Uncategorized
විපක්ෂයේ විරෝධය නොතකා 20 සම්මත කරන්න ආණ්ඩුව තීරණය කලා..- SJB

සමගි ජන බලවේගය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
පාර්ලිමේන්තුවේදී පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී රජය විසින් 20 වෙනි සංශෝධනය ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා දින දෙකෙහි විවාදයට ගැනීමට බලාපොරොත්තුවන බව දැනුම් දුන්නා. එවිට විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරු දන්වා සිටියේ විවාදය සඳහා අවම දින 4 ක් වත් ලබාදිය යුතු බවය. අවසානයේ දින 3 ක් ඉල්ලුවත් රජය දැඩි ස්ථාවරයක සිටියා. 19 වන සංශෝධනය ගෙන ආවේ ආණ්ඩුව හා විපක්ෂයේ එකගත්වයෙනි. ආණ්ඩු පක්ෂයේ සිටියේ මන්ත්‍රීවරු 42 ක් නිසා විපක්ෂයේ 2/3 ලබාගෙන අවශ්‍ය සංශෝධන ලබා ගත හැකි විය. 19 වෙනි සංශෝධනය ඒවාගේම කාරක සභා කාමර වල සාකච්ඡා වට ගණනාවක් පැවතුනි.
නමුත් 20 වෙනි සංශෝධනය ගැන එවැනි එකගතාවයක් නැත. ඒවාගේම 19 වෙනි සංශෝධනය ගෙන ඒමේදී විපක්ෂය සමග සාකච්ඡා කරන ලදී. මෙවැනි පනතක් ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කල යුතු නමුත් රජය විසින් ස්ථාවර නියෝග අත්හිටවා එයත් වැලැක්වූවා.
ඒවාගේම කොවිඩ්-19 වසංගතයේ දෙවැනි අදියරය පවතින අවස්ථාවක මෙවැනි වැදගත් සහ මුලු රටටම බලපාන පනත් ගෙන ඒම පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට පටහැනි බව දන්වා සිටියා.
මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව දැන ගැනීමට ලැබෙන්නේ ගරු කථානායකවරයා විසින් 2020.10.20 වෙනි අගහරුවාදා දින ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව බැවින් 2020.10.21 වෙනි දින විවාදයට ගතහොත් එය අධ්‍යයනය කිරීමට කාලයක් නොමැති බව අප තරයේ ප්‍රකාශකර සිටියා. නමුත් ආණ්ඩුවේ බහුතර බලය පාවිච්චි කර හිතුවක්කාර, අත්තනෝමතික හා ඒකාධිපති වැඩපිළිවෙලේ පිළිබිඹුවක් ලෙස 21 හා 22 යන දිනයන් හි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාද කර විපක්ෂයේ විරෝධතාවය මධ්‍යයේ සම්මත කිරීමට තීරණය කරන ලදී.
රංජිත් මද්දුම බණ්ඩාර (පා.ම.) ලක්ෂ්මන් කිරිඇල්ල (පා.ම.)
ලේකම් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ
සමගි ජන බලවේගය ප්‍රධාන සංවිධායක
Uncategorized
තවත් කොරෝනා මරණ 03ක්!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.
Uncategorized
බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.
හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.
2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද්රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.
Uncategorized
සතොස ගැන බොරු කියූ අනුරට වහාම පිළිතුරු.. මාධ්‍ය නිවේදනයක්!

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින් සතොස සභාපතිවරයාට චෝදනා නගමින් පෙරේදා (04 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණා.
එහිදී මන්ත්‍රිවරයාගේ චෝදනාව වූයේ සතොස සභාපති සීනි මෙට්‍රික් ටොන් 5000ක් ඔහුගේ ඉහළ පෙළේ අයෙකුගේ මිත්‍රයෙක් ගෙන් තීරු බදු ඉවත් කළ විගසම මිලදී ගත් බවයි.
මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් එහි සත්‍ය කරුණු අණාවරණය කරමින් ලංකා සතොස ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්..


-
උණුසුම් පුවත්1 week ago
ප්‍රජා අයිතිය රැකගන්න හිටපු ජනපති මෛත්‍රී අනුරාධපුරේ ඥානක්කා හමුවීමට යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
මේ වෙලාවේ නම් ආණ්ඩු බලය අල්ලන්න හිතන්නවත් එපා – රනිල්ගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට උපදෙස්..
-
උණුසුම් පුවත්2 weeks ago
බටහිර ජැටියට ඉන්දියාව කැමති වේ.. අදානි සමාගම ගිවිසුමට සූදානම්…
-
උණුසුම් පුවත්2 weeks ago
විමල්ලා, ගම්මන්පිලලාට තනියෙන් ඡන්දෙ ඉල්ලන්න බැහැනෙ. අන්තිමට අපි ළඟට එන්නම වෙනවා – ප්‍රසන්න
-
උණුසුම් පුවත්1 week ago
විමල් වීරවංශලා සමග ප්‍රබල දේශපේ‍්‍රමී විපක්ෂයක් හදන්න සූදානම්..
-
උණුසුම් පුවත්1 week ago
වසර 4කින් කිරිපිටි ආනයනය නවත්වනවා – නවසීලන්ත අගමැති ආවත් ආයේ හැරෙන්නේ නෑ!
-
උණුසුම් පුවත්1 week ago
නව ප්‍රභේදය නිසා රට ලොක් ඩවුන් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ – කොවිඩ් රාජ්‍ය ඇමති
-
උණුසුම් පුවත්6 days ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..