Connect with us

උණුසුම් පුවත්

කාමරවලට වී ඉන්න එපා.. ගමට යන්න..- මැති ඇමතිවරුන්ට ජනපති දන්වයි..

මෙරට වගා කළ හැකි දේ වගා කර, පිට රට ගොවියාට යන මුදල් අපේ ගොවියාගේ අතට ඒමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ගොවි ජනතාවට අවශ්‍ය ජලය, පොහොර, තාක්ෂණ දැනුම සැපයීමට මෙන්ම ඉඩම් ගැටළු විසඳීමට රජය ප්‍රමුඛතාව දී තිබේ. 2021 අයවැයෙන් ඒ සඳහා විශාල මුදලක් වෙන් කර ඇත. විදෙස් ණය සහ මෙරට ප්‍රතිපාදන යටතේ සැලසුම් කර ඇති ව්‍යාපෘති 800කට අධික සංඛ්‍යාවක වැඩ නිමවී නැත. මේ සියලු ව්‍යාපෘති කඩිනමින් නිම කොට ජනතා අපේක්ෂා ඉටු කිරීමට කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

“ගම සමග පිළිසඳරක්” තුළින් “වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අද (07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ වැඩසටහනේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

75%ක් පමණ වන ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම පිණිස තිරසාර වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ගොවි ජනතාව පාරම්පරිකව මුහුණ දී ඇති ගැටළු සහ දුෂ්කරතා නිසා වර්තමාන පරපුර කෘෂිකර්මාන්තයෙන් ඉවත්ව සිටිති.

අස්වැන්නට ඉහළ මිලක්, තාක්ෂණික දැනුම, ජල කළමනාකරණය, දේශීය බීජ නිෂ්පාදනය, වෙළෙඳ පොළ සහ ප්‍රවාහන පහසුකම් සැපයීම, කාබනික කෘෂි නිෂ්පාදනයට ගොවීන් දිරිමත් කිරීම වැනි ක්‍රමවලින් ප්‍රශ්නය විසදා ගැනීමට නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ග්‍රාමීය ගැටළු නීති රීති මත නොව, ජනතාව දෙස බලා විසඳීමට පියවර ගැනීම වැදගත් වේ. එබැවින් කාර්යාලවලට සීමා නොවී ගමට ගොස්, ජනතාව පෙළෙන ප්‍රශ්න හඳුනාගෙන වැඩ කිරීම නිලධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මෙවර අය වැය ගොවි, ධීවර සහ කර්මාන්තවල නිරත ගැමි ජනතාවගේ ජිවන තත්ත්වය වැඩි දියුණු කිරීම අරමුණු කර ගත්තකි. එය ක්‍රියාත්මක කිරීමට විදේශීය විශේෂඥයන්ගේ හෝ උපදේශකයන්ගේ සහාය අවශ්‍ය නොවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පොළොව මත එය ක්‍රියාත්මක කිරීම රජයේ නිලධාරීන්ගේ වගකීම බව පැවසීය.

කොරෝනා වසංගතය සමග වෙනස් වූ ජීවන රටාව සාර්ථක කර ගැනීමට රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයම කළ කැපකිරීම අග්‍රාමාත්‍යතුමාගේ පැසසුමට ලක් විය.

පාසල් අධ්‍යාපනයේ සිට සේවා අවශ්‍යතා ඉටු කර ගැනීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක තාක්ෂණ භාවිතයේ නව හුරුවක් කොරෝනා වසංගතය සමග ඇති විය. මෙරට නිලධාරීන්ට ඕනෑම මොහොතක අලුත් දෙයක් වැළඳගෙන වැඩ කිරීමේ හැකියාව ඉන් පෙන්නුම් කෙරිණ. මෙය වටහාගෙන නූතන තාක්ෂණය හැකි උපරිම වේගයෙන් රාජ්‍ය ආයතන සමග අනුගත කිරීමේ අවශ්‍යතාව ද මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

තම රජයක් බලයට පත්වූ සෑම අවස්ථාවකදීම මගහැරුණු රටේ සංවර්ධනය සහ ආර්ථිකය ගොඩනැගීම කාර්යක්ෂම සිදු කෙරිණ. ඒ සෑම අවස්ථාවකදීම මෙන්ම රට ගොඩනැගීමට රජයේ නිලධාරීන්ගේ සහය ඉදිරියටත් අපේක්ෂා කරන බව අගමැතිතුමා සඳහන් කළේය.

ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ දී පැන නගින ගැටළු සහ ඒවා නිරාකරණය කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම වැඩසටහනේ අරමුණක් විය.

වන අලි මෙන්ම වෙනත් සතුන්ගෙන් වගාවන්ට වන හානි අවම කර ගැනීමට රජය පියවර රැසක් ගෙන ඇතැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මහජන නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටළුවලට පිළිතුරු දෙමින් පැවසීය.

එවැනි ගැටළු විසඳීමට ග්‍රාමීයව ඇති යෝජනා රජයට ඉදිරිපත් කරන්නැයි ද බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ , දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු, ක්‍රම සම්පාදන සේවයේ නිලධාරීහු, ගණකාධිකාරීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහූ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Click to comment

උණුසුම් පුවත්

රටෙන්ම වසංගතයේ බියකරු දත්ත සගවනවා.. චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර් මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා චෝදනා කරයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් ජනාධිපතිතුමාට හෝ නිවැරදි දත්ත ලබා නොදෙන බවත් රට ලොක්ඩවුන් කරගැනීමට නොහැකි එනිසා බවත් ඔවුන් චෝදනා කළහ. රූපවාහිනි වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Continue Reading

උණුසුම් පුවත්

ලෝකයම මවිත කරමින් චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන්නේ චීනයේ සයිනොෆාම් හා රුසියාවේ ස්පුට්නික් එන්නත් මෙරට නිෂ්පාදනය කිරීමට එම රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

මෙරට එන්නත් නිපදවීම සඳහා යෝජනා වී ඇති ස්ථානයක් නිරීක්ෂණය කිරීමට චීන සහ රුසියානු තානාපති කාර්යාලවලින් දැනටමත් එකඟතාවය පළකර ඇතැයිද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

Continue Reading

උණුසුම් පුවත්

රටපුරා දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට ලොක්ඩවුන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි…

කිසියම් ප්‍රදේශයක් හෝ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි හුදෙකලා කිරීමක් සිදුකළ හොත් ඒවායේ අත්‍යවශ්‍ය සේවා සැපයුම් හා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ආර්ථික පුනර්ජීවන හා දරිද්රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සියළුම දිස්ත්‍රික්ක ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති එම උපදෙස් පත්‍රිකාව මෙසේය.

Continue Reading

Facebook

Advertisement

Updates

ප‍්‍රධාන පුවත්15 hours ago

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලැයිස්තුව මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත. දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි...

ප‍්‍රධාන පුවත්1 day ago

නැගෙනහිර පලාතේ ලොක්කටත් කොවිඩ් හැදෙයි..

මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර...

ප‍්‍රධාන පුවත්1 day ago

හැදුනුම්පතේ අවසාන අංකය මත පමණක් නිවසින් බැහැර වන්න.. අළුත්ම නීතිය මෙන්න

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේ සිට නිවසකින් පිටවීමට අවසර ඇත්තේ...

ප‍්‍රධාන පුවත්1 day ago

ඇගළුම් සේවිකාවන් හදිසියේ ලෙඩවෙති.. 9%කට කොරෝනා..

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් (09) දින සිදු...

ප‍්‍රධාන පුවත්1 day ago

හෙට සිට රටටම ගමන් තහනම්…

හෙට (13) දින රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා රට පුරාම සංචාරණ සීමා පනවා ඇත. නමුත් එම...

උණුසුම් පුවත්2 days ago

රටෙන්ම වසංගතයේ බියකරු දත්ත සගවනවා.. චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම...

ප‍්‍රධාන පුවත්2 days ago

සියළු වෙළදසැල් රාත්‍රී 07ට වැහෙයි..

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා...

උණුසුම් පුවත්2 days ago

ලෝකයම මවිත කරමින් චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්…

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත...

ප‍්‍රධාන පුවත්2 days ago

ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන්...

ප‍්‍රධාන පුවත්2 days ago

ඔක්සිජන් ටැංකි විශාල තොගයක් ලංකාවට..

ශ්‍රී ලංකාවට චීනය විසින් විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර දසදහසක් ඇතුළු වෛද්‍ය උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News