Connect with us

උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරයට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ – සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව ලබන සදුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාරදීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ මිනුවන්ගොඩ පක්ෂ කාර්යාලයේ  පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකින් අනතරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවද  අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නැවත අධීක්ෂණය කර එය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, හා රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම කමිටුව පත් කරනු ලැබිය.

නව කමිටුවේ වාර්තාව පසුගිය 15 වැනිදා භාරදීමට නියමිතව තිබූ අතර වැඩිදුර විමර්ශනය කිරීම සඳහා කමිටුව විසින් තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේය.  එම කාලසීමාව පසුගිය තිස් වැනි දායින් අවසන් වූ අතර කමිටු වාර්තාව එළැඹෙන සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වීමට ප්‍රථම කමිටු සාමාජිකයින් විසින් ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතව තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

පාස්කු ප්‍රහාරයට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ. මැරුණ මිනිස්සුන්ට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ. ඒ වැරදිකරුවන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමටත් එවැනි දෙයක් නැවත සිදුනොවීමටත් තමයි ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. පසුගිය රජය මුස්ලිම් නායකයින්ව සතුටු කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. හොඳම උදාහරණය වන්නේ පළාත් සභා මැතිවරණය 50ට 50 දෙන්න කියලා පනත රෑ 8:30 වෙනකම් කතානායකවරයා කල්දාලා කටයුතු කළේ මුස්ලිම් නායකවරුන්ට අවස්ථාව දෙන්නයි. එතකොට කවදාවත් ස්ථාවර පළාත් සභාවක් පිහිටුවන්න බැරි වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබන කොට ඒ ගැන කටයුතු කලේ නැහැ. ඒ වෙනුවට මුස්ලිම් නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඒ ගැන හොයන්න පාර්ලිමේන්තු කමිටුවක් දැම්මා. ඒ වගේ දේවල් පහුගිය රජය කළා. නමුත් අපි එවැනි දේවල් කරන්න බලාපොරොත්තුවක් නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසි කෙනෙක් වගකීමක් භාර ගන්නේ නැහැ. අද රටේ ආර්ථිකය මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මහ බැංකු හොරකම නිසා රටේ ආර්ථිකය විනාශ වුණ නිසයි. ඒ වගේ දේවල් පහුගිය ආණ්ඩුවේ අය පිළිගන්නේ නැහැ.

රටක් ගොඩනැගීමට අවශ්‍ය සැලසුම ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරෙනවා. අපි බලයට ඇවිත් තාම මාස අටයි. පාස්කු ප්‍රහාරයේ කමිටු නිර්දේශ ඉදිරිපත් කරලා තාම මාස දෙකක්වත් නැහැ. ඉදිරි කාල සීමාව තුළ අපි හරි දේ කරනවා.

සෞඛ්‍යයට අහිතකර පොල්තෙල් ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය වසර හතරහමාරක කාලය පුරා රටට තෙල් ගෙන් වූ ව්‍යාපාරිකයින්ම තවදුරටත් එම තෙල් රටට ගෙන්වීමේ කටයුත්තේ යෙදෙන බවයි. අවුරුදු හතරහමාරක් ම පහුගිය ආණ්ඩුව අපේ මිනිස්සුන්ට වහ දීලා දැන් අපි ඒක අල්ලලා දුන්නාම අපි වහ දෙනවයි කියලා අපිට චෝදනා කරනවා. අනිවාර්යෙන්ම ඒ වගේ වැරදි දේවල් වලට අපේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරනවා.

මේ වෙනකොට ලංකාවට සංචාරකයින් 9000ට අධික පිරිසක් ඇවිල්ලා තිබෙනවා. අපි විශ්වාස කරනවා මැයි මාසෙ වෙනකොට ජර්මනිය ,චීනය ඒ වගේම ඉන්දියාව, යුරෝපයේ රටවල් සහ ලෝකයේ අනෙකුත්  රටවල සංචාරකයින්ට ලෝකය විවෘත කිරීමත් සමගම අපේ සංචාරකයින් ප්‍රමාණය වැඩිවෙයි කියලා. අපේ සංචාරක මාර්ගෝපදේශ  අපි දැනටමත් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා.

ඒ අනුව කටයුතු කරන සංචාරකයෝ ලංකාවට ගේන්නේ සහන දෙන්න නෙවෙයි. සංචාරකයෝ ලංකාවට ගේන්නේ ඒ අය සතුටු කිරීම තුළින් අපිට අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය ලබා ගැනීමටයි. අපේ රටේ කොවිඩ් රෝගීන් මේතරම් දුරට පාලනය කරලා සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් අපි ජනාධිපතිවරයාට ස්තුතිය පළකළ යුතුයි. අදටත් ලෝකේ රටවල් විශාල ප්‍රමාණයක් ඒ කියන්නේ තුනෙන් එකක් තාම එන්නත්කරණය ආරම්භ කරලා නැහැ. අපේ රටේ එන්නත්කරන වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඉදිරියේ දී හොඳින් එන්නත්කරන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම තුළින් සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වෙතැයි මම විශ්වාස කරනවා. සංචාරක ව්‍යාපාරයෙහි නියැලී සිටින්නන්ට සහන ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ සංචාරක ව්‍යාපාරය ඉතා කඩිනමින් සාර්ථකත්වයට පත් කර ගැනීම තුළින් සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින පුද්ගලයින් ආර්ථිකමය වශයෙන් නැවත යථා තත්ත්වයට පත් කිරීම රජයේ අරමුණ බවයි. මේ සඳහා සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

– ප්‍රදීප් අනුර කුමාර

Click to comment

උණුසුම් පුවත්

දිල්ලි අගනුවර අඳුරු වේවිද? ඉන්දියාවේ තාප බලාගාර වල ගල් අඟුරු තොග ඇත්තේ තව දින 2කට!

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි තාප බලාගාරයේ ගල් අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනක් සඳහා පමණක් වන අතර එමගින් දිල්ලියට විදුලිය ලබා ගත හැක්කේ දිනක් හෝ දෙකක් පමණක් බව විදුලිබල ඇමති සත්යෙන්ද්රා ජයින් පසුගියදා පැවසුවා.. “රට පුරා ගල් අඟුරු බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයක් පවතී. දිල්ලියට විදුලිය ලබා දෙන බලාගාර වල ඉතිරිව ඇත්තේ එක් දිනකට සෑහෙන තොගයක් පමණි, ඉදිරිය සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු නැත” යනුවෙන් විදුලිබල ඇමතිවරයා පවසා ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා..

තවද ද ඉන්දියා එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පන්ජාබ් ප්‍රාන්ත බලශක්ති සංස්ථාව එහි තාප බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයකට මුහුණ පාමින් සිටින බවයි. එහි බලශක්ති උත්පාදනය අඩු කර ඇති බවයි ඔවුන් වාර්තා කර ඇත්තේ. පන්ජාබයේද බලාගාර වල ගල්අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනකට හෝ දෙකකට සෑහෙන තොග බවයි ඉන්දියා එක්ස්ප්‍රස් වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.

ඉන්දියාව වැඩිපුරම ගල් අඟුරු ආනයනය කරන්නේ කැනඩාව, මොසැම්බික්, ඉන්දුනීසියාව සහ රුසියාව යන රටවල් වලිනි. ඉන්දියාව අගෝස්තු මාසයේ දී ගල් අඟුරු ටොන් මිලියන 9.5ක් පමණ ආනයනය කර තිබේ. ගෝලීය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් දැඩි ආර්ථික මෙන්ම සම්පත් හිඟයකටද මුහුණපා තිබේ. ලෝකයේ බලවත් රාජ්‍යක් මෙන්ම වැඩිම ජනගහනයක් සිටින දෙවන රට වන ඉන්දියාවටද මෙම සම්පත් හිඟය දැඩි ලෙස බලපෑම් කර තිබෙන බව මෙම විදුලි අර්බුදය තුළින් මනාව පෙනෙන්නට තිබේ.

Continue Reading

උණුසුම් පුවත්

ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක‍්‍රීඩා කලේ වාර්තා වෙනුවෙන් – අර්ජුන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

මහේල සංගක්කාර ක‍්‍රීඩා කරන කාලයේදී දෙවැනි පෙළක් නොහැදීම හේතුවෙන් අද තත්ත්වයට ක්‍රිකට් කඩා වැටී ඇතැයි ද ඔහු කියා සිටී.

ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කළේ නැති බවත් තමන්ගේ වාර්තාවන්ට පමණක් ක‍්‍රීඩා කළ බවත් රණතුංග මහතා පෙන්වා දෙයි.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ෆේල් වී ඇතැයිද පවසන ඔහු බාප්පා ජනාධිපති තාත්තා අග්‍රාමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතාට ක්‍රිකට් හදන්න නොහැකි නම් වෙනත් කිසිවකුට නො හැකි බවත් කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ලදී.

2024 දී පොදු අපේක්ෂකයා තමන් විය හැකි බවද පවසන ඔහු තමන් ඊළඟ ඉම්රාන් ඛාන් වේවි යයි සියලු දෙනා තමන්ට බිය වී සිටින බවද එහිදී කියා සිටියේය.

Continue Reading

උණුසුම් පුවත්

මුරුත්තෙට්ටු හිමිගේ ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් එසැණ විසඳුම්..

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණ විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගනී. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමට ද ජනාධිපතිතුමා එකඟතාව පළ කළේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම තීරණවලට එළැඹිණ.

01. හෙද සරසවිය ආරම්භ කිරීම.
02. යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම.
03. අත්හිටුවා ඇති iii ශ්‍රේණියෙන් ii ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා ii ශ්‍රේණියෙන් i ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම.
04. රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම.
05. දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම.

යන කරුණු 5 වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය.

රුපියල් දස දහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අය වැයෙන් ලබාදීමටත් ජනාධිපතිතුමා විසින් එකඟතාව පළ කෙරිණ.

ඒ අනුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ යෝජනා සියල්ලට ජනාධිපතිතුමාගේ විසඳුම් ලැබිණ.

රජය සෞඛ්‍ය අංශය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන අතර හෙද සේවාවට ඉහළ පිළිගැනීමක් ලබාදෙන බවත් හෙද වෘත්තිකයන්ට නිසි තැන ලබා දෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 months ago

දිල්ලි අගනුවර අඳුරු වේවිද? ඉන්දියාවේ තාප බලාගාර වල ගල් අඟුරු තොග ඇත්තේ තව දින 2කට!

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි තාප බලාගාරයේ ගල් අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනක් සඳහා පමණක් වන අතර එමගින් දිල්ලියට විදුලිය...

Uncategorized2 months ago

ඉන්ධන අවසන්! ලෙබනනයේ විදුලි සැපයුම බිඳ වැටේ..

ඉන්ධන හිඟයක් හේතුවෙන් ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙකක් පසුගිය සෙනසුරාදා දිනයේ වසා දමන ලද අතර ඒ හේතුවෙන් මේ වන විට...

Uncategorized5 months ago

ජ‘පුර සරසවියෙන් Voice Sri Lanka වේදිකාවට ආ මිදොරි..

මේ දවස්වල The Voice Sri Lanka වැඩසටහනේ කාගෙත් කතාබහට ලක්වෙන ඇය මිදොරි තාරුකා කරුණාරත්න. තමන්ටම අනන්‍ය වූ කට හඬකින් ගීත...

Uncategorized5 months ago

බැසිල් රාජපක්‍ෂ සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් ඊට සූදානම්..- විමල්

ඕනෑම පුද්ගලයෙක් සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් එම ගමන යාමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන්...

Uncategorized5 months ago

සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නෑ..- ජනපති

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්...

Uncategorized5 months ago

ප්‍රබල තානාතිපතිවරු රැසක් අද බැසිල් හමුවෙයි!

පසුගිය මහින්ද ආණ්ඩුවේ ද ජාත්‍යන්තරය කළමනාකරණය කළ බැසිල් රාජපක්ෂ මුදල් ඇමති බවට පත්වීමෙන් පසු ලෝකයේ ප්‍රභල රටවල තානාපතිවරුන් ඔහු හමුවීම...

Uncategorized5 months ago

දකුණු ආසියාවේ කොරෝනා පාලනය සාර්ථකම රට ශ්‍රී ලංකාවයි..

ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී කාලසීමාවකට අප එළැඹ ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. සංචාරක ක්ශ්‍රේෂ්ත්‍රයේ...

Uncategorized5 months ago

අධි තාක්ෂණික කේබල් මත පිහිටි නව කැලණි පාලම යා කෙරේ..

ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැලණි පාලමේ, කැලණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට්...

Uncategorized5 months ago

කොරෝනා මඩින්න සයිනොෆාම් මහ තොගයක්.. ලක්‍ෂ 20ක් කටුනායකට..

කොරෝනා මර්දනය සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ගෙනැවිත් තිබේ....

Uncategorized5 months ago

සැප්තැම්බරයට පෙර ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට එන්නත් දෙන සැලැස්ම ජනපති හෙලි කරයි..

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි. කොවිඩ්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News

en_USEnglish