Connect with us

උණුසුම් පුවත්

ටික්ටොක් තාරකාව මරා දමයි.

ටික් ටොක් තාරකා පාකිස්තානී හරීම් ෂාට ඇගේ එක කුස උපන් සහෝදරයා විසින් ගෞරවනීය මරණයක් අත්කර දෙනු ලැබ ඇත. සමාජ මාධ්‍ය පවසන අන්දමට ඒ මරණය ඇයට සොහොයුරා විසින් උරුම කර දෙනු ලැබ ඇත්තේ ගෙල මිරිකීමෙනි. මැද පෙරදිග ඉස්ලාමීය භක්තිකයන්ගේ ගෞරවනීය මරණය යනු තම දහමේ ඉගැන්වෙන සංසකෘතික මතවලට පටහැනිව කටයුතු කිරීම වෙනුවෙන් පැනවෙන දඬුවමයි. හරීම් ෂාට ඊට පෙර සිය තාවකාලික නවාතැනේ දීම මහත් හිරිහැරයකට පත්වන්නට සිදුවී තිබේ.

පහර කෑමකට පවා ලක්වී ඇතැයි ඇය විසින්ම පවසනු ලබන්නේ කාන්තා ව්‍යසනය සම්බන්ධ වැඩසටහනක රූගත කිරීම් සඳහා ස්ලාමාබාද් නගරයට පසුගිය දාසය (16) වැනිදා පැමිණ සිටි අවස්ථාවේදී බව සිද්දි මාලාව පිළිබඳව සමාජ ජාලා වෙබ් අඩවිවල පළ වූ තොරතුරුවලින් මෙන්ම සයිබර් අවකාශ අපරාධ සම්බන්ධයෙන් ඇය විසින්ම කරන ලද පැමිණිල්ලක සඳහන් අන්දමටය.

ඇයගේ වචනවලින්ම පවසන්නේ නම් විස්තරය මෙසේය.

මම ඔම්නි උදා්‍යාන නිවාස සංකීර්ණයේ පදිංචිකාරියක්. මම කරච්චියේ සිට පසු ගිය මාර්තු දාසය( 16) වැනිදා රූගත කිරීමක් සඳහා ඉස්ලාමාබාද් නගරයට පැමිණ මහල් නිවාස සංකීර්ණයක කාමරයක ලැගුම් ගෙන සිටියා. එසේ සිටියදී අයේෂා නාශ් සහ ඇගේ පෙම්වතා වන බහදුර් ෂර් අකා අබ්දුල්ලා යන දෙදෙනා මාර්තු දහඅට වැනි (18) මා සිටි කුටියට බලහත්කාරයෙන් කඩා වැදී මට පහර දුන්නා. මගේ ගුවන් ගමන් බලපත්‍රය සොරාගත්තා. මා බ්ලැක් මේල් කළා. (තර්ජනය කර මුදල් ඉල්ලුවා)

සිද්ධියට සම්බන්ධ එහෙන් පලා ගොස් සිටින සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සොයන බවද පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති නාලිකා කීපයක ඇය සමග සාකච්ඡා දෙක තුනක් පවත්වා තිබේ. එපමණකි. මේ පහරදීම පිළිබඳව හෝ හරීම් ෂා ගැන හෝ මේ වනතුරුත් එතරම් කතාබහක් සමාජ මාධ්‍ය මගින් හෝ අසන්නට දැක ගන්නටද නැත. මහජනයා එසේ නිහඬව සිටීමට හේතුවක්ද තිබේ. ඒ මහජනයා හෝ සමාජ ක්‍රියාකාරීන් හෝ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කරන්නන් හෝ සමාජ මාධ්‍ය තාරකාවන් ගැන එතරම් තැකීමක් නොකරන බව කියන හෙයිනි. මේ සම්බන්ධව වැඩි දෙනාගේ මතය සිද්ධිය ප්‍රලාපයක් බවය. එතරම් ගණන් ගත යුතු මට්ටමේ නොවන හරීම් ෂා වැනි ශිල්පිනියන් මහජන අවදානය යොමා ගැනීම උදෙසා ඔය අන්දමේ වැඩ කරන බව වැඩි දෙනාගේ මතය වී තිබේ.

ඔය පළමු සිද්ධිය නොවේ. ඔයිට ඉස්සරත් ඔය වගේ සිද්ධි අනන්තවත් වෙලා තියෙනවා. ක්වැන්ඩීල් බාලොක් සම්බන්ධ සිද්ධියත් ඔය වාගෙ එකක්. මිනිස්සුවත් මාධ්‍යවත් ඔය වාගෙ දේවල් තුට්ටුවකටවත් ගණන් ගන්නෙ නෑ. ඒ තරම් ගන්න දෙයකුත් නැති ඇය පිළිබඳත් ඔය සිද්ධිය ගැනවත් මිනිසුන් කොහොමටවත් ගණන් ගන්නෙ නෑ. ඇය මහජන අවදානය ඇද ගන්න දඟලන්නියක්.

ඒ එක් අයකු ඉදිරිපත් කළ අදහසකි.

මාධ්‍ය තමයි ඇය මේ තත්ත්වයට ගෙනාවෙ. ඇය ස්ත්‍රීවර්ගයාගේ සමානාත්මතා ගැන කටයුතු කරන ක්‍රියාකාරිනියක්ගේ ප්‍රිතිරූපයක් වශයෙන් ගොඩ නැගුවේ. එහෙත් කනගාටුවට කරුණක් තමයි ඇයව කිසිවකු විසින් හෝ ගණන් නො ලබන බව. සමාජ මාධ්‍ය තාරකාවන්ගේ (ශිල්පිනියන්ගේ) හැටි ස්වභාවය කවුරුත් දන්නව. හරීම් ෂා කියන්නෙ කවුරුද කියන එක.

පසුගිය සති කීපයකට පෙර සමාජ මාධ්‍ය නාලිකාවලින්ම අනාවරණය කළා. ඇයට ශාරීරික වදහිංසා කළා කියන එක කිසිම කෙනෙක් සත පහකටවත් මායිම් කරන්නෙ නෑ. එහෙම කළා කියන එකේ අමුත්තකුත් නෑ. ගෘහස්ථ කාන්තා හිංසනය කියන්නෙ සාමාන්‍ය කාන්තාවන් සියලුදෙනාම පාහේ මුහුණ දෙන ප්‍රශ්නයක්.

පාකිස්තානයේ පවත්නා දෘඪතර (අතිශයින් දැඩි) නීති පද්ධතිය අනුව මේ සෑම සිද්ධියක්ම නිවෙස තුළම වැළලී යන්නේ කාන්තාවන් නිහඬතාවයේ අඳුරු බිංගේ තුළ සදාකාලිකව බන්ධනාගාර ගත කෙරෙමිනි. මේ අවාසනාවන්ත වදක ක්‍ෂේත්‍රය ලෝකයට විදාරණයවීම උදෙසා අවට වා තලයට හෝ කිසිදු සුසුම් රැල්ලක් මුසු නොවන බව මේ මාතෘකාව පිළිබඳව විචාරකයන්ගේ සාකච්ඡාවලට පාත්‍රවූ සෑම අවස්ථාවකම අවසානයට පැමිණි තීන්දුව වේ.

Click to comment

උණුසුම් පුවත්

රටෙන්ම වසංගතයේ බියකරු දත්ත සගවනවා.. චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර් මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා චෝදනා කරයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් ජනාධිපතිතුමාට හෝ නිවැරදි දත්ත ලබා නොදෙන බවත් රට ලොක්ඩවුන් කරගැනීමට නොහැකි එනිසා බවත් ඔවුන් චෝදනා කළහ. රූපවාහිනි වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Continue Reading

උණුසුම් පුවත්

ලෝකයම මවිත කරමින් චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන්නේ චීනයේ සයිනොෆාම් හා රුසියාවේ ස්පුට්නික් එන්නත් මෙරට නිෂ්පාදනය කිරීමට එම රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

මෙරට එන්නත් නිපදවීම සඳහා යෝජනා වී ඇති ස්ථානයක් නිරීක්ෂණය කිරීමට චීන සහ රුසියානු තානාපති කාර්යාලවලින් දැනටමත් එකඟතාවය පළකර ඇතැයිද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

Continue Reading

උණුසුම් පුවත්

රටපුරා දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට ලොක්ඩවුන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි…

කිසියම් ප්‍රදේශයක් හෝ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි හුදෙකලා කිරීමක් සිදුකළ හොත් ඒවායේ අත්‍යවශ්‍ය සේවා සැපයුම් හා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ආර්ථික පුනර්ජීවන හා දරිද්රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සියළුම දිස්ත්‍රික්ක ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති එම උපදෙස් පත්‍රිකාව මෙසේය.

Continue Reading

Facebook

Advertisement

Updates

Uncategorized1 day ago

17 වෙනිදා සිට ප‍්‍රදේශ රැසක් හදිසියේම ලොක්ඩවුන්..

දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම සේවා වසම් 38ක් හුදකලා කිරීමට තීරණය කර ඇත.මෙම හුදකලා කිරීම් 17 වන සඳුදා පෙරවරු 4.00 සිට...

ප‍්‍රධාන පුවත්3 days ago

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලැයිස්තුව මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි...

ප‍්‍රධාන පුවත්3 days ago

නැගෙනහිර පලාතේ ලොක්කටත් කොවිඩ් හැදෙයි..

මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර...

ප‍්‍රධාන පුවත්3 days ago

හැදුනුම්පතේ අවසාන අංකය මත පමණක් නිවසින් බැහැර වන්න.. අළුත්ම නීතිය මෙන්න

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේ සිට නිවසකින් පිටවීමට අවසර ඇත්තේ...

ප‍්‍රධාන පුවත්3 days ago

ඇගළුම් සේවිකාවන් හදිසියේ ලෙඩවෙති.. 9%කට කොරෝනා..

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් (09) දින සිදු...

ප‍්‍රධාන පුවත්3 days ago

හෙට සිට රටටම ගමන් තහනම්…

හෙට (13) දින රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා රට පුරාම සංචාරණ සීමා පනවා ඇත. නමුත් එම...

උණුසුම් පුවත්3 days ago

රටෙන්ම වසංගතයේ බියකරු දත්ත සගවනවා.. චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම...

ප‍්‍රධාන පුවත්3 days ago

සියළු වෙළදසැල් රාත්‍රී 07ට වැහෙයි..

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා...

උණුසුම් පුවත්3 days ago

ලෝකයම මවිත කරමින් චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත...

ප‍්‍රධාන පුවත්3 days ago

ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News