Connect with us

උණුසුම් පුවත්

පානදුරේ මහදවල් මිනීමැරූ දෙන්නම පොලිසියේ ඇස් වසා රටින් පනී : එකෙක් කටුනායකින්: අනෙකා බෝට්ටුවෙන්

පානදුරේදී මහා දවාලයේ ධිවර කාර්මිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම මෑතකදී මෙරට සිදුවුණු පාතාලයේ බිහිසුණු අපරාධයක් ලෙස සැලකිය හැකිය. බියක් සැකක් නොමැතිව මහා දවාලයේ ධිවර කාර්මිකයාට වෙඩි තබා ටී 56 ගිනි අවියද රැගෙන ඔවුන් පළායන්නේ නීතියට පවා යම් අභියෝගයක් කරමිනි. පොලීසිය සමග සෙල්ලම් කරමින් වෙඩි තැබූ ගිනි අවිය වෙනුවට වෙනත් අවියක් පානදුරේ සුසාන භුමියක දමා සැබෑ යතුරු පැදිය වෙනුවට සොරාගත් යතුරු පැදියක් බොල්ගොඩ ගඟට දමා පොලිසියට ඔත්තු දෙමින් ඔවුන් ලොකු සෙල්ලමක් පසුගිය සති කිහිපය තුළම දැම්මේය. ඒ ගැන මෙම තීරුව මගින් විටෙන් විට හෙළිදරව් කිහිපයක්ම කළේය.

පානදුර පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් කළ පරීක්ෂණවලට නිරන්තරයෙන් ඇඟිලි ගසමින් එම විමර්ශනවලට බාධාකරමින් පොලිස් ලොක්කෙක් ඒ හැම විටම කියා තිබුණේ වෙඩික්කරු සහ යතුරු පැදිකරු අද හෙටම භාරවෙන බවය. ගිනි අවිය සහ යතුරු පැදිය අපරාධකරුවන් විසින් එම අපරාධයට යොදාගත් එක බව කියා පොලීසිය භාර ඇමතිවරයාව පවා මේ නිලධාරීන් ඇන්දවිය. ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ඇමතිවරයා පවා එම අපරාධයට සම්බන්ධ අපරාධකරුවන් හෙළිකරගෙන ඇති බවත්, අපරාධයට යොදාගත් ගිනි අවිය සහ යතුරු පැදිය සොයාගත් බවත් පොලීසිය ගැන ආඩම්බරයෙන් කියන්නට වූයේ එබැවිනි. පොලීසිය තමාව අන්දවා ඇති බවක් ඇමතිවරයා අදටත් දන්නේදැයි ඇත්තේ ගැටලුවකි. ඒ ඇමතිවරයා එම ප්‍රකාශය කරන විට වෙඩික්කරුත්, යතුරු පැදිකරුත් රටේත් නැති බැවිනි.

වෙඩික්කරු පැන ගන්නේ ඉන්දියාවටය. ඒ බෝට්ටුවක නැගීය. යතුරු පැදිකරු පැන යන්නේ ඩුබායි වෙතය. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක නැගී ඉකුත් 10 වෙනිදා අලුයම් කාලයේදීය.

හපුආරච්චිගේ දොන් පියුම් හස්තක නැමැති එම යතුරුපැදිකරු 1998 වසරේ නොවැම්බර් 27 වෙනිදා කළුබෝවිලදී උපන් අයෙකි. ඔහුගේ පදිංචි ලිපිනය ලෙස සැලකෙන්නේ පානදුර අළුබෝමුල්ලේ අරුක්ගොඩ, කමරදූවයි. මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බවට හඳුනාගෙන ඇති ඔහු ඩුබායි බලා යන්නේ ඊට දින කිහිපයකට පෙර ඔහුගේම ජාතික හැදුනුම්පත ඉදිරිපත් කර ඔහුගේ නමින්ම එක්දින සේවය යටතේ ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයකිනි. ඒ සංචාරක වීසාවක් යටතේය.

ධීවර ව්‍යාපාරිකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා රටින් එසේ යන්නට ඉඩ දුන් පිරිස් එය වසා ගැනීමට ලකුණු දා ගන්නේ එම ඝාතනයට ඝෘජු සම්බන්ධකමක් නොමැති වෙඩික්කරුට සහ යතුරුපැදිකරුට ඉන්න හිටින්නට සහ කන්න බොන්න දුන් බව කියන කිහිප දෙනෙක් අත්අඩංගුවට ගනිමිනි. ඊට මාධ්‍යයෙන් පුළුල් ප්‍රචාරයක් පවා ලබාදෙන්නේ ඇමතිවරයාව ඉදිරියට දමාය.

පොලීසිය ඇමතිවරයාව මේ ආකාරයට රැවටීමකට ලක්කළ පළමු අවස්ථාව වන්නේ මෙය නොවේ. වරක් ඔහුව රවටන්නේ මෙම වසර තුළ පමණක් පොලීසියේ 20000ක් පමණ විශ්‍රාම යන බවට අලි බොරැවක් අතාරිමිනි. පොලිසීයේ පිරිස් පාලන අංශයේ වාර්තාවන්ට අනුව මෙම වසරේ විශ්‍රාම යන්නට සිටින්නේ සැබෑ ලෙසම නිලධාරීන් 1424 දෙනෙක් පමණි. ලබන වසරේ විශ්‍රාම යන්නට නියමිතව සිටින්නේ 1742 දෙදෙනෙක් පමණි. මේ අකාරයට 2028 වසර දක්වා නිලධාරීන්ගේ සංඛ්‍යාව එකතු කළත් පොලීසියේ විශ්‍රාම යන්නේ නිලධාරීන් 18096 දෙනෙක් පමණි. 2029 දී පමණක් විශ්‍රාම ගැනීමට සිටින නිලධාරීන්ගේ ගණන 3070 කි. මේ දත්තයන්වලට අනුව පොලීසිය ඇමතිවරයාව රවටා ඇති තරම සිතා ගන්නට පුළුවනි.

එහෙත් ඒ ගැන නොදත් ඇමතිවරයා පොලීසියේ බොරුව ඇත්තක් යැයි සිතා මාධ්‍ය හමුවේ පවා පැවැසුවේ විශාල පිරිසක් විශ්‍රාම යාමෙන් පොලීසිය දැඩි අසීරුතාවකට පත්වන්නට ඉඩ ඇති බවට අනතුරු ඇගයීමක්ද කරමින් බඳවා ගැනීම් වේගවත් කරන බව කියමිනි.

පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවයේ නිරතව සිටින නිලධාරීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ අසූ දහසකට අඩුවෙනි. මෙම නිලධාරීන්ගෙන් හතළිස් සහසක් පමණ පිරිසක් ප්‍රභූ ආරක්ෂාවේ නිරත වන බවට පවා ලොකු බොරුවක් ඇමතිවරයාට පොලිස් ලොක්කන් ඇද බා තිබුණේය. ඇමතිවරයාත් ඒ සංඛ්‍යා දත්ත විශ්වාස කරමින් ප්‍රභු ආරක්ෂාවට සිවිල් ආරක්ෂක නිලධාරීන් යොදා පොලීසියේ රාජකාරියට පොලිස් නිලධාරීන් නිදහස් කිරීමට පියවර ගන්නා බව මාධ්‍ය හමුවේ සඳහන් කළේය. එහෙත් ඒ සංඛ්‍යා දත්ත කොතරම් නිවැරදිදැයි පොලීසිය තුළම මේ වන විට පවතින්නේ දැඩි කථාබහකි. ඒ ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ සැබෑ ලෙසම නිරතව සිටින්නේ ඒ කියූ ගණනින් අඩකටත් අඩු නිලධාරීන් පිරිසක් වන බැවිනි.

රුවන් වෙඩිවර්ධන

Click to comment

උණුසුම් පුවත්

ගෑවුනොත් එවෙලේම සිහි නැති වෙයි.. අරුම පුදුම යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි.

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක් තුළ  දැවැන්ත යෝධ දළඹුව හමුව ඇති බව එහි සේවක මහතෙකු අපට පවසා සිටියේය. අදාල සේවක මහතා පොල් ගස් නිරික්ෂණය කරමින් සිටියදී මෙම දළඹුවා දක්නට ලැබී ඇති බව කියයි.දිගින් අඟල් 8-10ත් අතර, ප්‍රමාණයකින් යුක්ත වුවද ශරීරය හැකීලීමේ හා දිගහැරීමේ හැකියාවක් දළඹුවා තුළ දැක ගත හැකි බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ. ශරීරය පුරාව දිගට වැඩුන කෙදි ආකාරයේ විශේෂිතවූ ලොම් වලින් ගහන වූ මෙම දළඹුවාගේ මතුපිට සම පොළගෙකුගේ සිරුරට සමාන බවක් දක්නට ලැබෙන බවත්, හිස පෙදෙස තද වර්ණයෙන් යුත් දම් පැහැයක් ගන්නා අතර, බඩ පෙදෙස තද කළු සහ දුඹුරු මිශ්‍ර වර්ණයෙන් යුක්තව ඇති අතර, සමාන්තරව ඝනට වැඩුන පාද දක්නට ලැබේ. ජනවහරේ පැවසෙන පරිදි වැඩිහිටියන් මෙම දළඹුවා පොළොන් දළඹුවා ලෙස හඳුන්වනු ලබන අතර, අධික විෂ සහිත වූ මෙම දළඹු විශේෂය මිනිස් සිරුරක ස්පර්ෂ වූවවොත් ක්ලාන්තය හෝ සිහිමුර්ජාවට ලක්වන බව කියයි.

උපුටා ගැනීම – පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

Continue Reading

උණුසුම් පුවත්

විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ අවසන් තරඟය සඳහා සහභාගී වූ 20 දෙනාගෙන් කිහිප දෙනෙකු කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. ඔවුන් එහිදී චෝදනා කළේ සංවිධායකයන් විසින් තමන්ම රවට්ටන ලද බවත් පුෂ්පිකා ද සිල්වා ට කිරුළ ලබාදීමට තමන්ව පාවිච්චි කළ බවත්ය.එම තරගයේදී පළමුව ඉදිරිපත් කර තිබූ නීති මාලාව පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් මතු වූ බවද ඔවුන් කියා සිටියහ.

තරගයට සහභාගී වූ සියලු තරගකාරියන් විවාහක විය යුතු බවත් ඔවුන්ගේ ස්වාමි පුරුෂයා ද සාක්ෂිකරුවන් ලෙස පැමිණිය යුතු බවත් දැනුම් දුන්නද පසුව එම කොන්දේසි නොතකා හැරි බව ද ඔවුන් චෝදනා කළහ. එමෙන්ම තරගාවලියේ දී පවත්වන්නට නියමිතව තිබූ ස්වාමි පුරුෂයා සමග ඉදිරිපත් කිරීමද මෙවර අවලංගු කර තිබූ බවත් කියා සිටියහ. එහිදී ලෝක විවාහක රූ රැුජින ලෙස කැරොලයින් ජූරිගේ හැසිරීම නිවැරදි බව ද පැවසූ එම පිරිස පුෂ්පිකා ද සිල්වාට විශේෂ සැලකීමක් සිදු කරමින් ඇය ජයග්‍රහණය කරවීම සඳහා සැලසුම් සහගතව කටයුතු කළ බවක් පෙනෙන්නට තිබූ බවද පැවසූහ.

Continue Reading

උණුසුම් පුවත්

පුෂ්පිකා ඩිෆෙන්ඩර් හා ආරක්‍ෂකයන් පිරිවරා..පොළොන්නරුවෙන් දේශපාලනයට..

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා පසුගියදා කුරුඳුවත්ත පොලීසියට පැමිණියේ ඩිෆෙන්ඩර් රථ සහ ආරක්ෂකයන් පිරිවරා ගෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී. ඇය එසේ පැමිණියේ දේශපාලන හයිය නිසා බවත් ඇය පසුපස දේශපාලනයක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි. පුෂ්පිකා ද සිල්වා කටයුතු කරන්නේ පොළොන්නරුවෙන් දේශපාලනය කිරීමේ අරමුණ ඇතිව බවද අද මෙරට කාන්තාවන් ලෝකයේ ප්‍රසිද්ධ වන්නේ ඔටුනු ගැලවීම වැනි කාරණා නිසා බවද පැවසූ ඔහු මීට පෙර ශ්‍රී ලංකාවේ කාන්තාවන් ප්‍රසිද්ධ වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ලෝකයේ පළමු අගමැතිනිය වීම නිසා යැයිද කියා සිටියේය.

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්1 day ago

ගෑවුනොත් එවෙලේම සිහි නැති වෙයි.. අරුම පුදුම යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි.

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක් තුළ  දැවැන්ත යෝධ දළඹුව හමුව ඇති බව එහි සේවක මහතෙකු අපට පවසා සිටියේය. අදාල...

උණුසුම් පුවත්1 day ago

විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ අවසන් තරඟය සඳහා සහභාගී වූ 20 දෙනාගෙන් කිහිප දෙනෙකු කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වනු...

උණුසුම් පුවත්2 days ago

පුෂ්පිකා ඩිෆෙන්ඩර් හා ආරක්‍ෂකයන් පිරිවරා..පොළොන්නරුවෙන් දේශපාලනයට..

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා පසුගියදා කුරුඳුවත්ත පොලීසියට පැමිණියේ ඩිෆෙන්ඩර් රථ සහ ආරක්ෂකයන් පිරිවරා ගෙන බව සමගි ජන බලවේගය...

උණුසුම් පුවත්2 days ago

ජනාධිපතිකම හරියට කරන්න බැරිනම් ගෙදර යන්න.. මං කනත්තේ ඉඩ වෙන් කරලා ආවේ. – මර්වින් සැරට කියයි

ජනාධිපති ධුරයේ කටයුතු හරි හැටි කිරීමට නොදන්නේ නම් රුහුණේ නම්බුව තබා ගෙදර යන්නයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය මර්වින්...

උණුසුම් පුවත්5 days ago

වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක්.. ඇත්ත මෙන්න!

2021/04/12 වන දින කෑගල්ල නගරයේ හදුන්කූරු විකුණූ මෙම ගැබිනි කාන්තාව වරකාපොල පොල ආසන්නයේ තම නිවස පිහිටා තිබෙන බව පවසා කූට...

උණුසුම් පුවත්5 days ago

සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි මාධ්‍ය ප‍්‍රකාශක...

Uncategorized5 days ago

ජනාධිපති අවුරුදු චාරිත‍්‍ර ඉටු කල හැටි. ඉතාම සරලයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුදු චාරිත්‍ර සැමරෑ අයුරු සිය සමාජ ජාල ගිණුමට එක් කර තිබේ.අලුත් අවුරුද්ද චාරිත්‍ර අනුව වැඩ...

ප‍්‍රධාන පුවත්1 week ago

රන්ජන් පාර්ලිමේන්තු ගේන්න හරීන් මන්ත්‍රීකමෙන් අස්වෙයි !

”ලබන මැයි මස පළමු සතියේදී රංජන් රාමනායක වෙනුවෙන් මම දේශපාලනික තීන්දුවක් ගන්නවා. මම ආණ්ඩුවට අභියෝග කරනවා, ඔවුන් එය ඉටු කළොත්...

Gossip1 week ago

රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..

අපිට වැඩිය දකින්න නොලැබෙන විදිහේ වෙනස්ම ආදර කතාවක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. මුහුණු පොතේ ගොඩක් අය කතා බහට...

උණුසුම් පුවත්1 week ago

උස අඩි දෙකහමරයි.. බියකරුයි.. නිට්ටෑවෙක් යයි ජනතාව භීතියෙන්. අයෙමත් නිරුවත් අගුටුමිට්ටෙක්

ඌව ආණ්ඩුකාර නිල නිවාසයට නුදුරින් බදුල්ල ග්ලෙන්ඇල්පින් වත්ත ආශ්‍රිත කැලෑ ප්‍රදේශයේ සැරිසරන බව පැවසෙන නිරුවත් අඟුටු මිට්ටෙක් නේත්‍රාගම වැසියන් කිහිපදෙනෙක්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News