උණුසුම් පුවත්
විපක්ෂ මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට.. රoජන් නිසා පාර්ලිමේන්තුවේ ගාලගෝටියක්.. (VIDEO)

පාර්ලිමේන්තුවේ දී මීට ටික වේලාවකට පෙර ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවය දැක්වූ පාර්ලිමේන්තු නිලධාරීන් සෙංකෝලයේ ආරක්ෂාව සදහා ඒ අසලට පැමිණියහ. සිරගතව සිටින රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙම විරෝධතාව ඔවුන් පල කලහ. විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කලේ කතානායකවරයා තමනට අදහස් දැක්වීමට අවස්ථාවක් නොදෙන බවටයි.
Sport
මාලිංගගේ සුවිශේෂී IPL වාර්තාව බිද වැටෙන ලකුණු

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ අමරණීය සලකුණක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සුවිශේෂී වාර්තාවක් මේ වන විට ඔහුගෙන් ගිලිහී යාමේ අවධානමක් මතුව තිබෙනවා. අයි.පී.එල් තරගාවලිය තුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග, ඉනිම 122 ක් ක්‍රීඩා කරමින් බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 170 ක්. ඊට එක් ඉනිමක කඩුලු පහක් දවා ගත් අවස්ථාවක් සහ ඉනිමක කඩුලු හතර බැගින් දවා ගත් අවස්ථා හයක් ඇතුළත්. සමස්ථ තරගාවලි ඉතිහාසය තුළ වැඩිම කඩුලු ලාභියා ද වන්නේ ලසිත් මාලිංගයි. වසර ගණනාවක් පුරා ඔහුගේ නම ඉදිරියේ පැවති මෙම සුවිශේෂී වාර්තාව මෙවර තරගාවලියේදී බිඳ වැටීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව මේ වන විට දක්නට ලැබෙනවා.
ඒ, වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අමිත් මිශ්රා එම වාර්තාවට ඉතා ආසන්න වීමත සමගයි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට අමිත් මිශ්රා සමත්වුණා. ඔහු පන්දුවාර 4 තුළ ලකුණු 24 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වුණා. එම කඩුලු 4 ත් සමග අයි.පී.එල් තරගාවලි ඉතිහාසය තුළ අමිත් මිශ්රා බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 164 ක්.
ඒ සදහා ඔහු වැය කර තිබෙන ඉනිම් සංඛ්‍යාව 152 ක්. ලසිත් මාලිංග අභිබවා යමින් ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට 38 හැවිරිදි අමිත් මිශ්රාට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 7 ක් පමණයි. ලසිත් මාලිංග මේ වන විටත් ලීග් ක්‍රිකට් පිටියෙන් සමුගෙන අවසන්.
ලසිත් මාලිoග ගැන කෙටියෙන්… https://fb.watch/4-Di447OVi/
උණුසුම් පුවත්
පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු තිස්ස කුට්ටිආරච්චි ගහගනී..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිසුමේදී ගුටිබැට හුවමාරුවක් සිදු කරගෙන ඇත. පසුව පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රී පිරිස සහ පාර්ලිමේන්තු පොලීසිය මැදිහත් වී තත්වය පාලනය කර තිබේ. සභාව කල් තැබීමට පෙර පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අතර සභා ගැබේ දීම මෙම ගැටුම හටගෙන තිබිණි. ඉන් අනතුරුව කතානායකවරයා සභාව කල් තැබීමෙන් පසු මෙම ගැටුම හටගෙන තිබේ.
උණුසුම් පුවත්
තරගය සජීවීව මෙතනින් .. බoගලාදෙශය ප්‍රභල තත්වයක

ශ්‍රී ලoකාව සහ බoගලාදේශය සමගඉන් පැවැත්වෙන පලමු ටෙස්ට් තරගය මේ වන විට දබුල්ල ක්‍රීඩාoගනයේදී පැවැත්වෙනවා.. ප්‍රථමයෙන් කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරනවා. මේ වන විට ඔවුන් ප්‍රභල තත්වයක පසුවනවා.. තරගය සජීවීව මෙතනින් නරඹන්න
-
උණුසුම් පුවත්1 week ago
සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..
-
උණුසුම් පුවත්1 week ago
කැරොලින් හරි දික්කසාදය ඇත්තක්.. පුශ්පිකා, චන්දිමාල්, රෝසි ඔක්කොම එකම පැත්තේ..
-
Sport1 week ago
ජනප්‍රිය ක්‍රිකට් තරුවට මාතර හෝටලයකදී තරු විසිවෙන්න සංග්‍රහයක්…
-
උණුසුම් පුවත්1 week ago
වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක්.. ඇත්ත මෙන්න!
-
උණුසුම් පුවත්2 weeks ago
රේනෝ සහ හිරු ජනපති ගෝඨාභය රාජපක්ෂව හැරයයි..!
-
උණුසුම් පුවත්3 days ago
විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..
-
උණුසුම් පුවත්1 day ago
ඇමති විදුර වික්‍රමනායක අත්අඩංගුවට ගන්නැයි නියෝග.
-
Gossip1 week ago
රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..