුදල් නාස්තියක් මෙන්ම තමන්ව ඇමති මණ්ඩලයට පත් කරන මෙන් ඇමති මණ්ඩලයේ නොසිටින මැති ඇමතිවරුන්ගෙන් ඔබතුමාට පීඩනයක් ඇති කිරීම ද සිදුවිය හැක.

ඔබතුමාට ඇමතිවරුන් 30ක් පත් කිරීමට අවස්ථාව තිබිය දී පළමු අවස්ථාවේ දී ඇමති මණ්ඩලය 16කට ද දෙවන අවස්ථාවේ 28කට ද සීමා කිරීමෙන් ජාතියට මහඟු ආදර්ශයක් ලබා දී ඇත. නමුත් මෙකී ව්‍යවස්ථාමය විධිවිධාන ඔබතුමාගේ කාලයෙන් අවසන් නොවේ. ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාව වසර 119ක් ද ඇමෙරිකානු එක්සත් ජනපද ව්‍යවස්ථාව වසර 231ක් ද තිස්සේ පවතින බව මෙහි ලා සිහිපත් කිරීමට කැමැත්තෙමු.

ඉහත කරුණු පිළිබඳ ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කර 69 ලක්ෂයේ ජන වරමට ගරු කරනු වස් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වඩාත් ජනතා හිතකාමි කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

මෙයට දේශප්‍රේමිත්වයෙන්

පිවිතුරු හෙළ උරුමය
උපුල් විජේසේකර
ප්‍රධාන ලේකම්

Click to comment

Uncategorized

උඩුවේ හිමියන්ගේ මෑණියන් සිහිසුන්වී නවලෝක රෝහලට.. හිමියන්ගෙන් පිණිවුඩයක්..

ප්‍රසිද්ධ ධර්ම කථික පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ මෑණියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ සඳහන් කරන්නේ තම මවට නිතර සිහිසුන් වීම හේතුවෙන් නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවත් පරීක්‍ෂණ අනුව ඇය කොරෝනා ආසාදිත බවත්ය.

මේ මොහොතේ ඇති කාර්යබහුල තත්ත්වය මත නිතර දුරකතන ගලා එන බවත් ඒ සඳහා කාලය වෙන් කිරීමට තමන් වහන්සේ කිසිදු කැමැත්තක් නැති බවත් එම සටහනේ දැක්වේ.

එකී සම්පූර්ණ සටහන මෙසේය.

තෙරුවන් සරණයි !
මේ වන විට අම්මා නිතර සිහිසුන් වීම හේතුකොටගෙන නවලෝක රෝහලට කතා කර ගිලන් රථයක් මගින් රෝහලට රැගෙන එන ලද අතර අම්මාගේ PCR පරීක්ෂණය පොසිටිව් වී තිබේ. ඒ අනුව අම්මා ICU හි ප්‍රතිකාර සඳහා යොදවා තිබේ. ඇය වෙනුවෙන් සිදු කිරීමට හැකි සියලු උපස්ථාන සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නට උත්සාහ කරමි.

අම්මා රෝහලට රැගෙන ඒම පිළිබඳ අම්මාගේ කිසිදු කැමැත්තක් නොතිබුණ ද අන්තිම මොහොතේ අම්මා පැවසූයේ ශරීරයට බොහෝ අපහසු බවත් යම් රෝගී තත්ත්වයක් පවතින බවත්ය.තව ද ඇය නිරතුරුව ප්‍රකාශ කර සිටියේ හාමුදුරුවන්ගේ වාහනයෙන් ඇවිදින්නට යාම එකම බලාපොරොත්තුව බවත්ය. එවැනි අහිංසක බලාපොරොත්තුවකින් සිටි ඇයව සුවපත් කිරිමට වෙහෙස වන මහාචාර්ය අර්ජුන සිල්වා දොස්තර මහතා ඇතුලු නවලෝක රෝහලේ කාර්ය මණ්ඩලයට මම හදවතින්ම ණය ගැති වෙමි.

මේ සියලු අවිවේකීතා මධ්‍යයේ ලබාගත් මනුෂ්‍යත්වය , මහණකම , ධර්මය පිළිබඳ මා හට ඇත්තේ අසීමිත ප්‍රීතියකි. මේ කාලය තුළ ඉහත කී සියල්ලටම වඩා අපහසුම කාර්‍ය වී තිබෙන්නේ දුරකථන ඇමතුම් ගලා ඒමයි. මාගේ වටිනා කාලය ඕපාදුප බෙදා දීමට මට කිසිදු කැමැත්තක් නොමැත. තොරතුරු විමසන්නටයි කියා ඕපාදූප ඇසීමෙන් කීමෙන් කිසිදු ඵලක් නොමැත. එකම දේ සිය දහස් වරක් පැවසීමට යාමෙන් මමත් මල්ලී සහ නෑනා ද හෙම්බත් වී ඇත.

යකඩ ගැහැණියක් ලෙස අම්මා ජීවත් කරවීමට මහත් ශක්තියක් මෙන්ම පොඩි දරුවන් දෙදෙනකුගේ මවක් ලෙසද, මල්ලීගේ ස්වාමිදියණිය ලෙසද ගෙදර ගෘහනිය ලෙසද නෑනා කරන්නා වූ කැප කිරීම සුලුපටු නොවන බව මට නිතර සිහිපත් වේ. ඔවුන්ගේ PCR පරීක්ෂණ කිරීම පිලිබදවද මා හට ඇත්තේ තවත් කුතුහලයකි. කෙසේ වුවද අම්මාව දැඩි සත්කාර ඒකකයෙන් එලියට ගන්නාවිට නෑනා හෝ මල්ලී අම්මා ලග සිටිය යුතුය… එවැනි පුංචි බලාපොරොත්තුවක් සමග ඉදිරියට පියමනිමි.

Continue Reading

Uncategorized

තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..

අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් දැඩි සංචාරණ සීමා කියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි. දැනට ක්‍රියාත්මක සංචාරක සීමා කාලසීමාව තුළ වුවත් ආසාධිතයන් ඉහළ මට්ටමකින් වාර්තා වුවද එය තරමක් ස්ථාවර වී ඇතැයි සංගමය පෙන්වා දෙයි.

ඒ නිසා තවත් සති දෙකක් පමණ කාලයක් මෙම සීමාවන් ක්‍රියාත්මක කලහොත් දෛනික ආසාදිතයන් පහළ බසිනු ඇතැයි එම සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් සඳහන් කරයි. එනිසා තවත් සති දෙකක් හෝ තුනක පමණ කාලයක් සංචරන සීමා ක්‍රියාත්මක වන්නේ නම් උපරිම ප්‍රතිඵල ලබාගත හැකි බව අදාළ ලිපියේ දැක්වෙයි.

Continue Reading

Uncategorized

ගමමන්පිලට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි නියෝග කෙරේ…

ජන ජීවිතය ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ඉහල දමා ඔවුන් තවත් පීඩාවට පත් කිරීම සම්න්ධයෙන් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වගකිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය උද්ගත කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගෙන උදය ගම්මන්පිල මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

මේ වන විට ආණ්ඩු බලය දරන පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විසින් ඒ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Continue Reading

Facebook

Advertisement

Updates

Off Road3 hours ago

දරුවන් දහදෙනෙකු බිහි කළායැයි කියමින් ලෝකෙම රැවටූ කාන්තාවගේ ඇත්ත කතාව

පහුගිය දිනවල අපේ රටේ මෙන්ම ලෝකයේම වැඩිපුර කතා බහට ලක්වුණු පුවතක් තමයි දකුණු අප්‍රිකාවේ මවක් දරුවන් දහදෙනෙකු එකවර බිහි කරපු...

ප‍්‍රධාන පුවත්6 hours ago

සදුදා සංචරණ සීමා ඉවතට.. Breaking News !

ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කෙරේ. එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල්...

ප‍්‍රධාන පුවත්10 hours ago

දෙහිවල සත්තු වත්තේ හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකු මිය යයි.. සිංහයෙකුට කොරෝනා..

දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින සිංහයෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙලිවී තිබේ. දින කිහිපයක් තිස්සේ උගුරේ වේදනාවක් සහ කැස්සකින් මෙම සිංහයා...

Uncategorized13 hours ago

උඩුවේ හිමියන්ගේ මෑණියන් සිහිසුන්වී නවලෝක රෝහලට.. හිමියන්ගෙන් පිණිවුඩයක්..

ප්‍රසිද්ධ ධර්ම කථික පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ මෑණියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ...

ප‍්‍රධාන පුවත්1 day ago

රනිල් එන්න කලින් වැඩ පෙන්නයි… සජිත්ගේ නගරාධිපතිවරු 04ක් එලවයි

එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අවසන් කර සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරීම හේතුවෙන් නගර සභා කිහිපයක නගරාධිපතිවරුන් ධූරවලින් ඉවත් කිරීමට...

උණුසුම් පුවත්1 day ago

ගෑස් සිලින්ඩර් සගවන පාරිභෝගිකයින් ගැන වහාම කියන්න.. හදිසි ඇමතුම් අංකයකුත්

ගෑස් සිලින්ඩර් සඟවා තබාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන ති‌බේ නම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියට දැනුම් ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ සදහා...

ප‍්‍රධාන පුවත්1 day ago

චන්නගේ කෝටි 20 නිවසේ කතාවට අසේල වැලිකඩ ? කෝටි 50 වන්දි ගෙවන්න වෙයි..

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඇතුල් කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200ක නිවසක් මිලදීගෙන ඇති බවත්, චන්න ජයසුමන, SPC සභාපති විශේෂඥ වෛද්‍ය...

උණුසුම් පුවත්1 day ago

සියලුම ආර්ථික මධ්‍යස්ථාන දින දෙකකට විවෘත කරයි…

තොග වෙළදාම් කටයුතු සඳහා දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (17) සහ හෙට (18) දෙදින තුළ විවෘත ව පවතී. ජංගම වෙළඳුන්ට...

ප‍්‍රධාන පුවත්2 days ago

මත්පැන් ඔන්ලයින් ක්‍රමය අවලංගුයි…

අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත. මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී...

ප‍්‍රධාන පුවත්3 days ago

මන්ත‍්‍රීවරුනට වාහන ගෙන්වීම අත්හිටුවයි.. මුදල් අමාත්‍යංශය තහවුරු කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මිල දී ගැනීමට නියමිතව තිබු වාහන ආනයනය සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News

en_USEnglish