Uncategorized
හන්තාන ඉඩම මගේ.. සුද්දගේ කාලේ ඉදලා අපිට ඉඩම් තිබ්බා – එක් ක්‍රීඩකයෙකුට අක්කර 2000ක් දීලා තියෙනවා..- කිරිඇල්ල..

‘හන්තාන ඉඩම පිළිබඳ රජයට විශාල උණක් තියෙනවා. පරිසර සංවේදි ව්‍යපෘතියකට හන්තාන ඉඩම ලබාදිමට රජය සමග සාකච්ඡුා කිරිමට මා සුදානම්’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
විපක්ෂ නායක කාර්්‍යාලයේදි පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් ඔහු මෙසේද අදහස් පල කලේය.
මේ ඉඩම අවුරුදු 100 පැරණි පුද්ගලික ඉඩමක්. අවුරුදු 30 ක් අපිට අයිතිය තිබෙනවා. අවුරුදු 70ක් සුදු මහත්වරුන්ට අයිතිය තිබිලා තියෙනවා. තේ, ගම්මිරිස් වවලා තියෙනවා. නමුත් පසුගිය වසර ගණනාවක් මේ ඉඩම පාළුවට ගිහින් තිබුණේ. අපේ දේශපාලන කටයුතු නිසා. අනිත් කාරණය තමයි මෙම ඉඩම අයිති කොටස හන්තාන ආරක්ෂිත ප්‍රදේශයක් කරලා තියෙන්නේ 2010 වසරේදි. ඊට වසර 90 කට පෙර් මෙම ඉඩම ගම්මිරිස්, තේ වගා කරපු ඉඩමක්. 80 ගණන් වල මමත් තේ වගා කරන්න කුඩා තේවතු අධිකාරියට ඉල්ලූම්පතක් පවා දැම්මා. හන්තාන ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කෙරුවට අපිට ඉඩමේ අයිතය නැති වෙලා නෑ. කවුරු කවුරුත් ඒක තේරුම් ගන්න ඕනේ. එම ප්‍රදේශයන්හි යම්කිසි වගාවක් කරනවා නම් හන්තාන කමිටුවක් තියෙනවා දිසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අවසරය ඇතිව වගාකරන්න ඕනේ. අනිත් සිදුවිම තමයි මේ රජය බලයට පත්වුනාට පසු විශාල මුදල් ප්‍රශ්ණයක් ආවා. ඉතිං රජය කිව්වා රටෙ ජනතාවට පුළුවන් තරම් වගාකරන්න කියලා. මම මගේ පවුලේ සාමාජිකයන්ට කිව්වා මේ හිස් ඉඩමේ වගාකරන්න බලන්න කියලා. ඒ අය ඉඩමට ඇතුළුවෙන්න මාන පදුරු කිහිපයක් ඉවත් කිරිම තමා මේ ගැටළුවක් වුනේ
මාධ්‍යවේදි ප්‍රශ්ණය – ඔබතුමාගේ ඉඩම හා යාබද ඉඩම හන්තාන රක්ෂිතයට අයත් වනවාද?
මන්ති‍්‍රවරයා – එම ප්‍රදේශයට කියන්නේ රක්ෂිතයක් නොවේ. හරි වචනය හන්තාන ආරක්ෂක ප්‍රදේශය. සිංහල රජ කාලේ ඉදන් ජනතාව මේ ඉඩම්වල ඉන්නවා. ජනාධිපතිතුමා කථාවක් කියලා තිබුණා එතුමා කියනවා පාරම්පරිකව රජකාලේ ඉදන් මිනිස්සු මේ ඉඩම් වල පදිංචි වෙලා ඉන්නවා. හිටි හැටියේ ගැසට් ගැහුවා කියලා.ජනතාවට එම ජිවන භූමිකාව අත් හරින්න පුලුවන්ද කියලා. මමත් එතුමගේ තර්කයට එකඟයි. ඒ වගේම හන්තාන ඉඩමත් අවුරුදු 100 ක් තේ, ගම්මිරිස් වගා කරලා තිබුනේ. මින්සුන්ට හිරිහැර කරන්නෙත් පාලකයන් නොමග යවන්නෙත් නිලධාරින්.
මාධ්‍යවේදි ප්‍රශ්ණය – තේ වගා කරන්නද නැවත උත්සහ කලේ ?
මන්ති‍්‍රවරයා – 2010 හන්තාන ආරක්සක කලාපය ගැසටි කලාට පසු ඒ අයගේ අවසරය ඇතිව යම් යම් වගාවත් කරන්න පුළුවන්. අඩි 2500 දක්වාත්, 2000 – 3000 දක්වාත්, 3000 ඉහල වශයෙන් යම් යම් වගාවන් කරන්න පුළුවන්. අපිත් ඉල්ලූම් පත්‍රයක් යොමු කලා හන්තාන කමිටුවට වගා කරන්න.
මාධ්‍යවේදි ප්‍රශ්ණය – ඔබතුමා කියන්නේ මේක දේශපාලන පලිගැනිමක් කියලාද?
මන්ති‍්‍රවරයා – පැහැදිලිවම ඔව්. තමන්ගේ ඉඩමට ඇතුළුවෙන්න මාන පදුරු කිහිපයක් ගැලෙව්වාම පරිසර විනාශයක්ද? අපේ ඉඩමත් පාරම්පරික වගා කල ඉඩමක්. ජනාධිපති තුමාම කියනවා පාරම්පරික ඉඩම්වල වගා කිරිම පරිසර විනාශයක් නොවේ කියලා. ගොව්නට ඉඩම් සම්බන්ධයෙන් බුරුලක් සහණයක් ලබාදිම පිලිබඳ අපි විරුද්ධත්වයක් නෑ නමුත් ඒ මුවවෙන් සමාගම් වලට අක්කර දහස් ගනන් ලබාදිලා තියෙනවා. ඒවාට අපි විරුද්ධයි. එක කි‍්‍රඩකයෙකුට අක්කර 2000 ක් දිලා තියෙනවා කියලා හෙලි වුණා.
මාධ්‍යවේදි ප්‍රශ්ණය – ඔබතුමා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයට එකගඳ?
මන්ති‍්‍රවරයා – ජනාධිපතිතුමා විශාල ආගාදයක ඉන්නේ එතුමාට මම දොස් කියන්නේ නෑ. රටේ ප්‍රශ්න උග්‍රවෙලා මේ ප්රශ්නවගට මුහුණ දෙන්න එතුමාට විශාල පරිශ්‍රමයක් යොදන්න වෙලා තිබෙනවා. එතුමා සමග දේශපාලන අමනාපයක් නෑ. මම එතුමාට කියන්නේ මේ ඉඩම බලන්න එන්න ආණ්ඩුවට විශාල උණක් තියෙන නිසා මම මේ ඉඩම රජයත් සමග සාකච්ඡුා කරලා පරිසර සංවේදි ව්‍යාපෘතියකට ලබාදෙන්න සුදානම්.
Uncategorized
ජනාධිපති අවුරුදු චාරිත්‍ර ඉටු කල හැටි. ඉතාම සරලයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුදු චාරිත්‍ර සැමරෑ අයුරු සිය සමාජ ජාල ගිණුමට එක් කර තිබේ.අලුත් අවුරුද්ද චාරිත්‍ර අනුව වැඩ ඇල්ලීම සදහා පැළ සිටුවීමක්ද ජනාධිපතිතුමන් විසින් සිදුකර ඇත.
Uncategorized
අඩු ආදායම් ලාබී හා සමෘද්ධි පවුල් වලට අලුත් අවුරුද්දට නැවතත් රු. 5000

ආර්ථික පුනර්ජීවන කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර අලුත් අවුරුදු සමයේ අඩු ආදායම් ලාබී හා සමෘද්ධි පවුල් වලට රුපියල් 5000ක් ලබා දීම හෙට සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය වෙත පැවසිය..

Gossip
දයාසිරි ඇතුළු ශ්‍රී.ල.නි.ප කණ්ඩායමක් හොරෙන්ම බැසිල් හමුවේ.

ඊයේ දිනයේදි අරලිය ගහ මන්දිරයේදී ශ්‍රී.ල.නි.පය හා ශ්‍රි ලoකා පොදුජන පෙරමුණ සමගින් ඉතාමත් රහස් සාකඡ්චාවක් පවත්වා ඇත. එහිදී ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න යන මන්ත්‍රිවරු රහසේම පැමිණ ඇති අතර ශ්‍රි ලoකා පොදුජණ පෙරමුණ වෙනුවෙන් ශ්‍රි ලoකා පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වී ඇති අතර ඔහු සමගින් ජයන්ත කැටගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රි වරයාද සහාභාගි වී ඇත.කෙසේ නමුත් මෙම රහස් හමුව පිලිබද අනෙකුත් දේශපාලන පක්ශ මෙතෙන් කිසිවක් ප්‍රකාෂ කර නොමැත.
-
උණුසුම් පුවත්1 week ago
සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..
-
උණුසුම් පුවත්1 week ago
කැරොලින් හරි දික්කසාදය ඇත්තක්.. පුශ්පිකා, චන්දිමාල්, රෝසි ඔක්කොම එකම පැත්තේ..
-
Sport1 week ago
ජනප්‍රිය ක්‍රිකට් තරුවට මාතර හෝටලයකදී තරු විසිවෙන්න සංග්‍රහයක්…
-
උණුසුම් පුවත්1 week ago
වරකාපොල නගරයේ හඳුන්කූරු විකුණූ ගැබිණි මව කර ඇත්තේ බොරුවක්.. ඇත්ත මෙන්න!
-
උණුසුම් පුවත්2 weeks ago
රේනෝ සහ හිරු ජනපති ගෝඨාභය රාජපක්ෂව හැරයයි..!
-
උණුසුම් පුවත්3 days ago
විවාහක රූ රැජින තරගකාරියන් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි කියයි..
-
උණුසුම් පුවත්1 day ago
ඇමති විදුර වික්‍රමනායක අත්අඩංගුවට ගන්නැයි නියෝග.
-
Gossip1 week ago
රටම කතා වුන කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක ..