Connect with us

උණුසුම් පුවත්

බදියුදීන් අත්අඩංගුවට ගන්න කියා නියෝගයක් ආණ්ඩුව දීලා නෑ.. දැන් පොලිසිය ස්වාධීනයි..

අද මම ප්‍රවෘත්තියක් දැක්කා දේශපාලනික වශයෙන් පලිගැනීම් කරන්න රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්න නියෝග කරලා කියලා.එහෙම කිසිම නියෝගයක් අපේ ආණ්ඩුව දීලා නැහැ .අපේ ආණ්ඩුවේ කිසිම දේශපාලනඥයෙක් මේ පරීක්ෂණ වලට අතදාන්නෙ නෑ. නඩුකාරවරුන්ට පොලිසියට දුරකතන ඇමතුම් දෙන්න ඒ නිලධාරීන්ට බලපෑම් කරලා කැලෑ නීති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන ආණ්ඩුවක් නෙමෙයි මේ ආණ්ඩුව .ඒක තමයි ඇත්ත .

රිෂාඩ් බදියුදීන් මහත්තයා ඔබ කවුරුත් දන්නවා ඡන්ද කාලයේ බස් වලට රුපියල් ලක්ෂ අනූ පහක් ගෙවලා තමන්ට අවශ්‍ය ඡන්ද ටික දාගන්න බලපෑම් කරපු නිසා තමයි ම අත්අඩංගුවට ගන්න දාල තියෙන්නෙ.ජනතාව බැන්නා අපේ ආණ්ඩුවට ඇයි මේවට නීතිය ක්‍රියාත්මක කලේ නැත්තෙ කියලා .හැබැයි හරියටම නීතියට ඊට ඉඩ දීලා බලපෑම් නොකර තමයි අපි මේ තීන්දුව අරන් තියෙන්නේ.

ඊළඟට රිෂාඩ් බදියුදීන් මහත්තයාගේ සහෝදරයා ඔහුව සම්පූර්ණයෙන්ම නිදහස් කලා .ඒ ගැන වහාම හොයන්න අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා.මේ පරීක්ෂණය ගැන අපිට අවිශ්වාසයක් තිබෙනවා ,ඒ නිසා මේ ගැන හොයල බලන්න කියලා.දැන් ඒ ගැන හොයල බලනවා.ඒව ගැන හොයන්න ඕනා.

කැලෑ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා නීතියෙන් පරිබාහිරව යම් යම් අය තීන්දු ගන්නවා නම් ,නීතිය තියෙද්දි නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැතුව නිදහස් කරනවා නම් ඒක වැරැද්දක්. ඒ වැරැද්ද කරන්නේ රටේ ජනතාවට .ඒ නිසා රටේ නීතිය ක්‍රියාත්මක කරන ස්ථානවල නිලධාරීන් දැනගන්න ඕන මේ ගැන නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න .

මට නඩු දැම්මේ ජනතාවට කන්න දුන්න කියල.මාව උදේ නමයට FCID ගෙනියලා දවල් 2 වෙනකන් ඉඳලා මට කිව්වා ගෙදර යන්න පුලුවන් ඔබතුමාට,ගිහිල්ලා දවල් කෑම කන්න පුළුවන් කියලා .මේක අවසන් කරනවා කියලා .හරියටම දෙකට ඒ නිලධාරියට කෝල් එකක් ඇවිල්ල කිව්වා දැන් නියෝගයක් ආව ඔබතුමා උසාවියට ඉදිරිපත් කරන්න කියලා .ඒ නිසා කෑම ටික මෙහෙට ගෙනල්ලා කන්න කියලා.මම කිව්වා කෑම ප්‍රශ්නයක් නෑ මම උසාවියට ඉදිරිපත් කරන්න කියලා .එහෙමයි එදා නීතිය ක්‍රියාත්මක වුනේ.

මට නඩු එකොළහක් දැම්මා .තව නඩු හතරක් තියෙනවා.මාව දවස් හැත්තෑ හයක් හිරගෙදරට දැම්මා .අන්තිමට ඒ හැම එකෙන්ම මම නිදහස් වුණා .එතකොට මට වෙච්ච අපහසය.මට ඇතිවෙච්ච පීඩනය .ඒවට කවුද උත්තර දෙන්නේ.ඒවා ඔක්කොම මේ පහුගිය රජයට අමතක උනා.සදාකල් බලය ඉන්න පුළුවන් කියලා හිතාගෙන නීතිය අතට අරගෙන එදා ක්‍රියාත්මක වුනා.

දැන් වැඩ බලන පොලිස්පති තුමා , එතුමා ඒ වැඩ රාජකාරි හොදට කරගෙන යනවා .එතුමා පෙරහැර වලට ගිහිල්ලා නටන්නේ නැහැ.එතුමා රැස්වීම් වල පැත්තට ගිහිල්ල ඉඳගෙන ටෙලිපෝන් කරලා කියන්නේ නැහැ නීතිය නමන්න පුළුවන් කියලා .එහෙම තිබුණ යුගයේ අපිට තාම මතකයි .රාජ්‍ය නිලධාරීන් කීදෙනෙක් FCID ගෙනිච්චාද. ලලිත් වීරතුංග ගාමිණී සෙනරත් වැනි මේ රටට වැඩ කරපු නිලධාරින් ගෙනිච්චා.

රාජ්‍ය නිලධාරීන් දැන් ජනතාව වෙනුවෙන් අත්සනක් ගහන්න පෑන උස්සන්නෙත් බයෙන් .ඒ යුගය තමයි යහපාලන ආණ්ඩුව නිර්මාණය කලේ යහපාලන බෝඩ් එක ගහගෙන වහපාලනය උදා කළේ.රාජ්‍ය නිලධාරීන්ට මීට පෙර කිසිම ආණ්ඩුවකින් විදියට තර්ජනය කළේ නෑ .රාජ්‍ය නිලධාරීන් සිටින්නේ ආණ්ඩුව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න.ජනතාවට උපරිම සේවය ලබා දෙන්න.කිසිම දිනක රාජ්‍ය නිලධාරීන්ට කරදර කරන්න හොද නැහැ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් සහ මගපෙන්වීමෙන් වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ලෝක බැංකු මූල්‍ය ප්‍රතිපාදන මගින් බමුණුකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ළගා කර දීම සදහා රුපියල් මිලියන 22.7 ක් වැය කර ඉදිකරන ලද බමුණුකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය අද දින (14) ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම අවස්ථාවට පශු සම්පත් , ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත ගරු රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් , කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර , වයඹ පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ යන මැතිතුමන්ලා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

Click to comment

උණුසුම් පුවත්

උදය ගම්මන් පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

සිංගප්පුරුවේ ආයතන කිහිපයක් මගින් වැඩි මිලට බොරතෙල් හා පිරිපහදු කරන ලද තෙල් ලබාගැනීම උදෙසා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක්  සම්බන්දව  විශේෂ විමර්ශණ ඒකකය වෙත ලැබී ඇති සාක්ෂි පදනම් කරගනිමින් අමාත්‍ය උදය ගම්මන් පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එම සම්බන්දයෙන් පොහොට්ටු අභ්‍යන්තරයේ කතිකාවතක් ඇතිව ඇති බව වාර්තා වේ.

පොහොට්ටු නිවේදනය තුළ කරුණු දෙකක් අඩංගු වෙනවා.

අංක එක වන්නේ ඉන්ධන මිළ වැඩි කිරීමේ තැනට රජය තල්ලු වන තුරු විෂය භාර ඇමතිවරයා තම ධුර කාලය තුළ කිසිවක්ම නොකළ බවයි. එසේ නොකළ දේවල් ලෙස අප දකින්නේ ඔපෙක් රටවල්වලින් ⁣ඉන්ධන මිළට නොගෙන, විශාල කොමිස් මුදලක් ලැබෙන සිංගප්පූරු තැරැව්කරුවන්ගෙන් ම දිගින් දිගටම ඉන්ධන මිළට ගැනීමයි. ඔපෙක් රටක් සමග ගිවිසුම් ගත වී ඉන්ධන ලබා ගන්නා විට කොමිස් මුදල් නොලැබෙන අතර එය රජයන් දෙක අතර ගිවිසුමට අනුව සිදුවේ. එවිට විශාල ලෙස අඩු මිළකට ඉන්ධන ලබාගත හැකිය.

දෙවැනි කාරණය නම්, බොරතෙල් ආනයනය කර ලංකාවේ පිරිපහදු කිරීම සඳහා පසුගිය වසර දෙක තුළ අමාත්‍යාංශය කිසිදු නව පියවරක් ගෙන නැති බවයි. සිදුකර ඇත්තේ පසුගිය රනිල්-සිරිසේන පාලනය විසින් තෙල් මිළට ගත් තැරැව්කරුවන්ගෙන් හතර දෙනාගෙන් ම මාරුවෙන් මාරුවට පිරිපහදු කළ තෙල් ලබා ගැනීම පමණි.

ලෝක වෙළඳපොල තුළ තෙල් මිළ අඩු වූ අවස්ථාවල අමතර තෙල් ගබඩා කිරීම සඳහා පහසුකම් වැඩි කළ යුතු බව කැබිනට් රැස්වීම්වල කිහිප වරක්ම දැනුම් දී තිබුණ ද ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඇමතිවරයා කටයුතු කර නැතිවීම මීළඟ ප්‍රශ්නයයි. මුහුදේ සිට තෙල් පොම්ප කරන දෙවැනි නල පද්ධතියක් එලිය යුතු බව ද කර ඇති ඊළඟ යෝජනාවයි. ඒ සඳහා ද පියවර ගෙන නැත.

මේ මොහොතේ ඉන්ධන මිළ වැඩිකිරීමට සිදුවීම ගැන පොදුජන පෙරමුණ විෂයභාර අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ නැත. ඇතැමුන් එය පටලාගෙන තිබේ. මිළ වැඩිකිරීම මේ අවස්ථාවේ ගතයුතු තීරණයක් බව එම පක්ෂය සිතන බව නිවේදනයෙන් පෙනේ. එහෙත් ඇමතිවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ මේ තත්වය උදාවන තුරු අමාත්‍යාංශය විසින් ගත යුතු ක්‍රියාත්මත කිසිවක්ම නොගැනීම මතය.

මේ මොහොතේ ඉන්ධන මිළ වැඩිකිරීමට සිදුවීම ගැන පොදුජන පෙරමුණ විෂයභාර අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ නැත. මිළ වැඩිකිරීම මේ අවස්ථාවේ ගතයුතු තීරණයක් නොවන බව එම පක්ෂය සිතන බව නිවේදනයෙන් පෙනේ. එහෙත් ඇමතිවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ මේ තත්වය උදාවන තුරු අමාත්‍යාංශය විසින් ගත යුතු ක්‍රියාත්මත කිසිවක්ම නොගැනීම මතය.

Continue Reading

උණුසුම් පුවත්

‘තමුසෙ තමුසෙගෙ හෙළුව ලෝකෙටම පෙන්නල ඉවරයි’ සමන්තභද්‍ර හිමිගෙන් ඥාණානන්ද හිමිට ප‍්‍රහාරයක්..

දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමාධිපති පූජ්‍ය පිටිදූවේ සමන්තභද්‍ර හිමියන් විසින් මහමෙව්නා අසපු ජාලයේ ප්‍රධානී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට දැඩි විවේචනයක් එල්ල කරති.

‘තමුසෙ තමුසෙගෙ නිරුවත මුළු ලෝකෙම පෙන්නල ඉවරයි’ යයිද උන් වහන්සේ චෝදනා කරති.

සිය විහාරස්ථානයේ සිට අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් උන්වහන්සේ මෙම අදහස් පළ කරති. එම වීඩියෝව

https://fb.watch/601x62RNjO/

Continue Reading

උණුසුම් පුවත්

චන්දිමාල්ගේ පාටියට ගිය කලාකරුවන් පවුල් පිටින් පොලීසියෙන් සොයයි.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පංතියේ හෝටලයකදී පැවැති සාදයට සහභාගි වූයේ යැයි කියන ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාවක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ කරමින් සිටින්නේ යැයි කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

එම ප්‍රධාන හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂාවෙන් මෙම පුද්ගලයන් හදුනාගත් බවත් කොළඹ මධ්‍යම දූෂණ විමර්ෂණ ඒකකය පරීක්‍ෂණ පවත්වමින් සිටින බවත් එම පොලිස් නිලධාරියා පැවසීය. එම හෝටලයේ කළමනාකරුවකුගෙන් අද පෙරවරුවේ ප්‍රකාශයක් සටහන්කරගත් බවත් සිද්ධිය වාර්තා වූ පසුගිය මැයි 30 වැනිදා රාත්‍රී එම හෝටලයේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයාගෙන් හෙට ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවත් පොලිසිය කියයි. (lankadeepa)

Continue Reading

Facebook

Advertisement

Updates

Uncategorized12 hours ago

තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..

අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් දැඩි සංචාරණ සීමා කියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි. දැනට...

ප‍්‍රධාන පුවත්2 days ago

V8 රථයක් ඥාණසාර හිමිට කොහෙන්ද.. හඬපට සාක්‍ෂි මෙන්න…

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජූලි 05 දින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ එය පක්ෂයට නැවත ලබා දිය යුතු...

ප‍්‍රධාන පුවත්2 days ago

පෙම්වතා හැර ගිය දුකට 14 හැවිරිදි දැරියක් නිවසේ උඩුමහලෙන් පනී

තම පෙම්වතා තමා සමඟ පැවැති ආදර සම්බන්ධතාව හිටි හැටියේ නතර කිරීමත් නිසා දැඩි ශෝකයෙන් සිටි 14 හැවිරිදි දැරිවියක් නිවසේ උඩුමහෙලෙන්...

උණුසුම් පුවත්2 days ago

උදය ගම්මන් පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

සිංගප්පුරුවේ ආයතන කිහිපයක් මගින් වැඩි මිලට බොරතෙල් හා පිරිපහදු කරන ලද තෙල් ලබාගැනීම උදෙසා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක්  සම්බන්දව  විශේෂ විමර්ශණ...

Uncategorized2 days ago

ගමමන්පිලට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි නියෝග කෙරේ…

ජන ජීවිතය ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ඉහල දමා ඔවුන් තවත් පීඩාවට පත් කිරීම සම්න්ධයෙන් විෂයභාර අමාත්‍ය...

Uncategorized2 days ago

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අලුත උපන් සිගිති මිණිබිරිය මෙන්න..

අපේ රටේ ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආදරණීය එකම පුතු මනෝජ් රාජපක්ෂ මහතාගේ ආදරණීය බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ මහත්මිය දියණියක් බිහි...

ප‍්‍රධාන පුවත්3 days ago

තත්වය භයාණයකයි.. හුළගිනුත් බෝවෙන ප්‍රබේදයක් ලංකාවට ඇවිත් !

වාතය හරහා බෝවීම සිදු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇති කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් මෙරටට ඇතුළු වී...

ප‍්‍රධාන පුවත්3 days ago

වෛද්‍යවරයෙක් බිරියන් 05කට.. වෛද්‍යවරියක් සැමියන් 06කට කොරෝනා එන්නත් ගහලා.. කොලඹ ජාතික රෝහලේදී හසුවෙයි..

එක් වෛද්‍යවරයකුගේ බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියෙකු ස්වාමිපුරුෂයන් හය දෙදෙකුටත් කොරෝනා එන්නත් ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි....

Uncategorized4 days ago

සංචරණ සීමා ඉවත් කරන දිනය මෙන්න..

දැනට පනවා ඇති සංචරණ සීමාවන් එළඹෙන 14 වැනි දා අලුයම 04.00ට ඉවත් කිරීමට ගත් තීරණය මෙතෙක් කිසිදු වෙනසක් නැති බව...

ප‍්‍රධාන පුවත්4 days ago

මවයි දියණියයි මහළු සල්ලාලයින්ට විකුණු ජාවාරම්කරු අහුවෙයි – මව විකුණා ඇත්තේ ලක්ෂ 21කට (PHOTOS)

අන්තර්ජාලයේ දැන්වීම් පළ කර වයස අවුරුදු 15ක දැරියක් සහ ඇගේ මව මුදලට විකුණු පුද්ගලයෙකු ගල්කිස්ස මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News