උණුසුම් පුවත්
විශ්ව විද්‍යාල කිහිපයකින් කොරෝනා..

අද වන විට මෙරට විශ්ව විද්‍යාලය කිහිපයකින් කොරෝනා ආසාදිත සිසුන් සහ ආසාදිත වූවන්ගේ සමීප ආශ්‍රිතයන් හමුවී ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.
එහි කැඳවුම්කරු විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලිපියක් ලියමින් මේ බව සඳහන් කර තිබේ.
කොරෝනා වසංගතය සරසවි පද්ධතිය තුළට පැමිණ ඇති නිසා ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්නැයි එමගින් ඉල්ලා සිටි.
අදාළ සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි
මහාචාර්ය සම්පත් අමරතුංග,
සභාපති,
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව,
වෝර්ඞ් පෙදෙස,
කොළඹ 07.
2020.10.12
සභාපතිතුමනි,
විශ්වවිද්‍යාල තුළ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරන නිශ්චිත වැඩපිළිවෙලක් හා ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිවීම සම්බන්ධවයි!
පවතින වසංගත අවදානම තුළ විශ්වවිද්‍යාලවල සෞඛ්‍යාරක්ෂාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පෙන්වාදෙමින් මින් පෙර ද ඔබ වෙත ලිපි යොමු කරන ලදී. නමුත් ඒ පිළිබඳව සලකා බැලීමක් සිදු කර ඇති බවක් පෙනෙන්නට නැත. මේ වන විට විශ්වවිද්‍යාල කිහිපයකින් කෝවිඞ් ආසාදිත සිසුන්, ආසාදිත වූවන්ගේ සමීප ආශ්‍රිතයන් හමු වී තිබේ. මෙය ඉතා බරපතල තත්ත්වයක් වන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. විශ්වවිද්‍යාලයක රටේ සෑම ප්රදේශයකින්ම පැමිණෙන සිසුන් දහස් සංඛ්‍යාත පිරිසක් සිටී. එහෙයින් විශ්වවිද්‍යාලයක් තුළ වසංගතය පැතිර යාමේ අවදානම ඉහළ වන අතරම විශ්වවිද්‍යාලයක් තුළින් නැවත සමාජය වෙත පැතිරීමේ අවදානම ද එලෙසම ඉහළ අගයක පවතී. මෙසේ පැවතියදී ඔබ ඇතුළු බලධාරීන් විශ්වවිද්‍යාලවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව අනුගමනය කරන වගකීම් විරහිත පිළිවෙත ප්‍රශ්නාර්ථයකි.
මේ මොහොත වන විටත් ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් ආසාදිත සිසුන් දෙදෙනෙකු වාර්තා වී තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේද ආසාදිත වූ සිසුවියක් හමුවිය. විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන්, රුහුණ සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයෙන් දෙමාපියන් ආසාදිතයන් බවට තහවුරු වූ සිසුන් සිටී. අනෙකුත් විශ්වවිද්‍යාල කිහිපයකම ආශ්‍රිතයන් සේ සලකා නිරෝධායනයට ලක් කළ සිසුන් සිටී. දැනටමත් විශ්වවිද්‍යාල පද්ධතිය වසංගතයට නිරාවරණය වී ඇති බව මෙයින් පැහැදිලි වේ. එසේ තිබියදී විශ්වවිද්‍යාලවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව ඔබ ඇතුළු බලධාරීන් අනුගමනය කරන්නේ උදාසීන පිළිවෙතකි.
විශ්වවිද්‍යාල වසා දමා ද නැත. වසා නොදමා ද නැත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාල සම්බන්ධව අනුගමනය කරන්නේ එවන් අරාජික ප්රතිපත්තියකි. මෙවැනි අවදානම් සහගත මොහොතක මඬේ සිටවූ ඉණි සේ කටයුතු නොකර නිශ්චිත තීන්දු තීරණ රැගෙන ඒ අනුව වගකීමෙන් කටයුතු කළ හැකි විය යුතුය. මේ වන විට විභාග, දේශන ඇතුළු සියලු අධ්‍යයන කටයුතු නතර කර කැමති සිසුන්ට නිවෙස්වලට යන ලෙසත් කැමති අයට විශ්වවිද්‍යාලයේ රැඳී සිටිය හැකි බවත් දැනුම් දී ඇත. සියලුම විශ්වවිද්‍යාලවල තත්ත්වය මෙය වන අතර නිල වශයෙන් වසා දමා ඇත්තේ කැලණිය හා වික්‍රමාරච්චි සරසවි පමණි. විශ්වදවි්‍යාල විවෘතව පවතින්නේ නම් අධ්‍යයන කටයුතු අඛණ්ඩව සිදුවිය යුතුය. සියලුම අධ්‍යයන කටයුතු නවතා දැමූ, නමුත් විවෘතව පවතින අරුම පුදුම සරසවි පද්ධතියක් දැන් මෙරට ඇත. එය බරපතල ප්‍රෙහේලිකාවකි. ඉතා පැහැදිලිව පෙනෙන කරුණ නම් විශ්වවිද්‍යාල පද්ධතිය වසා දමන ලදැයි පලවන මාධ්‍ය වාර්තාවලට රජය බියෙන් කටයුතු කරන බවයි. සියලු තීන්දු තීරණ ගෙන තිබෙන්නේ එය වළක්වාලීම සඳහාය. සිසුන් පිළිබඳව හෝ සමාජය පිළිබඳව හෝ වගකීමෙන් කටයුතු කිරීම පසෙක තබා ආණ්ඩුවේ ජාමෙ බේරාගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කිරීම ඛේදවාචකයකි.
කැලණිය සරසවිය වසා දමන මොහොතේ එක්වරම සිසුන් නිවෙස්වලට නොයවා සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කරමින්, අහඹු ලෙස හෝ ඡක්‍ඍ පරීක්ෂණ සඳහා යොමු කළ යුතු බව ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එම සමාජ වගකීම පිළිබඳ නොතකා පාලනාධිකාරියට දැනුම් දුන්නේ හැකි ඉක්මනින් සිසුන් නිවෙස්වලට පිටත් කරන ලෙසයි. ඒ වන විටත් වසංගතය නැවත හිස ඔසවා විශාල වශයෙන් සමාජය තුළින් රෝගීන් වාර්තා වෙමින් පැවතුණු අතර කිසිඳු සෞඛ්යාරක්ෂිත වැඩපිළිවෙලකින් තොරව සිසුන් නිවෙස්වලට පිටත් කිරීමේදී සමාජය මත ඇතිවන අවදානම පිළිබඳව අබමල් රොණක හෝ කියවීමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නොතිබුණේද? අධ්‍යයන කටයුතු සියල්ල අකර්මණ්‍යව ඇති මොහොතකත් සිසුන් විශාල වශයෙන් තවමත් විශ්වවිද්‍යාලවල රැඳී සිටියි. ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව ඔබට හෝ පාලනාධිකාරීන්ට හෝ වගකීමක් නොමැති ද? වගකීමෙන් කටයුතු කරන්නේ නම් දැන් මේ වන විටත් ආසාදිතයන් හමුවී ඇති ජයවර්ධනපුර, කැලණිය සරසවිවල රැඳී සිටින සිසුන්ටවත් ප්‍රමාණවත් සෞඛ්යාරක්ෂිත පහසුකම් ලබා නොදෙන්නේ ඇයි? ආසාදිත වූ සිසුන්ගේ සමීපතමයන්ටවත් තවම ඡක්‍ඍ පරීක්ෂණ සිදු නොකර සිටින්නේ ඇයි?
විශ්වවිද්‍යාල පද්ධතිය අනාරක්ෂිතය. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැයි තැන් තැන්වල දැන්වීම් අලවා තිබූ පමණින් විශ්වවිද්‍යාල ආරක්ෂිත වන්නේ නැත. අවශ්‍ය පහසුකම් ඉදි කිරීම සඳහා ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස වෙන් කළ යුතුය. ජල පහසුකම්, අත්සේදීමට අවශ්‍ය පහසුකම්, වෛද්‍ය මධ්‍යස්ථානවල ඖෂධ, ගිලන් රථ ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් ගොඩනැගිය යුතුය. මීටරයේ පරතරය තබා සෙන්ටිමීටරයේ පරතරයවත් තබාගත හැකි සේ නේවාසිකාගාර, දේශන ශාලා, ආපන ශාලා වල ඉඩකඩ පහසුකම් පුළුල් කළ යුතුය. කටින් බතල කොළ සිටුවන ප්‍රතිපත්තිය වෙනුවට මේවා යථාර්ථයක් ලෙස ගොඩනගන්නේ නම් පමණක් කුමන හෝ මට්ටමකින් විශ්වවිද්‍යාල ආරක්ෂිත බව තහවුරු වනු ඇත. එහෙයින්,
■ සියලු විශ්වවිද්‍යාලවල සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කළ හැකි නිශ්චිත වැඩපිළිවෙලක් වහා සකස් කළ යුතුය. මින් පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙලක් සකසා තිබූ අතර එහි ඉලක්කය වූයේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම නොව වසංගතයට මුවා වී සිසු ක්‍රියාකාරකම් අඩපණ කිරීමයි. සැකසිය යුත්තේ එවන් නාමික සෞඛ්යාරක්ෂිත වැඩපිළිවෙලක් නොව පිළිගත හැකි “සෞඛ්යාරක්ෂිත” වැඩපිළිවෙලකි.
■ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම්, ප්‍රතිපාදන ප්‍රමාණවත් පරිදි විශ්වවිද්‍යාලවලට ලබාදිය යුතුය.
■ විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු අතරම පොදු සමාජය පිළිබඳ වගකීමෙන් කටයුතු කළ යුතුය. දැන් ක්‍රියාත්මක කරන අරාජික ප්‍රතිපත්තිය තුළින් එවැන්නක් ඉටු නොවේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ පිළිබඳව වහා මැදිහත්ව වගකීමෙන් කටයුතු කළ යුතු බව නැවතත් අවධාරණය කර සිටිමු.
රත්කරවුවේ ජිනරතන හිමි
කැදවුම්කරු
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය
උණුසුම් පුවත්
දිල්ලි අගනුවර අඳුරු වේවිද? ඉන්දියාවේ තාප බලාගාර වල ගල් අඟුරු තොග ඇත්තේ තව දින 2කට!

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි තාප බලාගාරයේ ගල් අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනක් සඳහා පමණක් වන අතර එමගින් දිල්ලියට විදුලිය ලබා ගත හැක්කේ දිනක් හෝ දෙකක් පමණක් බව විදුලිබල ඇමති සත්යෙන්ද්රා ජයින් පසුගියදා පැවසුවා.. “රට පුරා ගල් අඟුරු බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයක් පවතී. දිල්ලියට විදුලිය ලබා දෙන බලාගාර වල ඉතිරිව ඇත්තේ එක් දිනකට සෑහෙන තොගයක් පමණි, ඉදිරිය සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු නැත” යනුවෙන් විදුලිබල ඇමතිවරයා පවසා ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා..
තවද ද ඉන්දියා එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පන්ජාබ් ප්‍රාන්ත බලශක්ති සංස්ථාව එහි තාප බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයකට මුහුණ පාමින් සිටින බවයි. එහි බලශක්ති උත්පාදනය අඩු කර ඇති බවයි ඔවුන් වාර්තා කර ඇත්තේ. පන්ජාබයේද බලාගාර වල ගල්අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනකට හෝ දෙකකට සෑහෙන තොග බවයි ඉන්දියා එක්ස්ප්‍රස් වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.
ඉන්දියාව වැඩිපුරම ගල් අඟුරු ආනයනය කරන්නේ කැනඩාව, මොසැම්බික්, ඉන්දුනීසියාව සහ රුසියාව යන රටවල් වලිනි. ඉන්දියාව අගෝස්තු මාසයේ දී ගල් අඟුරු ටොන් මිලියන 9.5ක් පමණ ආනයනය කර තිබේ. ගෝලීය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් දැඩි ආර්ථික මෙන්ම සම්පත් හිඟයකටද මුහුණපා තිබේ. ලෝකයේ බලවත් රාජ්‍යක් මෙන්ම වැඩිම ජනගහනයක් සිටින දෙවන රට වන ඉන්දියාවටද මෙම සම්පත් හිඟය දැඩි ලෙස බලපෑම් කර තිබෙන බව මෙම විදුලි අර්බුදය තුළින් මනාව පෙනෙන්නට තිබේ.
උණුසුම් පුවත්
ලංකාවේ ක්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක්‍රීඩා කලේ වාර්තා වෙනුවෙන් – අර්ජුන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.
මහේල සංගක්කාර ක්‍රීඩා කරන කාලයේදී දෙවැනි පෙළක් නොහැදීම හේතුවෙන් අද තත්ත්වයට ක්‍රිකට් කඩා වැටී ඇතැයි ද ඔහු කියා සිටී.
ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කළේ නැති බවත් තමන්ගේ වාර්තාවන්ට පමණක් ක්‍රීඩා කළ බවත් රණතුංග මහතා පෙන්වා දෙයි.
වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ෆේල් වී ඇතැයිද පවසන ඔහු බාප්පා ජනාධිපති තාත්තා අග්‍රාමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතාට ක්‍රිකට් හදන්න නොහැකි නම් වෙනත් කිසිවකුට නො හැකි බවත් කියා සිටී.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ලදී.
2024 දී පොදු අපේක්ෂකයා තමන් විය හැකි බවද පවසන ඔහු තමන් ඊළඟ ඉම්රාන් ඛාන් වේවි යයි සියලු දෙනා තමන්ට බිය වී සිටින බවද එහිදී කියා සිටියේය.
උණුසුම් පුවත්
මුරුත්තෙට්ටු හිමිගේ ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් එසැණ විසඳුම්..

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණ විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගනී. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමට ද ජනාධිපතිතුමා එකඟතාව පළ කළේය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම තීරණවලට එළැඹිණ.
01. හෙද සරසවිය ආරම්භ කිරීම.
02. යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම.
03. අත්හිටුවා ඇති iii ශ්‍රේණියෙන් ii ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා ii ශ්‍රේණියෙන් i ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම.
04. රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම.
05. දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම.
යන කරුණු 5 වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය.
රුපියල් දස දහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අය වැයෙන් ලබාදීමටත් ජනාධිපතිතුමා විසින් එකඟතාව පළ කෙරිණ.
ඒ අනුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ යෝජනා සියල්ලට ජනාධිපතිතුමාගේ විසඳුම් ලැබිණ.
රජය සෞඛ්‍ය අංශය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන අතර හෙද සේවාවට ඉහළ පිළිගැනීමක් ලබාදෙන බවත් හෙද වෘත්තිකයන්ට නිසි තැන ලබා දෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය