Connect with us

Off Road

රටම අන්දය ? කොහෙද යුක්තිය ..? නන්දා මාලිනියගෙන් පාස්කු ප්‍රහාරයට උත්තර (VIDEO)

පාස්කු ප්‍රහාරයට ඊයේ දිනයට අවුරුදු දෙකයි. නැති වුන ජීවිත ගණන 300 කට වැඩියි. ජනාධිපතිතුමාට 96 වතාවක් දැනුම් දීලත් ඇස් කන් පියාගෙන පිටරටකට වෙලා හිටියා කියලා අපිට මතකයි. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක වෙච්ච රාජිත මාධ්‍ය හමුවෙදි හිනාවෙවි “⁣මීට කලිනුත් බෝම්බ පිපිරුවා” කිව්වා අපිට මතකයි.අධ්‍යාපන ඇමති අකිල විරාජ් “බය නැතුව ළමයි පාසල් එවන්න. මොනාහරි වුනොත් ලක්ෂ දෙකක් වන්දි ගෙවනවා.” කියලා ළමයින්ගේ ජීවිත ලක්ෂ දෙකට හෙට්ටු කලා අපිට මතකයි.මුදල් ඇමති මංගල සමරවීර “බෝම්බේ නිසා අපිට හොඳකුත් සිද්ධ වුනා. මෙච්චර කාලෙකට ලැබුන ලොකුම ආධාර මුදල අපිට ලැබුණා.” කියලා මැරුණ අහිංසකයන්ව විකුණන් කෑවා අපිට මතකයි.ප්‍රධාන සැකකරුවෙක් වෙච්ච බදුර්දීන්ව තාමත් සජිත්ගේ වේදිකා වල ඉන්නවා කියලා අපිට මතකයි.බෝම්බේ ගහපු ඊබ්‍රහිම් කියන්නේ ජවිපෙ ජාතික ලැයිස්තුවේ කෙනෙක් කියලත් අපිට හොඳට මතකයි.ඊබ්‍රාහිම් අහිංසකයි කියලා විජිත හේරත් කිව්ව එකත් අපිට තාම මතකයි. මේ කවුරත් තාම අර මැරුණ අහිංසකයෝ 300 ට සාධාරණයක් කරලා නෑ. 300 ක් මැරුණා.අවුරුදු දෙකක් ගියා.බෝම්බේ ගහපු එවුන් කන්‍යාවියෝ හොයන් ගියා. ගහන්න ප්ලැන් කරපු එවුන් තාමත් එලියේ. ඉතින් ඊයේ දිනයට යෙදී තිබුන 2021 අප්‍රේල් 21 දිනට යෙදෙන විශ්වාසයේ විරුවන්ගේ දෙවර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් නිර්මාණය කරන ලද තේමා ගීය පහතින් දැක්වේ ..
පද රචනය: සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා
ගී තණුව: ආචාර්ය රෝහණ වීරසිංහ මහතා
ගායනය: ආචාර්ය නන්දා මාලිනී මහත්මිය
සoගීත සoයෝජනය: සුගත් හෙට්ටිආරච්චි
නාද ශික්ෂනය: සදරු ගමගේ
සංකල්පය : කොළඹ අගරදගුරු අතී උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
අධීක්ෂණය : ගරු ජූඩ් සමන්ත පියතුමා ගරු ජූඩ් ක්‍රිශාන්ත පියතුමා
සම්බන්ධීකරණය :. ප්‍රියන්ත විජේසිංහ මහතා කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන කේන්ද්‍රය මගින් නිශ්පාදනය කරන ලදී

Click to comment

Off Road

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පනී..

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය සොරුන් විසින් ඊයේ රාත්‍රියේ බිඳ ඇති බව වාර්තා වේ. වහලය සෙවිලි ඉවත්කර ඇතුළු වුණු සොරුන් එහි තිබූ නඩු භාණ්ඩ කිහිපයක් සොරකම් කර ඇත. මෙය පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිල සුනඛයන් යොදා ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.

Continue Reading

Off Road

මාරක රිය අනතුරක් – කාන්තාවන් තිදෙනෙක් මරුට (VIDEO)

(01)දින  දහවල් 12.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නුවරඑලිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේදිය. අනතුරෙන් මියගොස් ඇත්තේ ඇල්ල ඌවකරදගොල්ල ප්‍රදේශයේ පදිංචි පදිංචිකාරිනියන් බවයි පොලිසිය කියා සිටියේ. අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ වයස අවුරුදු 51, 52 සහ අවුරුදු 20ක කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ත්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.

නුවරඑලිය සිට ඇල්ල දක්වා ධාවනය වු ත්‍රිරෝද රථය පසුපස නුවරඑලිය සිට වැලිමඩ දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් හදිසියේ ඉදිරියෙන් ධාවනය වු ත්‍රිරෝද රථය මතට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් පසු ලොරි රථයේ රියදුරා පලාගොස් ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.

ලොරි රථයේ සහකයා සැකපිට අත්අඩංගුවට ගත් බවත්, ලොරි රථයේ රියදුරාගේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවයි පොලිසිය කියා සිටියේ. අනතුර සිදු වු අවස්තාවේ එක් කාන්තාවක් එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වු බවත්, අනෙකුත් තුවාලකරුවන් දෙදෙනා රොහල් ගත කිරිමෙන් පසු මිය ගිය බවත්, ත්‍රිරෝද රථයේ රියදුරාගේ තත්ත්වය බරපතල බවයි නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් වැඩි දුරටත් කියා සිටියේ.

Continue Reading

Off Road

දෙරණෙ අයිතිකාරයා දිලිත්ගේ ආදර කතාව මෙන්න

සිහින හඹා යන්නකු නොවූ ඔහු ජීවිතයේ සාර්ථකත්වය හිමිකර ගත්තේ ජීවිතය හා ගැටෙමින් ඊට මුහුණ දෙමිනි. සිහින දකින්නකු නොවූවද සුවහසක් ජීවිතවල සිහින පාට කරන්නට ඔහු වාසනාවන්ත වූයේ ප්‍රකට ව්‍යවසායකයකු ලෙස සුවිශේෂී සලකුණු තබමිනි. මෙවර ‘කැදැල්ලේ කතාවේ’ කථානායකයා දිලිත් ජයවීර ය. මේ ඉඩහසර ඔහුගේ දිවි සැරියේ සොඳුරු මතක සැමරුම් වෙනුවෙනි.

“ලෝකයා විවිධාකාරයෙන් ඔබ හඳුන්වනවා? ඔබට හැඟෙන ලෙස ඔබ කෙබඳු අයෙක්ද?” 

මගේ පළමු පැනයට ඔහු මුව පුරා සැහැල්ලුවෙන් සිනාසුණේය. ප්‍රධාන පෙළේ ප්‍රකට සන්නාම නාම හිමි ව්‍යාපාර හතළිස් ගණනක හිමිකාරිත්වය දරන, වගකීම් බහුල අයකුට එතරම් සරලව සිනාසීමට හැකිවීම’ම අරුමයකි.

“කෙටියෙන්ම කියනවා නම් මම අටලෝ දහමෙන් නොසැලෙන සරල ශ්‍රී ලාංකිකයෙක්. හැම මොහොතකම සරලව සතුටින් ජීවත් වෙන කෙනෙක්. මට අවශ්‍ය සමාජයට යම් කිසි ආදර්ශයක් දෙන්න පුළුවන් චරිතයක් වෙන්නයි. මගේ ආදර්ශය සතුට සහ සරල බවයි. එය හරිම සරලයි. ඒ සතුටට, සැහැල්ලුවට හේතුව මම බුදු දහමේ එන අටලෝ දහම අවබෝධ කරගෙන ජීවත් වීමයි.

සිංහල බෞද්ධ සභ්‍යත්වයෙන් පොහොසත් රටක ජීවත් වන අපි කවුරුත් අටලෝ දහම අවබෝධ කරගෙන ජීවත් වනවා නම් ජීවිතේට අනවශ්‍ය ආතතියක් ඇතිවෙන්නෙ නැහැ. ව්‍යාපාරවල නැඟීම් වගේම වැටීම්වලදීත් අටලෝ දහමෙන් නොසැලෙන ‘තාදි’ ගුණයෙන් යුතුව සිටිය හැකි නම් ජීවිතය ඉතා පහසුයි.”

ඒ ඔහුගේ ජීවිතයේ තේමා පාඨයයි. සරසවි සිසුවකු ලෙස සිටියදී මිතුරු මිතුරියන් කිහිපදෙනකු සමඟ එක්ව ඔහු ආරම්භ කළ ට්‍රයඩ් ඇඩ්වර්ටයිසින් සමාගම දේශීය වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේ‍ත්‍ර‍ෙය් මුහුණුවර වෙනස් කළ ආයතනයකි. LMD සඟරාව 2011 වසරේදී දිලිත් ජයවීර ‘වසරේ ව්‍යාපාරික පුද්ගලයන්’ දස දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කළේය.

2020 දී නැවත ඔවුහු එම වසර තුළ මෙරට වඩාත්ම ගෞරවාදරයට ලක්වූ ව්‍යාපාරික ප්‍රමුඛයන් විසිපස් දෙනාගේ ලැයිස්තුවටද දිලිත් ජයවීර ඇතුළත් කළහ. මෙරට පැරණිතම වෙළෙඳ ආයතනයක් වන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මෙරට විශාලතම මාධ්‍ය ජාලයක් වන දෙරණ මාධ්‍ය ජාලයේ සභාපතිවරයාද වේ.

” ව්‍යවසායකත්වය මට උපතින්ම ලැබුණු දෙයක් කියල මම හිතනවා. මේ ගමන තුළ අභියෝග, බාධක කියන දේවල් හමු නොවුණා නෙවෙයි. නමුත් අටලෝ දහම තුළ මම ඒ කිසිවක් අභියෝග ලෙස සැලකුවේ නැහැ. හැම වෙලාවෙම මම අභියෝගයක් ලෙස සැලකුවේ මාවමයි. ඒ නිසාම මේ ගමන මට ඉතා පහසු වුණා.”

ඒ ගමන පහසු කළ මූලික සාධක අතර මවුපියන්ගෙන් ලද ආභාසයත් අඟුළුගහ කන්ථාරාම විහාරස්ථානයේ සුචරිතෝදය දහම් පාසලින් ලැබුණු ආධ්‍යාත්මික පෝෂණයත් දිලිත් ජයවීර සිහිකරන්නේ ගෞරවයෙනි. හපනුන් රැසක් බිහි කළ දකුණු ලක ගාල්ලේ අඟුළුගහ නම් සුන්දර කුඩා ගම්මානයේ උපත ලැබූ ඔහුට පිරිමි සහෝදරයන් තිදෙනෙකි.

“අඟුළුගහ ලස්සන පුංචි ගමේ ඉඳලා අපි ඉගෙන ගන්න ටවුමේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට ආවා. පාසල් වියේ මුල සිට අවසානය දක්වාම මම දහම් පාසල් අධ්‍යාපනයත් ලැබුවා. ඒ කාලේ නායක ස්වාමින්වහන්සේ ලෙස හිටියේ ඉතාම ආදර්ශවත් හාමුදුරුනමක්. කුඩා වියේ සිටම දහම් සංකල්ප මම ජීවිතයට බද්ධ කරගත්තා. මගේ සමකාලීන මිතුරකු වූ ආනන්ද හිමි දැනට එම විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ ලෙස කටයුතු කරනවා.

රජයේ සේවකයන් වූ මගේ මවුපියන් තුළ තිබූ ශික්ෂණය දරුවන් ලෙස නිතරම අපේ ජීවිතවලටත් ආදර්ශයක් වුණා. ඒ කාලේ රජයේ සේවකයෙක් කියන්නේ සමාජයේ ඉතා ගෞරවනීය තත්ත්වයක්. අයියටයි මටයි මල්ලිලා දෙන්නයි අපි හතරදෙනාටම මවුපියෝ එක් එක් ඉලක්ක දී තිබුණා. අයියා වෛද්‍යවරයෙක්, මම නීතිඥයෙක් සහ මල්ලිලා දෙන්නා ඉංජිනේරුවරයෙක් සහ ගණකාධිකාරීවරයෙක් වීමයි මවුපියන්ගෙ කැමැත්ත වුණේ. ව්‍යවසායකයෙක් වීමේ කැමැත්ත යටි හිතේ තියාගෙන මුලින්ම මවුපියන්ගෙ කැමත්ත ඉටු කරන අධිෂ්ඨානය මගෙ හිතේ තිබුණත් මම ඉගෙන ගත්තේ හරිම සැහැල්ලුවෙන්.”

උසස්පෙළ විභාගය අවසන් වූ වහාම රක්ෂණ අලෙවි නියෝජිතයකු බවට පත්වූ දිලිත් ජයවීර එයින් ලද සාර්ථකත්වය කෙතරම්ද කිවහොත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ආසන්න වන විට යතුරු පැදියක් පමණක් නොව කොට්ටාව ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගන්නටද සමත් විය. මවුපියන්ගේ නීතීඥ සිහිනය සැබෑ කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වන ඔහු සරසවි සිසුවකු ලෙස අර්ධකාලීන රැකියා කිහිපයකද නිරත විය.

කලක් ඔහු තර්ක ශාස්ත්‍රය අමතර පන්ති කළේය. අගනුවර ප්‍රකට ඖෂධ බෙදාහැරීමේ ආයතනයක අලෙවි සහායකයකු ලෙසද කටයුතු කළ අතර එම ක්ෂේත්‍රය පිළිබඳ ඇතිවූ උනන්දුව කෙළවර වන්නේ ඔහු ඒ පිළිබඳ න්‍යායික දැනුමද සපුරා ගැනීමෙන් අනතුරුවය.

“මම හිතන්නේ ඒ තුළින් ව්‍යාපාරික ලෝකයට ප්‍රවිෂ්ට වීමට මට විශාල දොරක් විවෘත වුණා. ඒ කාලේ රටේ තිබුණු තත්ත්වය නිසා එක දිගට කැම්පස් වහලා තිබුණේ. නමුත් ඒ කාලය විවිධ ව්‍යාපාර කරමින්, රැකියාවල නිරත වෙමින් ඵලදායීව ගතකළා. ට්‍රයඩ් ආයතනය පටන් ගත්තේ මම සරසවියේ දෙවැනි වසරේ ඉගෙන ගන්නකොට. කැම්පස් එකේදී ශිෂ්‍ය දේශපාලනයේ නිරත වූ මම වැඩිපුරම කළේ පෝස්ටර් අලවපු එකයි, ලීෆ්ලට් ලියපු එකයි ”

” එහෙත් එදා අපි සරසවිය තුළ කළ ශිෂ්‍ය දේශපාලනය තුළ ජාතික දේශපාලනට බලපෑම් කළ හැකි මතවාදී අරගලයක් තිබුණා. නමුත් බොහෝ විට අද ශිෂ්‍ය දේශපාලනය විවිධ න්‍යාය පත්‍ර තුළ සිරවෙලා. ඒ වගේම අද බොහෝ තරුණයන් තුළ තිබෙන්නෙ උපාධිය ගත්තහම ඒ දැනුමම භාවිත කරලා රැකියාවක් කළ යුතුයි කියන වැරදි ආකල්පය.

විශ්වවිද්‍යාල තිබෙන්නේ පාසලක වගේ කාලසටහනක් අනුව විෂයයන් ඉගෙන ගැනීමට නෙවෙයි. උපාධියක් තියෙන ගොඩක් අය හිතන්නේ කළමනාකාර තනතුරකින්ම රැකියාව ආරම්භ කළ යුතුයි කියලා. එය නිසරු, නිෂ්ඵල අදහසක්. උපාධියක් තිබෙන කෙනෙකුට එය නැති කෙනෙකුට වඩා හොඳින් ජීවිතේට මුහුණ දෙන්න ශික්ෂණයක් ලැබෙනවා. විශ්වවිද්‍යාල පරිසරය, දේශපාලනය, අභියෝග, පෙම් කතා ආදී සියල්ල ඒ ජීවිතයේ කොටස්. උදාරහණයක් විදිහට මාත් ඇතුළුව බිම් මට්ටමින් ව්‍යාපාර පටන්ගෙන මේ වෙද්දි ඉහළ මට්ටමේ සිටින ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් උපාධිධාරීන්. ”

සාර්ථක ව්‍යවසායකයකු වීමට කැමති අයකුට අත්දැකීම් මෙන්ම න්‍යායික දැනුමද වැදගත් බව ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීරගේ විශ්වාසයයි.

‘‘ ව්‍යවසායකයකු වීමේ ආශාව උපතින්ම ලැබිය යුත්තක්. ඒ ආශාව වගේම ව්‍යාපාර ලෝකය පිළිබඳ න්‍යායික දැනුමකුත් තිබිය යුතුයි. තියරිය නොදැන පරිසරය අවබෝධ කරගන්න බැහැ වගේම තියරියටම කොටු වුණොත් නිර්මාණශීලීව හිතන්න බැරි වෙනවා. ඒ නිසා තියරිය දැනගෙන තමන්ගේ ක්‍රමයකට නිර්මාණශීලීව කටයුතු කළොත් සාර්ථක වෙන්න පුළුවන් ”

තමන්ගේ ක්‍රමයකට නිර්මාණශීලීව ජීවිත රාමුව සකස් කරගත් දිලිත් ජයවීර යෞවනයාගේ ජීවිතයට ප්‍රේමය හමු වන්නේද අහඹු ලෙසටය.

” ඇය නෙළුම්. මුලින්ම මට නෙළුම් හමුණේ කැම්පස් එකට එන්නත් කලින් මගේ යාළුවෙක් සූදානම් කළ විනෝද චාරිකාවකදි. ඉතා ආකර්ෂණීය සුන්දර යුවතියක් වූ ඇය දුටු පමණින්ම පිළිබඳ සිතක් පහළ වුණත් මම ඒ බව කිව්වෙ නැහැ. නැවත අපි කැම්පස් එකේදි හමුවුණා. ඒ දවස්වල හමුවුණාට, කතාබහ කළාට යාළුකමින් එහාට ගිය ප්‍රේම කතාවක් තිබුණේ නැහැ.”

ඔහු ඒ මතක මැදුරේ දොරටු විවර කරන්නේ නිසංසලේය. එහෙත් එකල සරසවියේ ශිෂ්‍ය දේශපාලනය තුළ කැපී පෙනෙන චරිතයක් වූ දිලිත් ජයවීර ට නිසංසලේ ප්‍රේමය විඳින්නට ඉඩක් නොතිබුණා සේය.

” ඒ කාලේ කැම්පස් එකේ කතාවක් තිබුණා ප්‍රේම කරන්න ගිහින් ඇනගන්නවා කියලා. මම ඒ වෙද්දි දේශපාලනික වශයෙන් කැම්පස් එකේ තරමක චරිතයක් වෙලා හිටපු හින්දා එහෙම ඇනගැනීමකට හිතේ පොඩි බයක් තිබුණා. බැරිවෙලාවත් ඇය මගේ යෝජනාවට අකමැති වුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා ප්‍රේම කරන්න ගිහින් මගෙ ප්‍රතිරූපෙට හානි කරගන්න කැමති වුණේ නැහැ. ඒ වගේම ඒ කාලේ මම හරිම කාර්යබහුල චරිතයක්. ශිෂ්‍ය දේශපාලන කටයුතු වගේම මිනිස්සුන්ට උදවු කිරීමත් බොහොම කැමැත්තෙන් කළේ.

කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු දෙකකට විතර පසුව මට ආයෙමත් ඇය හමුවුණේ මුලින්ම අපි දෙන්නා හමුවූ විනෝද චාරිකාව සංවිධානය කළ මිතුරාගේ පියාගේ අවමඟුලේදි. ඒක හරි අහඹු සිදුවීමක්. ආගිය විස්තර කතාකළාට පස්සේ මට හිතුණා තවත් ප්‍රමාද වෙන්න හොඳ නෑ කියලා. එදා රෑම මම නෙළුම්ට ආදරේ ප්‍රකාශ කළා. පහුවදා උදේ වෙද්දි අපි ප්‍රේම කතාව පටන් ගත්තා. ”

ඔහු කියන්නේ සොම්නසිනි. එදා එලෙස ඇරඹි පෙම් කතාව තවත් අරුත් ගැන්වෙන්නේ ඇය ඔහුගේ ජීවන සහකාරිය බවට පත්වීමෙනි.

” අපි විවාහ වෙද්දි මට තිබුණේ එක ව්‍යාපාරයක් විතරයි. ව්‍යාපාර හතළිස් ගාණක් ගොඩනඟන්න, ඒවායේ වැඩ කරන්න මට හැකිවීම තුළම නෙළුම්ගේ ආදරය, සහයෝගය සහ විශ්වාසය කැපී පෙනෙනවා. ඇය ව්‍යාපාර කටයුතු සඳහා මැදිහත් වන්නේ නැහැ. නිවසේ රැඳුණත් ඇය සමාජය ගැන පුළුල් අවබෝධයක් සහිත වීම මගේ කටයුතුවලට විශාල පහසුවක්. මම ඇයගේ කැමතිම ගතිගුණ ඇය ඉතා සරල, තෘප්තිමත් ගැහැනියක් වීමයි. අදටත් අපි හොඳම යාළුවෝ. අපි දෙන්නගේ ගතිගුණ සිතිවිලිවල සමාන බවක් තිබීමත් මේ ගමනට පහසුවක්. ඒ නිසාම මගේ සාර්ථකත්වයේ ‍සෙවණැල්ල ඇය කිව්වොත් නිවැරදියි”

ඒ බැඳීම තුළින් ජීවිතයට ලැබෙන සැනසීමට ඔහු බිරියට කෘතඥ වූයේ එලෙසිනි. සතුටින්, සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන මේ ප්‍රකට ව්‍යවසායකයා හතළිස් ගණනක් වන සිය ව්‍යපාර සමූහයේ සේවය කරන හය දහසකට අධික මානව සම්පත ගැන කතා කරන්නේද නිහතමානී ආඩම්බරයකිනි.

” මගේ සාර්ථකත්වයේ ගෞරවය ඔවුන් සියලු දෙනාටම අයිතියි. එවැනි විශාල පිරිසකට ජීවිතයට ශක්තියක් වීමට හැකිවීම විශාල ආත්ම තෘප්තියක්. තවත් කෙනෙක් සතුටින් තියන්න විශාල දේවල් කරන්න අවශ්‍ය නැහැ. මේ ගතවෙන මොහොත නැවත කවදාවත් එළැඹෙන්නෙ නැහැ.

ඒ නිසා ඒ මොහොත හැකි තරම් සතුටින් ඵලදායීව ගතකළ යුතුයි. මට තියෙන එකම ආතතිය මිනිස්සු එය තේරුම් නොගෙන කටයුතු කිරීමයි.”

වත්මන් සමාජය තුළ බොහෝ දෙනකු කල්ගෙවන්නේ ආතතියෙනි. ඔහු වැනි වගකීම් බහුල ව්‍යවසායකයකු ඊට මුහුණ දෙන්නේ කෙසේද?  මගේ පැනයට ඔහුගේ මුවඟ ඇඳුණේ සැහැල්ලු සිනහවකි. 

” මම මිනිසුන්ගේ මිනිසෙක්. ආතතිය නැතිකරගන්න හුදෙකලාව ඉන්න, සතුන් බලන්න කැලෑවලට යන්න මම කැමති නැහැ. ආතතියෙන් නිදහස් වෙන්න කලින් හිතන්න ඕන ඇයි අපි ආතතියට පත්වෙන්නෙ කියලා. තමන් වටා ඉන්න මිනිස්සු සතුටින් ඉන්නවා නම් තමන්ටත් සතුටින් ඉන්න පුළුවන්. මේක හැම සමාජ සම්බන්ධයකටම අදාළයි.

අවාසනාවකට ගොඩක් අය තමන් ළඟම ඉන්න මිනිස්සු අසතුටින් තියලා සතුට හොයන්න දිග නිවාඩුවක් අරගෙන ඈත කැලෑවකට යනවා. මම විශ්‍රාම යන්න, නිවාඩු ගන්න කැමැති නැහැ. මගෙ සතුට තියෙන්නෙ වැඩ කරමින් සතුටින් ජීවත් වීම තුළයි. මම සතුටු වෙන්නෙ පවුලෙ අය එක්ක, මිතුරන් එක්ක ඇවිදින්න යාමෙන්, එහෙමත් නැත්තම් මගේම තැනක ඔවුන් එක්ක විනෝද වීමෙන්. මට අවශ්‍ය හැම මොහොතකම මිනිස්සු අතර සතුටින් ඉන්නයි.

සමහරු දන්නේ නැහැ ඇයි තමන් ධනවත් විය යුත්තේ කියලා. රැස් කරන දේවල් පාවිච්චි නොකර ආතතියෙන් ඉඳලා අඩු වයසෙන් මිය යනවාට වඩා තමන් උපයා ගත් දෙයින් සෑහීමකට පත්වෙලා සතුටින් ජීවිතය ගතකිරීමයි වැදගත්. සිංහල, බෞද්ධ සභ්‍යත්වයෙන් පොහොසත් රටක ජීවත් වෙන අප ඒ සත්‍යය වටහාගත යුතුයි.”

දේශපාලනය පිළිබඳ ඔහුගේ නැඹුරුව ගැනද නොවිමසුවහොත් එය මේ කතාවට අඩුපාඩුවකි.

” මිනිසුන්ට නිර්දේශපාලනිකව ජීවත් වෙන්න බැහැ. තමන් කැමති කිසියම් දේශපාලන දර්ශනයක් වෙනුවෙන් කුඩා හෝ කැපකිරීමක් කරන්න හැම කෙනෙකුටම සිදුවෙනවා. ඒ නිසා ඒ ප්‍රමාණයට මමත් දේශපාලනිකයි..මම කැමති හැම මිනි­​සකුටම සතුටේ අගය වැටහෙන රටක් දකින්නයි..

සතුටින් ජීවිතය විඳින ඔහුට තවත් සැබෑ කරගත යුතු සිහින තිබෙනවාද? ඔහු ඊට පිළිතුරු දුන්නේ බොහෝ සැහැල්ලුවෙනි.

“මෙය සිහින පසුපස ආව ගමනක් නොවෙයි. සිහින හරි වෙහෙසකාරියි. සිහින නොදැක තමන්ගෙ දහදිය මහන්සියෙන් වැඩ කළාම දියුණුව කරා ළඟාවෙනවා වගේම තමා ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මට මම ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා. මම කැමති හැම මිනිසකුටම සතුටේ අගය වැටහෙන රටක් දකින්නයි…”

Continue Reading

Facebook

Advertisement

Updates

ප‍්‍රධාන පුවත්1 day ago

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලැයිස්තුව මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි...

ප‍්‍රධාන පුවත්2 days ago

නැගෙනහිර පලාතේ ලොක්කටත් කොවිඩ් හැදෙයි..

මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර...

ප‍්‍රධාන පුවත්2 days ago

හැදුනුම්පතේ අවසාන අංකය මත පමණක් නිවසින් බැහැර වන්න.. අළුත්ම නීතිය මෙන්න

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේ සිට නිවසකින් පිටවීමට අවසර ඇත්තේ...

ප‍්‍රධාන පුවත්2 days ago

ඇගළුම් සේවිකාවන් හදිසියේ ලෙඩවෙති.. 9%කට කොරෝනා..

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් (09) දින සිදු...

ප‍්‍රධාන පුවත්2 days ago

හෙට සිට රටටම ගමන් තහනම්…

හෙට (13) දින රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා රට පුරාම සංචාරණ සීමා පනවා ඇත. නමුත් එම...

උණුසුම් පුවත්2 days ago

රටෙන්ම වසංගතයේ බියකරු දත්ත සගවනවා.. චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම...

ප‍්‍රධාන පුවත්2 days ago

සියළු වෙළදසැල් රාත්‍රී 07ට වැහෙයි..

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා...

උණුසුම් පුවත්2 days ago

ලෝකයම මවිත කරමින් චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත...

ප‍්‍රධාන පුවත්2 days ago

ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන්...

ප‍්‍රධාන පුවත්3 days ago

ඔක්සිජන් ටැංකි විශාල තොගයක් ලංකාවට..

ශ්‍රී ලංකාවට චීනය විසින් විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර දසදහසක් ඇතුළු වෛද්‍ය උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News