Uncategorized
කොරෝනා ආසාදිත සේවකයන් පස් දෙනෙකු කොළඹ නැව් තටාකාංගනයෙන්

කොරෝනා ආසාදිත සේවකයන් පස් දෙනෙකු කොළඹ නැව් තටාකාංගනයෙන් හඳුනාගෙන තිබේ.
හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් මේ වන විට අනාවරණය කරගෙන ඇති බවයි.
ඒ අනුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරමින් ඇති බව ඔහු කියා සිටියේය.
මෙම සිදුවීම මතුගම ප්‍රදේශයේ බස් රථයකින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් හා සම්බන්ධ බවද හමුදාපතිවරයා සඳහන් කළේය.
කෙසේ නමුත් මෙම ආසාදිතයන් වාර්තා වීම නිසා කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලට බාධාවක් සිදු නොවන බවත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු වරාය සභාපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් හමුදාපතිවරයා තව දුරටත් කියා සිටියේය.
Uncategorized
තවත් කොරෝනා මරණ 03ක්!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.
Uncategorized
බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.
හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.
2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද්රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.
Uncategorized
සතොස ගැන බොරු කියූ අනුරට වහාම පිළිතුරු.. මාධ්‍ය නිවේදනයක්!

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින් සතොස සභාපතිවරයාට චෝදනා නගමින් පෙරේදා (04 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණා.
එහිදී මන්ත්‍රිවරයාගේ චෝදනාව වූයේ සතොස සභාපති සීනි මෙට්‍රික් ටොන් 5000ක් ඔහුගේ ඉහළ පෙළේ අයෙකුගේ මිත්‍රයෙක් ගෙන් තීරු බදු ඉවත් කළ විගසම මිලදී ගත් බවයි.
මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් එහි සත්‍ය කරුණු අණාවරණය කරමින් ලංකා සතොස ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්..


-
උණුසුම් පුවත්2 weeks ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
-
උණුසුම් පුවත්2 weeks ago
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
-
උණුසුම් පුවත්2 weeks ago
එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි