Off Road
කුලියාපිටිය රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක්.. ICU හා තවත් වාට්ටුවක් වසා දමයි..

කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොරෝනා ආසාදිත බව හෙළිවී තිබේ.
ඒ හේතුවෙන් එම දැඩි සත්කාර ඒකකය සහ රෝහලේ තවත් වාර්තාවක් වසා දමා තිබේ.
ඇයට සමීපව කටයුතු කළ වෛද්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ තිස් දෙකක් නිරෝධායන යොමු කර තිබේ.
ඇය එම ප්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගී වූ බවට තොරතුරු ඇතැයි ද රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කරයි.
එම සාදයේ දී ඇය ආසාදිතයන් කිහිපදෙනකු මුණගැසුනු බවට තොරතුරු ඇති නිසා සිදුකරන ලද පරීක්ෂාවෙන් ඇයද ආසාදිත බව හෙලි වූයේ යයි ඔහු පැවසීය.
Off Road
සුරාබදු කප්පම් කරුවෙක් යාපනයයෙන්

යාපනය කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කයට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් සුරාබදු ලෙස ක්‍රියා කරන ප්‍රභාත් ජයවික්‍රම යන අය යාපනය දිස්ත්‍රිකයේ සුරාසැල් හා රෙස්ටුරන්ට් වලින් මසකට රුපියල් පනස්දහසක් බැගිනි හා යාපනය අර්ධද්වීපයේට ඇතුල් වන සෑම බෝතලයකින්ම රුපියල් 10 බැගින් කප්පම් ගනිමින් සිටින බවත්. එසේ නොගෙවන පුගලයන්ට හා සුරාසැල් හිමියන්ගේ බලපත්‍ර අහෝසි කරන බවට තර්ජනය කර ඇති බව වාර්තා වේ.
Off Road
ද්විත්ව පුරවැසි භාවය වගන්තිය ඇතුළුව 20 ට ඉදිරිපත් කළ සියළුම සංශෝධන 2/3 න් සම්මත වෙනවා. හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

විමල් වීරවංශ ප්රමුඛ ජාතිකවාදී කණ්ඩායම බැසිල් රාජපක්ෂට මිසක් 20 ට විරැද්ධ නෑ. ඔවුන්ගේ සැබෑ ප්රශ්නය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් අගමැති වෙන එක, ජනාධිපති අපේක්ෂකයා වෙන එක වැලැක්වීම මිසක්, 20 සංශෝධනයේ අහිතකර වගන්ති 30 කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර ගැනීම නොවේ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
සෞභාග්‍ය යේ ආණ්ඩුව අද ආණ්ඩුපක්ෂයේත්, විපක්ෂයේත් භුමිකා දෙකම රඟපානවා. මේ ආණ්ඩුව හදපු බලවේග අද විපක්ෂයේ භුමිකාව නිරූපනය කරන්න, පෙත්සම් අත්සන් කරනවා. පුවත්පත් සාකච්ඡා තියෙනවා. කුමන්ත්‍රණ කරනවා. වොයිස් කට් දෙනවා. විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට තියෙන්නේ ජනාධිපතිවරයා අතේ බලය ගොනුවීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. බැසිල් රාජපක්ෂ පිළිබඳ ප්‍රශ්නයක් යැයි තෙන්නකෝන් පැවසූවේ සාහසික වියරුව පරදවමු ජනතා ව්‍යාපාරය නාරාහේන්පිට පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී ය.
අවසනාවකට ලංකාවේ දේශපාලන අනාගතය තීරණය වන්නේ ප්‍රතිපත්ති මත නොවෙයි මෙවැනි පුද්ගලික කාරණා මතයි. 17, 18, 19, 20 ව්‍යවස්ථා සංශෝධන හතරම ඡන්දය දෙන මන්ත්‍රීවරු 23 ක් ඉන්නවා. දේශපාලන අවස්ථාවාදය මිසක් ප්‍රතිපත්තියක් නැති කම තමයි ප්රශ්නය.
20 වන සංශෝධනය පිළිබඳ විරෝධය ජනාධිපතිවරයා අත බලය ගොනුවීම පිළිබඳ ප්‍රශ්නයක්. අපිට තියෙන්නේ ඊලඟට රටේ අගමැති, ජනාධිපති බිළිබඳ ප්‍රශ්ණයක් නෙවෙයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 4 – 5 ක මහජන නියෝජිතයෝ 20 ට පක්ෂව ඡන්දය දෙනවා. ආණ්ඩුව 20 ට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව 150 ට වැඩිය මන්ත්‍රීවරු 155 කට වැඩිය සුදානම් කරගෙන ඉන්න බව පැහැදිවම පේනවා.
මම ප්‍රාර්ථනා කරනවා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඡන්දය අවසන් වෙන කොට බදුල්ල, රත්නපුර, මඩකලපුව දිස්ත්‍රික්කවල විපක්ෂයට එකම මන්ත්‍රිවරයෙක්වත් ඉතිරිවේවා කියලා යැයැ ද කීර්ති තෙන්නකෝන් පැවසීය.
20 ට නීතිපති හරහා ගෙනාව සංශෝධන ඇස්බැන්දුමක්. හරක් මරන්නේ නෑ කියලා, හරක් රවට්ටපු ආණ්ඩුවක් මේක. ඒ වගේම පහුගිය සති දෙකේ 20 ට විරුද්ධ වුණු පිරිසක් අද, එයට පක්ෂයි කියනවා. මේක පැහැදිලි ඩීල් එකක්. ඉතාම පැහැදිලි ඩීල් යුගයකට රට නැවත පැමිණිලා තියෙනවා. මේ ඩීල් එකේ ප්‍රතිඑලය තමයි ද්විත්ව පුරවැසි භාවය ඇතුළු සියළු සංශෝධන 2/3න් සම්මත කර ගැනීම.
20 සම්මත වෙලා දින දෙකකට පස්සේ ඇමරිකාවේ පොම්පියෝ ලංකාවට එනවා. ඒ කියන්නේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවා කියන එකයි. මේ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුමට විරුද්ධ වුණේ බොරු ඇමරිකන් විරෝධයක් දක්වලා, මිනිස්සුන්ගේ ඡන්ද ටික ගන්න විතරයි.
20 හරහා ආණ්ඩුව තමන්ට පාලනය කළ හැකි බොරු විපක්ෂයක් නිර්මාණය කර ගන්නට උත්සහ කරනවා. එකේ විපක්ෂ නායකයා විමල් වීරවංශ යි. මේ රටේ මිනිස්සු කවරුත් මේ බොරු අවස්ථාවදී විපක්ෂය රැවටෙන්නේ නෑ යැයි ද හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් පැවසීය.
Off Road
මායිම් ගමක ඉපිද නූල් කැබැල්ලකින් ලොව ජයගෙන දැවැන්ත විදේශ ආයෝජනයක් රැගෙන එන අපේ විද්‍යාඥයා….

ගෝලීය රෙදිපිළි හා විලාසිතා නිර්මාණ කර්මාන්තය තිරසාර පරිසර හිතකාමී කර්මාන්තයක් බවට පත්කළ හැකි පෙරළිකාර නව තාක්ෂණයක් ලොවට හඳුන්වා දෙමින් ග්ලෝබල් චේන්ජ් අවොර්ඩ් ජාත්‍යන්තර සම්මානය ඇතුළු දෙස් විදෙස් සම්මානවලින් පිදුම් ලබා ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තර තලය වෙත ගෙන ගොස් නූල් කැබැල්ලකින් ලොව ජයගත් ආචාර්ය අනුර රත්නායක නම් වූ අපේ මේ විද්‍යාඥයා ලක් මවගේ දරුවෙකු වීම අපට මහත් ආඩම්බරයකි.
වසර 15ක් එංගලන්තයේ ජීවත් වෙමින් අධිතාක්ෂණ රෙදිපිළි සම්බන්ධව ලෝකයේ බලවත් රටවල් වන ඇමෙරිකාව, එංගලන්තය, චීනය, ජපානය, ඉන්දියාව, ජර්මනිය, හොංකොං, නෙදර්ලන්තය, ඉතාලිය, ප්‍රංශය, ස්වීඩන්, සිංගප්පුරුව, ස්පාඤ්ඤය ආදී රටවල සංචාරය කරමින් එහි ප්‍රබල ආයතන සමග ඔහු සොයාගත් නව තාක්ෂණ පිළිබඳව පර්යේෂණ සහ මෙහෙයුම් සිදුකරමින් සිටින ආචාර්ය රත්නායක මේ වනවිට එංගලන්තයේ ස්ථාපිත අඩිටෙක්ස් සමාගමේ (adetexs) සභාපති ලෙස කටයුතු කරයි.
ඇමෙරිකාව සහ යුරෝපීය රටවල් සමග මෙම තාක්ෂණයෙහි ඇති නිවැරදිභාවය පිළිබඳව සිදු කරනු ලැබූ සියලු මෙහෙයුම් ව්‍යාපෘතිවල ප්‍රතිඵල අතිසාර්ථක වීම මත ලෝකයේ අධිතාක්ෂණ රෙදිපිළි සම්බන්ධ ප්‍රබල ආයතන මෙම නව තාක්ෂණය මිලදී ගැනීම සඳහා සැදී පැහැදී සිටී.
නමුත් අපේ රටේ දුරබැහැර මායිම් ගමක ඉපිද ලක්මවගේ සුවද විදිමින් අධ්‍යාපනයෙන් පරතෙරට ගිය මේ අපේ විද්‍යාඥයා එම පෙරළිකාර නව තාක්ෂණය සුවිශාල මුදල් ආයෝජනයක් ද සමග ලක්මවට දායාද කරන්නට සැරසෙන්නේ විශාල වශයෙන් ආර්ථික ප්රතිලාභ ද සලසා දෙමිනි.
පරිසර දූෂණයට පිළිතුරක්
වර්තමානයේ මිනිසාට ඇදුම නැතිවම බැරි අංගයකි. ඒ සඳහා ලොව පුරා විවිධ රටවල නොයෙක් අමුද්‍රව්‍යවලින් සහ නේක වර්ණ රටාවලින් සමන්විත විවිධ විලාසිතාවන්ගෙන් යුත් ඇදුම් බිලියන එකසියපනහක් පමණ වසරකට නිර්මාණය වේ. නමුත් භාවිතා කර අවසානයේ එම ඇදුම්වලින් සියයට අනුවක් පමණම කිසිදු විකල්ප ප්‍රයෝජනයක් නොගෙන කසළ ගොඩවලට එක්වන්නේ රෙදිපිළි කර්මාන්තය ලොව දෙවැනි විශාලතම දුෂිත කර්මාන්තය බවට පත්කරමිනි.
එම ඇදුම් නැවත ප්රතිචක්රීකරණයකර භාවිත කිරීම සඳහා විවිධ උත්සාහයන් දැරුව ද නිමි ඇදුම් නිෂ්පාදනයේ දී යොදාගන්නා අමුද්‍රව්‍යවල සංකීර්ණභාවය හේතුවෙන් සහ යොදාගන්නා අමුද්‍රව්‍ය කුමක් ද යන්න හරිහැටි නොදැනීමෙන් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය නිවැරදිව සිදු කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇත.
දැනට අදාළ අමුද්‍රව්‍ය කුමක්ද යන්න දැනගැනීම සදහා ඇති එකම ක්‍රමය ඇදුමේ ලේබලය පරීක්ෂා කරබැලීම වුව ද බොහෝ පාරිභෝගිකයන් තමන් මිලදී ගන්නා ඇදුම්වල ලේබලය ඉවත් කරන්නේ එය ශරීරයේ ස්පර්ශ වීම පීඩාකාරී වන බැවිනි.
ලේබලය තිබුණ ද එහි සටහන් බහුතරයක් සේදී මැකීයාම හේතුවෙන් තොරතුරු ලබාගැනීම අපහසුය. එබැවින් වර්තමානයේ ඇදුම් ප්‍රතිචක්‍රීකරණය සිදුකරන්නේ අමුද්‍රව්‍ය කුමක්දැයි අනුමාන කරමිනි. එය ප්‍රතිචක්‍රීකරණය අධික වියදම් සහිත හා දුෂ්කර කටයුත්තක් වීමට හේතු වී ඇත.
මීට සාර්ථක විසඳුමක් වශයෙන් ආචාර්ය අනුර රත්නායක විසින් නිර්මාණය කර ඇත්තේ නූලක ආකාර ඉතා සියුම් ඉලෙක්ට්‍රොනික පරිපථයකි. (RFID THREAD). එය ඇඳුමක් නිෂ්පාදනය කරන අවස්ථාවේ දී ඇඳුම තුළට ඇතුළත් කරයි. මෙහි ඇති සුවිශේෂී ගුණාංගය වන්නේ එය සේදීම හා මැදීම වැනි ක්‍රියාවලින් විනාශ නොවීමයි. එය ඉතා සියුම් නිසා සහ එය පවතින ස්ථානය පවා ඇඳුම භාවිත කරන්නාට නොදැනෙන නිසා පාරිභෝගිකයාට ලේබල්වලින් දැනෙන අපහසුව මෙමගින් ඇති නොවේ.
රෙදිපිළි කර්මාන්තයේ දත්ත කළමනාකරණය
දැනට ලෝකයේ රෙදිපිළි කර්මාන්තයේ දත්ත කළමනාකරණය සඳහා වඩාත් ජනප්‍රිය ක්‍රමය වුයේ බාර්කොර්ඩ් සංකේත ක්‍රමයයි. එමගින් තොරතුරු ලබා ගතහැක්කේ වරකට එක ඇඳුමක් බැගින් පමණි. උදාහරණයක් ලෙස ඇඳුම් මිලදී ගැනීම සඳහා වෙළඳසැලකට ගියවිට මුදල් අයකැමි විසින් ඇඳුම් එකින්එකෙහි ඇති බාර්කොර්ඩ් සංකේත ස්කෑන් යන්ත්‍රයට යොමුකරන අතර සොරකම් කිරීම වැළකීම සඳහා ඇඳුමේ සවිකර ඇති security tags ද එකින් එක ගලවනු ලැබේ. මෙය සඳහා සැලකිය යුතු කාලයක් වැයවන අතර පාරිභෝගිකයාට විශාල කාලයක් පෝලිමේ සිටීමට සිදුවේ.
නමුත් ආචාර්ය අනුර රත්නායක සොයා ගෙන ඇති මෙම නව තාක්ෂණය හරහා තෝරාගත් ඇඳුම් බෑගයේ තිබියදී ම අයකැමි වෙතට ළංවන විටම තත්පරයකටත් අඩු කාලයක දී සියලුම ඇඳුම් ස්කෑන් වන අතර security tags භාවිතා කිරීම ද අවශ්‍ය නොවේ. මෙම තාක්ෂණයේ දී වයර් රහිත රේඩියෝ තරංග භාවිත කරන නිසා කන්ටේනර් තුළ තිබියදීම වුව ද තත්පර කිහිපයකින් ඇඳුම් අතිවිශාල සංඛ්‍යාවක් ගණනය කිරීමට හැකියාව ඇත. එසේම මෙමගින් විශාල පරිමාණයේ ගබඩා කළමනාකරණය ඉතාමත් පහසුවන අතර නිෂ්පාදකයාගේ පටන් පාරිභෝගිකයා දක්වා සමස්ත පද්ධතියටම දැවන්ත මූල්‍යමය ප්රතිලාභ හිමි වනවා මෙන්ම ඇඳුම් ප්‍රතිචක්‍රීකරණ ද අඩු වියදමකින් ඉතා පහසුවෙන් කිරීමට හැකියාව ලැබී තිබේ. මෙමගින් ගෝලීය රෙදිපිළි හා විලාසිතා නිර්මාණ කර්මාන්තය තිරසාර පරිසර හිතකාමී කර්මාන්තයක් බවට පත් වේ.
නමුත් දැවැන්ත සමාගම් විසින් වරකට විශාල නිෂ්පාදන (RFID Threads) ප්‍රමාණයක් ඉල්ලුම් කරන බැවින් ඒ සඳහා විශාල ප්‍රමාණයේ මූල්‍ය ආයෝජනයක් කිරීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. කෙසේ වෙතත් විදේශ රටවලින් මෙම තාක්ෂණය මිලදී ගැනීම සඳහා දැඩි ඉල්ලුමක් තිබෙන අතර ජාත්‍යන්තර RFID tags නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රබල ඇමෙරිකානු සමාගමක්, කටාර් රාජ්‍යයේ ආයෝජකයෙක්, ඉන්දියාවේ සහ චීනයේ ආයෝජකයන් ඇමෙරිකන් ඩොලර් මිලියන 35කට අධික මුදල් ප්‍රමාණයක් පිරිනමමින් මෙම තාක්ෂණය එම රටවලට රැගෙන යාමට උත්සාහ කර ඇත.
තාක්ෂණය ලක්මවට දායාද කරයි
දැඩි කැපවීම් කරමින් ඔහු සොයාගත් මෙම තාක්ෂණය කෙසේ හෝ ලක්මවට දායා ද කරන්නට ඔහුට සිත පහළ වීමම ජාතියේ වාසනාවකි. මෙම තාක්ෂණය ශ්‍රී ලංකාවට දයාද කිරීම හරහා රැකියා දහස් ගණනක් බිහිවනවා පමණක් නොව විශාල වශයෙන් විදේශ විනිමයක් ද ශ්‍රී ලංකාවට ලැබෙන බව පැහැදිලි කරුණකි.
මේ වන විට යුරෝපීය ප්‍රබල සමාගමක් මේ සඳහා ආයෝජනය කිරීමට එකඟ වී ඇති අතර මෙම තාක්ෂණය යුරෝපයට ගෙන යාමට ඔවුන් වඩාත් කැමැත්තෙන් සිටී. නමුත් ආචාර්ය රත්නායකගේ ඉල්ලීම මත මෙම කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සියලු වැඩ කටයුතු සැලසුම් කර තිබේ.
පුරා තිස් වසරක් කුරිරු ත්‍රස්ත ග්‍රහණයට නතුව තිබූ වැලිඔය ප්‍රදේශයේ නිකවැව නම් වූ දුෂ්කර ගම්මානයේ උපත ලැබූ ආචාර්ය රත්නායක මොරටුව විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය ලබා 2004 වර්ෂයේ දී එංගලන්තයට ගිය අතර එංගලන්තයේ බෝල්ටන් විශ්වවිද්‍යාලය මගින් විද්‍යාපති ඉංජිනේරු උපාධිය ලබාගත්තේ ය. 2016 වර්ෂයේ එංගලන්තයේ නොටින්හැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලය මගින් නව පර්යේෂණ සම්බන්ධ පශ්චාත් උපාධිය හා අධිතාක්ෂණ රෙදිපිළි පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේය.
අධිතාක්ෂණ රෙදිපිළි සම්බන්ධව ලෝකයේ බලවත් රටවල් සමග උරෙනුර ගැටෙමින් රැකියා දහස් ගණනක් සහ සුවිශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාව තුළට ගෙන ආ හැකි මෙම නව තාක්ෂණය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට උත්සාහ දරන මේ අපේ විද්‍යාඥයාට සහයෝගය ලබා දීමට මේ වන විට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ.
”Made in Sri Lanka” සන්නාමය තව තවත් ජාත්‍යන්තර තලයට ගෙන යා හැකි නව නිර්මාණ බිහි කරන්නට ආචාර්ය අනුර රත්නායක මහතාට ධෛර්ය ශක්තිය ලැබේවායි අපි පතන්නෙමු.
රැකියා දහස් ගණනක් සහ විශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාව තුළට ගෙන ආහැකි මෙවන් තාක්ෂණයක් වෙනත් රටකට ග්‍රහණය කර ගැනීමට ඉඩ නොදී සිට රට තුළම රඳවා ගැනීමට වත්මන් ආණ්ඩුව මැදිහත් වීම පැසසුම් කටයුතු බව ද නොනකිව මනාය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය
-
උණුසුම් පුවත්2 weeks ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..
-
උණුසුම් පුවත්2 weeks ago
අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..
-
උණුසුම් පුවත්2 weeks ago
එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි