උණුසුම් පුවත්
රන්ජන් ඉවරයි. කතානායක නිල වශයෙන් කියයි (VIDEO)

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ධුරය පුරප්පාඩු වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. මේ බව සඳහන් කරමින් කතානායකවරයා මැතිවරණ කොමිසමටද ලිපියක් යවා තිබේ. සිරගතව සිටින රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙම විරෝධතාව ඔවුන් පල කලහ. විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කලේ කතානායකවරයා තමනට අදහස් දැක්වීමට අවස්ථාවක් නොදෙන බවටයි.
උණුසුම් පුවත්
ගෑවුනොත් එවෙලේම සිහි නැති වෙයි.. අරුම පුදුම යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි.

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක් තුළ දැවැන්ත යෝධ දළඹුව හමුව ඇති බව එහි සේවක මහතෙකු අපට පවසා සිටියේය. අදාල සේවක මහතා පොල් ගස් නිරික්ෂණය කරමින් සිටියදී මෙම දළඹුවා දක්නට ලැබී ඇති බව කියයි.දිගින් අඟල් 8-10ත් අතර, ප්‍රමාණයකින් යුක්ත වුවද ශරීරය හැකීලීමේ හා දිගහැරීමේ හැකියාවක් දළඹුවා තුළ දැක ගත හැකි බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ. ශරීරය පුරාව දිගට වැඩුන කෙදි ආකාරයේ විශේෂිතවූ ලොම් වලින් ගහන වූ මෙම දළඹුවාගේ මතුපිට සම පොළගෙකුගේ සිරුරට සමාන බවක් දක්නට ලැබෙන බවත්, හිස පෙදෙස තද වර්ණයෙන් යුත් දම් පැහැයක් ගන්නා අතර, බඩ පෙදෙස තද කළු සහ දුඹුරු මිශ්‍ර වර්ණයෙන් යුක්තව ඇති අතර, සමාන්තරව ඝනට වැඩුන පාද දක්නට ලැබේ. ජනවහරේ පැවසෙන පරිදි වැඩිහිටියන් මෙම දළඹුවා පොළොන් දළඹුවා ලෙස හඳුන්වනු ලබන අතර, අධික විෂ සහිත වූ මෙම දළඹු විශේෂය මිනිස් සිරුරක ස්පර්ෂ වූවවොත් ක්ලාන්තය හෝ සිහිමුර්ජාවට ලක්වන බව කියයි.
උපුටා ගැනීම – පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන
උණුසුම් පුවත්
විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ අවසන් තරඟය සඳහා සහභාගී වූ 20 දෙනාගෙන් කිහිප දෙනෙකු කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. ඔවුන් එහිදී චෝදනා කළේ සංවිධායකයන් විසින් තමන්ම රවට්ටන ලද බවත් පුෂ්පිකා ද සිල්වා ට කිරුළ ලබාදීමට තමන්ව පාවිච්චි කළ බවත්ය.එම තරගයේදී පළමුව ඉදිරිපත් කර තිබූ නීති මාලාව පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් මතු වූ බවද ඔවුන් කියා සිටියහ.
තරගයට සහභාගී වූ සියලු තරගකාරියන් විවාහක විය යුතු බවත් ඔවුන්ගේ ස්වාමි පුරුෂයා ද සාක්ෂිකරුවන් ලෙස පැමිණිය යුතු බවත් දැනුම් දුන්නද පසුව එම කොන්දේසි නොතකා හැරි බව ද ඔවුන් චෝදනා කළහ. එමෙන්ම තරගාවලියේ දී පවත්වන්නට නියමිතව තිබූ ස්වාමි පුරුෂයා සමග ඉදිරිපත් කිරීමද මෙවර අවලංගු කර තිබූ බවත් කියා සිටියහ. එහිදී ලෝක විවාහක රූ රැුජින ලෙස කැරොලයින් ජූරිගේ හැසිරීම නිවැරදි බව ද පැවසූ එම පිරිස පුෂ්පිකා ද සිල්වාට විශේෂ සැලකීමක් සිදු කරමින් ඇය ජයග්‍රහණය කරවීම සඳහා සැලසුම් සහගතව කටයුතු කළ බවක් පෙනෙන්නට තිබූ බවද පැවසූහ.
උණුසුම් පුවත්
පුෂ්පිකා ඩිෆෙන්ඩර් හා ආරක්ෂකයන් පිරිවරා..පොළොන්නරුවෙන් දේශපාලනයට..

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා පසුගියදා කුරුඳුවත්ත පොලීසියට පැමිණියේ ඩිෆෙන්ඩර් රථ සහ ආරක්ෂකයන් පිරිවරා ගෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී. ඇය එසේ පැමිණියේ දේශපාලන හයිය නිසා බවත් ඇය පසුපස දේශපාලනයක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි. පුෂ්පිකා ද සිල්වා කටයුතු කරන්නේ පොළොන්නරුවෙන් දේශපාලනය කිරීමේ අරමුණ ඇතිව බවද අද මෙරට කාන්තාවන් ලෝකයේ ප්‍රසිද්ධ වන්නේ ඔටුනු ගැලවීම වැනි කාරණා නිසා බවද පැවසූ ඔහු මීට පෙර ශ්‍රී ලංකාවේ කාන්තාවන් ප්‍රසිද්ධ වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ලෝකයේ පළමු අගමැතිනිය වීම නිසා යැයිද කියා සිටියේය.
-
උණුසුම් පුවත්5 days ago
සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..
-
උණුසුම් පුවත්1 week ago
කැරොලින් හරි දික්කසාදය ඇත්තක්.. පුශ්පිකා, චන්දිමාල්, රෝසි ඔක්කොම එකම පැත්තේ..
-
Sport1 week ago
ජනප්‍රිය ක්‍රිකට් තරුවට මාතර හෝටලයකදී තරු විසිවෙන්න සංග්‍රහයක්…
-
උණුසුම් පුවත්5 days ago
වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක්.. ඇත්ත මෙන්න!
-
උණුසුම් පුවත්2 weeks ago
රේනෝ සහ හිරු ජනපති ගෝඨාභය රාජපක්ෂව හැරයයි..!
-
උණුසුම් පුවත්1 day ago
විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..
-
Gossip1 week ago
රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..
-
උණුසුම් පුවත්1 week ago
අලුත් අවුරුද්ද ලග්න 6කට අතිවිශිෂ්ටයි : 4ක් පරෙස්සමෙන්: 2කට හොඳ නෑ