Uncategorized
දෙරටටම වාසි වෙන්න ශ්‍රී ලංකා-පාකිස්ථාන හවුල් සමාගම්..

දෙරටටම වාසිදායක වන සේ පේෂකර්ම – සිමෙන්ති – සීනි – ඖෂධ වැනි කර්මාන්ත ආශ්‍රිතව ශ්‍රී ලංකා – පාකිස්ථාන හවුල් සමාගම් ඇරඹීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා පාකිස්ථාන ආයෝජකයන් කැමැත්තෙන් සිටින බවත් පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහම්මඞ් සාද් කතක් මහතා පැවසීය.
ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමේ දී ආයතනික සහ නීතිමය බාධාවන් පවතින බවත් එවැනි බාධාවන් ඉවත් කර දීමේ හැකියාවක් වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට තිබෙන බව තම විශ්වාසය බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පාකිස්ථාන මහ කොමසාරිස්වරයා කර්මාන්ත අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී මෙම අදහස් පළ විය.
එහි දී අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ එවැනි බාධාවන් පැවතීම පිළිබඳව තමන් කනගාටු වන බවය. ඒවා ජය ගනිමින් ඒවාට පිළියම් යෙදිය හැකි බැවින් අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් ද සමන්විත ශ්‍රී ලංකා – පාකිස්ථාන් ද්විපාර්ශ්වික කමිටුවක් පිහිටුවීමට ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බවය.
දෙරට අතර වාර්ෂිකව ඩොලර් බිලියන 01ක ආනයන – අපනයන වෙළඳාමක් සිදු කළ හැකිව තිබිය දී සාමාන්‍යයෙන් වාර්ෂිකව සිදුු කෙරෙන්නේ ඩොලර් මිලියන 450 – 500 අතර වෙළඳාමක් බවත් එය දෙරටටම වාසිදායක වන සේ ඉහත අගය දක්වා වැඩි කර ගත හැකි බවත් ද මෙහි දී ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.
වත්මන් රජය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ගොඩගැනීම සඳහා හිතකර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමේ දී කලාපීය හා ජාත්‍යන්තර සැපයුම් ජාලය හා සම්බන්ධ වෙමින් එය කළ යුතු බවත් එහි දී පාකිස්ථානය වැනි මිත්‍රයකුගේ සහයෝගය ඉතා වැදගත් බවත් මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය.
පාකිස්ථානය, ශ්‍රී ලංකාවේ සෑම දුෂ්කර අවස්ථාවකදීම සිටි මිත්‍රයකු බවත් ඒ මිත්‍රත්වය වර්තමානයේ මෙන්ම අනාගතයේ දී ද ඉතාමත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
මෙම අවස්ථාවට පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) අයේෂා අබු බකර් ෆහඞ්, වෙළඳ හා ආයෝජන අංශයේ ප්‍රධානී, අස්මා කාමල් යන මහත්මීහු සහ අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අමාත්‍ය සම්බන්ධිකරණ ලේකම්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය.
Uncategorized
තවත් කොරෝනා මරණ 03ක්!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.
Uncategorized
බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.
හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.
2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද්රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.
Uncategorized
සතොස ගැන බොරු කියූ අනුරට වහාම පිළිතුරු.. මාධ්‍ය නිවේදනයක්!

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින් සතොස සභාපතිවරයාට චෝදනා නගමින් පෙරේදා (04 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණා.
එහිදී මන්ත්‍රිවරයාගේ චෝදනාව වූයේ සතොස සභාපති සීනි මෙට්‍රික් ටොන් 5000ක් ඔහුගේ ඉහළ පෙළේ අයෙකුගේ මිත්‍රයෙක් ගෙන් තීරු බදු ඉවත් කළ විගසම මිලදී ගත් බවයි.
මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් එහි සත්‍ය කරුණු අණාවරණය කරමින් ලංකා සතොස ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්..


-
උණුසුම් පුවත්2 weeks ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
-
උණුසුම් පුවත්2 weeks ago
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
-
උණුසුම් පුවත්2 weeks ago
එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි