ප්‍රධාන පුවත්
සියළු බොරු හෙලිවේ … පුෂ්පිකා අවුරුදු 04 කට දික්කසාදයට වෙන්වේ..

(04) පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූවා. අදාළ තරඟයේ කිරුල පුෂ්පිකා ද සිල්වා මහත්මියට හිමිවූ අතර කිරුල පැළඳීමද ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් සිදු කරනු ලැබුවා. නමුත් එම අවස්ථාවේදී අදාළ තීරණයට විරුද්දව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජිණ ද වන කැරොලින් ජූරි මහත්මිය වේදිකාවට පැමිණ ප්‍රකාශ කලේ තරඟ නීති රීති වලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයෙකුට මිසක් විවාහයෙන් වෙන් වී දික්කසාදව සිටින අයෙකුට නොවන බවයි. එබැවින් අනුශූරතාවය දිනා ගත් තරඟකාරියට කිරුළ ලබා දෙන බව පවසමින් ඇය විසින් , අදාල තරඟකාරියගේ හිසෙහි පැළඳ තිබූ ඔටුන්න ගලවනු ලැබූවා. මේ කාරණා පිළිබඳව ඇය තම ෆේස්බුක් ගිණුම මගින් පැවසුවේ ඇය දික්කසාද කෙනෙකු නොවන බවයි. නමුත් ඇයගේ හිටපු සැමියා සමාජ මාධ්‍ය ඔස්සේ සදහන් කර ඇත්තේ ඇය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි. වසර 4 කට ආසන්න කාලයක් දික්කසාද නඩුව විභාග වෙමින් පවතින අතර එය අවසන් වීමට ආසන්නව පවතින බැවින් ඔහු සඳහන් කරයි..

ප්‍රධාන පුවත්
ඩයනාගේ ගංජා කතා වලට උත්තර දෙන්න මම නෑ – ඇමති නාමල්

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ගංජා කතා වලට උත්තර දීමට තමා බැඳී නැති බව නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ විපක්ෂය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය ක්‍රීඩා විෂය ගැන කතා කරමින් ක්‍රීඩකයන්ගේ විනය නැතිවුන විට මත්ද්‍රව්‍යවලට යොමු වන බව ප්‍රකාශ කිරීමත් සමගි ජන බලවේගය මන්ත්‍රීවරයෙක් ස්ථාවර නියෝග යටතේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරන ලදී. එම ප්රශ්නය තැකීමකට ලක් නොකොට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සදහන් කළේ තමන් ගංජා ප්‍රශ්න වලට උත්තර දීමට බැඳී නැති බව ය.
Sport
ධනුෂ්කට චෝදනා එල්ල වූ මාතර අතවර සිද්ධියේ CCTV අතුරුදන් !

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු සංචාරක නිකේතනයකදී බීමතින් අශෝභ’න ලෙස හැසිරී ගැටු මක් ඇතිකරගත් බව පවසන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ලබාදෙන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව විසින් පොලිසියෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ඉකුත් 10 වැනිදා මිරිස්ස ප්‍රදේශයේදී සිදුව ඇතැයි පවසන මෙම සිදුවීමට අදාළව මේ දක්වා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව නැතත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ මැදිහත්වීමෙන් සිදුකරනු ලබන විනය පරීක්ෂණයට සහය කරගැනීම පිණිස පොලිසිය වෙතින් මෙම වාර්තාව ඉල්ලා ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීමත් සමග ඒ පිළිබඳව විමර්ශනයක් ඇරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව තීරණය කළ අතර ඒ අනුව නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද සහ ටනේෂ් ඩයස් මගින් කරුණු සොයාබැලීමේ වාර්තාවක් කැඳවා තිබේ.
මෙයට අදාළව ඊයේ (20 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී එකී ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් කරුණු විමසීමට යෙදුණු අතර, තමන් එහිදී බීමතින් සිටි බව ඔහු මෙහිදී පිළිගෙන ඇතත්, එම ගැටුම හටගත්තේ තමන්ගේ හැසිරීමක් හේතුවෙන් නොවන බවත්, තමන් සමග එම ස්ථානයට ගිය තම මිතුරකු සමග පිරිසක් ඇතිකරගත් ගැටුමට තමා මැදිවූ බවත් ඔහු පවසා ඇතැයි වාර්තා වේ.
මේ අතර ගැටුම සිදුවූ බව පවසන සංචාරක නිකේතනයෙන් අදාළ ගැටුමේ සී.සී.ටී.වී දර්ශන විමසා සිටීමේදී, දවස් 7ක් ඇවෑමෙන් ඒවා ඉබේ මැකී යන බව දැනුම් දී ඇති අතර, එහි කළමනාකාරීත්වය විසින් දක්වා ඇති අදහස් අනුව, අදාළ ක්‍රීඩකයාට අවාසි විය හැකි සාක්ෂි වසන් කරමින් පවතින්නේද යන සැකයද මතුව තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු විමසීමට අද (21 වැනිදා) අදාළ ක්‍රීඩකයාගේ මිතුරියව, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව විසින් පත්කළ කරුණු සොයාබැලීමේ කමිටුව හමුවට කැඳවා ඇත.
ප්‍රධාන පුවත්
කොළඹ කොරෝනා ඉහළට .. කොළඹ ලොක් ඩවුන් වෙයිද ?

කොළඹ නගර සීමාවේ කොරෝනා ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය 8%ක් දක්වා අලුත් අවුරුද්දෙන් පසුව ඉහළ ගොස් තිබේ. කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරන්නේ අලුත් අවුරුද්දට පෙර එම අගය වාර්තා වූයේ පරීක්ෂණ සීයක් කළ විට ඉන් පුද්ගලයන් දෙදෙනෙකු හෝ එක් අයකු පමණක් බවයි.
19 වැනිදා පුද්ගලයන් 225 දෙනෙකු අහඹු ලෙස පරික්ෂා කිරීමෙන් 18 දෙනකු ආසාදිත ලෙස හමුවූ බවත් එය 8%ක ප්‍රමාණයකට ඉහළ ගොස් ඇති බවත් ඔහු කියා සිටියේය. මෙය ඉතාම පරීක්ෂාකාරී විය යුතු තත්ත්වයක් එය ද ඒ මහතා සඳහන් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයයේ මතය වන්නෙ අහඹු ලෙස සිදු කරන පරීක්ෂණවලින් 5% ඉක්වමා රෝගීන් වාර්තා වන්නේ නම් එය සමාජ පැතිරීමක් බවයි.
මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ කොරෝනා විශාල පොකුරක් ඇතිවීමේ අවදානමක් ඇති නිසා ජනතාව ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවයි. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයන්ගේ වර්ධනයක් වාර්තා වෙමින් ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
කොරෝනා රෝගය ක්‍රමයෙන් වැඩි වන විට අප නොදැනුවත්ම විශාල පොකුරු ඇතිවිය හැකි බවත් මෙය ඉතාමත් භයානක තත්ත්වයක් බවත් එසේ වුවහොත් නැවත වරක් රට තුළ සංචරණ සීමා ඇති කිරීමට සිදු වනු ඇති බවත් හෙතෙම පැවසීය.
-
උණුසුම් පුවත්1 week ago
සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..
-
උණුසුම් පුවත්1 week ago
කැරොලින් හරි දික්කසාදය ඇත්තක්.. පුශ්පිකා, චන්දිමාල්, රෝසි ඔක්කොම එකම පැත්තේ..
-
Sport1 week ago
ජනප්‍රිය ක්‍රිකට් තරුවට මාතර හෝටලයකදී තරු විසිවෙන්න සංග්‍රහයක්…
-
උණුසුම් පුවත්1 week ago
වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක්.. ඇත්ත මෙන්න!
-
උණුසුම් පුවත්2 weeks ago
රේනෝ සහ හිරු ජනපති ගෝඨාභය රාජපක්ෂව හැරයයි..!
-
උණුසුම් පුවත්3 days ago
විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..
-
උණුසුම් පුවත්1 day ago
ඇමති විදුර වික්‍රමනායක අත්අඩංගුවට ගන්නැයි නියෝග.
-
Gossip1 week ago
රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..