Connect with us

Uncategorized

අඩු ආදායම් ලාබී හා සමෘද්ධි පවුල් වලට අලුත් අවුරුද්දට නැවතත් රු. 5000

ආර්ථික පුනර්ජීවන කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර අලුත් අවුරුදු සමයේ අඩු ආදායම් ලාබී හා සමෘද්ධි පවුල් වලට රුපියල් 5000ක් ලබා දීම හෙට සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය වෙත පැවසිය..

Uncategorized

ඉදිරියේදී දිනකට ආසාදිතයන් 8,000-10,000ක් හමුවෙයි .. ?හැකිතාක් ගෙදරටම වී සිටින්න..

කොරෝනා පාලනය සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ජනතාව විනයකින් තොරව තවදුරටත් කටයුතු කරන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ දිනකට ආසාදිතයන් 8,000-10,000ක් වාර්තා වීමේ අවදානමක් ඇතැයි කොරෝනා රෝග පාලන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

මේ වන විට දිනකදී වාර්තා වන ආසාදිත පුද්ගලයෙකු තවත් හතර දෙනෙකුට වෛරසය ව්‍යාප්ත කළහොත් හා ජනතාව වෛරසය ව්‍යාප්තිය ගැන නොසැලකිලිමත් වුවහොත් මෙම ඉලක්කම් වාර්තා වනු ඇතැයිද ඇමැතිවරිය කියා සිටියාය.

අත්‍යවශ්‍යම කරුණකට හැර නිවසෙන් බැහැරව නොයන්නැයි ද ඉල්ලා සිටි ඇය නිවසින් බැහැරට යන්නේ නම් අනිවාර්යෙන්ම මුව ආවරණ නිසි ලෙස පළදින ලෙසද ඉල්ලා සිටියාය.

Continue Reading

Uncategorized

දින දෙකෙන් කොරෝනා සුවයි.. කොරෝනා සුව වෙන බෙහෙත මෙන්න.. ?

බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව මූලිකව ඇති වූ කොරෝනා පොකුර සම්පූර්ණයෙන්ම නැවැත්වූයේ තමන් විසින් බව අමිල සංජීව වෙද මහතා සඳහන් කරයි. තමන් විසින් නිෂ්පාදනය කරන ලද පැණි සහ කසාය මෙරට ලක්ෂ 20 ක ජනතාවට ලබාදී ඇති බවත් ඒ අතර කොරෝනා ආසාදිතයන් හැටදහසක් පමණ වන බවත් ඒ මහතා පවසයි. මෙම ඖෂධයෙන් කොරෝනා ආසාදිතයෙකු දින දෙකක් ඇතුළත සුව කළ හැකි බවද පැවසූ ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු පානය කල විට කොරෝනා වැලදෙන්නේ නැති බවත් සඳහන් කළේය. තමන් විසින් මෙම ඖෂධය ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ බවත් ඔහු කියා සිටී.

Continue Reading

Uncategorized

අධිඅවධානම් කලාප ලෙස නම් කල දිස්ත්‍රික්ක මෙන්න … ඉදිරිය අවධානම්..

මෙරට දිස්ත්‍රික්ක 8ක කොරෝනා ව්‍යාප්ති තත්ත්වය බෙහෙවින් බරපතළ වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ විසින් රජයට පෙන්වාදී ඇත. කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, මොනරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල තත්ත්වය ඉදිරියේදී තවත් බොහෝ බරපතළ වීමට ඉඩ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම දිස්ත‍්‍රික්කවල පවත්නා බරපතළ තත්ත්වය අනෙක් දිස්ත‍්‍රික්කවලද බරපතළ ලෙසින් ඇතිවණු ඇතැයි ද එම සංගමය රජය වෙත දැනුම් දී තිබේ. සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරන්නේ මෙම දිස්ත්‍රික් තුල පරීක්ෂණ විධිමත්ව සිදු කිරීම, ආසාදිතයන් රෝහල් ගත කිරීම, ආශ්‍රිතයන් හඳුනා ගැනීමද ප්‍රමාද වී ඇති නිසා තත්ත්වය බරපතල බවයි. මෙම බරපතල තත්ත්වයෙන් ගැලවීමට නම් වහා සංචාර සීමා පැනවීමට කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් රජයට පෙන්වා දුන් බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය.

Continue Reading

Facebook

Advertisement

Updates

ප‍්‍රධාන පුවත්1 day ago

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලැයිස්තුව මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි...

ප‍්‍රධාන පුවත්2 days ago

නැගෙනහිර පලාතේ ලොක්කටත් කොවිඩ් හැදෙයි..

මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර...

ප‍්‍රධාන පුවත්2 days ago

හැදුනුම්පතේ අවසාන අංකය මත පමණක් නිවසින් බැහැර වන්න.. අළුත්ම නීතිය මෙන්න

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේ සිට නිවසකින් පිටවීමට අවසර ඇත්තේ...

ප‍්‍රධාන පුවත්2 days ago

ඇගළුම් සේවිකාවන් හදිසියේ ලෙඩවෙති.. 9%කට කොරෝනා..

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් (09) දින සිදු...

ප‍්‍රධාන පුවත්2 days ago

හෙට සිට රටටම ගමන් තහනම්…

හෙට (13) දින රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා රට පුරාම සංචාරණ සීමා පනවා ඇත. නමුත් එම...

උණුසුම් පුවත්2 days ago

රටෙන්ම වසංගතයේ බියකරු දත්ත සගවනවා.. චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම...

ප‍්‍රධාන පුවත්2 days ago

සියළු වෙළදසැල් රාත්‍රී 07ට වැහෙයි..

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා...

උණුසුම් පුවත්2 days ago

ලෝකයම මවිත කරමින් චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත...

ප‍්‍රධාන පුවත්2 days ago

ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන්...

ප‍්‍රධාන පුවත්3 days ago

ඔක්සිජන් ටැංකි විශාල තොගයක් ලංකාවට..

ශ්‍රී ලංකාවට චීනය විසින් විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර දසදහසක් ඇතුළු වෛද්‍ය උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News