Connect with us

උණුසුම් පුවත්

ගම සමග පිළිසඳර අගමැති අතට!

ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට වැඩසටහන හා 2021 අය-වැය යෝජනා යථාර්ථයක් වන ජාතික සම්බන්ධීකරණ අනු කමිටු පිහිටුවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම ජාතික සම්බන්ධීකරණ අනු කමිටු සඳහා සියලුම කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළත්ය.

ප්‍රාදේශීය සංවර්ධනයට නව ප්‍රවේශයක් සඳහා කෘෂිකාර්මික අනු කමිටුව, ජීවනෝපාය අනු කමිටුව, යටිතල පහසුකම් අනු කමිටුව, සමාජ යටිතල පහසුකම් අනු කමිටුව සහ සමාජ ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනු කමිටුව ලෙස ජාතික සම්බන්ධීකරණ අනු කමිටු 5ක් පිහිටුවා ඇත.  ඒ එක් එක් කමිටු සඳහා විෂයන්ට අදාළවන සේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත්කර තිබීම මෙහි විශේෂත්වයකි.

ජාතික සම්බන්ධීකරණ කමිටුව, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හා ග්‍රාමීය කමිටුව ලෙස ඉහළ සිට පහළට තීරණ ගලා යාමත්, පහළ සිට ඉහළට අදහස් හා යෝජනා ගලා යාමත් සිදුවන වන ලෙස සකස් වී ඇති බව බැසිල් රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට එක්ව සිටි කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

‘ගම සමඟ පිළිසඳර අප විරුද්ධ පක්ෂයේ සිටින කාලයේ සිටයි ක්‍රියාත්මක කළා. ඒ කාලයේ අපි ගමේ අඩුපාඩු හඳුනා ගත්තත් ඒ සඳහා රාජ්‍ය නිලධාරී තන්ත්‍රය සහභාගි කරගන්න බැරි වුණා. නමුත් මුළු රට තුළම එම වැඩසටහන අතිගරු ජනාධිපති ගෝඨාය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැන් ක්‍රියාත්මක වෙනවා.’

‘ඔබ දන්නවා මේ රටේ ග්‍රාමසේවක වසම් 14,000 ක් තියෙනවා. ගම් 36,000ක් තියෙනවා. ඒ කටයුත්තත අප ඉදිරියට ගෙනයාමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ඔස්සේ කටයුතු කළ යුතුයි. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට මහජන නියෝජිතයන් පත්කිරීම ප්‍රමාදවීම නිසා මේ කටයුත්ත බොහෝ වෙලාවට සිදුවුණේ ප්‍රාදේශිය ලේකම් හෝ නිලධාරින් අතින්. ඒ නිසා පසුපෙළ මන්ත්‍රීවරුන්ට වගේම ඔබටත් ගම හා ආසනයේ කටයුතු කිරීමේදී ඊට සම්බන්ධ වීමේ ක්‍රමවේදයක් තිබුණෙ නැහැ. ඒ නිසා ඇතැම් වෙලාවට ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතිවලට දේශපාලන නායකත්වය නොලැබී ගියා.’

‘උතුරු හා නැගෙනහිර හැර රටේ සෑම ප්‍රදේශයකම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පත්කර අවසන්. ආණ්ඩු පක්ෂ තීන්දුවට අනුව ඒවායේ සභාපතිධූර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් ලබා දී තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී අමාත්‍යංශ ඔස්සේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඔස්සේ ඒවා ක්‍රියාත්මක කිරීම අවශ්‍යයයි. ඒ සඳහා අද පිහිටුවන මෙම ජාතික සම්බන්ධීකරණ අනු කමිටුවල නායකත්වය හා උපදෙස් ක්‍රියාත්මක විය යුතුයි.’

ඉදිරියේදී අමාත්‍යංශ මට්ටමෙන් සිදුවන ඉල්ලීම් හෝ චක්‍රලේඛ ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපතිට සෘජුව යොමු කරන්නැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

බඩු මිල ඉහළ යාම පාලනය කිරීමෙ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවිය. ඒ අනුව පරිප්පු, පිටි, සීනි, ලොකු ලූණූ සහ අර්තාපල් ඇතුළු භාණ්ඩ වර්ග 28ක් සඳහා පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාස 3 ට නිෂ්පාදකයන් හා සෘජු ආනයනකරුවන් සමඟ ඉදිරි මිල පිළිබඳව එකඟත්වයකට පැමිණ තිබෙන බව පෙන්වා දුන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, අද පවතින මිලට වඩා අඩු මිලට පෙබරවාරි මස දෙවැනි සතියේ සිට සතොස හා සමූපකාර ඔස්සේ එම භාණ්ඩ රටපුරා බෙදා හරින බව කියා සිටියේය.

දුප්පත්කම හේතුවෙන් නිවස ළඟට විදුලිය තිබුණද, ජලය තිබුණද ගත නොහැකිව පීඩාවට පත් සීමිත පිරිසක් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මුලදී විදුලිය නොමැති නිවාස 35,000ක් හඳුනාගත්තද එය 125,000 ක් පමණ වනබව ගණන් බලා ඇතැයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය. එහිදී ලබන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර දැනට විදුලිය සහ ජල සැපයුම නොමැති සියලුම නිවාසවලට එම සැපයුම ලබාදීමට ක්‍රියා කරමු යැයි බැසිල් රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට සියලුම කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරු මෙහිදී එකඟත්වය පළ කළහ. 

විදුලිය සහ ජල පහසුකම් නොමැති නිවාස හඳුනාගෙන ඒ සඳහා ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර විසඳුම් දීම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ වගකීම බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය. ඒ සඳහා සමෘද්ධි අරමුදල් ඇතුළු රජයේ ප්‍රතිපාදන යොදාගත හැකි බව ද හෙතම පෙන්වා දුන්නේය.

රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සෞඛ්‍ය වෘත්තිකයන්ද මහජනතාවද කොවිඩ්-19 එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් උනන්දුවන බව අමාත්‍යවරු මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කළහ. පෙබරවාරි මස මැද භාගයවනවිට සාමාන්‍ය ජනතාවටත් එන්නත ලබා ගත හැකිවනු ඇතැයි රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මෙහිදී විශ්වාසය පළ කළාය.

කොවිඩ්-19 එන්නත් ලබා දීම තීව්‍ර කරමින් ශ්‍රී ලංකාව එන්නත් ලබා දී අවසන් කළ පළමු රට වීම වැනි ඉලක්කයක් කරා ගමන් කළ යුතුව ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Click to comment

උණුසුම් පුවත්

ගෑස් සිලින්ඩර් සගවන පාරිභෝගිකයින් ගැන වහාම කියන්න.. හදිසි ඇමතුම් අංකයකුත්

ගෑස් සිලින්ඩර් සඟවා තබාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන ති‌බේ නම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියට දැනුම් ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ සදහා පාරිභෝගික අධිකාරියේ 1977 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සදහන් කරයි.

ඉදිරියේදී ගෑස් මිල ඉහළ යනු ඇතැයි සිතා ගෑස් අලෙවිකරුවන් අලෙවි කිරීමට ඇති ගෑස් සිලින්ඩර සඟවා සිටින බවට තොරතුරු ලැබෙමින් පවතින බව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Continue Reading

උණුසුම් පුවත්

සියලුම ආර්ථික මධ්‍යස්ථාන දින දෙකකට විවෘත කරයි…

තොග වෙළදාම් කටයුතු සඳහා දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (17) සහ හෙට (18) දෙදින තුළ විවෘත ව පවතී. ජංගම වෙළඳුන්ට එළවළු සහ පළතුරු තොග මිලදී ගැනීම සඳහා එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර ඇත. පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ සහ මත්ස්‍ය වෙළෙඳ පොළ ද අද (17) අලුයම සිට විවෘතව කර තිබුණි

Continue Reading

උණුසුම් පුවත්

උදය ගම්මන් පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

සිංගප්පුරුවේ ආයතන කිහිපයක් මගින් වැඩි මිලට බොරතෙල් හා පිරිපහදු කරන ලද තෙල් ලබාගැනීම උදෙසා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක්  සම්බන්දව  විශේෂ විමර්ශණ ඒකකය වෙත ලැබී ඇති සාක්ෂි පදනම් කරගනිමින් අමාත්‍ය උදය ගම්මන් පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එම සම්බන්දයෙන් පොහොට්ටු අභ්‍යන්තරයේ කතිකාවතක් ඇතිව ඇති බව වාර්තා වේ.

පොහොට්ටු නිවේදනය තුළ කරුණු දෙකක් අඩංගු වෙනවා.

අංක එක වන්නේ ඉන්ධන මිළ වැඩි කිරීමේ තැනට රජය තල්ලු වන තුරු විෂය භාර ඇමතිවරයා තම ධුර කාලය තුළ කිසිවක්ම නොකළ බවයි. එසේ නොකළ දේවල් ලෙස අප දකින්නේ ඔපෙක් රටවල්වලින් ⁣ඉන්ධන මිළට නොගෙන, විශාල කොමිස් මුදලක් ලැබෙන සිංගප්පූරු තැරැව්කරුවන්ගෙන් ම දිගින් දිගටම ඉන්ධන මිළට ගැනීමයි. ඔපෙක් රටක් සමග ගිවිසුම් ගත වී ඉන්ධන ලබා ගන්නා විට කොමිස් මුදල් නොලැබෙන අතර එය රජයන් දෙක අතර ගිවිසුමට අනුව සිදුවේ. එවිට විශාල ලෙස අඩු මිළකට ඉන්ධන ලබාගත හැකිය.

දෙවැනි කාරණය නම්, බොරතෙල් ආනයනය කර ලංකාවේ පිරිපහදු කිරීම සඳහා පසුගිය වසර දෙක තුළ අමාත්‍යාංශය කිසිදු නව පියවරක් ගෙන නැති බවයි. සිදුකර ඇත්තේ පසුගිය රනිල්-සිරිසේන පාලනය විසින් තෙල් මිළට ගත් තැරැව්කරුවන්ගෙන් හතර දෙනාගෙන් ම මාරුවෙන් මාරුවට පිරිපහදු කළ තෙල් ලබා ගැනීම පමණි.

ලෝක වෙළඳපොල තුළ තෙල් මිළ අඩු වූ අවස්ථාවල අමතර තෙල් ගබඩා කිරීම සඳහා පහසුකම් වැඩි කළ යුතු බව කැබිනට් රැස්වීම්වල කිහිප වරක්ම දැනුම් දී තිබුණ ද ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඇමතිවරයා කටයුතු කර නැතිවීම මීළඟ ප්‍රශ්නයයි. මුහුදේ සිට තෙල් පොම්ප කරන දෙවැනි නල පද්ධතියක් එලිය යුතු බව ද කර ඇති ඊළඟ යෝජනාවයි. ඒ සඳහා ද පියවර ගෙන නැත.

මේ මොහොතේ ඉන්ධන මිළ වැඩිකිරීමට සිදුවීම ගැන පොදුජන පෙරමුණ විෂයභාර අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ නැත. ඇතැමුන් එය පටලාගෙන තිබේ. මිළ වැඩිකිරීම මේ අවස්ථාවේ ගතයුතු තීරණයක් බව එම පක්ෂය සිතන බව නිවේදනයෙන් පෙනේ. එහෙත් ඇමතිවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ මේ තත්වය උදාවන තුරු අමාත්‍යාංශය විසින් ගත යුතු ක්‍රියාත්මත කිසිවක්ම නොගැනීම මතය.

මේ මොහොතේ ඉන්ධන මිළ වැඩිකිරීමට සිදුවීම ගැන පොදුජන පෙරමුණ විෂයභාර අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ නැත. මිළ වැඩිකිරීම මේ අවස්ථාවේ ගතයුතු තීරණයක් නොවන බව එම පක්ෂය සිතන බව නිවේදනයෙන් පෙනේ. එහෙත් ඇමතිවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ මේ තත්වය උදාවන තුරු අමාත්‍යාංශය විසින් ගත යුතු ක්‍රියාත්මත කිසිවක්ම නොගැනීම මතය.

Continue Reading

Facebook

Advertisement

Updates

ප‍්‍රධාන පුවත්24 mins ago

ඇමරිකා ගිය බැසිල් 23 එයි.. ඔහු ආ පසු තෙල් මිල පහලට..?

දැනට විදේශගතව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 වැනිදා නැවත මෙරටට පැමිණීමට නියමිතව තිබේ. මෙරටට පැමිණි පසු ඉන්ධන...

Off Road16 hours ago

දරුවන් දහදෙනෙකු බිහි කළායැයි කියමින් ලෝකෙම රැවටූ කාන්තාවගේ ඇත්ත කතාව

පහුගිය දිනවල අපේ රටේ මෙන්ම ලෝකයේම වැඩිපුර කතා බහට ලක්වුණු පුවතක් තමයි දකුණු අප්‍රිකාවේ මවක් දරුවන් දහදෙනෙකු එකවර බිහි කරපු...

ප‍්‍රධාන පුවත්19 hours ago

සදුදා සංචරණ සීමා ඉවතට.. Breaking News !

ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කෙරේ. එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල්...

ප‍්‍රධාන පුවත්22 hours ago

දෙහිවල සත්තු වත්තේ හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකු මිය යයි.. සිංහයෙකුට කොරෝනා..

දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින සිංහයෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙලිවී තිබේ. දින කිහිපයක් තිස්සේ උගුරේ වේදනාවක් සහ කැස්සකින් මෙම සිංහයා...

Uncategorized1 day ago

උඩුවේ හිමියන්ගේ මෑණියන් සිහිසුන්වී නවලෝක රෝහලට.. හිමියන්ගෙන් පිණිවුඩයක්..

ප්‍රසිද්ධ ධර්ම කථික පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ මෑණියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ...

ප‍්‍රධාන පුවත්2 days ago

රනිල් එන්න කලින් වැඩ පෙන්නයි… සජිත්ගේ නගරාධිපතිවරු 04ක් එලවයි

එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අවසන් කර සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරීම හේතුවෙන් නගර සභා කිහිපයක නගරාධිපතිවරුන් ධූරවලින් ඉවත් කිරීමට...

උණුසුම් පුවත්2 days ago

ගෑස් සිලින්ඩර් සගවන පාරිභෝගිකයින් ගැන වහාම කියන්න.. හදිසි ඇමතුම් අංකයකුත්

ගෑස් සිලින්ඩර් සඟවා තබාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන ති‌බේ නම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියට දැනුම් ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ සදහා...

ප‍්‍රධාන පුවත්2 days ago

චන්නගේ කෝටි 20 නිවසේ කතාවට අසේල වැලිකඩ ? කෝටි 50 වන්දි ගෙවන්න වෙයි..

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඇතුල් කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200ක නිවසක් මිලදීගෙන ඇති බවත්, චන්න ජයසුමන, SPC සභාපති විශේෂඥ වෛද්‍ය...

උණුසුම් පුවත්2 days ago

සියලුම ආර්ථික මධ්‍යස්ථාන දින දෙකකට විවෘත කරයි…

තොග වෙළදාම් කටයුතු සඳහා දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (17) සහ හෙට (18) දෙදින තුළ විවෘත ව පවතී. ජංගම වෙළඳුන්ට...

ප‍්‍රධාන පුවත්2 days ago

මත්පැන් ඔන්ලයින් ක්‍රමය අවලංගුයි…

අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත. මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News

en_USEnglish