Connect with us

උණුසුම් පුවත්

විජේවීරගේ පුතා ‘දෙවැනි ජවිපෙ’ හදයි – වර්ථමාන ජේවීපියට ඇපත් නැතිවෙන ලකුණු.. ප්‍රබල සාමාජිකයින්ටද ආරාධනා

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර දෙවැනි ජනතා විමුක්ති පෙරමුණ ව්‍යාපාරය ගොඩනැගීමේ උත්සාහයක නිරතව සිටින බව වාර්තාවේ. මේ වනවිට ඔහු 71 අරගලයේදී ජවිපෙන් කැඞී වෙන්වී ගිය සාමාජිකයන් සහ 71 මහ නඩුවේදී රෝහණ විජේවීර සමග විරසක වූ ප‍්‍රබල සාමාජිකයන් එක පිළකට එකතු කිරීමේ උත්සාහයක නිරතව සිටියි.

එසේම ඊට ප‍්‍රවේශ වීම සඳහා රට පුරා විසිරී සිටින 71 අරගලයට සහභාගි වූ සාමාජිකයන්ගේ දූවා දරුවන්ගේ එකතුවෙන් ‘‘දෙවැනි පරපුර’’ නමැති සංවිධානය ගොඩනගාගෙන ඇති අතර ඉකුත් කාලය පුරා ක‍්‍රියාත්මක වී ඇති එම සංවිධානය තරුණ ප‍්‍රජාව ඉලක්ක කර භාෂා පන්ති පහක් පැවැත්වීම, සංවිධානය ආර්ථික අතින් සවිමත් කිරීම සඳහා කාබනික වගා ගොවිපොළ ඇති කිරීම වැනි සැලසුම් කිහිපයක් ක‍්‍රියාත්මක කර තිබේ. 71 අරගලයට පනස් වසරක් සපිරෙන එළැඹෙන අපේ‍්‍රල් විරු සැමරුමේදී 71 විරුවන්ගේ නිල වෙබ් පිටුවක් අන්තර්ජාලයට මුදාහැරීමට ද උවිඳු විජේවීර මේ වන විට සූදානම් වේ.

Click to comment

උණුසුම් පුවත්

අඩෝ මේ ***** හරීන් අමු තිත්ත කුණු හරපෙන් බනී.. වීඩියෝ මෙන්න (VIDEO)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී ගුටිබැට හුවමාරුවක් සිදු කරගෙන ඇත. හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා අසභ්‍ය වචන කියමින් පාර්ලිමේන්තු සභා ගැබේ හා පිටත සංකීර්ණයේ ගමන් කරන වීඩියෝද සමාජ ජාලවල පලවේ.

Continue Reading

Sport

මාලිංගගේ සුවිශේෂී IPL වාර්තාව බිද වැටෙන ලකුණු

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ අමරණීය සලකුණක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සුවිශේෂී වාර්තාවක් මේ වන විට ඔහුගෙන් ගිලිහී යාමේ අවධානමක් මතුව තිබෙනවා. අයි.පී.එල් තරගාවලිය තුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග, ඉනිම 122 ක් ක්‍රීඩා කරමින් බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 170 ක්. ඊට එක් ඉනිමක කඩුලු පහක් දවා ගත් අවස්ථාවක් සහ ඉනිමක කඩුලු හතර බැගින් දවා ගත් අවස්ථා හයක් ඇතුළත්. සමස්ථ තරගාවලි ඉතිහාසය තුළ වැඩිම කඩුලු ලාභියා ද වන්නේ ලසිත් මාලිංගයි. වසර ගණනාවක් පුරා ඔහුගේ නම ඉදිරියේ පැවති මෙම සුවිශේෂී වාර්තාව මෙවර තරගාවලියේදී බිඳ වැටීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව මේ වන විට දක්නට ලැබෙනවා.

ඒ, වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අමිත් මිශ්රා එම වාර්තාවට ඉතා ආසන්න වීමත සමගයි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට අමිත් මිශ්රා සමත්වුණා. ඔහු පන්දුවාර 4 තුළ ලකුණු 24 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වුණා. එම කඩුලු 4 ත් සමග අයි.පී.එල් තරගාවලි ඉතිහාසය තුළ අමිත් මිශ්රා බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 164 ක්.

ඒ සදහා ඔහු වැය කර තිබෙන ඉනිම් සංඛ්‍යාව 152 ක්. ලසිත් මාලිංග අභිබවා යමින් ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට 38 හැවිරිදි අමිත් මිශ්රාට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 7 ක් පමණයි. ලසිත් මාලිංග මේ වන විටත් ලීග් ක්‍රිකට් පිටියෙන් සමුගෙන අවසන්.

ලසිත් මාලිoග ගැන කෙටියෙන්… https://fb.watch/4-Di447OVi/

Continue Reading

උණුසුම් පුවත්

පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු තිස්ස කුට්ටිආරච්චි ගහගනී..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී ගුටිබැට හුවමාරුවක් සිදු කරගෙන ඇත. පසුව පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රී පිරිස සහ පාර්ලිමේන්තු පොලීසිය මැදිහත් වී තත්වය පාලනය කර තිබේ. සභාව කල් තැබීමට පෙර පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අතර සභා ගැබේ දීම මෙම ගැටුම හටගෙන තිබිණි. ඉන් අනතුරුව කතානායකවරයා සභාව කල් තැබීමෙන් පසු මෙම ගැටුම හටගෙන තිබේ.

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්19 mins ago

අඩෝ මේ ***** හරීන් අමු තිත්ත කුණු හරපෙන් බනී.. වීඩියෝ මෙන්න (VIDEO)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී...

ප‍්‍රධාන පුවත්36 mins ago

ඩයනාගේ ගංජා කතා වලට උත්තර දෙන්න මම නෑ – ඇමති නාමල්

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ගංජා කතා වලට උත්තර දීමට තමා බැඳී නැති බව නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ විපක්ෂය...

Sport1 hour ago

මාලිංගගේ සුවිශේෂී IPL වාර්තාව බිද වැටෙන ලකුණු

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ අමරණීය සලකුණක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු...

උණුසුම් පුවත්2 hours ago

පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු තිස්ස කුට්ටිආරච්චි ගහගනී..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී...

උණුසුම් පුවත්2 hours ago

තරගය සජීවීව මෙතනින් .. බoගලාදෙශය ප්‍රභල තත්වයක

ශ්‍රී ලoකාව සහ බoගලාදේශය සමගඉන් පැවැත්වෙන පලමු ටෙස්ට් තරගය මේ වන විට දබුල්ල ක්‍රීඩාoගනයේදී පැවැත්වෙනවා.. ප්‍රථමයෙන් කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය...

උණුසුම් පුවත්3 hours ago

පාර්ලිමේන්තුවේ ගාලගෝටියක්..

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවත් සමග තත්ත්වය පාලනය කිරීමට කථානායක මහින්ද යාප අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව විනාඩි...

උණුසුම් පුවත්4 hours ago

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැති මහින්ද පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්‍රකාශය .. (VIDEO)

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් සැපිරීම හේතුවෙන්, සභාවේ අවසරය ඇතිව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව...

උණුසුම් පුවත්4 hours ago

සජිත්ලා කියන්නේ පට්ටපල් බොරු – වරාය නගරයේ ඉඩම ගැන ව්‍යාපාරික ධම්මික පෙරේරා සැරටම කියයි.. (VIDEO)

වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නම් නීති සම්පාදනයට අමතරව යටිතල පහසුකම් ද සංවර්ධනය කළ යුතු බව ව්‍යාපාරික ධම්මික පෙරේරා...

Sport4 hours ago

බංග්ලාදේශ තරඟාවලියෙන් එළියට දැමූ කුසල් මෙන්ඩිස් දුකින්..

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අද (21) දිනයේ දී පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ...

උණුසුම් පුවත්4 hours ago

රන්ජන්ට ජනපති සමාව .. ?

සිරදඬුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News