Connect with us

Uncategorized

සමාජයේ ද්විතීයික පොකුරු රැසක්.. දෙවැනි රැල්ල පාලනය බරපතලයි..

කොරෝනා දෙවැනි රැල්ල පාලනය කිරීමට අදාළව දක්නට ලැබෙන බරපතළ තත්ත්වයන් පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරැ වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා විසින් ලිපියක් යවා ඇත.

එම සම්පුර්ණ ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර් යාලය,
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

කොවිඞ් දෙවැනි රැල්ල පාලනය කිරීමට අදාළව දක්නට ලැබෙන බරපතළ තත්ත්වයන් පිළිබඳව

කොවිඞ් වසංගත තත්වයේ දෙවැනි රැල්ල ආරම්භ වීම සමගම සමාජයේ විවිධ පාර් ශව වලින් වෙනත් විවිධ පාර්ශ්වවලට චෝදනා එල්ල කෙරෙමින් තිබෙන බව රහසක් නොවේ. ජාතික සංවිධාන ලෙස එදිනෙදා මහජන සබඳතාවලදී ඊට අදාළව විවිධ ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට අපට සිදු වී ඇත. එම තත්වය වසංගත පාලනයට අදාළව මහජන සහාය ලබා ගැනීම සහ මහජන විශ්වාසය තහවුරු කිරීම යන සාධකවලට එරෙහිව අගතිගාමී ලෙස බලපාන බව අපට පෙනී යයි. ඊට අමතරව එම තත්ත්වය කොවිඞ් පළමු රැල්ල අතිසාර්ථකව මැඩලීම මගින් ඔබතුමා ප‍්‍රමුඛ රජය විසින් දිනාගත් මහජන ප‍්‍රසාදය සහ ගෞරවයට අදාළව ද නිෂේධාත්මක බලපෑම් ඇති කරන බව පැහැදිලි කරුණකි.

එම නිසා සමාජයේ සංවාදයට ලක්වෙමින් ඇති පහත සඳහන් කරුණු ආශ‍්‍රිතව විධිමත් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් සිදුකොට යම් පාර් ශව සිතාමතා කඩාකප්පල්කාරී ක‍්‍රියාවක හෝ රජයට එරෙහිව කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියාවක නිරත වී ඇත්නම් ඔවුන් හෙළිදරව් කොට ඔවුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස අප ජාතික සංවිධාන වශයෙන් ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් සහ ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

  1. මිනුවන්ගොඩ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ආයතනයට අයත් කර් මාන්ත ශාලාවට එම සමාගමට අයත් ඉන්දියාවේ විශාකාපට්නම්හි පිහිටි කර් මාන්ත ශාලාවේ සිට සේවකයන් අවස්ථා කිහිපයක දී ගුවන් මගින් රැගෙන විත් නිරෝධායන උපදෙස්වලට පටහැනිව වැඩමුළු සහ අභ්‍යන්තර විගණනයක් සිදු කිරීම. එසේ අවස්ථා කිහිපයක දී ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට සේවකයන් පැමිණි බව හමුදාපතිවරයා විසින් පුවත්පත්වලට ප‍්‍රකාශකොට ඇති අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද ඊට අදාළව ප‍්‍රකාශයක් සමාජ මාධ්‍යවලට නිකුත්කොට ඇත.
  2. දැනට ඉතා බරපතළ ලෙස කතාබහට ලක්වෙමින් ඇති සැප්තැම්බර් 22 දින මත්තල ගුවන්තොටුපළින් ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දියානුවන් හෝ ඉන්දියාවේ පිහිටි බ‍්‍රැන්ඩික්ස් සමාගමට අයත් කර්මාන්ත ශාලාවේ සේවය කළ ශ‍්‍රී ලාංකිකයන් නිසි ලෙස නිරෝධායනය නොවූ බවට ප‍්‍රබල සාක්ෂි ඉදිරිපත් වී ඇත. ඊට අදාළව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් නිල වශයෙන් පුවත්පත්වලට ප‍්‍රකාශයක් සිදුකොට තිබිණි. එම ගුවන් මගීන් පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව තොරතුරු ලබාදීම අදාළ ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ බලධාරීන් විසින් ප‍්‍රතික්ෂේප කිරීම නිසා මහජන සැකය තවදුරටත් වර්ධනය වේ.
  3. එසේ විදේශ වලින් ශ‍්‍රී ලංකාවට පැමිණෙන පිරිස් ආරක්ෂක හමුදා විසින් නිරෝධායනයට ලක් කරන බව සඳහන් වුව ද ප‍්‍රායෝගිකව එම කටයුත්ත සිදු කරනු ලබන්නේ පෞද්ගලික ආරක්ෂක සමාගමක් විසින් බවට සහ ඔවුන් විසින් එසේ පිරිස් හෝටල් වෙත රැගෙන යාමේ දී හමුදාව ඔවුන් කැටුව නොගිය බවට ද වාර් තා පළ වේ. එසේ නිරෝධායනයට ලක් වූ බව කියන පිරිස් සහ හෝටල් හෝ නිවාස පිළිබඳ කිසිදු තොරතුරක් තමන්ට ලබා දී නැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. එවැනි තත්ත්වයක් තුළ ඊට පෙර රට තුළට පැමිණි පිරිස් සම්බන්ධයෙන් ද ඒ ආකාරයට ක‍්‍රියාකොට ඇති බවට සාධාරණ සැකයක් මතු වේ.
  4. ඒ ආකාරයට දක්නට ලැබෙන යම් වගකිවයුතු පිරිස්වල වගකීම් විරහිතභාවය හෝ නොසැලකිලිමත්භාවය පිළිබඳ මහජන සැකය දුරු කිරීම ඉතා වැදගත් වන්නේ, අදාළ සමාගමට ඉන්දියානු සහ ඇමරිකානු ආයතන සමඟ තිබෙන බැඳීම් නිසා සමස්ත සිදුවීම් මාලාව ශ‍්‍රී ලංකාවට එරෙහි බාහිර කුමන්ත‍්‍රණයක් ලෙස අර් ථ දැක්වීමේ තත්වයක් තිබෙන බැවිනි.
  5. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර් මාන්ත ශාලාව තුළ ශ්වසන රෝග තත්වයක් ලෙස දක්නට ලැබෙන කොවිඞ් වසංගතයේ දෙවන රැල්ල මතුවන්නේ සැප්තැම්බර් මස 24 වැනි දිනය ආශ‍්‍රිත දිනයක බව අනාවරණය වී ඇත. එම තත්වය ඇති වූ පසුව අදාළ සමාගමේ කළමනාකාරීත්වය සහ එහි සෞඛ්‍ය නිලධාරීන් ඊට ප‍්‍රතිචාර දක්වා ඇති ආකාරය කිසිසේත්ම පිළිගත නොහැකි බව පුවත්පත් වාර් තා අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වේ. යම් පිරිස් සඳහන් කරන ආකාරයට එම තත්වය ව්‍යාපාරික ඇණවුම් නිසි වේලාවට නිම කිරීම සඳහා වූ පෙළඹවීම නිසා හෝ තවත් පිරිස් සඳහන් කරන ආකාරයට ධන තන්හාව හෝ මිනිස් ජීවිත පිළිබ`ද නොසැලකිල්ල නිසා ඇති වූවක් ලෙස විග‍්‍රහ කිරීම අර්ධ සත්‍යයක් විය හැක. ඒ මගින් කළමනාකාරීත්වයේ වගකීම් විරහිතභාවය සහ නොසැලකිලිමත්භාවය ප‍්‍රදර්ශනය කෙරෙනවාට අමතරව ඉහත සඳහන් කළ කුමන්ත‍්‍රණ න්‍යාය ද තහවුරු වේ. එහි දී සැකයට ප‍්‍රධාන වශයෙන්ම හේතුවන්නේ රෝග ලක්ෂණ පෙන්වූ 30කට අධික පිරිසක් ඔවුන්ගේ ගම්බිම්වලට යැවීම ය. එහි දී PCR පරීක්ෂණ සිදු කිරීමෙන් තොරව පොදු ප‍්‍රවාහන සේවා මගින් ඔවුන් දුර බැහැර ප‍්‍රදේශවලට යැවීම මඟින් වසංගත පාලනයට අදාළ මූලික මූලධර් ම පවා උල්ලංඝනය වේ. මෙම තත්වය නිසා අද වන විට ආශ්‍රිතයන් හඹා යාම සඳහා ආරක්ෂක හමදා වලට ඉතා දුෂ්කර ව්‍යායාමයක යෙදීමට සිදු වී ඇත.
  6. එසේ වුවත් බ‍්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියා හඳුනාගත් පසුව සෞඛ්‍ය අංශ ක‍්‍රියාකොට ඇති ආකාරය කිසිසේත්ම පිළිගත නොහැකි අතර එම තත්වය සාමාන්‍ය මහජනයා පවා පුදුමයට පත් කළ බව රහසක් නොවේ. දෙවනි රැල්ලේ පළමු රෝගියාට වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි සොයා බැලීමේ වසංගත රෝග විද්‍යා ක‍්‍රමවේද පිළිබඳ මහජනයාට අවබෝධයක් නැතත් පළමු රෝගියා හමු වූ පසුව ඔහුගේ හෝ ඇයගේ ආශ‍්‍රිතයන් පිළිබඳව ගතයුතු පියවර පිළිබඳව මහජනයාට යම් අවබෝධයක් ඇත. එසේම පළමු රැල්ල මැඩ පැවැත්වීමෙන් පසුව දෙවැනි රැල්ලක් වළක්වා ගැනීම සඳහා විශේෂයෙන්ම වඩා අනතුරුදායක ආයතන සහ තත්වයන්ට අදාළව පැහැදිලි නිර් දේශ සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇතැයි මහජනයා විශ්වාස කරති. එහෙත් එසේ සිදුවූවා ද යන්න සහ සිදුවූවා නම් එම නිර් දේශ අදාළ ආයතනය විසින් නොසලකා හරිනු ලැබුවේ කුමක් නිසා ද යන්න දැන ගැනීමේ අයිතියක් මහජනයාට ඇත.
  7. ඒ සියල්ලටම වඩා බ‍්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියා හඳුනාගත් වහාම ඊට පෙර ආයතනයේ දක්නට ලැබුණු ශ්වසන රෝග තත්වයන් සැලකිල්ලට ගෙන කර් මාන්ත ශාලවේ සමස්ත සේවක පිරිස් නිරෝධායනයට ලක් කිරීම වෙනුවට PCR පරීක්ෂණවලට ලක් කළ සේවකයන් නිරෝධායනය සඳහා නිවෙස්වලට යැවීම බරපතළ වරදක් බව සාමාන්‍ය මහජනයාට පවා තේරුම්ගත හැක. එම සැකකටයුතු රෝගීන් නිවෙස්වලට ගමන් කරනු ලැබුවේ ත‍්‍රීරෝද රථවල සමූහ වශයෙන් සහ පොදු ප‍්‍රවාහන සේවාවලින් බවට සාක්ෂි ඇත. එසේ පළමු වටයේ දී නිවෙස්වලට යැවූ PCR පරීක්ෂණවලට ලක් කෙරුණු 100ක පමණ සේවකයන්ගෙන් 69 දෙනෙකු රෝගීන් බව තහවුරු විය. ඔවුන් බොහෝ දෙනෙකුට රෝග ලක්ෂණ නොතිබූ බැවින් ඔවුන් නිවෙස් ආශ‍්‍රිත සෙසු මහජනයා සමඟ ගැවසීම නිසා බොහෝ පිරිසකට රෝගය බෝ කිරීමේ අවදානමක් ඇති අතර එම පළමු පෙළ ආශ‍්‍රිතයන් සහ ඔවුන්ගේ දෙවන පෙළ ආශ‍්‍රිතයන් සියලූදෙනා කඩිනමින් හඳුනාගැනීම පහසු නැත. ඒ නිසා සමාජය තුළ සැඟවුණු රෝගීන් සිටින බව සහ රෝගය සමාජයට සම්ප්‍රේෂණය වී ඇති බවට මහජනයා විසින් දක්වන අදහස් තාක්ෂණික තර් ක මගින් බැහැර කළ හැකිද යන ප්‍රශ්නය මතුවේ.
  8. එම තත්වය එසේ තිබිය දී දෙවන වතාවට PCR පරීක්ෂණවලට ලක්කරනු ලැබූ 1280ක් ද නිවෙස්වලට යැවීමට තීන්දු ගනු ලැබුවේ කවුරුන් විසින් ද යන ප‍්‍රශ්නය මතු වේ. ඒ අයගෙන් 50%කට වැඩි පිරිසක් රෝගීන් බව තහවුරු වූ නමුත් ඔවුන් සොයා ගැනීම සඳහා ආරක්ෂක අංශවලට බලවත් පරිශ‍්‍රමයක් දැරීමට සිදු වූ අතර යම් පිරිසක් සොයාගත නොහැකිව සමාජයේ සිටින බව වාර් තා වේ. ඒ සියලූදෙනාගේ ආශ‍්‍රිතයන් සහ ඔවුන්ගේ දෙවන පෙළ ආශ‍්‍රිතයන් සියල්ල පිළිබඳ සැලකීමේ දී මේ වන විට සමාජයේ ද්විතීක පොකුරු රාශියක් ඇති වී තිබෙන බව පිළිගැනීමට සිදු වේ. ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට රෝගය, සමාජයට සම්ප්‍රේෂණය වී ඇති බව හෙවත් වසංගතයේ 4 වැනි අවධියට ලඟා වෙමින් තිබේද යන සැකයද මතුවේ.

මෙම සියලූ කරුණු සැලකිල්ලට ගැනීමේ දී වසංගත තත්වය සමාජයට පැතිරෙමින් තිබෙන බව පිළිගෙන ඊට අනුව කටයුතු කළ යුතු බව සහ සමස්ත සිදුවීම් මාලාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම මගින් මහජන විශ්වාසය තහවුරු කළ යුතු බව අපගේ විශ්වාසයයි. අප ජාතික සංවිධාන ලෙස මෙම කරුණු ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නේ අපගේ සමාජ වගකීමක් ලෙස මෙන්ම ඔබතුමා එම කරුණු පිළිබඳව අවධානය යොමු කොට නිසි පියවර ගනු ඇතැයි යන විශ්වාසයෙනි.

මෙයට,
විශ්වාසී,

ගුණදාස අමරසේකර,
කැදවුම්කරු,
ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන්.

Click to comment

Uncategorized

17 වෙනිදා සිට ප‍්‍රදේශ රැසක් හදිසියේම ලොක්ඩවුන්..

දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම සේවා වසම් 38ක් හුදකලා කිරීමට තීරණය කර ඇත.මෙම හුදකලා කිරීම් 17 වන සඳුදා පෙරවරු 4.00 සිට ක්‍රියාත්මක වන බව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පැවසීය.එසේ හුදෙකලා කර ඇති ප‍්‍රදේශ මෙසේය.

මඩකලපුව දිස්ත්‍රික්කය
150 සී ග්‍රාම නිලධාරි වසමේ වැව පාර මංචෝනා දෙසට ප්‍රදේශය
වේවින් මිල් මාවත ප්‍රදේශය
වේලාපොඩි පාර ප්‍රදේශය
කනකිඅම්මාන් කෝවිල පාර වෙරළබඩ ප්‍රදේශය

150 බී ග්‍රාම නිලධාරි වසමේ
ලකේ මාවත විතන්‍ය ප්‍රදේශය,
අප්පුහාමි මාවත වෙරළබඩ ප්‍රදේශය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

කින්නියා (226 ඩී)
පෙරිය කින්නියා (225 බී)
කුට්ටිකරච්චි (226 ඊ)
අහුතර් නගරය
පෙරියතුමුනේ (226)
මලින්තුරේ
රහුමානියා නගරය (225)
සින්න කින්නියා (225 ඒ)
මන්චෝලි (225 ඩී)
කට්ටෙයාරු
කුරින්චකර්නි
මුනාචචෙනෙයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ
හමන්ගල්ල
නාරංගොඩ උතුර
නාරංගොඩ දකුණ
බටපොතැල්ල
මල්ගමුව
දොඩම්පොත්ත
නාරංගමුව
වත්තේගෙදර
කටුගම්පොළ
කවුඩුමුන්න
හමනාගොඩ
වෑත්තෑව
මුම්මානා
මාහරගම
පහල මැද්දෙපොළ
ඉහළ මැද්දෙපොළ
කෝඳුරුවාවල
මාහින්ගමුව
සියඹලාවලාන
බෝපිටිය
ඉහළ ලබ්බල
පහල ලබ්බල
මත්තේගම
වැල්ලෑව

මේ අතර මෙතෙක් හුදෙකලා කර තිබූ ප‍්‍රදේශ කිහිපයක්ද එළැඹෙන සදුදා සිට ක‍්‍රියාත්මක වන පරිදි හුදෙකලා බව ඉවත් කර ඇත.

එම ප‍්‍රදේශයන් මෙසේය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
උප්පුවේලි පොලිස් බලප්‍රදේශයට අයත් අන්දකුලම් ග්‍රාම නිලධාරි වසමේ සුභදු මාවත
චීනවරාය පොලිස් බලප්‍රදේශයට අයත් කවත්තිකුඩා ග්‍රාම නිලධාරි වසමේ විජේරත්න මාවත

කළුතර දිස්ත්‍රික්කය
බෝඹුවල වයඹ (728 සී)
බෝඹුවල උතුරුමැද (728 බී)
බෝඹුවල නිරිත (728 ඩී)
බෝඹුවල දකුණ මැද (728)
බෝඹුවල ගිනිකොණ (728 ඊ)
බෝඹුවල වයඹ (728 ඒ)

Continue Reading

Uncategorized

ඉදිරියේදී දිනකට ආසාදිතයන් 8,000-10,000ක් හමුවෙයි .. ?හැකිතාක් ගෙදරටම වී සිටින්න..

කොරෝනා පාලනය සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ජනතාව විනයකින් තොරව තවදුරටත් කටයුතු කරන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ දිනකට ආසාදිතයන් 8,000-10,000ක් වාර්තා වීමේ අවදානමක් ඇතැයි කොරෝනා රෝග පාලන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

මේ වන විට දිනකදී වාර්තා වන ආසාදිත පුද්ගලයෙකු තවත් හතර දෙනෙකුට වෛරසය ව්‍යාප්ත කළහොත් හා ජනතාව වෛරසය ව්‍යාප්තිය ගැන නොසැලකිලිමත් වුවහොත් මෙම ඉලක්කම් වාර්තා වනු ඇතැයිද ඇමැතිවරිය කියා සිටියාය.

අත්‍යවශ්‍යම කරුණකට හැර නිවසෙන් බැහැරව නොයන්නැයි ද ඉල්ලා සිටි ඇය නිවසින් බැහැරට යන්නේ නම් අනිවාර්යෙන්ම මුව ආවරණ නිසි ලෙස පළදින ලෙසද ඉල්ලා සිටියාය.

Continue Reading

Uncategorized

දින දෙකෙන් කොරෝනා සුවයි.. කොරෝනා සුව වෙන බෙහෙත මෙන්න.. ?

බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව මූලිකව ඇති වූ කොරෝනා පොකුර සම්පූර්ණයෙන්ම නැවැත්වූයේ තමන් විසින් බව අමිල සංජීව වෙද මහතා සඳහන් කරයි. තමන් විසින් නිෂ්පාදනය කරන ලද පැණි සහ කසාය මෙරට ලක්ෂ 20 ක ජනතාවට ලබාදී ඇති බවත් ඒ අතර කොරෝනා ආසාදිතයන් හැටදහසක් පමණ වන බවත් ඒ මහතා පවසයි. මෙම ඖෂධයෙන් කොරෝනා ආසාදිතයෙකු දින දෙකක් ඇතුළත සුව කළ හැකි බවද පැවසූ ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු පානය කල විට කොරෝනා වැලදෙන්නේ නැති බවත් සඳහන් කළේය. තමන් විසින් මෙම ඖෂධය ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ බවත් ඔහු කියා සිටී.

Continue Reading

Facebook

Advertisement

Updates

Uncategorized12 hours ago

17 වෙනිදා සිට ප‍්‍රදේශ රැසක් හදිසියේම ලොක්ඩවුන්..

දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම සේවා වසම් 38ක් හුදකලා කිරීමට තීරණය කර ඇත.මෙම හුදකලා කිරීම් 17 වන සඳුදා පෙරවරු 4.00 සිට...

ප‍්‍රධාන පුවත්2 days ago

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලැයිස්තුව මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි...

ප‍්‍රධාන පුවත්2 days ago

නැගෙනහිර පලාතේ ලොක්කටත් කොවිඩ් හැදෙයි..

මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර...

ප‍්‍රධාන පුවත්2 days ago

හැදුනුම්පතේ අවසාන අංකය මත පමණක් නිවසින් බැහැර වන්න.. අළුත්ම නීතිය මෙන්න

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේ සිට නිවසකින් පිටවීමට අවසර ඇත්තේ...

ප‍්‍රධාන පුවත්2 days ago

ඇගළුම් සේවිකාවන් හදිසියේ ලෙඩවෙති.. 9%කට කොරෝනා..

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් (09) දින සිදු...

ප‍්‍රධාන පුවත්2 days ago

හෙට සිට රටටම ගමන් තහනම්…

හෙට (13) දින රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා රට පුරාම සංචාරණ සීමා පනවා ඇත. නමුත් එම...

උණුසුම් පුවත්3 days ago

රටෙන්ම වසංගතයේ බියකරු දත්ත සගවනවා.. චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම...

ප‍්‍රධාන පුවත්3 days ago

සියළු වෙළදසැල් රාත්‍රී 07ට වැහෙයි..

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා...

උණුසුම් පුවත්3 days ago

ලෝකයම මවිත කරමින් චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත...

ප‍්‍රධාන පුවත්3 days ago

ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News