Connect with us

Sport

තනි කකුලෙන් හරි ෆයිනල් එක ගහමු කියලා සනත් අයියා කිව්වා .

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තායින් පසුව මේ වගේ අවස්ථාවක් ලැබීම ගැන යමක් කියන්න ඇති? 
ජාත්‍යන්තර පිටියෙන් සමු අරන් හිටිය සෑම ක්‍රීඩකයෙක්ටම මේක ලොකු අවස්ථාවක් වුණා. තමන් වඩාත් ආදරය කරන ක්‍රීඩකයන් නැවතත් සජීවීව ක්‍රීඩා කරනවා බලන්න ලැබීම ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙනුත් ලැබුණු අවස්ථාවක් කියලා මම හිතනවා. සචින්, ලාරා, ජොන්ටි විශේෂයෙන් සනත් ජයසූරිය ක්‍රීඩා කරනවා බලන්න ආසාවෙන් හිටිය ප්‍රේක්ෂකයෝ හිටියා. ප්‍රේක්ෂකයෝ තරගාවලිය ගැන ආශ්වාදයක් ලැබුවා වාගේම අපිටත් ලොකු දෙයක් එක් වුණා.

ජොන්ටි, ලාරා, සචින් මොකද කිව්වේ? 
මේක තරගාවලියක් වුණත් හරි සුහදත්වයෙන් පැවැත්වුණු තරගාවලියක්. නමුත් තරගකාරිත්වයේ කිසිම වෙනසක් තිබුණේ නැහැ කියලා කියන්න ඕනේ. ඔවුන් හැමෝම නැවත ක්‍රීඩා කිරීමට හැකි වීම ගැන ඉතාමත් සතුටින් කතා කළා. කවර් පොයින්ට් එකේ ෆීල්ඩ් කරන ක්‍රීඩකයන් අතුරින් ජොන්ටි කිව්වා මමත් ඔහුට සමානවම එහි ෆීල්ඩ් කරනවා කියලා. ඒක මට ලොකු භාග්‍යයක්. ජොන්ටි සහ ලාරා මට ජර්සි දෙකක් දුන්නා මතක සැමරුම් හැටියට.

අපි දැක්කා පිත්තෙන් දස්කම් දක්වනවා, පන්දු රකිනවා, ඕනි වුණාම පන්දු යවලා කණ්ඩායමට අවශ්‍ය දේ කරලා දෙනවා. එහෙම අභියෝග භාරගන්න හුරු වුණේ? 

පොඩි ගමකින් ආපු මම අද මේ තත්ත්වේ ඉන්නේ ක්‍රිකට් නිසා. මට ඒක ඇඟෙන්ම එන දෙයක්. රට වෙනුවෙන් මට ඕනේ හැම වෙලේම දිනන්න. තරගය වෙලාවේ කවුරු හරි අතින් වැරැද්දක් වුණොත් මට හරියට කේන්ති යනවා. ඒ වගේමයි මම ඒ වෙලාවෙම කියන්න ඕන දේ කියනවා. මොකද තරගයෙන් පස්සේ කියන්න ඕන දේවල් කියලා වැඩක් නැහැ. කණ්ඩායමේ සාමාජිකයන් ඒක දන්නවා. ඒ හැමදේම තරගය පැවැත්වෙන වෙලාවට විතරයි.

සනත් ජයසූරිය කණ්ඩායමට එකතු වෙන්නේ කොහොමද? 

සනත් අයියා තමයි මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ පළවෙනි නායකයා. මම සනත් අයියගෙන් ඇහුවා ටීම් එකේ සෙල්ලම් කරමුද කියලා. අහපු ගමන් දෙපාරක් හිතන්නේ නැතිව එයා කැමති වුණා. මම හිතන්නේ සනත් අයියා සතියකටත් වඩා අඩු කාලයක් පුහුණුවීම් කරලා තමයි කණ්ඩායමට එක් වුණේ.

සනත්ගේ පැමිණීම කණ්ඩායමට කොයි වගේද බලපෑවේ? 

සනත් අයියා කොයි වෙලාවකවත් පරාද වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. අන්තිම තරගය වෙද්දි ඉන්ජරියක් තිබුණා. එතකොට එයා කිව්වේ තනි කකුලෙන් හරි අපි මේක කොහොමහරි ගහන්න ඕනේ කියලා. ඇත්තටම සනත් අයියා කණ්ඩායමට එක්වීම නායකයා විදිහට මට විශාල ශක්තියක් වුණා.

නැවතත් සනත් එක්ක ආරම්භක පිතිකරු වශයෙන් පිටියට පැමිණීමට ලැබීම? 

සනත් අයියා එක්ක ආ​ෙයත් ඕපන් කරන්න ලැබුණු එක මාර දෙයක්. ඒක මාර අත්දැකීමක්. වසර ගණනාවකට පසුව වුණත් සනත් අයියගේ ඒ පාරවල් ඒ විදිහටම තිබුණා. ඔහුගේ ක්‍රීඩා විලාසය ප්‍රේක්ෂකයන්ව නැවතත් අතීතයට ගෙන යන්න ඇති අනිවාර්යයෙන්ම.

ඩිල්ෂාන්ටත් ආබාධයක් තිබුණා නේද? 

කාලයකට පසුව ක්‍රීඩා කරන නිසා අපි ගොඩක් අයට ආබාධ ආවා. මගෙත් කලවා ප්‍රදේශයේ ආබාධයක් තිබුණා. ළඟ ළඟ තරග තිබුණු නිසා වේදනා නාශකවල පිහිටෙන් තමයි ක්‍රීඩා කළේ. 19 වැනිදා සෙමි ෆයිනල් එක ක්‍රීඩා කළෙත් වේදනා නාශක බෙහෙත් බීලා. සෙමි ෆයිනල් එකෙන් පස්සේ ආබාධය තරමක් වැඩි වුණා. ෆයිනල් එක දවසේ ඇවිදින්නත් අමාරු තත්ත්වයක් තිබුණේ. ඒ නිසා ඉන්ජෙක්ෂන් එකක් ගහගෙන ෆයිනල් එකට ගියා.

කොහොම වුණත් මේ ආබාධය සම්පූර්ණයෙන් සුව වෙන්න තව මාසයක් විතර කාලයක් විවේකයෙන් ඉන්න වෙයි කියලා වෛද්‍යවරු කිව්වා.

දැන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගයක් පවත්වන්න යනවා කියලා කතාවක් යනවා? 

කොවිඩ් එකට අරමුදලක් වෙනුවෙන් තරගය පවත්වන්න යනවා කියලා ආරංචියි. ඒක අපේ කණ්ඩායමට වැදගත්නම් අපේ දායකත්වය අනිවාර්යයෙන් අපි දෙනවා.

ඉදිරියටත් රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් තරගාවලිය පැවැත්වෙනවා? 

මීළග රෝඩ් සේෆ්ටි තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙනවා. මෙවර තරගාවලියට අපි හැමෝම සහභාගි වුණේ සති දෙකකටත් අඩු කාලයක් පුහුණුවීම් කරමින්. මීළග තරගාවලියේදී අපි අඩුම මාස දෙක තුනක්වත් ප්‍රැක්ටිස් කරලා තමයි යන්න හිතාගෙන ඉන්නේ.

මේ ටීම් එකද ඉදිරියටත් අරන් යන්න හිතාගෙන ඉන්නේ? 

වෙනස්කම් කිහිපයක් වෙන්න ඉඩ තියෙනවා. මේ ටීම් එකේ 10ක්වත් අඩුම තරමේ ඊළග තරගාවලියට අනිවාර්යයෙන් ක්‍රීඩා කරයි.

මේ වෙලාවේ කියන්න ඕනේ අපි හැමෝම එක පවුලක් වගේ කටයුතු කළා. මැච් එකේ වෙලාවට මැච් එකේ හිටියා. හවසට අපි උයාගෙන එකට කෑවා. ක්‍රීඩකයෙක්ට ආබාධයක් වුණාම තවත් ක්‍රීඩකයෙක් සාත්තු කළා. හැමෝම එකා වගේ හිටිය නිසා මේ තත්ත්වයට එන්න ලැබුණා.

එල්.පී.එල්. තරගාවලියෙ කණ්ඩායමකින් අවස්ථාවක් ලැබුණොත්? 

අනිවාර්යයෙන් ක්‍රීඩා කරනවා. මම දැක්කා එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩා කරපු අයව. මට තව අවුරුදු දෙකක් තුනක් ක්‍රීඩා කරන්න පුලුවන්. මට ෆිට්නස් තියෙනවා. එහෙම අවස්ථාවක් ලැබුණොත් මගේ අත්දැකීම් ක්‍රීඩකයන් එක්ක හුවමාරුකර ගන්නත් මට පුළුවන්. මම ඒ බව ලෙජන්ඩ්ස් තරගාවලියෙන් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා.

කොච්චර කාලෙකින්ද මේ ලංකාවට ආවේ? 

අවුරුද්දකට විතර පස්සේ ලංකාවට ආවේ. මෙහෙම්මම නැවත ඔස්ට්‍රේලියාවට යනවා.

ඔස්ට්‍රේලියාවට යන්නේ? 

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් කටයුතු කරන කාලේ අපිට සෑහෙන පවුල සමග ගත කරන්න තියෙන කාලය අඩු වුණා. ලංකාවේ හිටියොත් විවිධ වැඩ නිසා නැවතත් කාර්යබහුල වෙනවා. ඒ නිසා ඔස්ට්‍රේලියාවට ආවා. ටිකක් කාලයක් ඉන්නවා. මගේ රට වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මගෙන් දෙයක් වෙන්න තියෙනවානම් මම ඒ ඕනම අවස්ථාවක ඉන්නවා.

ඩිල්ශාන්ට ඔස්ට්‍රේලියාවේ තියෙන තැන ගැන කිව්වොත්? 

ඔස්ට්‍රේලියාවේ ක්ලබ් හතරක් පහක් මේ වන විටත් මට ක්‍රීඩා කරන්න කතා කරලා තියෙනවා. ඔවුන්ට මගේ අත්දැකීම් අවශ්‍යයි. ඒ නිසා මට වෙලාවක් තියෙන හැටියට හරි ඇවිල්ලා සෙල්ලම් කරන්න කියලා ඔවුන් මට කියලා තියෙනවා. ඒ අතරින් සුදුසුම ක්ලබ් එකට මම ක්‍රීඩා කරයි. ඒ වගේම විවිධ රටවල තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මාත් එක්ක පුහුණුවීම් කරන්න ආවා. විශේෂයෙන්ම ඔවුන් ආවේ මගේ අත්දැකීම් එක්ක ඔවුන්ගේ ක්‍රිකට්වලින් ඉදිරියට යන්න.

ඩිල්ශාන්ගේ දුව ලිමංසා තිලකරත්නත් ක්‍රිකට් ගහනවා? 

දූ ක්‍රිකට් ගහයි කියලා හිතුවේ නැහැ. නමුත් එයාගේ පාසලෙන් එයාව ක්‍රිකට්වලට යොමු කරලා තිබුණා. එයාත් ක්‍රිකට්වලට ආසයි. මමත් එයා එක්ක පුහුණුවීම් කරා. ඊට පස්සේ එයාගේ ක්‍රීඩා විලාශයේ තියෙන අඩුපාඩු කිහිපයක් මමත් හැදුවා. දැන් එයා හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කරගෙන යනවා.

ඇය ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට්වලින් වාර්තාවකුත් පිහිටෙව්වා නේද? 

ඔස්ට්‍රේලියාවේ පළමුපෙළ ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩිකාව ඇය. සහභාගි වූ පළමු තරගයේ පළමු පන්දුවෙන්ම ඇයට කඩුල්ලක් දවාගන්නත් හැකි වුණා.

ඒ කියන්නේ අනාගතයේදී ඇයව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දකින්න ලැබෙයි? 

අපිට දෙමවුපියන් විදිහට එයාට මග පෙන්වන්න පුළුවන්. අනාගතයේ කුමක්ද කරන්නේ කියලා එයා තීරණය කරයි. අපි එයාට කවදාවත් කිසිම දෙයකට බල කරන්නේ නැහැ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ගැන යමක් කිව්වොත්? 

අපේ ටීම් එකේ දක්ෂ ක්‍රීඩකයන්ගේ අඩුවක් නැහැ. නමුත් ඔවුන්ගෙන් හරිහැටි ප්‍රයෝජනය ගන්නෙ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. කල්බ් ක්‍රිකට් පාසල් ක්‍රිකට් පහළට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ලංකාවේ ක්‍රීඩකයන් 200ක් පමණ දැන් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගහන්න ඇවිල්ලා තියෙනවා. ලංකාවේ හරියට ගෙවීම් කරානම් දක්ෂ ක්‍රීඩකයන් මෙහෙ එන්නේ නැහැ.

කෝටි ගණන් ගෙවලා පුහුණුකරුවො ගේන්නත් අවශ්‍ය නෑ. අපේ හොඳ පුහුණුකරුවෝ ඉන්නවා. අපේ රටේ ක්‍රීඩකයන්ට සිංහලෙන් කියලා දෙන්න ඕනේ ඔවුන්ගේ කාර්යභාරය ගැන. අනික අපේ රටේ පුහුණුකරුවකුට තියෙන කැක්කුම පිට රට පුහුණුකරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. (උපුටා ගැනීමක්)

Click to comment

Sport

මාලිංගගේ සුවිශේෂී IPL වාර්තාව බිද වැටෙන ලකුණු

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ අමරණීය සලකුණක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සුවිශේෂී වාර්තාවක් මේ වන විට ඔහුගෙන් ගිලිහී යාමේ අවධානමක් මතුව තිබෙනවා. අයි.පී.එල් තරගාවලිය තුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග, ඉනිම 122 ක් ක්‍රීඩා කරමින් බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 170 ක්. ඊට එක් ඉනිමක කඩුලු පහක් දවා ගත් අවස්ථාවක් සහ ඉනිමක කඩුලු හතර බැගින් දවා ගත් අවස්ථා හයක් ඇතුළත්. සමස්ථ තරගාවලි ඉතිහාසය තුළ වැඩිම කඩුලු ලාභියා ද වන්නේ ලසිත් මාලිංගයි. වසර ගණනාවක් පුරා ඔහුගේ නම ඉදිරියේ පැවති මෙම සුවිශේෂී වාර්තාව මෙවර තරගාවලියේදී බිඳ වැටීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව මේ වන විට දක්නට ලැබෙනවා.

ඒ, වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අමිත් මිශ්රා එම වාර්තාවට ඉතා ආසන්න වීමත සමගයි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට අමිත් මිශ්රා සමත්වුණා. ඔහු පන්දුවාර 4 තුළ ලකුණු 24 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වුණා. එම කඩුලු 4 ත් සමග අයි.පී.එල් තරගාවලි ඉතිහාසය තුළ අමිත් මිශ්රා බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 164 ක්.

ඒ සදහා ඔහු වැය කර තිබෙන ඉනිම් සංඛ්‍යාව 152 ක්. ලසිත් මාලිංග අභිබවා යමින් ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට 38 හැවිරිදි අමිත් මිශ්රාට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 7 ක් පමණයි. ලසිත් මාලිංග මේ වන විටත් ලීග් ක්‍රිකට් පිටියෙන් සමුගෙන අවසන්.

ලසිත් මාලිoග ගැන කෙටියෙන්… https://fb.watch/4-Di447OVi/

Continue Reading

Sport

බංග්ලාදේශ තරඟාවලියෙන් එළියට දැමූ කුසල් මෙන්ඩිස් දුකින්..

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අද (21) දිනයේ දී පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. මෙම තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි සුපිරි පිතිකරුවෙකු වූ කුසල් මෙන්ඩිස් ක්‍රීඩා නොකිරීම විශේෂත්වයකි. කුසල් මේ පිළිබඳව ක්‍රීඩා වැඩසටහනකට එක්ව සිය අදහස් පළ කර තිබුණු අතර එහිදී ඔහු කියා සිටියේ මෙම තරඟාවලියට එකතු වීමට නොහැකි වීම පිළිබඳව තමන්ට දුකක් ඇති බවයි.

“කාලයක් තිස්සේ සෑම තරඟයකටම සහභාගී වුණා.. මගේ ඉන්ජරියකුත් තිබුණා එංගලන්ත ටුවර් එකේදී… මගේ ෂොල්ඩර් එකේ ඉන්ජරියකුත් තිබුණා..ඒකත් ඉතින් මාස 03ක් ළං වෙන්න එනවා තවම ට්‍රීට්මන්ට් කරනවා… දැන් සුව පැත්තට යමින් තිබෙනවා.. මම විශ්වාස කරනවා ඉදිරියේ දී තියෙන තරඟවලට සහභාගී වෙන්න..” යැයිද කුසල් මෙන්ඩිස් එහිදී පවසා සිටියේය.

කුසල් එහිදී තවදුරටත් පවසා සිටියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තමන් ටෙස්ට්, T20, සහ එක්දින තරඟ රටා තුනේ දීම තමන් ලකුණු අතර සිටි බවයි. තමන් බංග්ලාදේශයට එරෙහිව ලකුණු අතර සිටියත් තරඟයට සහභාගී වීමට නොහැකි වීම හේතුවෙන් තමන් දුක් වන බවද කුසල් සඳහන් කළේය. “මම හිතනවා අපේ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරයි කියලා. අපේ කණ්ඩායම හොඳ සුදානමකින් ඉන්නවා..ඉතින් විශ්වාසයක් තියෙනවා මේ තරඟ දෙක ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා..” යැයිද කුසල් මෙන්ඩිස් එම වැඩසටහනට එක්වෙමින් පවසා තිබුණි.

Continue Reading

Sport

ධනුෂ්කට චෝදනා එල්ල වූ මාතර අතවර සිද්ධියේ CCTV අතුරුදන් !

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු සංචාරක නිකේතනයකදී බීමතින් අශෝභ’න ලෙස හැසිරී ගැටු මක් ඇතිකරගත් බව පවසන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ලබාදෙන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව විසින් පොලිසියෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඉකුත් 10 වැනිදා මිරිස්ස ප්‍රදේශයේදී සිදුව ඇතැයි පවසන මෙම සිදුවීමට අදාළව මේ දක්වා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව නැතත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ මැදිහත්වීමෙන් සිදුකරනු ලබන විනය පරීක්ෂණයට සහය කරගැනීම පිණිස පොලිසිය වෙතින් මෙම වාර්තාව ඉල්ලා ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීමත් සමග ඒ පිළිබඳව විමර්ශනයක් ඇරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව තීරණය කළ අතර ඒ අනුව නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද සහ ටනේෂ් ඩයස් මගින් කරුණු සොයාබැලීමේ වාර්තාවක් කැඳවා තිබේ.

මෙයට අදාළව ඊයේ (20 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී එකී ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් කරුණු විමසීමට යෙදුණු අතර, තමන් එහිදී බීමතින් සිටි බව ඔහු මෙහිදී පිළිගෙන ඇතත්, එම ගැටුම හටගත්තේ තමන්ගේ හැසිරීමක් හේතුවෙන් නොවන බවත්, තමන් සමග එම ස්ථානයට ගිය තම මිතුරකු සමග පිරිසක් ඇතිකරගත් ගැටුමට තමා මැදිවූ බවත් ඔහු පවසා ඇතැයි වාර්තා වේ.

මේ අතර ගැටුම සිදුවූ බව පවසන සංචාරක නිකේතනයෙන් අදාළ ගැටුමේ සී.සී.ටී.වී දර්ශන විමසා සිටීමේදී, දවස් 7ක් ඇවෑමෙන් ඒවා ඉබේ මැකී යන බව දැනුම් දී ඇති අතර, එහි කළමනාකාරීත්වය විසින් දක්වා ඇති අදහස් අනුව, අදාළ ක්‍රීඩකයාට අවාසි විය හැකි සාක්ෂි වසන් කරමින් පවතින්නේද යන සැකයද මතුව තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු විමසීමට අද (21 වැනිදා) අදාළ ක්‍රීඩකයාගේ මිතුරියව, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව විසින් පත්කළ කරුණු සොයාබැලීමේ කමිටුව හමුවට කැඳවා ඇත.

Continue Reading

Facebook

Advertisement

Updates

Gossip16 mins ago

පොලිස් ඇමැති සින්දු කියලා විනෝද වෙන වීඩියෝ එකක් සමාජ ජාලා වල (VIDEO)

පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර අමාත්‍යවරයා ගී ගයමින් විනෝද වන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. පසුගිය දිනවල...

ප‍්‍රධාන පුවත්26 mins ago

මට ඉන්න බෑ.. මා බේරා ගන්න.. ජනාධිපතිට කියන්න – රන්ජන් හඬා වැටේ..

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන්නැයි රංජන් රාමනායක...

උණුසුම් පුවත්1 hour ago

අඩෝ මේ ***** හරීන් අමු තිත්ත කුණු හරපෙන් බනී.. වීඩියෝ මෙන්න (VIDEO)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී...

ප‍්‍රධාන පුවත්1 hour ago

ඩයනාගේ ගංජා කතා වලට උත්තර දෙන්න මම නෑ – ඇමති නාමල්

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ගංජා කතා වලට උත්තර දීමට තමා බැඳී නැති බව නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ විපක්ෂය...

Sport2 hours ago

මාලිංගගේ සුවිශේෂී IPL වාර්තාව බිද වැටෙන ලකුණු

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ අමරණීය සලකුණක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු...

උණුසුම් පුවත්3 hours ago

පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු තිස්ස කුට්ටිආරච්චි ගහගනී..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී...

උණුසුම් පුවත්3 hours ago

තරගය සජීවීව මෙතනින් .. බoගලාදෙශය ප්‍රභල තත්වයක

ශ්‍රී ලoකාව සහ බoගලාදේශය සමගඉන් පැවැත්වෙන පලමු ටෙස්ට් තරගය මේ වන විට දබුල්ල ක්‍රීඩාoගනයේදී පැවැත්වෙනවා.. ප්‍රථමයෙන් කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය...

උණුසුම් පුවත්3 hours ago

පාර්ලිමේන්තුවේ ගාලගෝටියක්..

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවත් සමග තත්ත්වය පාලනය කිරීමට කථානායක මහින්ද යාප අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව විනාඩි...

උණුසුම් පුවත්5 hours ago

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැති මහින්ද පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්‍රකාශය .. (VIDEO)

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් සැපිරීම හේතුවෙන්, සභාවේ අවසරය ඇතිව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව...

උණුසුම් පුවත්5 hours ago

සජිත්ලා කියන්නේ පට්ටපල් බොරු – වරාය නගරයේ ඉඩම ගැන ව්‍යාපාරික ධම්මික පෙරේරා සැරටම කියයි.. (VIDEO)

වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නම් නීති සම්පාදනයට අමතරව යටිතල පහසුකම් ද සංවර්ධනය කළ යුතු බව ව්‍යාපාරික ධම්මික පෙරේරා...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News