Connect with us

උණුසුම් පුවත්

රත්නපුරෙන් කෝටි ගාණක මැණික් හමුවේ. රත‍්‍රන්ද හමුවේ..

පසුගිය කාලය පුරාම ආන්දෝලනාත්මක තත්ත්වයට පත්ව තිබූ රත්නපුර හැරණියාවක මැණික් නිධියේ කැණීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර එහි වර්තමාන තත්ත්වය සොයා බැලීමට පසුගියදා (24 වැනිදා) පැමිණි රාජ්‍ය මැණික් සංස්ථාවේ සභාපති තිලක් වීරසිංහ අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ හැරණියාවක මැණික් නිධියේ ප්‍රශ්න ගැටලු සියල්ල මේ වන විට අවසන්ව ඇති බවය. එහි සියලු කටයුතු ඉතාමත්ම විනිවිද භාවයෙන් හා කාර්යක්ෂමව සිදුවන බව ද හේ කීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

‘මෙම මැණික් නිධිය තමයි රාජ්‍ය මැණික් සංස්ථාව එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිදුකරනු ලබන විශාලම ව්‍යාපෘතිය. මෙහි කොන්ත්‍රාත්තුව ලබා දී තිබෙන්නේ රුපියල් කෝටි දහතුනහමාරක මුදලකට. මෙහි කොන්ත්‍රාත්තුව පිරිනමා තිබෙන්නේ 2017 වසරේ යහපාලන රජය මගින්. නමුත් විවිධ ගැටලු නිසා මෙහි වැඩ ආරම්භ කිරීම ප්‍රමාද වී තිබුණා. නමුත් වර්තමාන රජය පත්වීමෙන් අනතුරුව ජනාධිපති හා අගමැති මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍යාංශයක් අලුතින් ඇතිකර ලොහාන් රත්වත්ත එහි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර මෙහි කටයුතු ඉතාමත් විනිවිද භාවයෙන් ආරම්භ කිරීමට උපදෙස් ලබා දුන්නා. ඒ අනුවයි මෙහි කැණීම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන්නේ. මෙහි මැණික් විතරක් නෙවෙයි මේ වන විට රත්‍රන්ද හමුවනවා. මේ වන විටත් ඉල්ලමට පාදා නැති වැලි ආශ්‍රිතව පමණක් මැණික් කිලෝ පහක් පමණ ලැබී තිබෙනවා. මේ ගමේ අයටත් අලුත් අවුරුද්ද සතුටින් සමරන්න අවශ්‍ය මුදල් ලබා දෙන්න මෙම මැණික් ඉදිරි දිනකදී වෙන්දේසි කරන්න කටයුතු කරනවා.

මුලදී ගම්වාසීන් හා විවිධ පිරිස් මෙයට එරෙහිව යම් ක්‍රියාමාර්ග ගනු ලැබුවත් දැන් ඒ සියලුදෙනාට මෙහි යථා තත්ත්වය තේරුම් ගොස් තිබෙනවා. මේ සඳහා මේ වන විට කිරිඇල්ල හා ඉඩංගොඩ යන ප්‍රදේශවල ප්‍රජාමූල සංවිධාන හයක් සම්බන්ධ කරගෙන ඒ හරහා මෙම ප්‍රජාමූල සංවිධාන තුනට සම්බන්ධ සියලු ගම්වාසීන් මෙයට දායක කරගෙන තිබෙනවා. ලැබෙන මැණික්වල ආදායමෙන් 25%ක් ඔවුන්ට ලබා දෙනවා. කොන්ත්‍රාත්කරුට 25%කුත් ලැබෙන අතර ඉතුරු 50% ලැබෙන්නේ රාජ්‍ය මැණික් සංස්ථාවටයි ඒ කියන්නේ රජයටයි.

මේ සියලු කටයුතු සිදුවන්නේ ඉතාමත් විනිවිද භාවයෙන් දැඩි ආරක්ෂාවක් යටතේයි. සෑම තැනම සී.සී.ටී.වී කැමරා පද්ධතියක් පැය 24 පුරාම ක්‍රියාත්මක වනවා. මෙහි එක වැලිකැටයක්වත් කිසිම කෙනෙකුට පිටතට ගෙන යන්න බෑ. මැණික් ඉල්ලම් ගන්න ගඟට බසින සියලු සේවකයන් දැඩි පරීක්ෂාවකට ලක්කරලයි මේ කටයුතුවලට සම්බන්ධ කර ගන්නේ. ලැබෙන මැණික් සියල්ල දැඩි ආරක්ෂිතව තැන්පත් කර තබා සුදුසු අවස්ථාවකදී ඒවා වෙන්දේසි කරනවා. මේ තුළින් ගමේ ඉන්න අසරණ ජනතාවට විශාල මුදලක් ලැබෙනවා. ඒ තුළින් ඔවුන්ට නිවසක් තනාගෙන ඉදිරියේදී සතුටින් ජීවත්විය හැකි පරිසරයක් ඇති කිරීම අපේ පරමාර්ථයයි. ඒ අයත් දැන් දැඩි සතුටකින් මෙහි සේවය කරනවා. දැන් මෙයට එරෙහි වූ අයට මෙහි ඇත්ත තේරුම් ගොස් තිබෙනවා. මෙයට සම්බන්ධ වීමට විවිධ අය ඉල්ලීම් කළත් අපි මෙයට සම්බන්ධ කර ගන්නේ මේ ප්‍රජාමූල සංවිධාන තුනට අයත් සාමාජිකයන් පමණයි. නැත්නම් මුළු රත්නපුරේම අය මෙයට සම්බන්ධ කර ගන්න සිදුවනවා. එයකරන්න අපහසුයි. (aruna)

Click to comment

උණුසුම් පුවත්

දිල්ලි අගනුවර අඳුරු වේවිද? ඉන්දියාවේ තාප බලාගාර වල ගල් අඟුරු තොග ඇත්තේ තව දින 2කට!

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි තාප බලාගාරයේ ගල් අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනක් සඳහා පමණක් වන අතර එමගින් දිල්ලියට විදුලිය ලබා ගත හැක්කේ දිනක් හෝ දෙකක් පමණක් බව විදුලිබල ඇමති සත්යෙන්ද්රා ජයින් පසුගියදා පැවසුවා.. “රට පුරා ගල් අඟුරු බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයක් පවතී. දිල්ලියට විදුලිය ලබා දෙන බලාගාර වල ඉතිරිව ඇත්තේ එක් දිනකට සෑහෙන තොගයක් පමණි, ඉදිරිය සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු නැත” යනුවෙන් විදුලිබල ඇමතිවරයා පවසා ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා..

තවද ද ඉන්දියා එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පන්ජාබ් ප්‍රාන්ත බලශක්ති සංස්ථාව එහි තාප බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයකට මුහුණ පාමින් සිටින බවයි. එහි බලශක්ති උත්පාදනය අඩු කර ඇති බවයි ඔවුන් වාර්තා කර ඇත්තේ. පන්ජාබයේද බලාගාර වල ගල්අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනකට හෝ දෙකකට සෑහෙන තොග බවයි ඉන්දියා එක්ස්ප්‍රස් වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.

ඉන්දියාව වැඩිපුරම ගල් අඟුරු ආනයනය කරන්නේ කැනඩාව, මොසැම්බික්, ඉන්දුනීසියාව සහ රුසියාව යන රටවල් වලිනි. ඉන්දියාව අගෝස්තු මාසයේ දී ගල් අඟුරු ටොන් මිලියන 9.5ක් පමණ ආනයනය කර තිබේ. ගෝලීය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් දැඩි ආර්ථික මෙන්ම සම්පත් හිඟයකටද මුහුණපා තිබේ. ලෝකයේ බලවත් රාජ්‍යක් මෙන්ම වැඩිම ජනගහනයක් සිටින දෙවන රට වන ඉන්දියාවටද මෙම සම්පත් හිඟය දැඩි ලෙස බලපෑම් කර තිබෙන බව මෙම විදුලි අර්බුදය තුළින් මනාව පෙනෙන්නට තිබේ.

Continue Reading

උණුසුම් පුවත්

ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක‍්‍රීඩා කලේ වාර්තා වෙනුවෙන් – අර්ජුන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

මහේල සංගක්කාර ක‍්‍රීඩා කරන කාලයේදී දෙවැනි පෙළක් නොහැදීම හේතුවෙන් අද තත්ත්වයට ක්‍රිකට් කඩා වැටී ඇතැයි ද ඔහු කියා සිටී.

ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කළේ නැති බවත් තමන්ගේ වාර්තාවන්ට පමණක් ක‍්‍රීඩා කළ බවත් රණතුංග මහතා පෙන්වා දෙයි.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ෆේල් වී ඇතැයිද පවසන ඔහු බාප්පා ජනාධිපති තාත්තා අග්‍රාමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතාට ක්‍රිකට් හදන්න නොහැකි නම් වෙනත් කිසිවකුට නො හැකි බවත් කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ලදී.

2024 දී පොදු අපේක්ෂකයා තමන් විය හැකි බවද පවසන ඔහු තමන් ඊළඟ ඉම්රාන් ඛාන් වේවි යයි සියලු දෙනා තමන්ට බිය වී සිටින බවද එහිදී කියා සිටියේය.

Continue Reading

උණුසුම් පුවත්

මුරුත්තෙට්ටු හිමිගේ ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් එසැණ විසඳුම්..

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණ විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගනී. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමට ද ජනාධිපතිතුමා එකඟතාව පළ කළේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම තීරණවලට එළැඹිණ.

01. හෙද සරසවිය ආරම්භ කිරීම.
02. යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම.
03. අත්හිටුවා ඇති iii ශ්‍රේණියෙන් ii ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා ii ශ්‍රේණියෙන් i ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම.
04. රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම.
05. දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම.

යන කරුණු 5 වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය.

රුපියල් දස දහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අය වැයෙන් ලබාදීමටත් ජනාධිපතිතුමා විසින් එකඟතාව පළ කෙරිණ.

ඒ අනුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ යෝජනා සියල්ලට ජනාධිපතිතුමාගේ විසඳුම් ලැබිණ.

රජය සෞඛ්‍ය අංශය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන අතර හෙද සේවාවට ඉහළ පිළිගැනීමක් ලබාදෙන බවත් හෙද වෘත්තිකයන්ට නිසි තැන ලබා දෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්7 days ago

දිල්ලි අගනුවර අඳුරු වේවිද? ඉන්දියාවේ තාප බලාගාර වල ගල් අඟුරු තොග ඇත්තේ තව දින 2කට!

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි තාප බලාගාරයේ ගල් අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනක් සඳහා පමණක් වන අතර එමගින් දිල්ලියට විදුලිය...

Uncategorized7 days ago

ඉන්ධන අවසන්! ලෙබනනයේ විදුලි සැපයුම බිඳ වැටේ..

ඉන්ධන හිඟයක් හේතුවෙන් ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙකක් පසුගිය සෙනසුරාදා දිනයේ වසා දමන ලද අතර ඒ හේතුවෙන් මේ වන විට...

Uncategorized3 months ago

ජ‘පුර සරසවියෙන් Voice Sri Lanka වේදිකාවට ආ මිදොරි..

මේ දවස්වල The Voice Sri Lanka වැඩසටහනේ කාගෙත් කතාබහට ලක්වෙන ඇය මිදොරි තාරුකා කරුණාරත්න. තමන්ටම අනන්‍ය වූ කට හඬකින් ගීත...

Uncategorized3 months ago

බැසිල් රාජපක්‍ෂ සමග ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් ඊට සූදානම්..- විමල්

ඕනෑම පුද්ගලයෙක් සමඟ ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යා හැකි නම් එම ගමන යාමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන්...

Uncategorized3 months ago

සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නෑ..- ජනපති

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්...

Uncategorized3 months ago

ප්‍රබල තානාතිපතිවරු රැසක් අද බැසිල් හමුවෙයි!

පසුගිය මහින්ද ආණ්ඩුවේ ද ජාත්‍යන්තරය කළමනාකරණය කළ බැසිල් රාජපක්ෂ මුදල් ඇමති බවට පත්වීමෙන් පසු ලෝකයේ ප්‍රභල රටවල තානාපතිවරුන් ඔහු හමුවීම...

Uncategorized3 months ago

දකුණු ආසියාවේ කොරෝනා පාලනය සාර්ථකම රට ශ්‍රී ලංකාවයි..

ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී කාලසීමාවකට අප එළැඹ ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. සංචාරක ක්ශ්‍රේෂ්ත්‍රයේ...

Uncategorized3 months ago

අධි තාක්ෂණික කේබල් මත පිහිටි නව කැලණි පාලම යා කෙරේ..

ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැලණි පාලමේ, කැලණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට්...

Uncategorized3 months ago

කොරෝනා මඩින්න සයිනොෆාම් මහ තොගයක්.. ලක්‍ෂ 20ක් කටුනායකට..

කොරෝනා මර්දනය සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ගෙනැවිත් තිබේ....

Uncategorized3 months ago

සැප්තැම්බරයට පෙර ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට එන්නත් දෙන සැලැස්ම ජනපති හෙලි කරයි..

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි. කොවිඩ්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News

en_USEnglish