Uncategorized
කොරෝනා ආධාර 5000 බෙදිම යලි අරඹයි..

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කරයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ විශේෂ මැදිහත්වීම මත මුදල් අමාත්‍යංශය මෙම ප්‍රතිපාදන වෙන් කල බවයි.
පළමු අදියර යටතේ මුලින්ම ඇදිරි නීතිය පැනවූ හා දැනට සංචරනය සීමා කර ඇති ගම්මාන 05 ඇතුළු මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ වලට අයත් මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල, හා මීරිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල පවුල් 72,345 සදහා මෙම 5000 දීමනාව ලබා දීමට කටයුතු යොදා ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේය.
මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කලේ අගහරුවාදා (20) සිට මෙම දීමනාව ලබා දීමට සියලු කටයුතු යොදා ඇති බවයි. කෝවිඩ් I හා II වටයන් තුල අනුගමනය කල පරිදිම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ මෙම මුදල ගෙවීමට සැලසුම් කර ඇති බවද ජයලත් මහතා කීවේය.
ඇදිරි නීතය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් පොලිස් බල ප්‍රදේශ 16 තුල වෙසෙන ජනතාවට දෙවන අදියර යටතේ එම මුදල ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ හා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කලේය. ඒ අනුව ඉදිරියේදී එම ප්‍රදේශයේ ජනතාවටද මෙම දීමනාව ලබා දීමට පියවර ගැනේ. පසුගිය i හා ii වටයන්හීදී ඒ ඒ ග්‍රාම සේවා වසම් වල පත් කෙරුනු ග්‍රාමීය කමිටු හරහා කෝවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් හදුනා ගැනුනු අතර එම සියලු පවුල් සදහා මෙවරද අදාල දීමනාව ලබා දීමට නියමිත බවද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි.
නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දෙන ලෙස සංචාරක ඇමති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.
– midea unit
Uncategorized
ඉන්ධන අවසන්! ලෙබනනයේ විදුලි සැපයුම බිඳ වැටේ..

ඉන්ධන හිඟයක් හේතුවෙන් ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙකක් පසුගිය සෙනසුරාදා දිනයේ වසා දමන ලද අතර ඒ හේතුවෙන් මේ වන විට ලෙබනනයේ විදුලි සැපයුම මුළුමනින්ම පාහෝ බිඳ වැටී තිබෙන බව CNN වෙබ් අඩවිය වාර්තා කරනවා.
එරට බලධාරීන් ලෙබනනයේ අත්‍යවශ්‍ය සේවා සඳහා ඇති සංචිත වලින් ඉන්ධන ලබා දී නිෂ්පාදන මධ්‍යස්ථාන වලට විදුලිය අර්ධ වශයෙන් ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටින බව ලෙබනනයේ රාජ්‍ය එන්එන්ඒ NNA ප්රවෘත්ති සේවය වාර්තා කර තිබෙනවා.
Uncategorized
ජ‘පුර සරසවියෙන් Voice Sri Lanka වේදිකාවට ආ මිදොරි..

මේ දවස්වල The Voice Sri Lanka වැඩසටහනේ කාගෙත් කතාබහට ලක්වෙන ඇය මිදොරි තාරුකා කරුණාරත්න. තමන්ටම අනන්‍ය වූ කට හඬකින් ගීත ගායනා කරන ඇය වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, කළමනාකරණ පීථයේ, ව්‍යාපාර සංඛ්‍යානය පිළිබඳ විශේෂ උපාධියක් හදාරණ අවසන් වසරේ සිසුවියක්.
ඉගෙනීමට වගේම ගායනයටත් ක්‍රීඩාවටත් එක ලෙස දස්කම් පෙන්වන ඈ කුඩා කල අධ්‍යාපනය ලබා ඇත්තේ කොලොන්නාව බාලිකා ජාතික පාසලෙන් වන අතර එම පාසලේදී ක්‍රීඩාවෙන් දැක් වූ දක්ෂතාවය මත ඇයට කොළඹ, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දොරටු විවර වනවා.
ඇයගේ පාසල් දිවිය තුළ ශ්‍රී ලංකා පාසල් කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරන තිබෙන අතරේ වසර තුනක් පුරාවට ත්‍රෝබෝල් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා පාසල් ශූරතාවය දිනාගත් සිරිමාවෝ කණ්ඩායමේ නායිකාව වශයෙන්ද කටයුතු කර තිබෙනවා. 2015 Milo කුසලාන පාසල් ක්‍රීඩා උළෙලේ දී දැල්පන්දු අංශයෙන්ද, 2015, 16 වසර වල ත්‍රෝබෝල් ක්‍රීඩාවෙන් ද Milo වර්ණ සහ ජාතික වර්ණ ලබාගැනීමට ද ඇය සමත්ව තිබෙනවා.
ඊට අමතරව ඇය 2015 වසරේ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟාවලියේ දී විදේශ නාට්‍ය අංශයෙන් හොඳම සංගීත අධ්‍යක්ෂක, හොඳම රංග රංගභූමි පරිපාලනය සහ රංගන කුසලතාව යන සම්මාන වලට ද ඇයට හිමිකම් කීමට හැකියාව ලැබී අතර ඇය ඇතුළු නාට්‍ය කණ්ඩායම ප්‍රථම ස්ථානය හිමිකර ගන්නට සමත් වී තිබෙනවා.
විශ්වවිද්‍යාල කටයුතුවලට අමතරව The Voice Sri Lanka වැඩසටහනට සහභාගී වන මිදොරිට එම වැඩසටහන ඔස්සේ ජාත්‍යන්තරය ජය ගැනීමට හැකියාව ලැබේවා යයි ප්‍රාර් ථනා කරනවා..
Uncategorized
බැසිල් රාජපක්ෂ සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් ඊට සූදානම්..- විමල්

ඕනෑම පුද්ගලයෙක් සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් එම ගමන යාමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකිදැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
වීරවංශ මහතා කහටගහ මිනිරන් පතල නිරීක්ෂණ චාරිකාවකට ගිය අවස්ථාවේදී මෙසේ මාධ්‍යයට ප්‍රතිචාර දැක්විය.
https://www.facebook.com/574747679309723/videos/970299123808877