Gossip
අරා පැස්බරා කිරුළ ගැන දැනෙන්න කියපු කතාව (VIDEO)

04) පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූවා. අදාළ තරඟයේ කිරුල පුෂ්පිකා ද සිල්වා මහත්මියට හිමිවූ අතර කිරුල පැළඳීමද ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් සිදු කරනු ලැබුවා. නමුත් එම අවස්ථාවේදී අදාළ තීරණයට විරුද්දව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජිණ ද වන කැරොලින් ජූරි මහත්මිය වේදිකාවට පැමිණ ප්‍රකාශ කලේ තරඟ නීති රීති වලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයෙකුට මිසක් විවාහයෙන් වෙන් වී දික්කසාදව සිටින අයෙකුට නොවන බවයි. එබැවින් අනුශූරතාවය දිනා ගත් තරඟකාරියට කිරුළ ලබා දෙන බව පවසමින් ඇය විසින් , අදාල තරඟකාරියගේ හිසෙහි පැළඳ තිබූ ඔටුන්න ගලවනු ලැබූවා. මේ කාරණා පිළිබඳව ඇය තම ෆේස්බුක් ගිණුම මගින් පැවසුවේ ඇය දික්කසාද කෙනෙකු නොවන බවයි. නමුත් ඇයගේ හිටපු සැමියා සමාජ මාධ්‍ය ඔස්සේ සදහන් කර ඇත්තේ ඇය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි. වසර 4 කට ආසන්න කාලයක් දික්කසාද නඩුව විභාග වෙමින් පවතින අතර එය අවසන් වීමට ආසන්නව පවතින බැවින් ඔහු සඳහන් කරයි.. කෙසේ නමුත් සියත රේඩියෝ වැඩසටහනේදී ඩීජේ අරා ඇන්ඩ් පැස්බරා කියා සිටියේ මෙවන් අදහසක් ..
Gossip
පොලිස් ඇමැති සින්දු කියලා විනෝද වෙන වීඩියෝ එකක් සමාජ ජාලා වල (VIDEO)

පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර අමාත්‍යවරයා ගී ගයමින් විනෝද වන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. පසුගිය දිනවල පැවැති උත්සව සමයේ අවස්ථාකට එක්වෙමින් ඇමැති සරත් වීරසේකර මහතා මෙසේ ගීත ගායනා කරන ආකාරයක් දැකගන්නට තිබේ. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අරුන්දුක ප්‍රනාන්දු මහතාත සහභාගී වී ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයාද මෙම සිoදුව කියන්නට සහාභාගී වෙයි.
Gossip
ඔහු බීමතින් ඇවිත් මගේ අම්මට මෝල් ගහෙන් ගැහුවා.. මන් පිටිපස්සේ.. දමිතා කියපු දුක්බර කතාව

අපේ කළා ක්ෂේත්රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි දමිතා අබේරත්න. රංගනය තුල ඇයගේ හපන්කම් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඇයගේ කැමතිම ගීතයක් ගැන කතා කරමින් ඇය පහුගිය දවසක මේ විදිහට කවුරුත් නොදන්නා දුක්බර කතාවක් හෙළි කරලා තිබුණා.
මන් හිතන්නේ අපි මිනිස්සු එක්ක ජීවත් වෙන විදිහ අනුව තමයි අපිට මිනිස්සුන්ව දැනෙන්නේ. අපි රඟපාන්නේ කලු සුදු චරිතද කියන එකටත් වඩා ඒ චරිතයට අපි කරන සාධාරණය අනුව අපි අවංකව ජීවත් වීම තුලයි අපි මිනිස්සුන්ගේ හදවත් තුල ඉඩක් වෙන් කර ගන්නේ. මන් මගේම කරගත් හුගක් ගීත මට තියනවා. ඒ ගීත අතරින් අද මන් කතා කරන ගීතය මට හරි විශේෂයි. ඒක මම පොඩි කාලේ ඉදලාම කැමති ගීතයක්. කුමාරදාස හපුතන්ත්‍රී ලියු රෝහණ වීරසිංහ සංගීතවත් කල දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගායනා කරපු පිදු සෙනෙහෙ පිදු පියෙකු නොමැති ලොව කියන ගීතය තමයි ඒ. ඒ ගීතයට පුංචි කාලේ ඉදන්ම ආදරේ කරන්න හේතුව තමයි මගේ තාත්තා බීමට ඇබ්බැහි උන කෙනෙක්. මම අවුරුදු තුනේදී විතර තාත්තා අපිව අත් හැරලා ගියා. අම්මා හරි අහිංසකයි. අපිව හදාගෙන අම්මා තනියම ජීවත් වුණා. තාත්තා අපිව අතහැරලා ගිය දවසේ පටන් මට අම්මා තාත්තා දෙන්නාම උනේ මගේ අම්මා. අපි ජීවත් වුනේ පුංචි තැනක. මගේ අම්මා දවසක් රෑ 12ට විතර බිලා ගෙදර එන තාත්තට කෑම බෙදද්දී එක පාරටම මෝල් ගහක් අරන් අම්මගේ නළලට ගැහුවා. එතකොට මට අවුරුදු තුනක් විතර ඇති. කිසිම වරදක් නොකළ අම්මට එහෙම ගහද්දි මට පුදුම කම්පනයක් දැනුණේ. අදටත් අම්මගේ නළලේ ඒ ගැටේ තියනවා. ඒ මොහොතේ මාත් මේ දේම තාත්තට කරනවා කියලා ලොකු වෛරයක් මගේ හිතට එක පාරටම ආවා. ඒත් ළමයින්ට ආදරේ කරන තාත්තලා දැක්කාම මට හරි ආදරේ හිතෙනවා. මන් ඇත්තටම මුලින් තාත්තට ආදරේ කලේ නැහැ. මන් එක පාරක් මහා රෑ වාහනෙන් පෙරලෙන්න ගිය. මමයි රියදුරුයි විතරයි වාහනේ. මන් පිටිපස්සේ හිටියේ. මන් හෙල්ලුනොත් වාහනේ පල්ලමට වැටෙන තැනට තිබ්බේ. එදා මට හිතුණා මේ වාහනේ වැටුනොත් මගේ ජීවිතේ ඉවරයි. මගේ ජීවිතේ ඉවර උනොත් තාත්තා එක්ක ලොකු වෛරයකින් මම මැරෙන්නේ. මගේ හිත එදා කිවුවා මේ වෛරය එක්ක ජීවත් උනොත් ඊලග භවයෙත් මට හොඳ තාත්තා කෙනෙක් නැති වෙයි. මම මොකක් හෝ පෙර කරන ලද කර්මයක් නිසා මට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. එදා මට හිතුණා ඇයි මන් තාත්තට වෛර කරලා මැරෙන්නේ කියලා. එදා මන් හිතුව අද දවසේ මන් බේරුනොත් මන් ඉස්සරවෙලාම කරන්නේ මගේ තාත්තට සමාව දෙන එක කියලා. මන් ඊට පස්සේ තාත්තාගෙන් සමාව ගත්තා කියලයි ඇය අවසානයේ ප්‍රකාශ කරලා තිබුනේ.
Gossip
රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..

අපිට වැඩිය දකින්න නොලැබෙන විදිහේ වෙනස්ම ආදර කතාවක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. මුහුණු පොතේ ගොඩක් අය කතා බහට ලක් කරපු ආදරණීය යුවලක් තමයි මොවුන්. ඉතින් ඇත්තටම මේ දෙන්නා හරි ආදරණීය සුන්දර කපල් එකක් කිවොත් නිවැරදියි. කොහොම නමුත් අපේ රටේ තරුණයෙක් සමඟ විවාහ වුනු මේ තරුණිය අපේ රටේ කෙනෙක් නම් නෙමෙයි. අපේ රටේ ඕනෑ තරම් පිරිමි අය පිට රට කෙල්ලොත් එක්ක විවාහ වෙනවා තමයි. නමුත් මේ වගේ විවාහයක්නම් අපිට දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් මේ අපේ රටේ ඉන්න තරුණයෙක් කසාද බදලා තියෙන්නේ අප්‍රිකාවේ කෙල්ලෙක්ව. මේ විවාහය සිදු කරලා තියෙන්නේ අපේ රටේ අපේ චාරිත්‍ර වලට අනුකූලව. මේ කෙල්ලගේ නම තමයි සරා. කොල්ලගේ නම තමයි ප්‍රමෝද්. ඉතින් මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හඳවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය යුවලගේ ප්‍රී ශූට් එකේ ආදරණීය ඡායාරූප පෙළ පහතින් නරඹන්න.
-
උණුසුම් පුවත්1 week ago
සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..
-
උණුසුම් පුවත්1 week ago
කැරොලින් හරි දික්කසාදය ඇත්තක්.. පුශ්පිකා, චන්දිමාල්, රෝසි ඔක්කොම එකම පැත්තේ..
-
Sport1 week ago
ජනප්‍රිය ක්‍රිකට් තරුවට මාතර හෝටලයකදී තරු විසිවෙන්න සංග්‍රහයක්…
-
උණුසුම් පුවත්1 week ago
වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක්.. ඇත්ත මෙන්න!
-
උණුසුම් පුවත්2 weeks ago
රේනෝ සහ හිරු ජනපති ගෝඨාභය රාජපක්ෂව හැරයයි..!
-
උණුසුම් පුවත්3 days ago
විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..
-
උණුසුම් පුවත්1 day ago
ඇමති විදුර වික්‍රමනායක අත්අඩංගුවට ගන්නැයි නියෝග.
-
Gossip1 week ago
රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..