Uncategorized
කොරෝනාවට ලෝකයම යටවෙද්දී අපි රට බේරගත්තා… මැතිවරණයේ රැස්වීම්වත් කලේ නෑ..

රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉන්න අයත් සමග කැපවීමෙන් අපි වැඩ කරනවා යයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
මුළු ලෝකයේම රටවල් වහගෙන යනකොට අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, රජය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය සේවාවේ නිලධාරීන්, P.H.I. මහත්වරුන් මහා දැවැන්ත සේවයක් කරලා තමයි අපේ රට ආරක්ෂා කර ගත්තේ. අපි පිළිගන්න ඕනි අවම මරණ සංඛ්‍යාවක්. ඊළඟට අපිට මතකයි දැන් විපක්ෂයෙන් යම් යම් චෝදනා කරනවා ආණ්ඩුව මේක හරියට කළේ නැහැ කියලා. ජනතාව ආරක්ෂා කළේ නැහැ, කොවිඩ් නැහැ වගේ රටේ රජයේ නායකයා කටයුතු කළේ. රැස්වීම් තිබ්බා. ජනතාව එකතු කෙරුවා. මේ ගැන කිසිම හැඟීමක් කෙරුවේ නැහැ, කියන චෝදනාව තමයි. මේවා අලුත් කතන්දර නොවේ. මේ කතන්දර පහුගිය මාස හයේ ම ඇහුවා.
අපි මැතිවරණයක් තිබ්බා. ඒ මැතිවරණයේ පෝස්ටරයක් ගහන්න දුන්නේ නැහැ. ජනතාව රැස් කරන්න, මහා රැස්වීම් තියන්න ඉඩ දුන්නේ නැහැ. එතකොට විපක්ෂය කිව්වේ කොවිඩ් එක හරහා ඡන්දය කරන්න හදනවා. මේක නිසා ජනතාව ඡන්දය දෙන්න යන්නේ නැහැ. මේ නිසා විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා විසුරුවපු පාර්ලිමේන්තුව නැවත කැඳවන්න. පාර්ලිමේන්තුව කැඳෙව්වේ නැත්නම් covid එක පාලනය කරගන්න බැරි වෙනවා. පාර්ලිමේන්තුව නැවත කැඳෙව්වේ නැත්නම් පනත් සම්මත කරගන්න බැරිවෙනවා. ඒ නිසා covid එක පාලනය කරගන්න බැරි වෙනවා. කොවිඩ් එක පාලනය කරගන්න මුදල් අවශ්‍ය වෙනවා. මුදල් නැතිව මේක කරන්න බැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව වහාම කැඳවන්න. විසුරුවපු පාර්ලිමේන්තුව නැවත කැඳවන්න. ඔවුන් බල කෙරුවා විතරක් නෙවෙයි උසාවිත් ගිහින් තමයි නතර වුණේ.
අන්තිමට විශාල ප්‍රතිශතයක් ඡන්දය ලබා දීලා කවදාවත් 2/3 ගන්න බෑ කිව්ව ජේ ආර් ජයවර්ධන මහත්තයා හදපු මැතිවරණ ක්‍රමය හරහා 2/3 ජයග්‍රහණයක් රජය ලබාගත්තා. ඒ විශ්වාසය මං හිතන්නේ කෝවිඩ් එක පාලනය කරපු නිසා තමයි විජයග්රහණයක් ලබා ගන්න ජනතාවට දැඩිව විශ්වාස ආවෙ. මේ රටේ ජනතාව කල්පනා කෙරුවා ජනාධිපතිතුමාට අවශ්‍ය ශක්තිමත් රජයක් හදලා දෙන්න ඕනි කියලා. විපක්ෂය එදා බලාපොරොත්තු වුණේ මේ රටේ ජනතාව රකින්න නෙවෙයි. විපක්ෂය බලාපොරොත්තු වුණේ කෝවිඩ් එක හරහා අපේ රටේ මිනිස්සු මැරෙයි කියලා. මැරෙන ගාන ගනන් කරන්න හිටියේ. එක් අමාත්‍යවරයෙක් ප්‍රකාශයක් කෙරුවා ඉස්සෙල්ලාම covid එකෙන් එක්කෙනෙක් මැරුනා. අණ්ඩුව හංගගෙන ඉන්නේ කියලා. ඒ නිසා ජන ජීවිතත් එක්ක විපක්ෂය වගකීමක් නැහැ. ඒ ජන ජීවිත බිල්ලට දෙන්න කැමති විපක්ෂයක් අද ඉන්නේ. අපේ ආණ්ඩුව එහෙම නොවෙයි.
දැන් විපක්ෂයේ මොනවද කියන්නේ. ආපහු රට වහන්න ඕනි කියලා. ඇයි? මේ බලන්නේ එක පැත්තකින් බලනවා කොවිඩ් එක හැදිල මිනිස්සු මැරෙන්න ඕනි කියලා. අනිත් පැත්තෙන් බලන්නේ රට වහලා කොහොම හරි ආර්ථිකය වට්ටන්න. මේක තමයි ඔවුන්ගේ තිබෙන එකම පරමාර්ථය. ඔවුන් මේ සද්භාවයෙන් රටේ ජනතාව ගැන බලන විපක්ෂයක් නොවේ අද තියෙන්නේ. විපක්ෂයත් එහෙමයි. විපක්ෂ නායකතුමා එහෙමයි. විපක්ෂ නායකතුමා ෆේස්බුක් එකේ ගිහින් live ගිහින් කිව්වා බෙහෙතක් ගන්න කියලා. Donald Trump වගේ. මතකයිනේ ප්ලැකනිල්.
ඒ නිසා වගකීමකින් තොරව වැඩ කරන්න හොඳ නැහැ. මේ වෙලාවෙදි අපි දන්නවා අපේ ජනතාව ආරක්ෂා කරන්න ඕනි කියලා. මොකක්ද ඔවුන්ගේ ගෙනාපු පළවෙනි චෝදනාව. කෝ රට විරුවෝ. ඡන්දය ගන්න විතරයි ගෙනාවේ. දැන් එන්න දෙන්නේ නැහැ. ගෙන්වන්න කියලා බල කෙරුවා. රට විරුවෝ කියලා සැලකුවා ඡන්ද කාලේ. දැන් රට ඉන්න අය ගේන්න දෙන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුවේ කතා කෙරුවා. ප්රවෘත්ති සාකච්ඡා තිබ්බා. ආණ්ඩුවට බල කෙරුවා ගේන්න කියලා. ජනාධිපතිතුමා හැම වෙලාවෙම කිව්වේ අපි මේක පරිස්සමින් කරන්න ඕනි කියලා. හැම වෙලාවෙම විපක්ෂය බැලුවේ දේශපාලන වාසි ගන්න. පිට රට ඉන්න මිනිස්සුන් වෙනුවෙන් පෙනී ඉඳලා දේශපාලන වාසි ගන්න. ඒ නිසා අපි ඉතා වගකීමෙන් කියනවා. අපේ සෞඛ්‍ය ක්ෂේත්රයේ, ත්‍රිවිධ හමුදාවේ, අපේ රාජ්‍ය නිලධාරීන්ගේ තියන කැපවීම, ගෝඨාභය ජනාධිපතිතුමාගේ තියෙන ස්ථිර අධිෂ්ඨානය, අගමැතිතුමාගේ හා ජනාධිපතිතුමාගේ තියන සුසංයෝගය, ඒ නිසා පැහැදිලිව අපි කියනවා අපි කිසිසේත්ම මේ රටේ ජනතාව අමාරුවෙ වැටෙන කිසිදු තීන්දුවක් ගන්නේ නැහැ. ඉතාමත් වගකීමෙන් කියනවා අපි මේ රටේ ජනතාව ආරක්ෂා කරනවා. ජීවිත අවදානම පවා නොතකා රජය, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉන්න අයත් සමග කැපවීමෙන් අපි වැඩ කරනවා. දැන් ප්‍රචාරය කරනවා මුළු රටම දැන් වහන්න ඕනි කියලා. හැමතැනම Covid ආසාදිතයින් ඉන්නවා කියලා ප්‍රචාරය කරනවා. හැබැයි ඉතාමත්ම උපක්රමශීලීව මේ තීන්දු තීරණ රජයක් හැටියට රාජ්‍යය නිලධාරීනුත් එකතු කරගෙන නිවැරදිව තීන්දු තීරණ ගන්නවා.
අමාත්‍යවරයා මේ අදහස් පල කලේ බමුණුකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
Uncategorized
තවත් කොරෝනා මරණ 03ක්!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.
Uncategorized
බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.
හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.
2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද්රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.
Uncategorized
සතොස ගැන බොරු කියූ අනුරට වහාම පිළිතුරු.. මාධ්‍ය නිවේදනයක්!

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින් සතොස සභාපතිවරයාට චෝදනා නගමින් පෙරේදා (04 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණා.
එහිදී මන්ත්‍රිවරයාගේ චෝදනාව වූයේ සතොස සභාපති සීනි මෙට්‍රික් ටොන් 5000ක් ඔහුගේ ඉහළ පෙළේ අයෙකුගේ මිත්‍රයෙක් ගෙන් තීරු බදු ඉවත් කළ විගසම මිලදී ගත් බවයි.
මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් එහි සත්‍ය කරුණු අණාවරණය කරමින් ලංකා සතොස ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්..


-
උණුසුම් පුවත්2 weeks ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
-
උණුසුම් පුවත්2 weeks ago
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
-
උණුසුම් පුවත්2 weeks ago
එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි