Sport
මහේල, රසල්, සනත්, තරoග ඇතුළු රැසකගෙන් පැතුම්ගේ මංගල ශතකයට සුබ පැතුම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ ඊයේ දිනය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට අමතක නොවන දිනයක් බවට පත්කිරීමට නවක ක්‍රීඩක පැතුම් නිස්සංක සමත්වුණා. තවමත් 22 වන වියේ පසුවන නිස්සංක ප්‍රබල කොදෙව් වේග පන්දු බළඇණිය ඉදිරියේ ක්‍රීඩා කළේ ජාත්‍යන්තර ක්‍රීඩාවට ආගන්තුකයෙකු නොවන අන්දමින් වීම විශේෂත්වයක්. තරගය පුරා විස්තර විචාරකයන්ගේ ප්‍රශංසාවට ලක්වූ ඔහුගේ මෙම ඉනිම ඉතාමත් ආරක්ෂාකාරී මෙන්ම ඉවසිලිවන්ත ඉනිමක් බවට පත්වීම කැපී පෙණුනා.
ඒ අනුව මංගල ටෙස්ට් තරගය තුළ ශතකයක් වාර්තා කළ සිව්වන ලාංකීය පිතිකරුවා බවට පත් වූ පැතුම් නිස්සංක මව් බිමෙන් පිටත මංගල තරගයකදී ටෙස්ට් ශතකයක් වාර්තා කළ එකම ශ්‍රී ලංකා පිතිකරුවා බවට ද පත්වීම විශේෂත්වයක්. පැතුම්ගේ මෙම ශතකයට ලොව වටා ක්‍රිකට් ක්‍රීඩාවට ලැදී බොහෝ පිරිසකගෙන් මේ වන විටත් පැසසුම් හිමිවන ආකාරයක් දැක ගත හැකියි.

Sport
ජනප්‍රිය ක්‍රිකට් තරුවට මාතර හෝටලයකදී තරු විසිවෙන්න සංග්‍රහයක්…

මෑතදී ජනප්‍රිය වූ ක්‍රිකට් ක්‍රීඩකයන් බමන මතින් කළ අමන වැඩ ගොන්නට දින දෙකකට පමණ පෙර මාතර ප්‍රදේශයෙන් තවත් පුවතක් එක් විය. සිද්ධිය වාර්තා වන්නේ මෙසේය. ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයකු මාතර ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයකට ගොස් පදම ඉක්මවා සප්පායම් වී ඇත. බමන ගතිය වැඩිවූ විට මෙම ක්‍රීඩකයා සුදු පැහැ සම ඇති කතුන් සමග ගනුදෙනු කිරීමට රුසියකු බවද වාර්තා වෙයි.
එසේ ගනුදෙනුවකට ගිය විට ඇය අකමැත්ත ප්‍රකාශ කළ ද මොහු තමාගේ බලපුළුවන්කාරකම පෙන්වීමට ගොස් තිබේ. එයට විරෝධය දැක්වූ ඇයට සහාය වීමට පැමිණි පිරිසක් විසින් ක්‍රීඩකයාට ජීවිත කාලයටම අමතක නොවන ලෙස ගුටි පූජාවක් ලබාදීමට කටයුතු කර ඇත. මත් හිඳුණු මොහු වැදුණු ගුටි පහර හේතුවෙන් කාටත් හොරා සිංහල වෙදකම් කරන බවද වාර්තා වෙයි.
Sport
ගියවර IPL ශුරයින්ව පලමු තරගයෙන්ම කෝලිගේ කණ්ඩායම මෙල්ල කරයි (VIDEO)

2021 වසරේ ඉන්දිය ප්‍රිමියර්ලීග් තරගාවලියේ මුල්ම තරග ඊයේ පැවැත්වුනා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් රෝයල් චැලේන්ජස් බැන්ගලෝ කණ්ඩායම අතර එහිදී මුලිම්ම පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 159 ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල රෝයල් චැලේන්ජස් කණ්ඩායම උනුසුම් තරගයකකින් අතතුරුව අවසන් පන්දුවේදී ජයග්‍රහණය ලබා ගත්තේය. එහිදී විශිෂ්ඨ දස්කම්ක් දැක්වූ ab de villiersගේ ඉනිම කා අතරත් කතාබහට ලක්විය. එම තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.
Sport
දිල්ෂි ශ්‍රී ලංකා වාර්තාවක් අළුත් කරයි

කෙටි දුර ධාවන ශූරී දිල්ෂි කුමාරසිංහ කාන්තා මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව අළුත් කිරීමට සමත්වූවාය. ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (09දා) පැවති ජාතික තේරීම් තරග වලදීය. මෙහිදී දිල්ෂි මීටර් 800 ඉසව්ව මිනිත්තු2 තත්පර 2.52 කින් නිමා කිරීමට සමත්වූවාය. එහිදී ඇය විසින් බිඳ දැමුවේ 2017 වර්ෂයේදී පැවති ජාතික තේරීම් තරග වලදී ගයන්තිකා අබේරත්න විසින් එම ඉසව්ව මිනිත්තු 2 තත්පර 2.55 කින් නිමා කරමින් තබා තිබූ වාර්තාවයි.
-
උණුසුම් පුවත්5 days ago
සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..
-
උණුසුම් පුවත්1 week ago
කැරොලින් හරි දික්කසාදය ඇත්තක්.. පුශ්පිකා, චන්දිමාල්, රෝසි ඔක්කොම එකම පැත්තේ..
-
Sport1 week ago
ජනප්‍රිය ක්‍රිකට් තරුවට මාතර හෝටලයකදී තරු විසිවෙන්න සංග්‍රහයක්…
-
උණුසුම් පුවත්5 days ago
වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක්.. ඇත්ත මෙන්න!
-
උණුසුම් පුවත්2 weeks ago
රේනෝ සහ හිරු ජනපති ගෝඨාභය රාජපක්ෂව හැරයයි..!
-
උණුසුම් පුවත්1 day ago
විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..
-
Gossip1 week ago
රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..
-
උණුසුම් පුවත්1 week ago
අලුත් අවුරුද්ද ලග්න 6කට අතිවිශිෂ්ටයි : 4ක් පරෙස්සමෙන්: 2කට හොඳ නෑ