Uncategorized
පලමු වටයේ කොරෝවා මර්ධනය කලේ නෑ.. යට ගහලා ඡන්දය දිනුවා.. රට ඇතුලේ වෛරසය දැන් මතුවෙලා..

කොරෝනා මර්දනය කිරීමෙන් දේශපාලඥයින්ට ලකුණු දා ගැනීමට අවශ්‍ය නිසා පළමු වටයේ කොරෝනා රැල්ල මර්දනය කළ නිලධාරීන් වෙනත් ස්ථානවලට යවා ඇති බවත්, ආණ්ඩුව කොරෝනා මර්දනය හුදු දේශපාලන සටන් පාඨයක් බවට පත් කරගත්තා මිස රටින් කොරෝනා තුරන් කිරීමට අවධානය යොමු නොකළ බවත්, සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීවේය.
බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කොරෝනා රෝගීන් වාර්තා වුනේ ඉන්දියාවේ සිට පැමිණි අයෙගෙන් විය යුතුයි. එහෙම නැතිනම් වෛරසය ලංකාවේ තිබිලා තියෙනවා. කොරෝනා පළමු රැල්ල ආණ්ඩුව යට ගැහුවේ ඡන්දයක් තියලා තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට අවශ්‍යයි නිසයි. කොරෝනා මර්දනය කරපු බව මැතිරවණ සටන් පාඨයක් බවට ආණ්ඩුව පත් කරගත්තා මිස රට ඇතුලේ කොරෝනා වෛරසය තුරන් කිරීමට හැකියාවක් ලැබිලා නෑ.
බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ කර නොගත් බව පැහැදිළිව කියා තිබෙනවා. ගුවන් තොටුපලින් පසුගිය කාලයේදී ආපු චීන ජාතිකයින් නිරෝධායනය කළේ නෑ. මේ විදියට අපි නොදන්න කී දෙනෙක් නිරෝධායනය නොවී ලංකාවට එන්න ඇතිද? විදේශ ගත ශ්‍රමිකයින් ලංකාවට එන්න බැරිව ලක්ෂ ගණනක් දුක් විදිනවා. ඒ අතරම ඔ්නෑ තරම් පිරිසක් නිරෝධායනය කිරීමට ආණ්ඩුවට හැකියාව තිබෙන බව හමුදාපතිවරයා කියනවා. එහෙනම් දුක් විදින විදේහ ගත ශ්‍රමිකයින් නිරෝධායනය කර ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි? ඒ අය ගෙන්වාගන්නේ නැතිව බ්‍රැන්ඩික්ස් එකේ අවශ්‍යතාවය අනුව ඉන්දියාවේ සිට පිරිස් ගෙන්වා ගැනීමට ආණ්ඩුව අවසර දී තිබෙනවා.
මේ තමයි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු නොකරන බවට හොදම උදාහරණය. තමන්ගේ හිතවතුන්ට සලකන්න ගිහින් කොරෝනා ව්‍යාප්තවීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව වග කිවය ුතුයි.
කොරෝනා වෛරසය ව්‍යාප්තවූ අවස්ථාවේදී එය මර්දනය කිරීමට සෞඛ්‍ය අංශයේ නායකත්වය ලබාදුන් වෛද්‍ය අනිල් ජාසිංහ දැන් ඉන්නේ කොහේද? වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජයරුවන් බණ්ඩාර දැන් එක එක තැන්වලට දාලා තියෙනවා. ඔහුගේ කට වැසීමට අවශ්‍ය නිසා ඔහු මාධ්‍ය ප්‍රකාශක බවට පත් කරලා තියෙනවා. කොරෝනා මර්දනය සම්බන්ධයෙන් නිලධාරීන්ට ප්‍රසංශා එන විට ඔවුන් පැත්තකට දාලා දේශපාලඥයින්ට ලකුණු දා ගැනීමට අවශ්‍ය නිසා මේ ආකාරයට ඔවුන් එක එක තැන්වලට මාරු කර යවා තිබෙනවාද කියන සැකය අපිට තිබෙනවා.
ගැසට් ගහන, ගැසට් රිවස් කරන ආණ්ඩුව යළිත් පරිප්පු සැමන් මිල අඩු කරලා. කල් ඉකුත්වූ සැමන් තොගයක් වෙළදපොළට නිකුත්වී තිබෙන බවට මාධ්‍ය වාර්තා නිකුත්වී පැය විසි හතරක් යන්නට පෙර සැමන් මිල ආණ්ඩුව අඩු කර තිබෙනවා. ඡන්ද කාලේ ආණ්ඩුව රුපියල් පන්දාහක් දුන්නත් මේ වන විට කොරෝනා නිසා පීඩාවට පත්වී සිටින ජනතාවට කිසිම සහනයක් ලබාදී නෑ.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මේ ආණ්ඩුවත් එක්ක හිටියා නම් ඔහු අත්අඩංගුවට ගන්න කියන්නේ නෑ. ඔහු විපක්ෂයත් එක්ක ඉන්න නිසා තමයි ඔහුට විරුද්ධව පියවර ගනිමින් අත්අඩංගුව ගන්න හදන්නේ. අවතැන්වූ පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා බස් රථ ලබාදීමේදී, එයට මුදල් ගෙවීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ විරෝධය පැමිණීම නිසා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් එම මුදල් ගෙවා තිබෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීම මූලික මිනිස් අයිතිවාසිකමක් නිසා එහෙම පියවර අරගෙන තිබෙනවා. දැන් මේක මෙහෙම නම් අම්මාගෙයි, තාත්තාගෙයි සොහොන් හදන්න ආණ්ඩුවේ සල්ලි වියදම් කරපු අය මොකද කලේ? ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවෙන් තමන්ගේ අම්මාගෙයි, තාත්තාගෙයි සොහාන් හදලා, රාජ්‍ය මුදල් ඒ සදහා යෙදවූවා කියලා උසාවියේදී අනාවරණය වන විට ඒ මුදල් නැවත ආණ්ඩුවට ගෙවනවා.
මේ වන විට විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන විරෝධතා මතුවෙමින් තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා එක්කම හිටපු හාමුදුරුවරු මේකට විරෝධය දක්වනවා. මහින්ද සුළග හරහා මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමට කටයුතු කරපු විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වගේ අය මේකට එළිපිටම විරෝධය දක්වනවා. විජයදාස රාජපක්ෂ, විදුර වික්‍රමනායක වගේ ආණ්ඩුව ඇතුලේ ඉන්න අයම මේකට විරෝධය පළ කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ ගැන තා කරන්නවත් ඉඩ ලබාදී නැහැ. මේ විරෝධතා මැද ජනාධිපතිවරයා ඒකාධිපති ගමනක් යනවා. මහින්ද රාජපක්ෂ සමග සිටි අය ජනාධිපතිවරයාගේ විසි වැනි සංශෝධනයට විරුද්ධ වන්නේ, මහින්ද රාජපක්ෂත් විසි වැනි සංශෝධනයට විරුද්ධ නිසාද කියන සැකයත් අපිට මතුවෙනවා.
මේ වන විට අපොස උසස් පෙළ විභාගය පවත්වනවා. මේ විභාගය පසුගිය ආණ්ඩුව යටතේ තිබුණා නම් දරුවන් ගැන හැගීමක් නැති අය විභාග තියනවා කියලා දැන් ආණ්ඩුවේ ඉන්න අයම කියාවි. දරුවන් වෙනුවෙන් විභාගය තියන එක හොදයි. ඒ්ත් කලින් අවුරුද්දේ උසස් පෙළ විභාගය අනුව විශ්ව විද්‍යාලවලට ඇතුළුවීම සදහා වන කඩයිම් ලකුණු නිකුත් කිරිමෙන් පසුව තමයි අනෙක් වසරේ විභාගය පැවැත්විය යුතු වන්නේ. අද වන විට පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර නැහැ. මේ නිසා දරුවන්ට පසුගිය වසරේ විභාග ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට හැකියාව ලැබෙනවාද, නැද්ද යන්න කිසිම අදහසක් ලබාගැනීමට නොහැකිව අපහසුතාවට පත්ව තිබෙනවා.
දැන් සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ආණ්ඩුව නතර කරලා. කන්ටේනර පෙට්ටි පටවන්න බැරි නිසා මේක අවලංගු කරන්න කියලා වියත්මගට උපදෙස් දෙන මහාචාර් ලලිතසිරි ගුණරුවන් කියලා තියෙනවා. ලෝකේ මොන රටේද සැහැල්ලු දුම්රියවල කන්ටේනර පෙට්ටි පටවාගෙන ගියේ. මේක නතර කරලා තියෙන්නේ චීන ව්‍යාපෘතියක් නොවෙන නිසා විය යුතුයි. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් කොමිස් ගන්න බැරි නිසා තමයි මේ විදියට සහන ණයක් යටතේ ලැබුණ සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය නතර කරලා තියෙන්නේ.
– media unit
Uncategorized
තවත් කොරෝනා මරණ 03ක්!

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනෙකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට පුද්ගලයන් 211 දෙනෙකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.
Uncategorized
බැසිල් වැඩ සමග යලි ගමට.. මාතරින් අද වැඩ අරඹයි..

වැඩ සමග යළි ගමට දකුණු පලාත් සංවර්ධන වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ දී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.
හිටපු අමාත්‍ය ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී අද මෙම උත්සවය පැවැත්වින. ඒ සඳහා පළාත් වල සියලු මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
එම වැඩසටහන් මාලාවක් රට පුරා පළාත් මට්ටමෙන් මේ සතිය තුළ දිවයින පුරා ම ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනය වයඹ පළාතේද, අනිද්දා උතුරුමැද, ඊට පසු මධ්‍යම ඇතුළු සෙසු පළාත්වල ද මෙම කටයුත්ත සිදු කෙරේ.
2021 අයවැය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දිරිද්රතාවය තුරන් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.
Uncategorized
සතොස ගැන බොරු කියූ අනුරට වහාම පිළිතුරු.. මාධ්‍ය නිවේදනයක්!

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින් සතොස සභාපතිවරයාට චෝදනා නගමින් පෙරේදා (04 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණා.
එහිදී මන්ත්‍රිවරයාගේ චෝදනාව වූයේ සතොස සභාපති සීනි මෙට්‍රික් ටොන් 5000ක් ඔහුගේ ඉහළ පෙළේ අයෙකුගේ මිත්‍රයෙක් ගෙන් තීරු බදු ඉවත් කළ විගසම මිලදී ගත් බවයි.
මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් එහි සත්‍ය කරුණු අණාවරණය කරමින් ලංකා සතොස ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්..


-
උණුසුම් පුවත්1 week ago
ප්‍රජා අයිතිය රැකගන්න හිටපු ජනපති මෛත්‍රී අනුරාධපුරේ ඥානක්කා හමුවීමට යයි..
-
උණුසුම් පුවත්2 weeks ago
මේ වෙලාවේ නම් ආණ්ඩු බලය අල්ලන්න හිතන්නවත් එපා – රනිල්ගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට උපදෙස්..
-
උණුසුම් පුවත්2 weeks ago
බටහිර ජැටියට ඉන්දියාව කැමති වේ.. අදානි සමාගම ගිවිසුමට සූදානම්…
-
උණුසුම් පුවත්2 weeks ago
විමල්ලා, ගම්මන්පිලලාට තනියෙන් ඡන්දෙ ඉල්ලන්න බැහැනෙ. අන්තිමට අපි ළඟට එන්නම වෙනවා – ප්‍රසන්න
-
උණුසුම් පුවත්1 week ago
විමල් වීරවංශලා සමග ප්‍රබල දේශපේ‍්‍රමී විපක්ෂයක් හදන්න සූදානම්..
-
උණුසුම් පුවත්1 week ago
වසර 4කින් කිරිපිටි ආනයනය නවත්වනවා – නවසීලන්ත අගමැති ආවත් ආයේ හැරෙන්නේ නෑ!
-
උණුසුම් පුවත්1 week ago
නව ප්‍රභේදය නිසා රට ලොක් ඩවුන් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ – කොවිඩ් රාජ්‍ය ඇමති
-
උණුසුම් පුවත්6 days ago
ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..