Sport
පීටර්සන් මට කිව්වෙ “උබ මේකට හොද වැඩී.. උබ ඉන්න ඕන නැෂනල් ටීම් එකේ කියල”

ලෙජන්ඩ්ස් යනු අමතක නොවන වීරයන්ය. ඔවුහු කුමක් හෝ ක්ෂේත්රයකින් නොමැකෙන සේවයක් කළා වූවෝ වෙති. ඔවුන් අමරණීය වූවන් යැයි ද කිව හැක. ඒ අමරණීය වූවන් අතරේ කි‍්‍රකට්වලින් අමරණීය වූවන් අතර ලෝක කි‍්‍රකට් තරගාවලියක් දැන් පැවැත්වේ. ඒ ඉන්දියාවේදීය. එහි අවසන් තරගය අද පැවැත්වේ. ඒ තරගාවලියේදී ලෙජන්ඩ්ස්ලා අතර ද ලෙජන්ඞ් කෙනෙක් වූ අයෙක් වේ. ඒ 44 හැවිරිදි වියේ පසු වන ටී. එම්. ඩිල්ෂාන්ය. ලෙජන්ඩ්ස්ලා ගැන ගායනා වුණු අතිශය ජනපි‍්‍රය ගීතයක් ද වේ. එහි පළමු පද කිහිපයෙන් කියැවෙන අර්ථය මෙසේය. ලෙජන්ඩ්ස්ලා කවදාවත් නොමියෙනු ඇත. ලෝකය ඔබේ නම කියමින් කෑගසනවා ඔබට ඇහෙනවා දැයි ඉන් කියැවෙයි.
ඒ වගේම තිලකරත්න ඩිල්ෂාන් නාමයත් යළිත් අපේ රට තුළ මෙන්ම, ලෝකයේ ද කතාබහ වෙන්නට පටන්ගෙන තිබෙනවා. එය ඔබට දැනෙන්නේ කොහොමද?
එය ලොකු සතුටක්, ආයෙත් රට වෙනුවෙන් කී‍්‍රඩා කරනවා වගේ දැනෙනවා. මිනිසුන් අපට කොයි තරම් ආදරේද, අපට කොයි තරම් ගරු කරනවද කියලා අපට මේ තරගාවලිය නිසා දැනෙන්න ගත්තා. ඒ උණුසුම් ප්‍රතිචාරය තමයි අපව දිරිමත් කරවන්නේ. ඒ වගේමයි රට වෙනුවෙන් කී‍්‍රඩා කරනවා කියන හැඟීම.
තරගාවලියට සහභාගි වන විට මොනවගේ බලාපොරොත්තුවක්ද තිබුණේ?
මෙතරම් දුරක් එන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. ඒත් තරගයෙන් තරගය ජය ගැනීම අපේ උපක්‍රමය වුණා. ඒ සැලැස්ම සාර්ථක වුණා. දැන් අපි ඕනෑම කණ්ඩායමක් පරාද කිරීමට තරම් ශක්තිමත්ව සිටිනවා.
එංගලන්තය සමග මූලික වටයේ පැවැති අවසන් තරගය මේ තරගාවලියේ තවත් විශේෂ තරගයක් බවට පත් වුණා. ඒ පිළිබඳව කතා කළොත්?
එංගලන්තය ලකුණු 76 කට සීමා කිරීමට අපට හැකි වුණා. ඒත් මූලික වටයේ අංක එක බවට පත්වීමට නම් ඒ තරගය පන්දුවාර 7.4 ක් තුළ ජයගැනීමේ ඉලක්කය අපට එල්ල වුණා. ඒ අභියෝගය අපි භාරගත්තා. ඔවුන් දැවී යෑමෙන් පසු අපි කී‍්‍රඩාගාරයේදී සාකච්ඡුා කර තීරණය කරා අදාළ ඉලක්කය එම පන්දු වාර සංඛ්‍යාව තුළ පසුකරන බවට. සනත් අයියා, රංගන අයියා, තරංග, කුලසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් හැම දෙනාම කිව්වේ අපි ඕවර් 8 ක් යන්නට පෙර ඒ ලකුණු ප්‍රමාණය ලබාගත යුතු බවයි. ඒ අධිෂ්ඨානයෙන් තමයි අපි පන්දුවට පහර දුන්නේ.
ඒත් ඉක්මනින් කඩුලූ දෙකක් බිඳවැටුණා. එතකොට හිතුනේ නැද්ද ඉලක්කයට යන්න බැරිවෙයි කියලා?
නැහැ. රට වෙනුවෙන්, ජාතික කොඩිය වෙනුවෙන් තමයි අපි කී‍්‍රඩා කරන්නේ. කිසිම වෙලාවක අපි අපි ගැන හිතුවේ නැහැ. ඒ කාලයේදීත් එහෙමයි. දැනුත් එහෙමයි. ඒ හැඟීම අපව දිනෙව්වා කියලා තමයි මට හිතෙන්නේ.
එහිදී පන්දු යැවීමේදී ලකුණු 6 කට කඩුලූ 4 ක් දවාගත් ඔබ පිතිහරඹයේදීත් පන්දු 23 ක් තුළ ලකුණු 61 ක් ලබාගත්තා. 76 ඉලක්කයෙන් 61 ක් වගේම කඩුලූ 10 න් 4 ක් ම ඔබට. උඩ පන්දු වගේම, තවත් විශිෂ්ට පන්දු රැකීම් අවස්ථා. කොහොමද මෙතරම් දක්ෂතා පෙන්වන්නේ?
මගේ ඇගේ තවම ක්‍රිකට් තියෙන නිසා වෙන්න ඇති. ඒ වගේම මූලික වටයේදී එකට එන්න තමයි අපිට ඕනෑ වුණේ. පන්දුවට පහර දීමේදී මං මගේ ලකුණු ගාණ ගැන හිතුවේ නැහැ. ලකුණු 49 දීත් මොන්ටි පනේසාර්ගේ කෙලින් ආ පන්දුවකට මං අනෙක් පසට හැරී ස්විප් පහරක් එල්ල කරනවා. පනේසාර්ගේ හැට්ටි්රක් එකකට අවශ්‍ය පන්දුවට. අර්ධ ශතකය ගැන හිතුවා නම් කවදාවත් එහෙම පහරක් ගහන්න බැහැ. දැවී යයි කියලා බය හිතෙනවා. ඒත් මම මගේ 50 ගැන නොවේ හිතුවේ. අපේ රට ගැන. කොහොම හරි ඒ ඕවරයේදී මං හතරේ පහර 3 ක් සහ 6 පහරක් පනේසාර්ට ගැහැව්වා.
ඔබගේ මේ සුවිශේෂී දක්ෂතා ගැන ප්‍රතිවාදී කණ්ඩායම්වල කී‍්‍රඩකයෝ මොකද කියන්නේ?
ගොඩක් දෙනා සුබ පතනවා. කොහොමද ඔහොම හොඳට කී‍්‍රඩා කරන්නේ කියලා අහනවා. එංගලන්ත තරගයෙන් පසුව එම කණ්ඩායමේ නායක පීටර්සන් මාව වැළඳගෙන සුබපැතුවා. ඒ වෙලාවෙදි ඔහු කිව්වා ”උඹ මේ තරගයට හොඳ වැඩියි. උඹ මෙතන නොවෙයි ඉන්න ඕන ජාතික කණ්ඩායමේ. උඹට තවම හොඳට ගහන්න පුළුවන් කියලා කිව්වා.
ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාවට සමුදුන්නා ඉක්මන් වැඩියි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?
ඒ කාලයේදී මං හිතුවා මං සමුගන්නේ හරිම වෙලාවෙදි කියලා. ඒත් ඊට වසර දෙකකට පමණ පසුව මට හිතුණා සමුගත්තා ඉක්මන් වැඩියි කියලා. ඒ බව මං මාධ්‍ය හමුවක් තියලා ප්‍රකාශ කළා.
නැවත ජාතික කණ්ඩායමට එන්න කියලා ආරාධනා කළොත්?
දැන් එහෙම අදහසක් නැහැ. ගොඩක් දෙනෙක් කියනවා ආපසු ජාතික කණ්ඩායමට ගියොත් හොඳයි නේද කියලා. ඒත් දැන් ඒ සඳහා සුදුසු කාලය නොවෙයි.
ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා හැටියට කණ්ඩායම ඇතුළෙ සාමූහිකත්වය, කණ්ඩායම් හැඟීම පවත්වාගෙන යන්නේ කොහොමද?
අපි හැමෝම හොඳ සම්බන්ධතාවයකින් සිටිනවා. සනත් අයියා, නුවන්, තරංග, රංගන, කෞශල්‍ය, අජන්ත අපි හැම දෙනාම හොඳ බැඳියාවකින් සිටිනවා. ජිම් එකට යනවා. ස්විමින් ෆූල් යනවා. පුහුණුවීම් කරනවා. හරියට ජාතික කණ්ඩායමට කී‍්‍රඩා කරනවා වගේ තත්ත්වයක් අපි අතරේ ඇතිවෙලා තිබෙනවා.
ඒ කාලයේ කී‍්‍රඩා කළ පිත්තෙන් ද ඔබ තවමත් කී‍්‍රඩා කරන්නේ?
නැහැ. මේ පිත්ත මම ඉන්දියාවට ඇවිල්ලා මට ඕන විදිහට පදම් කරලා නිර්මාණය කර ගත්ත මගේ පිත්තක්. විටෝ ඩිඩී කියා. මේ පිත්ත ලබන මැයි මාසයේ සිට අපේ සියලූ කී‍්‍රඩකයන්ට ලබා දෙන්න මං බලාපොරොත්තු වෙනවා.
තරගාවලියට එකතුවෙලා සිටින අනෙක් කී‍්‍රඩකයන් ගැන ඔබට මොකද හිතෙන්නේ?
ලාරා, පීටර්සන්, ජොන්ටි රෝඩ්ස්, සනත් ජයසූරිය මේ අය තවමත් කොතරම් දක්ෂ ද කියලා හිතෙනවා. ලාරාට අවුරුදු 51 ක් විතර ඇති. ඒත් එයා බැට් කරන හැටි හිතාගන්නත් බැහැ. පීටර්සන් අපට කිව්වේ එයා අවුරුදු ගාණකින් බැට් එකක් ඇල්ලුවේවත් නැහැ කියල. ඒත් කලින් දවසේ පුහුණුවීම් කරලා ඇවිත් ඔහු ලකුණු හැත්තැ ගාණක් ගැහැව්වා. ජොන්ටි තවමත් එදා වගේම පන්දු රකිනවා. සනත් අයියාගේ ඩ්‍රයිව් පහරේ ජවයත් එලෙසමයි. ඔවුන් කී‍්‍රඩා කරන අයුරු බලාගෙන සිටීමත් සතුට ගෙන දෙන්නක්.
– කුෂාන් සුබසිංහ
Sport
ජනප්‍රිය ක්‍රිකට් තරුවට මාතර හෝටලයකදී තරු විසිවෙන්න සංග්‍රහයක්…

මෑතදී ජනප්‍රිය වූ ක්‍රිකට් ක්‍රීඩකයන් බමන මතින් කළ අමන වැඩ ගොන්නට දින දෙකකට පමණ පෙර මාතර ප්‍රදේශයෙන් තවත් පුවතක් එක් විය. සිද්ධිය වාර්තා වන්නේ මෙසේය. ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයකු මාතර ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයකට ගොස් පදම ඉක්මවා සප්පායම් වී ඇත. බමන ගතිය වැඩිවූ විට මෙම ක්‍රීඩකයා සුදු පැහැ සම ඇති කතුන් සමග ගනුදෙනු කිරීමට රුසියකු බවද වාර්තා වෙයි.
එසේ ගනුදෙනුවකට ගිය විට ඇය අකමැත්ත ප්‍රකාශ කළ ද මොහු තමාගේ බලපුළුවන්කාරකම පෙන්වීමට ගොස් තිබේ. එයට විරෝධය දැක්වූ ඇයට සහාය වීමට පැමිණි පිරිසක් විසින් ක්‍රීඩකයාට ජීවිත කාලයටම අමතක නොවන ලෙස ගුටි පූජාවක් ලබාදීමට කටයුතු කර ඇත. මත් හිඳුණු මොහු වැදුණු ගුටි පහර හේතුවෙන් කාටත් හොරා සිංහල වෙදකම් කරන බවද වාර්තා වෙයි.
Sport
ගියවර IPL ශුරයින්ව පලමු තරගයෙන්ම කෝලිගේ කණ්ඩායම මෙල්ල කරයි (VIDEO)

2021 වසරේ ඉන්දිය ප්‍රිමියර්ලීග් තරගාවලියේ මුල්ම තරග ඊයේ පැවැත්වුනා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් රෝයල් චැලේන්ජස් බැන්ගලෝ කණ්ඩායම අතර එහිදී මුලිම්ම පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 159 ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල රෝයල් චැලේන්ජස් කණ්ඩායම උනුසුම් තරගයකකින් අතතුරුව අවසන් පන්දුවේදී ජයග්‍රහණය ලබා ගත්තේය. එහිදී විශිෂ්ඨ දස්කම්ක් දැක්වූ ab de villiersගේ ඉනිම කා අතරත් කතාබහට ලක්විය. එම තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.
Sport
දිල්ෂි ශ්‍රී ලංකා වාර්තාවක් අළුත් කරයි

කෙටි දුර ධාවන ශූරී දිල්ෂි කුමාරසිංහ කාන්තා මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව අළුත් කිරීමට සමත්වූවාය. ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (09දා) පැවති ජාතික තේරීම් තරග වලදීය. මෙහිදී දිල්ෂි මීටර් 800 ඉසව්ව මිනිත්තු2 තත්පර 2.52 කින් නිමා කිරීමට සමත්වූවාය. එහිදී ඇය විසින් බිඳ දැමුවේ 2017 වර්ෂයේදී පැවති ජාතික තේරීම් තරග වලදී ගයන්තිකා අබේරත්න විසින් එම ඉසව්ව මිනිත්තු 2 තත්පර 2.55 කින් නිමා කරමින් තබා තිබූ වාර්තාවයි.
-
උණුසුම් පුවත්5 days ago
සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..
-
උණුසුම් පුවත්1 week ago
කැරොලින් හරි දික්කසාදය ඇත්තක්.. පුශ්පිකා, චන්දිමාල්, රෝසි ඔක්කොම එකම පැත්තේ..
-
Sport1 week ago
ජනප්‍රිය ක්‍රිකට් තරුවට මාතර හෝටලයකදී තරු විසිවෙන්න සංග්‍රහයක්…
-
උණුසුම් පුවත්5 days ago
වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක්.. ඇත්ත මෙන්න!
-
උණුසුම් පුවත්2 weeks ago
රේනෝ සහ හිරු ජනපති ගෝඨාභය රාජපක්ෂව හැරයයි..!
-
උණුසුම් පුවත්1 day ago
විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..
-
Gossip1 week ago
රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..
-
උණුසුම් පුවත්1 week ago
අලුත් අවුරුද්ද ලග්න 6කට අතිවිශිෂ්ටයි : 4ක් පරෙස්සමෙන්: 2කට හොඳ නෑ