උණුසුම් පුවත්
සජිත් – පාඨලී ගල උඩ සටන ඇරඹෙයි.. සජබේ 2025 අපේක්ෂකයා කලින්ම කියයි!

මීළග ජනාධිපතිවරණයට තරඟ කරන සමගි ජනබලවේගයේ අපේක්ෂකයා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා බවට කල් ඇතිව ප්‍රකාශ කිරීමට බලපෑවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ඉදිරි දේශපාලන කි‍්‍රයාකාරිත්වය හේතුවෙන්දැයි දේශපාලන ක්ෂේත්රයේ මේ වනවිට කතාබහක් ඇතිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් nethnews.lk වෙබ් අඩවිය හෙළිදරව් කර තිබුනේ මේ අකාරයෙන්…
උණුසුම් පුවත්
දිල්ලි අගනුවර අඳුරු වේවිද? ඉන්දියාවේ තාප බලාගාර වල ගල් අඟුරු තොග ඇත්තේ තව දින 2කට!

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි තාප බලාගාරයේ ගල් අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනක් සඳහා පමණක් වන අතර එමගින් දිල්ලියට විදුලිය ලබා ගත හැක්කේ දිනක් හෝ දෙකක් පමණක් බව විදුලිබල ඇමති සත්යෙන්ද්රා ජයින් පසුගියදා පැවසුවා.. “රට පුරා ගල් අඟුරු බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයක් පවතී. දිල්ලියට විදුලිය ලබා දෙන බලාගාර වල ඉතිරිව ඇත්තේ එක් දිනකට සෑහෙන තොගයක් පමණි, ඉදිරිය සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු නැත” යනුවෙන් විදුලිබල ඇමතිවරයා පවසා ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා..
තවද ද ඉන්දියා එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පන්ජාබ් ප්‍රාන්ත බලශක්ති සංස්ථාව එහි තාප බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයකට මුහුණ පාමින් සිටින බවයි. එහි බලශක්ති උත්පාදනය අඩු කර ඇති බවයි ඔවුන් වාර්තා කර ඇත්තේ. පන්ජාබයේද බලාගාර වල ගල්අඟුරු ඉතිරිව ඇත්තේ එක් දිනකට හෝ දෙකකට සෑහෙන තොග බවයි ඉන්දියා එක්ස්ප්‍රස් වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.
ඉන්දියාව වැඩිපුරම ගල් අඟුරු ආනයනය කරන්නේ කැනඩාව, මොසැම්බික්, ඉන්දුනීසියාව සහ රුසියාව යන රටවල් වලිනි. ඉන්දියාව අගෝස්තු මාසයේ දී ගල් අඟුරු ටොන් මිලියන 9.5ක් පමණ ආනයනය කර තිබේ. ගෝලීය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් දැඩි ආර්ථික මෙන්ම සම්පත් හිඟයකටද මුහුණපා තිබේ. ලෝකයේ බලවත් රාජ්‍යක් මෙන්ම වැඩිම ජනගහනයක් සිටින දෙවන රට වන ඉන්දියාවටද මෙම සම්පත් හිඟය දැඩි ලෙස බලපෑම් කර තිබෙන බව මෙම විදුලි අර්බුදය තුළින් මනාව පෙනෙන්නට තිබේ.
උණුසුම් පුවත්
ලංකාවේ ක්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක්‍රීඩා කලේ වාර්තා වෙනුවෙන් – අර්ජුන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.
මහේල සංගක්කාර ක්‍රීඩා කරන කාලයේදී දෙවැනි පෙළක් නොහැදීම හේතුවෙන් අද තත්ත්වයට ක්‍රිකට් කඩා වැටී ඇතැයි ද ඔහු කියා සිටී.
ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කළේ නැති බවත් තමන්ගේ වාර්තාවන්ට පමණක් ක්‍රීඩා කළ බවත් රණතුංග මහතා පෙන්වා දෙයි.
වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ෆේල් වී ඇතැයිද පවසන ඔහු බාප්පා ජනාධිපති තාත්තා අග්‍රාමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතාට ක්‍රිකට් හදන්න නොහැකි නම් වෙනත් කිසිවකුට නො හැකි බවත් කියා සිටී.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ලදී.
2024 දී පොදු අපේක්ෂකයා තමන් විය හැකි බවද පවසන ඔහු තමන් ඊළඟ ඉම්රාන් ඛාන් වේවි යයි සියලු දෙනා තමන්ට බිය වී සිටින බවද එහිදී කියා සිටියේය.
උණුසුම් පුවත්
මුරුත්තෙට්ටු හිමිගේ ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් එසැණ විසඳුම්..

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණ විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගනී. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමට ද ජනාධිපතිතුමා එකඟතාව පළ කළේය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම තීරණවලට එළැඹිණ.
01. හෙද සරසවිය ආරම්භ කිරීම.
02. යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම.
03. අත්හිටුවා ඇති iii ශ්‍රේණියෙන් ii ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා ii ශ්‍රේණියෙන් i ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම.
04. රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම.
05. දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම.
යන කරුණු 5 වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය.
රුපියල් දස දහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අය වැයෙන් ලබාදීමටත් ජනාධිපතිතුමා විසින් එකඟතාව පළ කෙරිණ.
ඒ අනුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ යෝජනා සියල්ලට ජනාධිපතිතුමාගේ විසඳුම් ලැබිණ.
රජය සෞඛ්‍ය අංශය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන අතර හෙද සේවාවට ඉහළ පිළිගැනීමක් ලබාදෙන බවත් හෙද වෘත්තිකයන්ට නිසි තැන ලබා දෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය