Connect with us

ප‍්‍රධාන පුවත්

අනුරාධපුරේ හා පොලොන්නරුවේ එන්න එපා.. වෙසක් මාසයේ පරිස්සම් වෙන්න

අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු උතුරු මැද පළාත තුල කොවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන්, එළඹෙන සති අන්තයේ සහ පොහොය දින අනුරාධපුර අටමස්ථානය සහ පොලොන්නරුවේ සිද්ධස්ථාන වැදපුදා ගැනීම සඳහා පැමිණීමෙන් වලකින ලෙස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අද (23දා) පැවසීය. පවතින තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, අනුරාධපුර අතිරේක දිසාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්, රුවන්වැලිසෑ චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය දැනුවත් කිරීමෙන් අනතුරුව, උන් වහන්සේලාගේ අනුශාසනා පරිදි සිද්ධස්ථානවල බැතිමතුන් සීමා කිරීමට මෙසේ පියවර ගත් බවද ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේද පැවසීය.

පසුගිය වසරේත් අනුරාධපුර නගරයේ ඇතුළු උතුරු මැද පළාත තුළ කොවිඩ් රෝගය ව්‍යාප්ත වුණේ පිටතින් පැමිණි රෝගීන් ගෙන්. ඒ නිසා බක් පොහොය යෙදෙන ඉදිරි සති අන්තයේ දීර්ඝ නිවාඩුව හේතුවෙන්, වන්දනාවේ පැමිණෙන පිරිස වැඩි වුව හොත් රෝගීන් ගණන විශාල ප්‍රතිශතයකින් ඉහළ යාමට ඉඩ තිබෙනවා. එය අවම කර ගැනීම සඳහා තමයි මෙසේ බැතිමතුන් සීමා කිරීමට තීරණය කළේ, සිල් සමාදන් වීමට සහ කණ්ඩායම් වශයෙන් පැමිණීමට නියමිත බැතිමතුන් සිටිනවා නම් විශේෂයෙන් ඒ අයගේ ආරක්ෂාව සඳහා මෙම මේ අවස්ථාවේදී, අනුරාධපුර සහ පොළොන්නරුව වන්දනාමාන කිරීමට නොපැමිණෙන ලෙස දන්වා සිටින්නේ. ඒ වගේම පිටතින් නගරයට පැමිණෙන අය හදිසි පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමටද පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපේ අටමස්ථාන නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයද පවතින තත්ත්වය අවම කර ගැනීම සඳහා ඉහළ සහයෝගයක් ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රුවන්වැලිසෑ චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය පල්ලේගම හේමරතන නා නාහිමිපාණන් මෙසේ පැවසූහ.

මේ වන විට දිවයින පුරා යළිත් වතාවක් කොවිඩ් 19 වසංගතය සීග්‍රයෙන් පැතිර යන බවක් පේනවා. ඒ නිසා අද අටමස්ථානයේ නායක හාමුදුරුවන් ගේ ප්‍රධානත්වයෙන් අපි සාකච්ඡාවක් තියලා, තීන්දු තීරණ කිහිපයක් ගත්තා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල අනතුරු ඇඟවීම මත, මේ දින තුන විශේෂයෙන් පොහොය දවසත් ඇතුළුව අනුරාධපුර අටමස්ථානය  වන්දනාමාන කටයුතු සඳහා අනුරාධපුරයට නොපැමිණෙන ලෙස බැතිමතුන් හට සිහිපත් කරනවා. ඔබේ පැමිණීම ඔබේ සෞඛ්‍යයටත් තර්ජනයක් වගේම මේ පළාතේ මිනිස්සුන්ගේ සෞඛ්‍යයටත් තර්ජනයක් වීමේ වාතාවරණයක් තිබෙනවා. මේ අවස්ථාවේ ඔබේ කැපවීම ඉතා වැදගත් වනවා

මෙම අවස්ථාව සඳහා උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්,අනුරාධපුර අතිරේක දිසාපති රුවන් නවරත්න, උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, 21 වන සේනාංකයේ ආඥාපති බ්‍රිගේඩියර් මොහාන් රත්නායක, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ එන්.සී. ආරියරත්න, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක ඇතුළු මහතා, ආණ්ඩුකාර ලේකම් ඒ.කේ. එන්. වික්‍රමසිංහ ,ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ සදහා සහභාගී වී සිටියහ.

Click to comment

ප‍්‍රධාන පුවත්

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලැයිස්තුව මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි වසම් වල කොරෝනා ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් පැතිර යාම පාලනය සඳහා මෙම පියවර ගෙන ඇත. එම ග්‍රාම නිලධාරි වසම් මෙසේය.

ගම්පහ දිස්ත්‍රික්කය
පාළුගහවෙල

ගාල්ල දිස්ත්‍රික්කය
කරදුන්ගොඩ
ගෝවියපාන
කහවන්නගම
දොම්මන්ගොඩ
ලණුමෝදර
බොනවිස්ටා
කටුකුරැන්ද

රත්නපුර දිස්ත්‍රික්කය
දෙනවක පාතකඩ
දිප්පිටිගල
කුරුවිට
දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය

හුදකලාව ඉවත් කළ ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කය
උග්ගල්ල

අම්පාර දිස්ත්‍රික්කය
දෙහිඅත්තකණ්ඩිය

නුවර එළිය දිස්ත්‍රික්කය
ෆෝඩස් වත්ත වසමේ ගෝනගල්ල කොටස
ෆෝඩස් වත්ත වසමේ අක්කර 30 කොටස

Continue Reading

ප‍්‍රධාන පුවත්

නැගෙනහිර පලාතේ ලොක්කටත් කොවිඩ් හැදෙයි..

මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී තිබේ. මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Continue Reading

ප‍්‍රධාන පුවත්

හැදුනුම්පතේ අවසාන අංකය මත පමණක් නිවසින් බැහැර වන්න.. අළුත්ම නීතිය මෙන්න

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේ සිට නිවසකින් පිටවීමට අවසර ඇත්තේ එක් පුද්ගලයකුට පමණක් බවයි. අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලත් ඔත්තේ නම් ඔත්තේ දිනවල ද නිවසෙන් බැහැරව යා හැකිය.එම පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකයේ අවසාන ඉලක්කම අනුව නිවස නිවසෙන් පිටතට අත්‍යවශ්‍ය කාරණාවකට පමණක් යාමට අවස්ථාව ලැබෙයි.

Continue Reading

Facebook

Advertisement

Updates

ප‍්‍රධාන පුවත්1 day ago

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලැයිස්තුව මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි...

ප‍්‍රධාන පුවත්2 days ago

නැගෙනහිර පලාතේ ලොක්කටත් කොවිඩ් හැදෙයි..

මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර...

ප‍්‍රධාන පුවත්2 days ago

හැදුනුම්පතේ අවසාන අංකය මත පමණක් නිවසින් බැහැර වන්න.. අළුත්ම නීතිය මෙන්න

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේ සිට නිවසකින් පිටවීමට අවසර ඇත්තේ...

ප‍්‍රධාන පුවත්2 days ago

ඇගළුම් සේවිකාවන් හදිසියේ ලෙඩවෙති.. 9%කට කොරෝනා..

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් (09) දින සිදු...

ප‍්‍රධාන පුවත්2 days ago

හෙට සිට රටටම ගමන් තහනම්…

හෙට (13) දින රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා රට පුරාම සංචාරණ සීමා පනවා ඇත. නමුත් එම...

උණුසුම් පුවත්2 days ago

රටෙන්ම වසංගතයේ බියකරු දත්ත සගවනවා.. චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම...

ප‍්‍රධාන පුවත්2 days ago

සියළු වෙළදසැල් රාත්‍රී 07ට වැහෙයි..

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා...

උණුසුම් පුවත්2 days ago

ලෝකයම මවිත කරමින් චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත...

ප‍්‍රධාන පුවත්2 days ago

ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන්...

ප‍්‍රධාන පුවත්3 days ago

ඔක්සිජන් ටැංකි විශාල තොගයක් ලංකාවට..

ශ්‍රී ලංකාවට චීනය විසින් විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර දසදහසක් ඇතුළු වෛද්‍ය උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News