Gossip
ජනාධිපති නිල නිවේදිකාවත් සිරසෙන් පත් කරයි ?

ජනාධිපතිවරයා සහභාගීවන නිල උත්සවයන්හී නිවේදන කටයුතු සිදුකිරීම සදහා නිල නිවේදිකාවක් පත්කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව එම තනතුර සදහා සිරස ටීවී ආයතනයේ නිවේදිකා වාසලා ලක්මාලි මහත්මිය පත්කිරීමට නියමිතයි. මේ වන විට ඇය සිරස ටීවි ආයතනයෙන් ඉල්ලා අස්වී ඇති අතර ඉදිරි දින කිහිපයේදී නව තනතුරේ වැඩ භාරගැනීමට සියලු කටයුතු මේ වන විටත් සම්පාදනය කර අවසන්.
Gossip
‘අපි නිරෝධායනේට යනවා.. හැමෝටම ස්තුතියි..’- මාධවී බසයේ සිට…

අද දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මාධවී වත්සලා ඇන්තනී ඇතුළු හය හය දෙනාගෙන් පස් දෙනෙකු නිරෝධායනය සඳහා පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි චන්දිමාල් ගේ මව ගෘහස්ථ නිරෝධායනය සඳහා යොමුකර ඇත.
නිරෝධායන නීති කඩමින් සුපිරි හෝටලයක උපන් දින සාදයක් පැවැත්වූයේ යයි මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබීය. නමුත් ඔවුන් දෙසතියකට නිරෝධයනය සදහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරින් කටයුතු කර ඇත. නිරෝධායනය සදහා යන අතරතුර මාධවී වත්සලා තම සමාජ ජාල ගිණුමේ ඒ ගැන සටහනක් තබා ඇත.

Gossip
පියුමිගේ ඇදුම් බෑග් එකයි මේකප් සෙට් එකයි බණ්ඩාරවෙලටම ගෙනෙහින් දෙයි.

මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ අත්අඩංගුවට ගෙන ඇප මුදාහැරි 13දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට පසුගියදා යොමු කල අතර මෙම පිරිස බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිරෝධයන මධ්‍යස්ථානයක් වෙත යොමු කොට ඇත. කෙසේවෙතත් හෝටලයක නිරෝධායන වීමට මෙම පිරිස අවස්ථාව ඉල්ලා තිබුණද එය ප්‍රතික්ෂේප වී ඇත. පසුව ඇයගේ ඇදුම් බෑග් සහ මේකප් බඩු අනෙකුත් ක්‍රීම් වර්ග සියල්ලම කිසියම් කෙනෙක් විසින් ඇයට බණ්ඩාරවෙල නිරෝදායන මද්‍යස්ථානය වෙතම ගෙනෙහින් දී තිබීමද විශේෂත්වයක්.
Gossip
එපා කියද්දී ගිහින් අලියෙකුට සමච්චල් කල පුද්ගලයාව අලියා පාගා දමයි.. VIDEO

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් සීග්‍රයෙන් පැතිර යන වීඩියෝවක් පහතින් දැක්වේ. එහි දැක්වෙන්නේ කිසියම් පිරිසක් ගමන් ගන්නා අවස්ථාවේ එක් පුද්ගලයෙකු අලියෙකුගේ පහර දීමට ලක්වෙන දර්ශන පෙලකි. පිරිසක් සමග පැමිණි එක් පුද්ගලයෙකු අනෙක් පිරිසේ දැඩි විරෝදය මද්දේ මේ පුද්ගලයා මෙය සතේකට ගනන් නොගෙන ඈතින් සිටි අලියා දෙසට ගමන් කොට යමක් පවසා සිටින අතර මෙය දුටු අලියා පුද්ගලයා දෙසට පැමිණ ඔහුවා පාගා දමනවා. පසුව ඔහු සමග පැමිණි අනෙක් පිරිස අලියා පලවා හැරීමට කටයුතු කරන අතර ඒ වනවිටත් ඔහු බිම ඇද වැටී ඇති ආකාරයක් පහත වීඩියෝ දර්ශනයේ අපට දැකගත හැකිවිය. එම වීඩියෝ දර්ශනය පහතින් නරඹන්න…