Sport
දිමුත්ගෙන් සීයක්.. තරගයේ වැඩි වාසි ශ්‍රී ලoකාව දෙසට

ශ්‍රී ලoකාව සහ බoගලාදේශය සමගඉන් පැවැත්වෙන පලමු ටෙස්ට් තරගය මේ වන විට දබුල්ල ක්‍රීඩාoගනයේදී පැවැත්වෙනවා.. ප්‍රථමයෙන් කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරනවා. ඔවුන් ලකුණු 541 ක් ලබා තරගය අත්හිටවීමට තීරණය කරනවා. එ අනුව ලකුණු ලකුණු 541 ක ඉලක්කයක් හබා යන ශ්‍රී ලoකා කණ්ඩායම මේ වන විට කඩුළු තුනක් දැවී 250 ලකුණු ලබා සිටිනවා. ශ්‍රී ල0කා කණ්ඩායමේ නාය දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු සියයක් ලබා ගැනීමත් විශේෂත්වයක්.. තරගය සජීවීව පහතින් නරබන්න.
Sport
තරගාවලිය කලින් සැලසුම් කල පරිදිම පැවැත්වෙයි.. වාස්ට හා ඉසුරු උදානට කොරෝනා නෑ..

බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවකු සහ තවත් ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය අසාදන වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් සහ ක්‍රීඩකයන් වන ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු මෙසේ ආසාදිත වී ඇත. ඒ අනුව අද දහවල් සිදුකල PCR ටෙස්ට් ප්රථිඵලයේදී ඉසුරු උදානට හා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්ට කොරෝනා ආඩාදනය වී නොමැති අතර ශිරාන් ප්‍රනාන්දුට පමණක් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු විය. ඒ අනුව තරගාවලිය කලින් සැලසුම් කර තිබූ ආකාරයට පැවැත්වෙන බව දැනුම් දී තිබේ.. ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරග තුනක් සඳහා මෙහිදී සහභාගි වීමට නියමිත අතර මෙරට වේලාවෙන් අද දහවල් 12.30 ට පලමු තරගය ඩකා හිදී ආරම්භ වෙයි.
Sport
බංග්ලාදේශය දැන්ම බය වෙයි.. මේ මස 23 ආරම්භ වන තරගාවලියේ භයානකම පන්දු යවන්නා වනිදු..!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය එළැඹෙන මැයි මස 23 වැනිදා ඩකාහී සරේ බංග්ලා ක්‍රීඩංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. බංගල්දේශ එක්දින කණ්ඩායම මුහුණ දීමට නියමිත දැවැන්තම අභියෝගය වනිඳු හසරංග වනු ඇති බවට එරට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. වනිඳුගේ පන්දු යැවීමට මුහුණ දීම සඳහා බංග්ලාදේශය විශේෂ අධ්‍යයනය නිරත වීමට නියමිත බවත් සඳහන්.
බංග්ලාදේශ කණ්ඩායමේ වීඩියෝ විශ්ලේෂකවරයා ලෙස කටයුතු කරනු ලබන ශ්‍රිනිවාස් චන්ද්‍රසේකරන් විසින් ප්‍රකාශ කර තිබුණේ හසරංගට ඔහුගේ පන්දු යැවීමෙන් ක්‍රීඩාව වෙනස් කිරීමේ හැකියාව ඇති බැවින් ඔවුන් ගැන සැලකිලිමත් විය යුතු බවයි.
වනිඳු හසරංග නිසැකවම බංග්ලාදේශ කණ්ඩායමට තර්ජනයක් වනු ඇති බව ශ්‍රිනිවාස් පවසා සිටියේ ඕස්ට්‍රේලියානු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා සහ ඇෆ්ගනිස්ථාන සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ගේ පන්දු යැවීමට වනිදුගේ පන්දු යැවීම බොහෝ සමාන බවටද සඳහන් කරමිනි. වනිදුගේ පන්දු යැවීම පිළිබඳව අවබෝධයක් ලබා නොගතහොත් ඔහු දකුණත් පිතිකරුවන් ගුග්ලි පන්දුවලින් දැඩි අභියෝගයක් එල්ල කරනු ඇති බවත් වනිඳු හට කඩුළු ලබා නොදී සිටියහොත් බංග්ලාදේශයට තරඟාවලිය තුළ යමක් කළ හැකි බවත් ශ්‍රීනිවාස් සඳහන් කර තිබුණි.
Sport
උපුල්ටත් කොවිඩ් හැදෙයි ..

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු අනිද්දා ටීම් ශ්‍රී ලංකා සමඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත පන්දු වාර 20 තරඟයට ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. මේ අතර, පවතින කොරෝනා තත්ත්වය සලකා අදාළ තරඟය කල් දැමීමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.