උණුසුම් පුවත්
පුෂ්පිකාගේ සියළු බොරු හෙලිවේ.. කැරොලින්ගේ තීරණය හරි (වීඩියෝ සහිතයි)

(04) පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූවා. අදාළ තරඟයේ කිරුල පුෂ්පිකා ද සිල්වා මහත්මියට හිමිවූ අතර කිරුල පැළඳීමද ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් සිදු කරනු ලැබුවා. නමුත් එම අවස්ථාවේදී අදාළ තීරණයට විරුද්දව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජිණ ද වන කැරොලින් ජූරි මහත්මිය වේදිකාවට පැමිණ ප්‍රකාශ කලේ තරඟ නීති රීති වලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයෙකුට මිසක් විවාහයෙන් වෙන් වී දික්කසාදව සිටින අයෙකුට නොවන බවයි. එබැවින් අනුශූරතාවය දිනා ගත් තරඟකාරියට කිරුළ ලබා දෙන බව පවසමින් ඇය විසින් , අදාල තරඟකාරියගේ හිසෙහි පැළඳ තිබූ ඔටුන්න ගලවනු ලැබූවා. මේ කාරණා පිළිබඳව ඇය තම ෆේස්බුක් ගිණුම මගින් පැවසුවේ ඇය දික්කසාද කෙනෙකු නොවන බවයි. නමුත් ඇයගේ හිටපු සැමියා සමාජ මාධ්‍ය ඔස්සේ සදහන් කර ඇත්තේ ඇය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි. වසර 4 කට ආසන්න කාලයක් දික්කසාද නඩුව විභාග වෙමින් පවතින අතර එය අවසන් වීමට ආසන්නව පවතින බැවින් ඔහු සඳහන් කරයි.. (පහතින් එම සදහන හා වීඩ්යෝව නරබන්න)

Gossip
පොලිස් ඇමැති සින්දු කියලා විනෝද වෙන වීඩියෝ එකක් සමාජ ජාලා වල (VIDEO)

පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර අමාත්‍යවරයා ගී ගයමින් විනෝද වන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. පසුගිය දිනවල පැවැති උත්සව සමයේ අවස්ථාකට එක්වෙමින් ඇමැති සරත් වීරසේකර මහතා මෙසේ ගීත ගායනා කරන ආකාරයක් දැකගන්නට තිබේ. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අරුන්දුක ප්‍රනාන්දු මහතාත සහභාගී වී ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයාද මෙම සිoදුව කියන්නට සහාභාගී වෙයි.
උණුසුම් පුවත්
අඩෝ මේ ***** හරීන් අමු තිත්ත කුණු හරපෙන් බනී.. වීඩියෝ මෙන්න (VIDEO)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිසුමේදී ගුටිබැට හුවමාරුවක් සිදු කරගෙන ඇත. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අසභ්‍ය වචන කියමින් පාර්ලිමේන්තු සභා ගැබේ හා පිටත සංකීර්ණයේ ගමන් කරන වීඩියෝද සමාජ ජාලවල පලවේ.
Sport
මාලිංගගේ සුවිශේෂී IPL වාර්තාව බිද වැටෙන ලකුණු

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ අමරණීය සලකුණක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සුවිශේෂී වාර්තාවක් මේ වන විට ඔහුගෙන් ගිලිහී යාමේ අවධානමක් මතුව තිබෙනවා. අයි.පී.එල් තරගාවලිය තුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග, ඉනිම 122 ක් ක්‍රීඩා කරමින් බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 170 ක්. ඊට එක් ඉනිමක කඩුලු පහක් දවා ගත් අවස්ථාවක් සහ ඉනිමක කඩුලු හතර බැගින් දවා ගත් අවස්ථා හයක් ඇතුළත්. සමස්ථ තරගාවලි ඉතිහාසය තුළ වැඩිම කඩුලු ලාභියා ද වන්නේ ලසිත් මාලිංගයි. වසර ගණනාවක් පුරා ඔහුගේ නම ඉදිරියේ පැවති මෙම සුවිශේෂී වාර්තාව මෙවර තරගාවලියේදී බිඳ වැටීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව මේ වන විට දක්නට ලැබෙනවා.
ඒ, වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අමිත් මිශ්රා එම වාර්තාවට ඉතා ආසන්න වීමත සමගයි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට අමිත් මිශ්රා සමත්වුණා. ඔහු පන්දුවාර 4 තුළ ලකුණු 24 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වුණා. එම කඩුලු 4 ත් සමග අයි.පී.එල් තරගාවලි ඉතිහාසය තුළ අමිත් මිශ්රා බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 164 ක්.
ඒ සදහා ඔහු වැය කර තිබෙන ඉනිම් සංඛ්‍යාව 152 ක්. ලසිත් මාලිංග අභිබවා යමින් ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට 38 හැවිරිදි අමිත් මිශ්රාට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 7 ක් පමණයි. ලසිත් මාලිංග මේ වන විටත් ලීග් ක්‍රිකට් පිටියෙන් සමුගෙන අවසන්.
ලසිත් මාලිoග ගැන කෙටියෙන්… https://fb.watch/4-Di447OVi/
-
උණුසුම් පුවත්1 week ago
සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..
-
උණුසුම් පුවත්1 week ago
කැරොලින් හරි දික්කසාදය ඇත්තක්.. පුශ්පිකා, චන්දිමාල්, රෝසි ඔක්කොම එකම පැත්තේ..
-
Sport1 week ago
ජනප්‍රිය ක්‍රිකට් තරුවට මාතර හෝටලයකදී තරු විසිවෙන්න සංග්‍රහයක්…
-
උණුසුම් පුවත්1 week ago
වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක්.. ඇත්ත මෙන්න!
-
උණුසුම් පුවත්2 weeks ago
රේනෝ සහ හිරු ජනපති ගෝඨාභය රාජපක්ෂව හැරයයි..!
-
උණුසුම් පුවත්3 days ago
විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..
-
උණුසුම් පුවත්1 day ago
ඇමති විදුර වික්‍රමනායක අත්අඩංගුවට ගන්නැයි නියෝග.
-
Gossip1 week ago
රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..