Connect with us

උණුසුම් පුවත්

වසර 4කින් කිරිපිටි ආනයනය නවත්වනවා – නවසීලන්ත අගමැති ආවත් ආයේ හැරෙන්නේ නෑ!

දිනකට ඇමරිකානු ඩොලර් මිලියනයක කිරි පිටි ආනයනය කෙරෙන බවත් ඉදිරි වසර හතර ඇතුළත මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමෙන් අනතුරුව කිරි පිටි ආනයනය නතර කර දියර කිරි ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (16 වැනිදා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දී ඇමැතිවරයා මේ බව කීවේය.

නවසීලන්තයේ දෙවැනි විශාලතම කිරි පිටි අපනයනකරු ශ්‍රී ලංකාවයි. කිරි පිටි ආනයනය නතර කළ සැනින් නවසීලන්ත අගමැතිවරයා මෙරටට පැමිණෙනු ඇතැයිද ඇමැතිවරයා කියයි.

මිල්කෝ සමාගමේ දෛනික කිරි අවශ්‍යතාවය ලීටර් ලක්ෂ හයකි. එහෙත් ආයතනයට දෛනිකව ලැබෙන්නේ කිරි ලීටර් ලක්ෂ දෙකක් පමණයි. මාකඳුරේ කිරි කර්මාන්තශාලාව නුදුරේ දී විවෘත වුවත් එහි නිෂ්පාදන කටයුතු සඳහා ප්‍රමාණවත් වන තරම් කිරි නැහැ.

රටේ ගවයන් ලක්ෂ 12ක් සිටිනවා. මේ අතරින් කිරි ලබාගන්නේ ගවයන් ලක්ෂ දෙකහමාරකින් පමණයි. තවත් කිරි ගවයන් ලක්ෂ දෙක හමාරක් ගැබ් නොගැනීම නිසා කිරි ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා යැයිද ඇමැතිවරයා කියයි.

කිරි ගවයන්ට නියමිත වේලාවට ආහාර සහ ජලය ලබා දී එක් කිරි ගවයකුගෙන් ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් දෙකකින් වැඩි කිරීමට බලාපොරොත්තුවේ. මෙරට කිරි ගන්නා ලක්ෂ දෙකහමාරක් වන ගවයන්ගෙන් එක් කිරි ගවයකුගෙන් දෛනිකව ලබා ගන්නේ කිරි ලීටර් තුනක් පමණි. ලෝකයේ වෙනත් රටවල කිරි ගවයකුගෙන් දිනකට කිරි ලීටර් 10ත් 30ත් අතර ප්‍රමාණයක් ගන්නා බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

මෙවර අයවැයෙන් සත්ව නිෂ්පාදන කටයුතු සඳහා රුපියල් බිලියන එකයි දශම පහක් වෙන් කර ඇති අතර මේ වසර දෙක ඇතුළත දී කිරි ගන්නා එළ ගවයන් ප්‍රමාණය ලක්ෂ පහ දක්වා වැඩි කිරීමටද නියමිතය. මහා පරිමාණ වතු සමාගම් සමග එකතු වී විශාල ගොවිපොළවල් තුනක් ඇති කිරීම සඳහා සාකච්ඡා කර ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි. එම සමාගම් විසින් සතුන් 4500ක් ආනයනය කිරීමට නියමිත බවත්, ඊට අවසරය ලබා දෙන බවද ඇමැතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

සාලිය කුමාර ගුණසේකර

Click to comment

උණුසුම් පුවත්

රටෙන්ම වසංගතයේ බියකරු දත්ත සගවනවා.. චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර් මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා චෝදනා කරයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් ජනාධිපතිතුමාට හෝ නිවැරදි දත්ත ලබා නොදෙන බවත් රට ලොක්ඩවුන් කරගැනීමට නොහැකි එනිසා බවත් ඔවුන් චෝදනා කළහ. රූපවාහිනි වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Continue Reading

උණුසුම් පුවත්

ලෝකයම මවිත කරමින් චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන්නේ චීනයේ සයිනොෆාම් හා රුසියාවේ ස්පුට්නික් එන්නත් මෙරට නිෂ්පාදනය කිරීමට එම රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

මෙරට එන්නත් නිපදවීම සඳහා යෝජනා වී ඇති ස්ථානයක් නිරීක්ෂණය කිරීමට චීන සහ රුසියානු තානාපති කාර්යාලවලින් දැනටමත් එකඟතාවය පළකර ඇතැයිද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

Continue Reading

උණුසුම් පුවත්

රටපුරා දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට ලොක්ඩවුන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි…

කිසියම් ප්‍රදේශයක් හෝ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි හුදෙකලා කිරීමක් සිදුකළ හොත් ඒවායේ අත්‍යවශ්‍ය සේවා සැපයුම් හා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ආර්ථික පුනර්ජීවන හා දරිද්රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සියළුම දිස්ත්‍රික්ක ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති එම උපදෙස් පත්‍රිකාව මෙසේය.

Continue Reading

Facebook

Advertisement

Updates

ප‍්‍රධාන පුවත්16 hours ago

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලැයිස්තුව මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි...

ප‍්‍රධාන පුවත්1 day ago

නැගෙනහිර පලාතේ ලොක්කටත් කොවිඩ් හැදෙයි..

මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර...

ප‍්‍රධාන පුවත්1 day ago

හැදුනුම්පතේ අවසාන අංකය මත පමණක් නිවසින් බැහැර වන්න.. අළුත්ම නීතිය මෙන්න

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේ සිට නිවසකින් පිටවීමට අවසර ඇත්තේ...

ප‍්‍රධාන පුවත්1 day ago

ඇගළුම් සේවිකාවන් හදිසියේ ලෙඩවෙති.. 9%කට කොරෝනා..

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් (09) දින සිදු...

ප‍්‍රධාන පුවත්1 day ago

හෙට සිට රටටම ගමන් තහනම්…

හෙට (13) දින රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා රට පුරාම සංචාරණ සීමා පනවා ඇත. නමුත් එම...

උණුසුම් පුවත්2 days ago

රටෙන්ම වසංගතයේ බියකරු දත්ත සගවනවා.. චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම...

ප‍්‍රධාන පුවත්2 days ago

සියළු වෙළදසැල් රාත්‍රී 07ට වැහෙයි..

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා...

උණුසුම් පුවත්2 days ago

ලෝකයම මවිත කරමින් චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත...

ප‍්‍රධාන පුවත්2 days ago

ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන්...

ප‍්‍රධාන පුවත්2 days ago

ඔක්සිජන් ටැංකි විශාල තොගයක් ලංකාවට..

ශ්‍රී ලංකාවට චීනය විසින් විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර දසදහසක් ඇතුළු වෛද්‍ය උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News