Connect with us

උණුසුම් පුවත්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුදාධිකරණයට ගෙනයන්නයි උතුරේ පක්ෂ ඉල්ලති.

(ලක්ෂ්මී ජයකොඩි)

ශී‍්‍ර ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමටත් ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය බලපෑම් සිදු කරන්නැයි ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ සංවිධාන සකස් කළ යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් වෙත යවා තිබේ.

එම යෝජනාවලිය සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, දෙමළ ජාතික මහජන කොංග‍්‍රසයේ නායක ගජේනද්‍රකුමාර් පොන්නම්බලම්, තමිල් මක්කල් තේසීය කුට්ටනි නායක සී. වී. විග්නේෂ්වරන් යන මහත්වරු හා සිවිල් සංවිධාන වල නියෝජීතයින් අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇත.

මේ පිළිබදව  මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ එම යෝජනාවලියේ පිටපත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් තනාපතිවරුන් වෙතද යවා ඇති බවයි.

එළැඹෙන මාර්තු මාසයේදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරය ආරම්භවීමට නියමිත අතර එහිදි ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත බව කියන නව යෝජනාව සකස් කිරීමේදි තමන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාද සැලකිල්ලට ගන්නා ලෙස එමගින් ඉල්ලා ඇත.

ඒ අනුව එම යෝජනාවලියේ  වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

යුද්ධය අවසන්ව වසර 10 කාලයක් ගත වුවද ශී‍්‍ර ලංකා රජය ජාත්‍යන්තරය වෙත ලබා දුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු කර නොමැත. මෙරට යුද්ධයේ අවසන් මෙහෙයුම් වලදි සිදුවු බව කියන මානව හිමිකම් ඉඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයා විසින් සාමාජිකයින් තිදෙනෙකුගෙන යුත් කමිටුවක් පත් කරන ලදී. එම කමිටුවේ වාර්තාව 2011 වසරේ සැප්තැම්බර් මාසයේදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ එවක කොමසාරිස්වරයා වෙත ඉදිරපත් කරනු ලැබිණි. ඉන් පසුව ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් සුරැකීම හා වගවීම සඳහා වන යෝජනාවක් සම්මත කරනු ලැබිණ.

ඉන් අනතුරුව 2015, 2017 හා 2019 වර්ෂයන්හිදි එම කවුන්සලය ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනා වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ සමඅනුග‍්‍රහකත්වයද හිමිවිණි.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ වර්තමාන තත්ත්වය  අනුව අභ්‍යන්තර හෝ මිශ‍්‍ර යාන්ත‍්‍රණයක් මගින් වගවීමේ කි‍්‍රයාවලිය ඉටු කර ගැනීමේ හැකියාවක් නොමැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සමාජික රටවල් පිළිගත යුතුව ඇත.

රට හමුදාකරණය කිරීම, දේශපාලන සිරකරුවන් දිර්ඝ කාලයක් සිරගතකොට ගෙන සිටිම, පුරාවිද්‍යා කැනීම් යැයි පවසමින් දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම, අවම වශයෙන් කිරි ගෝවීන් ප‍්‍රයෝජනයට ගන්නා තෘණ බිම් පවා ආක‍්‍රමණය කිරීම යන වැනි කටයුතු වැඩි  වී ඇත. තවද  සමාජ හා දේශපාලඥයින්ගේ හැසිරීම් නිරීක්ෂණය  කිරිම තිීව‍්‍ර කර තිබීම වැනි මර්දනයන් වැඩිවී තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ භූමිදානයට ඉඩ නොදි ආදාහනය කිරීම, යුද්ධයෙන් මිය ගියවුන් සිහිපත් කිරීමට ඇති අයිතිය අහිමි කිරීම වැනි සුළු ජනකොටස් වල මර්දනය කිීරීමේ කි‍්‍රයාමාර්ගද මේවනවිට ශී‍්‍ර ලංකාවේ වැඩිවෙමින් පවතී.

එබැවින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරයේදි ශී‍්‍ර ලංකාවේ වගවීමේ කි‍්‍රයාවලිය තහවුරු කළ යුතුව ඇත. එහෙත් අභ්‍යන්තර යාන්ත‍්‍රණයක් මගින් හෝ මිශ‍්‍ර යාන්ත‍්‍රණයක් මගින් එය ශී‍්‍ර ලංකා රජය කි‍්‍රයාත්මක නොකරනු ඇත.නමුත් එය තහවුරු කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගත යුතුය.

ශී‍්‍ර ලංකාවේ සිදුවු බව  කියන මානව හිමිකම් කඩවීම් හා යුධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හා ජාත්‍යන්තර මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ඉහළපෙළ පිළිගත්  ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා ආයතන වෙත මේ පිළිබඳ දැඩි අවධානය යොමු කිරීමට කටයුතු කළ යුතුය. මෙම කාරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස්වරයා මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත, ආරක්ෂක මණ්ඩලය වෙත යොමු කළ යුතුය.ඒ සදහා සාමාජික රටවල් බලපෑම් කළ යුතුය.

ශී‍්‍ර ලංකාවේ සිදුවන මානව හිමිකම් කඩවීම් හා ඊට අදාළ මර්දනය කිරීම් පිළිබදව සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ශාඛාවක් ශී‍්‍ර ලංකාවේ ස්ථාපිත කළ යුතුය. ජීනීවා මානව හිමිකම් කවුන්සලයේ  ශාඛාවක් ස්ථාපිත කර සිරියාවේ සාක්ෂි එකතු කළ ආකාරයෙන් අවුරුද්දක කාලයක් ඇතුළත දැඩි කොන්දේසි මත ශී‍්‍ර ලංකාවේ සිදුවු බව කියන මානව හිමිකම් කඩවීම් පිළිබද සාක්ෂි එකතු කිරීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කළ යුතුය.

ශී‍්‍ර ලංකාවේ වගවීමේ කි‍්‍රයාවලිය ඉටු කර ගැනීම වෙනුවෙන් මෙම කාරණය ජාත්‍යන්තරයේ ඉහළ පෙළ අවධානය වෙත යොමු කරන්නැයි නැවත් වරක් අවධාරණය කර සිටින්නෙමු.

මෙතෙක් යුක්තිය ඉටු නොවුණු අපගේ ජනතාව වෙනුවෙන් යුක්තිය  ඉටු කරදීමත් සහන ලබාදීමත් වෙනුවෙන් නිශ්චිතව හා අප‍්‍රමාදව කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් වලින් ඉල්ලා සිටින්නෙමු.

Click to comment

උණුසුම් පුවත්

අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..

මීට පෙර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකළ ඖෂධ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කර එලිදැක්වීමේ වැඩසටහන යටතේ නිමොඩපීන් (Nimodipine) ඖෂධය එළිදැක්වීම රත්මලාන SPMC පරිශ්‍රයේදී සිදු කෙරිණි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා අතින් ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන ගරු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාටත් ඉන් අනතුරුව අමාත්‍යතුමා විසින් ස්නායු ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මැතිතුමාට ඖෂධය පිළිගැන්විණි. 

වෛද්‍ය සැපයුම් අංශය මෙම ඖෂධය මිලදී ගැනීමේදී එක් පෙත්තකට මීට පෙර රුපියල් 130 ක් වැය කර තිබූ අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) මෙම ඖෂධය සපයන්නේ රුපියල් 67ක මිලකට ය.

Continue Reading

උණුසුම් පුවත්

බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි

බ්‍රිතාන්‍ය තුළ පැතිර යමින් තිබෙන නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් පනවා තිබූ තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය සංචාරකයන් සඳහා රට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සෞඛ්‍ය බළධාරීන්ගේ රැස්වීමකදී තීරණය කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය සංචාරකයන් සඳහා දින 14 ක නිරෝධායන කාලසීමාවකට යටත්ව මෙරටට පැමිණීමට අවසර ලබාදිය යුතු බවටයි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශවලට යටත්ව බ්‍රිතාන්‍ය සංචාරකයන්ට මෙරටට සංචාරය කිරීමට අවස්ථාව හිමි වේ.

Continue Reading

උණුසුම් පුවත්

ඉන්දියාවට ත‍්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..

කොළඹ වරායේ සිට කොලොන්නාව නිමාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වෙත දිවෙන ඉන්ධන නල පද්ධතිය පිහිටි භූමියේ අනවසරයෙන් වසර 35 කට වැඩි කාලයක් පදිංචිව සිටි පවුල් 112 ක් සදහා ඛණීජ තෙල් නීතිගත සංස්ථාවත් භාණ්ඩාගාරයත් ඒකාබද්ධව රුපියල් මිලියන 500ක වියදමින් මහල් නිවාස ලබාදීමේ වැඩසටහනක් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් .17 දින කොලොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි. බලශක්ති අමාත්‍යතුමන් එහිදී සිදු කළ කතාව.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි නොබෝ දිනකින් අප සතුයි

මහින්ද නම් යුග පුරුෂයා

මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා විදිහට ඔබතුමාට ආරාධනා කළේ ඔබතුමන් මේ රටේ අග්‍රාමාත්‍යතුමන් නිසා නෙමේ, ඔබතුමා මේ නිවාස මිලදී ගැනීමට අරමුදල් වලින් කොටසක් සැපයූ මුදල් අමාත්‍යතුමා නිසාත් නොවේ, අපි ඔබතුමාට ඇරයුම් කළේ ඔබතුමන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් නිසයි. වරක් පාර්ලිමේන්තුවේ දී ඔබතුමා ප්‍රකාශ කළ ආකාරයෙන්ම, ඔබතුමා දැරූ ඔබතුමා දරණ සියලුම නාමයන්ට වඩා මහින්ද රාජපක්ෂ කියන නාමය දැවැන්ත කියන එකයි අපේ විශ්වාසය. මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමා යුග පුරුෂයෙක්. මහින්ද රාජපක්ෂ කෙනෙක් ඉතිහාසයේ කවදාවත් සිටියෙත් නෑ. අනාගතයේ බිහි වෙන්නෙත් නෑ.

ඔබතුමා කොටි ත්‍රස්තවාදයට එරෙහිව කරපු අරගලය අපි ඇස් දෙකෙන් දැක්කා. ඒ යුද්ධය දුටුගැමුණු රජතුමා එළාර රජතුමාට එරෙහිව කරපු යුද්ධයටත් වඩා අභියෝගාත්මක යුද්ධයක් වුණා. දුටුගැමුණු රජතුමාට විරුද්ධව එතුමාගේ කකුළෙන් අදින්න ඒ කාලේ විපක්ෂයක් තිබුණේ නෑ. ඒ වගේම කරන වැඩේ ජනතාවගේ මනසේ ව්‍යාකූල කරන්න රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් තිබුණෙත් නෑ. බලපෑම් කරන්න විදේශීය ප්‍රජාවන් ජාත්‍යන්තර ප්‍රජාවන් සිටියේ නෑ. බල්ලුක කියන ඉන්දියානු සහෝදරයට හමුදාව ඇරගෙන එන ලෙස එලාර රජතුමා පණිවිඩයක් යැව්වත් පණිවිඩය ගිහිල්ලා හමුදාව එන විට යුද්ධය ඉවර වෙලාත් ඉවරයි. අද වගේ ක්ෂණිකව බලපෑම් කරන්න, සම්මන්ත්‍රණ තියන්න, හමුදා එවන්න හැකියාවක් එදා තිබුණේ නෑ. ඒ සියල්ලටම වඩා ජනතාවගේ මනස විකෘති කරන්න බොරු ප්‍රචාර කරන සමාජ ජාල මාධ්‍යන් එදා තිබුණෙත් නැහැ.

ඒ නිසා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබ තුමා මේ රටට ගෙනාපු ජයග්‍රහනය, අතීතයේ අප ලද සියළුම ජයග්‍රහනයන් ට වඩා විශිෂ්ටයි අද්විතීය‍යි කියන එකයි අපේ විශ්වාසය. ඒ නිසයි ඔබතුමා අද අපේ ප්‍රධාන අමුත්තා වෙන්නේ.

ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීම

ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි, 2010 ජනාධිපතිවරණයේ දී ඔබතුමා ජනවරම ඉල්ලූ ‍ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ඔබතුමා ජනවරම ඉල්ලනවා, ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කරන්න. එදා ඔබට දැවැන්ත ජනවරමක් ලැබුණත් එය මහ පොළොවේ ක්‍රියාත්මක වුණේ නෑ. ඒ නිසා තමයි මේ අමාත්‍යාංශය භාර ගැනීමෙන් අනතුරුව අද අමාත්‍යාංශයේ දැක්ම බවට ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීම කියන තේමාව යොදාගෙන තියෙන්නේ . අපි ආසියාවේ බලශක්ති කේන්ද්‍රය කරා යන ගමනේදී, අපිට තෙල් ගබඩා කිරීමේ හැකියාව, අපේ ධාරිතාව අතිශයින්ම තීරණාත්මක වෙනවා. ඒ නිසා තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම අපේ ක්‍රියාවලිය තුළ ඉතා වැදගත් සමාගමක් බවට පත් වෙනවා. ඉතාම වැදගත් ආයතනයක් බවට පත්වෙනවා. මේ වන විට ගරු අග්‍රාමාත්‍යතුමනි මෙට්ට්‍රික් ටොන් දහදාහක ධාරිතාවෙන් යුත් ටැංකි නමයක් ඉදිකිරීම් කටයුතු අපි ආරම්භ කරල තියනවා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වන බව

මං විශේෂ දෙයක් කිව යුතුයි. ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා පසුගිය ඉරිදා අවසන් කරන්න පුළුවන් වුණා. තාම මේක කොහෙවත් නිවේදනය කර නැහැ. ඉන්දියානු මහා කොමසාරිස් තුමාත් එක්ක තිබුණු අර්බුද සියල්ල කතා කරලා විසඳගන්න පුළුවන් වුණා. විශේෂයෙන් සිහිපත් කරන්න ඕන ඉන්දියානු මහා කොමසාරිස්තුමා ඉතාම නම්‍යශීලී වෙමින් 2017 අත්සන් කල ගිවිසුමේ තිබෙන විධිවිධාන අමතක කරමින්, කළමනාකාරීත්වය එක්ක සාකච්ඡා කරලා, වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරලා අපි විසින් ඉදිරිපත් කරපු කොන්දේසි සියල්ලටම එකඟතාවය පළකලා. මම මේ අවස්ථාවේ එය කෘතඥ පූර්වකව සිහිපත් කරන්න ඕන.

දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ මේ දක්වා නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තේ නැති , 2003 සිට අපට අහිමි වුණු අපේ මහා සම්පතක් වන ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වන බව අපි බොහොම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ත්‍රිකුණාමලය ආසන්නයෙන් යන නැව් වලින් සාතිශය බහුතරය ඉන්දියාවට අයත් වෙන්නේ ඒ නිසා ඒ වෙළඳපොළ දිනාගැනීමට නම් ඉන්දියාවේ සහයෝගය අපට අත්‍යවශ්‍යයි . එම නිසා ලංකා අයිඕසි සමාගමත් සමග එකතුව ඉතාම සහයෝගයෙන් මේ තෙල් ටැංකි සංවර්ධනය කරල ලංකාවට දැවැන්ත විදේශ විනිමය උපයන තැනක් බවට, වසර අසූවක් පමණ නිදැල්ලේ ප්‍රයෝජනයක් නොගෙන තිබූ මෙම සම්පත භාවිතා කරන්නට නුදුරු අනාගතයේ දීම අපි කටයුතු කරනවා කියන එක අපි ජාතියට ප්‍රතිඥා දෙන්න කැමතියි.

තෙල් නල එලා තිබු භූමියේ අනවසර පදිංචිකරුවන්ට නව නිවාස

අද අපේ ගමනෙ ඉතාම වැදගත් දෙයක් තමයි .අපේ තෙල් නල පද්ධතිය. සමහර නල අවුරුදු හැත්තෑවක් පරණයි .හැබැයි මේකෙ ආයුකාලය අවුරුදු තිහයි. වරින් වර තෙල් කාන්දු වීම් නිසා අපටත් පාඩුවක් වෙනවා. පරිසරයට ඊටත් වඩා පාඩුවක් වෙනවා . තෙල් නල පද්ධතිය අලුතෙන් ඉදි කිරීමේදී අපට තිබුණ එක අභියෝගයක් තමයි වසර තිස් පහකට අධික කාලයක් මෙම තෙල් නල එලා තිබු භූමිය උඩින් නිවාස ඉදිවෙලා තියෙන එක . අපි නිවාස 112ක් අඳුනගත්ත. ඒ අනුව තමයි ඛණීජ තෙල් නීතිගත සංස්ථාවත් භාණ්ඩාගාරයක් ඒකාබද්ධව රුපියල් මිලියන 500ක් වෙන් කලේ, මේ නිවාස වල ඉන්න අයට මහල් නිවාස ලබා දීලා මේ නිවාස ඉවත් කිරීම සඳහා.

සමහරු අපෙන් අහනවා ඒ අය පදිංචි වෙලා ඉන්නේ රජයේ ඉඩමක නීතිවිරෝධීව නේද ? නීතිවිරෝධීව ඉන්න අය ඉවත් කරන්න වෙනම ගෙවල් දෙන්න ඕනද? කසිප්පු පෙරෙන කෙනෙක් අල්ලපුවම එයාට තැබෑරුමක් දීලද කසිප්පු පෙරන එක නතර කරන්නේ කියලා සමහරු අපෙන් ප්‍රශ්න කරා. නීතිය කෙසේ වෙතත් අපි මානුෂික වෙන්න ඕන. වසර 35 ක් නීතිවිරෝධීව ඔවුන් ගෙයක් හදාගෙන හිටියට පස්සේ එයාලව පාරට ඇදලා දාන්න තරම් අමානුෂික වෙන්න ජනතාව පිළිබඳ සංවේදී ජනාධිපති කෙනෙක් සහ අගමැති කෙනෙක් ඉන්න ආණ්ඩුවක් විදිහට අපට හැකියාවක් නෑ. ඒ නිසා තමයි ඒ ජනතාවට අලුත් නිවාස නොමිලේ ලබා දීලා, ඒ බිම් අපේ නල පද්ධතිය ප්‍රතිසංස්කරණය කර ගත හැකි ආකාරයට නැවත නිදහස් කරගන්න කටයුතු කළේ .

ඒ නිසා මේ නිවාසලාභීන් බොහොම සුහදශීලීව අපිත් එක්ක මේ ගනුදෙනුව කරන්න සම්බන්ධ වීම ගැන, ඔවුන් රටේ නීතියට එකඟව කටයුතු කරන්න අපිත් එක්ක එකඟ වීම ගැන ඒ අයටත් අපේ ප්‍රණාමය පුද කරනවා.

ශ්‍රී ලංකාව දුක්වින්ද යුගය නුදුරු අනාගතයේ දීම අවසන් කරනවා

ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක වසරක් බවට 2021 පත් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සපුගස්කන්දේ ත්‍රිකුණාමලයෙන් හම්බන්තොටත් තෙල් පිරිපහදු තුනක් ආරම්භ කරන්න වසර හැටකින් ලංකාවේ තෙල් පිරිපහදුව බිහිවෙලා නෑ. වසර හැත්තෑවක් පමණ පරණ තෙල් නල පද්ධතිය අලුත් කරන්න ඒ වගේම මේ වසර තුල මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් ගොඩගැනීමේ කටයුත්තත් අලූත් ආයතන බිහි කරලා අලුත් නීති රීති පද්ධතියක් යටතේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

අපේ තියනවා ඩොරොඩා කියලා ළිදක්, දෙදහස් එකොළහේ දී කැනපු ඒහි ගෑස් තියනවා වසර 30කට මෙගාවොට් 1000 ක විදුලි බලාගාරයක් නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත්. බැරකියුඩා කියන ළිඳේ වසර දහයක් මෙගාවොට් 300 ක ගෑස් විදුලි බලාගාරයක් නඩත්තු කරන්න ප්‍රමාණවත් ගෑස් තියෙනවා .මේ මහා සම්පත පොළොව යට තියාගෙන අපි ලෝකයට ණය වෙමින් දුක් විඳිමින් සිටිනවා. ඒ නිසා ශ්‍රී ලංකාව දුක්වින්ද යුගය නුදුරු අනාගතයේ දීම අවසන් කරනවා කියන ප්‍රතිඥාව ජාතියට ලබාදෙනවා.

සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ, අයි ඕ සී සමාගමේ කලමණකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා, ඇමතිතුමන්ගේ පුද්ගලික ලේකම් උපුල් විජේසේකර යන මහත්වරුන් සහ සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන් වෘතීය සමිති නායකයින් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී විය.

– media unit

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්1 week ago

අලුත් රටට-අලුත් බෙහෙත්.. රු. 130 බෙහෙත දැන් රු. 67 කට..

මීට පෙර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකළ ඖෂධ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කර එලිදැක්වීමේ වැඩසටහන යටතේ නිමොඩපීන් (Nimodipine) ඖෂධය...

උණුසුම් පුවත්2 weeks ago

බ්‍රිතාන්‍ය ගුවන් තහනම ඉවත් කරයි

බ්‍රිතාන්‍ය තුළ පැතිර යමින් තිබෙන නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් පනවා තිබූ තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට...

උණුසුම් පුවත්2 weeks ago

ඉන්දියාවට ත‍්‍රිකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..

කොළඹ වරායේ සිට කොලොන්නාව නිමාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වෙත දිවෙන ඉන්ධන නල පද්ධතිය පිහිටි භූමියේ අනවසරයෙන් වසර...

උණුසුම් පුවත්2 weeks ago

එක් දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වේ.. 13ක් මිය යයි..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 13 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 422 දක්වා...

උණුසුම් පුවත්2 weeks ago

ඉන්දියාවට බදුදී තිබු ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි නුදුරේදීම ශ්‍රී ලංකාව සතුවනවා

ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්ධන ටැංකි නුදුරු දිනකදීම ශ්‍රී ලංකාව සතුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා. කොලොන්නාවේ අද පැවති...

උණුසුම් පුවත්2 weeks ago

මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් නෙමෙයි!

ඉන්දියාවට ශ්‍රී  ලංකාවේ දේශපාලන පක්ෂ පිහිටුවීමේ කිසිදු බලයක් නොමැති බවත් ශ්‍රී  ලංකාව යනු ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් නොවන බවත් මහාචාර්ය මැදගොඩ...

උණුසුම් පුවත්2 weeks ago

වසර 4කින් කිරිපිටි ආනයනය නවත්වනවා – නවසීලන්ත අගමැති ආවත් ආයේ හැරෙන්නේ නෑ!

දිනකට ඇමරිකානු ඩොලර් මිලියනයක කිරි පිටි ආනයනය කෙරෙන බවත් ඉදිරි වසර හතර ඇතුළත මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමෙන් අනතුරුව කිරි පිටි...

උණුසුම් පුවත්2 weeks ago

නව ප්‍රභේදය නිසා රට ලොක් ඩවුන් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ – කොවිඩ් රාජ්‍ය ඇමති

කොවිඩ් නව ප්‍රභේදය සහිත ආසාදිතයින් හඳුනාගෙන තිබුණද රට ලෝක් ඩවුන් කිරීමේ කිසිම අවශ්‍යතාවක් මතු වී නැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා,...

උණුසුම් පුවත්2 weeks ago

විමල් වීරවංශලා සමග ප‍්‍රබල දේශපේ‍්‍රමී විපක්‍ෂයක් හදන්න සූදානම්..

මෙරට විශාල ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වීමේ සූදානමක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පවසයි. විමල් වීරවංශ ඇමතිවරයා...

උණුසුම් පුවත්2 weeks ago

ප්‍රජා අයිතිය රැකගන්න හිටපු ජනපති මෛත්‍රී අනුරාධපුරේ ඥානක්කා හමුවීමට යයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජා අයිතිය වසර 07කට අහෝසි කිරීමට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News