Connect with us

ප‍්‍රධාන පුවත්

රoජන්ව හිරේ යවා ඇත්තේ සජිත් ප්‍රේමදාස. පාර්ලිමේන්තුව එකම කාලගෝට්ටියක් (Video)

අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ මහින්දානන්ද අමාත්‍යවරයා කියා සිටියේ රoජන් රාමනයක මන්ත්‍රීවරයා හිරේට ගියේ සජිත් ප්‍රේමදාස විපක්ශ නායකවරයාගේ ක්‍රියා කලාපය නිසා බවත් එහිදී රoජන් රාමනයක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටියේ සුමන්තිරන් විනුසුරුවරයා බවත් පැවසීය. එහිදී පාර්ලිමේන්තුව යම් උණුසුම් ස්වභාවයක් ගත් අතර මහින්දානන්ද ඇමතිවරයා කියාසිටියේ ර ජන් රාමනායක මන්ත්‍රීවරයාට අදින්නවත් ඇදුමක් නැති බවත් එතුමාව බලන්නවත් කිසිම කෙනෙක් නැති බවත් බොරුවට ජනතාවට පේන්න කිඹුල් කදුළු හෙලන බවයි. එම අවස්ථාවට නාමල් රාජපක්ශ මහතාද සහභාගී කියා සිටියේ ඔබ තුමාගේ තියෙන ඔලුවෙ අමාරුව හොද කරගන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුව පාවිච්චි නොකරගන්නා බවයි.

Click to comment

ප‍්‍රධාන පුවත්

මට ඉන්න බෑ.. මා බේරා ගන්න.. ජනාධිපතිට කියන්න – රන්ජන් හඬා වැටේ..

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන්නැයි රංජන් රාමනායක විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීම ඉටු කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කරමින් ජනාධිපති සමග ඒ ගැන සාකච්චා කරන ලද බව ද මෙම ක‍්‍රියාමාර්ගය ගැනීම සඳහා ජනබලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සියලුදෙනා එකග වූ බවද ඔහු පැවසීය. පසුගියදා විපක්ෂනායකවරයා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමාව සිර දඬුවමින් මුදා ගැනීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්නයි රංජන් රාමනායක ඉල්ලා සිටි බවද මන්ත්‍රීවරයා පැවසීය. විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

Continue Reading

ප‍්‍රධාන පුවත්

ඩයනාගේ ගංජා කතා වලට උත්තර දෙන්න මම නෑ – ඇමති නාමල්

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ගංජා කතා වලට උත්තර දීමට තමා බැඳී නැති බව නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ විපක්ෂය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය ක්‍රීඩා විෂය ගැන කතා කරමින් ක්‍රීඩකයන්ගේ විනය නැතිවුන විට මත්ද්‍රව්‍යවලට යොමු වන බව ප්‍රකාශ කිරීමත් සමගි ජන බලවේගය මන්ත්‍රීවරයෙක් ස්ථාවර නියෝග යටතේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරන ලදී. එම ප්‍රශ්නය තැකීමකට ලක් නොකොට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සදහන් කළේ තමන් ගංජා ප්‍රශ්න වලට උත්තර දීමට බැඳී නැති බව ය.

Continue Reading

Sport

ධනුෂ්කට චෝදනා එල්ල වූ මාතර අතවර සිද්ධියේ CCTV අතුරුදන් !

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු සංචාරක නිකේතනයකදී බීමතින් අශෝභ’න ලෙස හැසිරී ගැටු මක් ඇතිකරගත් බව පවසන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ලබාදෙන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව විසින් පොලිසියෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඉකුත් 10 වැනිදා මිරිස්ස ප්‍රදේශයේදී සිදුව ඇතැයි පවසන මෙම සිදුවීමට අදාළව මේ දක්වා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව නැතත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ මැදිහත්වීමෙන් සිදුකරනු ලබන විනය පරීක්ෂණයට සහය කරගැනීම පිණිස පොලිසිය වෙතින් මෙම වාර්තාව ඉල්ලා ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීමත් සමග ඒ පිළිබඳව විමර්ශනයක් ඇරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව තීරණය කළ අතර ඒ අනුව නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද සහ ටනේෂ් ඩයස් මගින් කරුණු සොයාබැලීමේ වාර්තාවක් කැඳවා තිබේ.

මෙයට අදාළව ඊයේ (20 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී එකී ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් කරුණු විමසීමට යෙදුණු අතර, තමන් එහිදී බීමතින් සිටි බව ඔහු මෙහිදී පිළිගෙන ඇතත්, එම ගැටුම හටගත්තේ තමන්ගේ හැසිරීමක් හේතුවෙන් නොවන බවත්, තමන් සමග එම ස්ථානයට ගිය තම මිතුරකු සමග පිරිසක් ඇතිකරගත් ගැටුමට තමා මැදිවූ බවත් ඔහු පවසා ඇතැයි වාර්තා වේ.

මේ අතර ගැටුම සිදුවූ බව පවසන සංචාරක නිකේතනයෙන් අදාළ ගැටුමේ සී.සී.ටී.වී දර්ශන විමසා සිටීමේදී, දවස් 7ක් ඇවෑමෙන් ඒවා ඉබේ මැකී යන බව දැනුම් දී ඇති අතර, එහි කළමනාකාරීත්වය විසින් දක්වා ඇති අදහස් අනුව, අදාළ ක්‍රීඩකයාට අවාසි විය හැකි සාක්ෂි වසන් කරමින් පවතින්නේද යන සැකයද මතුව තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු විමසීමට අද (21 වැනිදා) අදාළ ක්‍රීඩකයාගේ මිතුරියව, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව විසින් පත්කළ කරුණු සොයාබැලීමේ කමිටුව හමුවට කැඳවා ඇත.

Continue Reading

Facebook

Advertisement

Updates

Gossip58 mins ago

පොලිස් ඇමැති සින්දු කියලා විනෝද වෙන වීඩියෝ එකක් සමාජ ජාලා වල (VIDEO)

පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර අමාත්‍යවරයා ගී ගයමින් විනෝද වන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. පසුගිය දිනවල...

ප‍්‍රධාන පුවත්1 hour ago

මට ඉන්න බෑ.. මා බේරා ගන්න.. ජනාධිපතිට කියන්න – රන්ජන් හඬා වැටේ..

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන්නැයි රංජන් රාමනායක...

උණුසුම් පුවත්2 hours ago

අඩෝ මේ ***** හරීන් අමු තිත්ත කුණු හරපෙන් බනී.. වීඩියෝ මෙන්න (VIDEO)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී...

ප‍්‍රධාන පුවත්2 hours ago

ඩයනාගේ ගංජා කතා වලට උත්තර දෙන්න මම නෑ – ඇමති නාමල්

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ගංජා කතා වලට උත්තර දීමට තමා බැඳී නැති බව නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ විපක්ෂය...

Sport3 hours ago

මාලිංගගේ සුවිශේෂී IPL වාර්තාව බිද වැටෙන ලකුණු

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ අමරණීය සලකුණක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු...

උණුසුම් පුවත්3 hours ago

පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු තිස්ස කුට්ටිආරච්චි ගහගනී..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී...

උණුසුම් පුවත්4 hours ago

තරගය සජීවීව මෙතනින් .. බoගලාදෙශය ප්‍රභල තත්වයක

ශ්‍රී ලoකාව සහ බoගලාදේශය සමගඉන් පැවැත්වෙන පලමු ටෙස්ට් තරගය මේ වන විට දබුල්ල ක්‍රීඩාoගනයේදී පැවැත්වෙනවා.. ප්‍රථමයෙන් කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය...

උණුසුම් පුවත්4 hours ago

පාර්ලිමේන්තුවේ ගාලගෝටියක්..

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවත් සමග තත්ත්වය පාලනය කිරීමට කථානායක මහින්ද යාප අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව විනාඩි...

උණුසුම් පුවත්5 hours ago

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැති මහින්ද පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්‍රකාශය .. (VIDEO)

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් සැපිරීම හේතුවෙන්, සභාවේ අවසරය ඇතිව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව...

උණුසුම් පුවත්5 hours ago

සජිත්ලා කියන්නේ පට්ටපල් බොරු – වරාය නගරයේ ඉඩම ගැන ව්‍යාපාරික ධම්මික පෙරේරා සැරටම කියයි.. (VIDEO)

වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නම් නීති සම්පාදනයට අමතරව යටිතල පහසුකම් ද සංවර්ධනය කළ යුතු බව ව්‍යාපාරික ධම්මික පෙරේරා...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News