Uncategorized
දෙදෙනකු ඝාතනය කරයි.. තව අයෙකුට බරපතලයි..

වව්නියාව ඕමන්ත පොලිස් බලප්‍රදේශයේ මාණික්කර් ප්‍රදේශයේ නිවසක් තුල ඊයේ (17) දින තියුණු ආයුද වලින් පහරදී ඝාතනය කරන ලද මළ සිරුරු දෙකක් හා බරපතල තුවාල සිදු වූ අයෙකු සොයාගත් බවට ඕමන්ත පොලීසිය පවසයි.
මාණික්කාර් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුලදී පුද්ගලයින් සිව් දෙනෙකු මත්පැන් පානය කොට ඇති වූ බහින් බස්වීමක්දී එක් පුද්ගලයෙකුට තිදෙනෙකු විසින් පහරදී ඇති අතර එය දුරදිග යාමෙන් පහරකෑම ලක් වූ පුද්ගලයා විසින් සෙසු තිදෙනාට තියුණු ආයුධයකින් කළ පහරදීමකදී දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට තොරතුරු අනාවරනය වී ඇත.
අනතුරුව පහරදීම සිදු කල පුද්ගලයා පල ගොස් තිබූ අතර අදාල නිවසට අසල්වැසියෙකු ගිය අවස්ථාවේදී පහරදීම සිදු කොට ඇති අයුරු දැක ඒ පිළිබඳව ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් පසුව ඔමුන්ත පොලීසිය අදාල ස්ථානයට ගොස් තුවාල ලැබූ පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුලත් කිරීමට පියවර ගන්නා ලදි.
අනතුරුව ඝාතනය සිදු කොට පලා ගිය පුද්ගලයා සැකසහිතව ඊයේ දිනම අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔම්නත පොලීසිය විසින් පියවර ගෙන ඇත.
අදාල පහරදීමෙන් මිය ගොස් ඇත්තේ ඕමන්ත ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙකු වූ 40 හැවිරිදි ගෝපාලි කුගදාසන් හා මාණික්කාර් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සිවානු මහේන්ද්‍රන් නැමති අය බවට හඳුනාගෙන ඇතිය පරික්ෂණ සිදු කරන ඕමන්ත පොලීසිය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Uncategorized
තවත් කොරෝනා මරණ 03ක්!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.
Uncategorized
බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.
හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.
2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද්රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.
Uncategorized
සතොස ගැන බොරු කියූ අනුරට වහාම පිළිතුරු.. මාධ්‍ය නිවේදනයක්!

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින් සතොස සභාපතිවරයාට චෝදනා නගමින් පෙරේදා (04 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණා.
එහිදී මන්ත්‍රිවරයාගේ චෝදනාව වූයේ සතොස සභාපති සීනි මෙට්‍රික් ටොන් 5000ක් ඔහුගේ ඉහළ පෙළේ අයෙකුගේ මිත්‍රයෙක් ගෙන් තීරු බදු ඉවත් කළ විගසම මිලදී ගත් බවයි.
මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් එහි සත්‍ය කරුණු අණාවරණය කරමින් ලංකා සතොස ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්..


-
උණුසුම් පුවත්2 weeks ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
-
උණුසුම් පුවත්2 weeks ago
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
-
උණුසුම් පුවත්2 weeks ago
එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි