Connect with us

ප‍්‍රධාන පුවත්

කොරෝනා වැළඳී ඇත්දැයි ගෙදරදීම පරීක්ෂා කල හැකි ක්‍රමවේදය මෙන්න

කොවිඩ් වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මේ කාලය තුළ දැඩි සත්කාර ඒකක වල ද ඉඩ පහසුකම් අඩුවෙමින් යනබව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඳ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඒ අනුව පුද්ගලයින් කෙසේ හෝ දැඩිසත්කාර ඒකක වලට ඇතුලත් වීමට අවශ්‍ය නොවන පරිදි කොවිඩ් වෛරසය මුල් අවස්ථාවේ පාලනය කර ගැනීම අවශ්‍ය බව ඔහු පවසයි. මේ සඳහා තමන්ට සිදුකරගත හැකි ස්වයං පරීක්ෂණ කිහිපයක් හඳුන්වාදෙන ඔහු පවසන්නේ එවන් තත්ත්වය ක් තුළ සැක සහිත අය රෝහල් ගතවීම කඩිනම් වීමෙන් ඔවුන්ට ඉක්මනින් රෝග පාලනයක් සිදුකලහැකි බවයි. මුව ආවරණ පැළඳීම රෝග ව්‍යාප්තිය අවම කිරීමට අත්‍යවශ්‍ය කරුණකි. ඉන් ලැබෙන රැකවරණය ඉතා ඉහළ මට්ටමක පවතී. කාර්‍යාල වල හැකි තරම් වාතාශ්‍රය වැඩි කරගැනීම ඔස්සේ පවතින වෛරස ප්‍රභේදය පැතිරීම පාලනය කර ගතහැකි බවත් ඔහු පවසයි. මේ තමන්ටම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කරගත හැකි පරීක්ෂණ කීපයකි.

  • ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය දැනේ නම්.
  • ඔබට හුස්ම අල්ලා හඬනගා 1-10 දක්වා වත් ගිණිය නොහැකි නම් හෝ
  • ඔබ හුස්ම අල්ලා හඬනගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන් පසුව කෙටි දුරක් ඇවිදීම වැනි
  • ක්‍රියාකාරකමකින් පසු එලෙස යළි ගණනය කිරීම 1-10 ට අඩු නම්
  • වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම්

ඔබ කොවිඩ් පරීක්ෂණ හෝ වෛද්‍ය උපදෙස් වලට යොමුවිය යුතු බව එම වෛද්‍යවරයා ගේ උපදෙසයි. මීට අමතරව සාමාන්‍ය කොවිඩ් රෝගලක්ෂණ කෙරෙහිද අවධානයට ගන්නා ලෙස ඔහු පවසයි. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවීම රටේ ම කොවිඩ් පාලනයට ඉතා වැදගත් ක්‍රියාමාර්ගයකි.

Click to comment

ප‍්‍රධාන පුවත්

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලැයිස්තුව මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි වසම් වල කොරෝනා ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් පැතිර යාම පාලනය සඳහා මෙම පියවර ගෙන ඇත. එම ග්‍රාම නිලධාරි වසම් මෙසේය.

ගම්පහ දිස්ත්‍රික්කය
පාළුගහවෙල

ගාල්ල දිස්ත්‍රික්කය
කරදුන්ගොඩ
ගෝවියපාන
කහවන්නගම
දොම්මන්ගොඩ
ලණුමෝදර
බොනවිස්ටා
කටුකුරැන්ද

රත්නපුර දිස්ත්‍රික්කය
දෙනවක පාතකඩ
දිප්පිටිගල
කුරුවිට
දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය

හුදකලාව ඉවත් කළ ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කය
උග්ගල්ල

අම්පාර දිස්ත්‍රික්කය
දෙහිඅත්තකණ්ඩිය

නුවර එළිය දිස්ත්‍රික්කය
ෆෝඩස් වත්ත වසමේ ගෝනගල්ල කොටස
ෆෝඩස් වත්ත වසමේ අක්කර 30 කොටස

Continue Reading

ප‍්‍රධාන පුවත්

නැගෙනහිර පලාතේ ලොක්කටත් කොවිඩ් හැදෙයි..

මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී තිබේ. මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Continue Reading

ප‍්‍රධාන පුවත්

හැදුනුම්පතේ අවසාන අංකය මත පමණක් නිවසින් බැහැර වන්න.. අළුත්ම නීතිය මෙන්න

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේ සිට නිවසකින් පිටවීමට අවසර ඇත්තේ එක් පුද්ගලයකුට පමණක් බවයි. අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලත් ඔත්තේ නම් ඔත්තේ දිනවල ද නිවසෙන් බැහැරව යා හැකිය.එම පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකයේ අවසාන ඉලක්කම අනුව නිවස නිවසෙන් පිටතට අත්‍යවශ්‍ය කාරණාවකට පමණක් යාමට අවස්ථාව ලැබෙයි.

Continue Reading

Facebook

Advertisement

Updates

ප‍්‍රධාන පුවත්1 day ago

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලැයිස්තුව මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි...

ප‍්‍රධාන පුවත්2 days ago

නැගෙනහිර පලාතේ ලොක්කටත් කොවිඩ් හැදෙයි..

මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර...

ප‍්‍රධාන පුවත්2 days ago

හැදුනුම්පතේ අවසාන අංකය මත පමණක් නිවසින් බැහැර වන්න.. අළුත්ම නීතිය මෙන්න

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේ සිට නිවසකින් පිටවීමට අවසර ඇත්තේ...

ප‍්‍රධාන පුවත්2 days ago

ඇගළුම් සේවිකාවන් හදිසියේ ලෙඩවෙති.. 9%කට කොරෝනා..

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් (09) දින සිදු...

ප‍්‍රධාන පුවත්2 days ago

හෙට සිට රටටම ගමන් තහනම්…

හෙට (13) දින රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා රට පුරාම සංචාරණ සීමා පනවා ඇත. නමුත් එම...

උණුසුම් පුවත්2 days ago

රටෙන්ම වසංගතයේ බියකරු දත්ත සගවනවා.. චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම...

ප‍්‍රධාන පුවත්2 days ago

සියළු වෙළදසැල් රාත්‍රී 07ට වැහෙයි..

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා...

උණුසුම් පුවත්2 days ago

ලෝකයම මවිත කරමින් චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත...

ප‍්‍රධාන පුවත්2 days ago

ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන්...

ප‍්‍රධාන පුවත්3 days ago

ඔක්සිජන් ටැංකි විශාල තොගයක් ලංකාවට..

ශ්‍රී ලංකාවට චීනය විසින් විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර දසදහසක් ඇතුළු වෛද්‍ය උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News